LTTE සංවිධානයේ 18 වසරක් සිටි තමිලිනි ජෙයක්කුමාරන් විසින් සිය ජීවිතයේ අවසන් සමයේ මාරාන්තික රෝගයකින් වේදනා විඳිමින් ලියන ලද 'තියුණු අසිපතක සෙවණ යට ' නම් ග්‍රන්ථය LTTE හිතවාදීන්ට සහ සාම විරෝධීන්ට එකසේ දිරවා ගැනීමට දුෂ්කර වන බව මගේ අදහසයි. 2009 මැයි මස 16 දින දක්වා LTTE සංවිධානය සමග ඇය සිටි බැවින් ඇය ද්‍රෝහියෙක් ලෙස නම් කර ඇය දක්වන කරුණු ප්‍රතික්ෂේප කිරීමට එතෙර සිටින LTTE හිතවාදීන්ට පහසු නැත. එමෙන්ම යුද්ධය අවසන් කිරීම සඳහා නොර්වේ ප්‍රමුඛ බටහිර ජාතීන් ගෙන ගිය උත්සාහයට සිංහල අන්තවාදීන් විරුද්ධ වුවා සේම ප්‍රභාකරන්ද විරුද්ධවූ බව තමිලිනි මෙහි සඳහන් කර තිබීම අප වෙත පසක් කරන්නේ ප්‍රභාකරන්ගේ අපේක්ෂාවන් සමග දකුණේ 'දේශප්‍රේමීන්ගේ උවමනාවන්ද 100% ක්ම සමපාත වූ බවය. උසස් පෙළ පන්තියේ ඉගෙන ගනිමින් සිටින අවදියේ කොටි සංවිධානයට බැඳෙන තමිලිනි එහි ගත කළ අවුරුදු 18 කාලය තුළ වැඩි වශයෙන් කටයුතු කරැ ඇත්තේ කාන්තා දේශපාලන අංශයේය. සටන් පුහුණුව ලැබ සිටි ඇය මුල් කාලයේ පුනරීන් සටනට සහභාගී වී තිබේ. එම සටනට සුදානම් වෙමින් සිටි අවස්ථා
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත