Skip to main content

' දිවයින' සහ ' සහෝදරයෝ '

'දිවයින' පත්තරය  විසින් අනුර  කුමාරට මඩ ගෝනියකින් දමා ගැසීම  නිසා ජවිපෙ  නායකයන්ට ඌරු ජුවල්  නැග තිබෙන  අතර  පහල මට්ටමේ ජවිපෙ  සහෝදරවරුන් නම් ඉන්නේ  'දිවයින ' මරාගෙන  කන්නට  තරමට තරහින්ය. නිමල් වෙල්ගම,' දිවයින'  බලහත් කාරයෙන් අයිති  කරගෙන සිටින  බවත්  බිරිඳ අත් හැර පිරිමියෙක් සමග  ජීවත්වෙන  බවත් කියමින්  jvp පොඩ්ඩන්   face book හී  කතන්දර  ලියන්නට  පටන් ගෙන තිබෙන්නේ ඒ  නිසාය.ජවිපෙට  මඩ ගසා  බේරෙන  එක ලේසි නැත. මඩ  ගැසීමේ  තරඟයක් තිබ්බොත්  කප් එක  ගහන්නේ  ජවිපෙ ද  නැත්තම් ' දිවයින' ද  කියා  තේරුම් බේරුම්  කර  ගැනීම  ඔබට  බාරය.

87-89 කාලයේ ජවිපෙට එරෙහිව ඔවැනි  චෝදනාවක්  කළේ නම්  පිළිතුරු  ලැබෙන්නේ  මඩ සමග  කළු කුඩු බස්නයෙන්   බව  සමහරු කියති.


 ජවිපෙ  කට්ටියට  හිටි හැටියේම   'දිවයින '  අඳුකොළ බවට පත්  වූවත් අපි වගේ  මිනිස්සුන්ට  නම් දිවයින තිත්ත වුයේ  බොහෝ  කල් සිටය.  ඊට හේතුව  නම් එය  අතේ  රෝල්   නිතර  නිතර රෝල්  කිරීමයි..  එහෙත් එය ඥානසාරලාට නම්  සීනි  හැලියකි.... බෙන්ගමුවේ  නාලකලාට අමා වතුරකි. ගුණදාස  අමරසේකරලාට අමුර්තයකි.  නලින්ද සිල්වලාට පැණි ගුලකි.  .වීරවන්සලාට මී වදයකි.


 'බල්ලන් මරා   හෝ  සල්ලි හම්බු  කිරීම ' ජනප්‍රිය සිංහල කියමනකි.  'දිවයිනේ ' පරණ සහ  අලුත් අයිතිකරුවෝ කළේ  එයටත් වඩා පහල මට්ටමට   බැස  එය සල්ලි  හම්බු  කිරීමට යොදා ගැනීමය. එනම්  සිංහලයන් තුළ  දෙමළුන් සහ  මුස්ලිමුන් කෙරෙහි වයිරයක් ඇති කරන ප්‍රවුර්ති   පළකිරීම  එහි දැක්ම සහ මෙහෙවර   කර  ගැනීමය.

එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ  සහෝදරවරු   නම් ඒ  ගැන මොකුත්ම  කී  බවක්  මට  නම්  මතක  නැත. ඒ  ඔවුන්ගේ දේශ පෙරේමයට දිවයිනේ  දේශ පෙරේමය  තකට  තක මෙන් ගැලපුන  නිසා විය  හැක.


අනුර  කුමාරට එරෙහිව   කවුරු හෝ  මඩ ලිපියක් මඩප්පු කෙනෙකු ලවා  ලියෙව්වේ ඇතැම් විටෙක දිවයින  මුදලාලි අනු දැනුමකින් තොරවද   විය  හැක. ඔහුට  දිවයිනෙන් අස්වෙන්නට  සිදුවූයේද   මුදලාලිට  කේන්ති ගිය නිසාද විය  හැකිය.   මඩප්පු  ඒ  ලිපිය  ලිවේ  ලොකු  ගතමන්ට්  එකකටද විය  හැක. ලිපියේ  වගකීම  භාරගෙන මඩප්පු ' දිවයිනෙන්' අස්වුවේද ගතමන්ට් එක ආපසු දෙන්නට  බැරි  කම නිසාද  විය  හැකිය. කෙසේ   වෙතත්  ඔහු  කර  ඇත්තේ  කාගේ  හෝ කොන්තරත්තුවක් බව  නම් ස්ථිරය. ජවිපෙ    නම් කියන්නේ   රාජපක්ෂලාගේ කොන්තරාත්තුවක්  බවය. අනුර  කුමාර  අයර්ලන්තයෙන්  ගොඩ බහින  විට ඔහුගේ සහ   ගැනු පරාණයක පින්තුර  ගන්නට දෙදෙනෙක්  යොදවා තිබීම  සහ  ඒවා 'youtube 'ට මුදා හරින්නට  කටයුතු  කිරීම  එයත් තවත්  ලටපටත් පාදක  කර ගනිමින් දිවයිනට ලිපියක්  ලිවීමත් සැලසුම් සහගත කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් බවට  නම් සැකයක්  නැත.

අනුර  කුමාරගේ  බිරිඳගේ   පරණ විවාහයේ දරුවෙකුගේ  නමින් තිබෙන ගිනුමක කෝටි  ගණනක් මුදල්  තිබෙන  බවක් එම  ලිපිය  කියයි  එය  ඇත්තක් වුවත්  එම  කාරණාව පුදුම  වීමට දෙයක් නොවේ. .ජනතා විමුක්ති පෙරමුණට  අයත් මුදල්  තව තවත් අයගේ  නමින්ද   තිබිය  හැක. එම සංවිධානය එසේ  කරනවා ඇත්තේ ආරක්‍ෂිත පියවරක් ලෙස  විය  හැක.      ආණ්ඩුවක්   හෝ අධිකරණ නියෝගයක් මගින් හෝ  ජවිපෙ  නිල  බැංකු ගිණුම්   අත් හිටවුවහොත් ජවිපෙ  පවත්වාගෙන  යාමට  සල්ලි උවමනාය. එබැවින් වෙනත් අයගේ  නමින් ජවිපෙ  බැංකු  ගිණුම්  පවත්වාගෙන  යන්නේ  නම් එය   පුදුම  විය  යුත්තක් නොවේ.

අනුර  කුමාරට අයර්ලන්තයේ  පෙම්වතියක් සිටින  බවත් ඇයට  අනුර  ගානේ  දරුවෙක්  සිටින  බවත් දිවයින ලිපියේ  සඳහන් වේ. එවන් විස්තර  පළකරන්නේ  ගොසිප් පත්තර  කඩමාලුය.ජාතික  පත්තරයක්  කියාගන්නා  'දිවයින' ගොසිප් හෙවත් අනුන්ගේ රෙද්ද අස්සේ  තිබෙන දේවල් ලියන කැලෑ පත්තරයක්  බවට  පත්වීම  නම් අපගේ  බලවත් චිත්ත ප්රීතියට හේතුවේ.  එබැවින් නිමල් වෙල්ගම  මහතාට අපගේ  අවංක  සුබ පැතුම්  පිලිගන්නමු.


අනුර  කුමාරට නෝනාට අමතරව  පෙම්වතියක් සිටීම මඩප්පුලාට තප්පු  ලන්නට  කාරණාවක් වුවද අපිට  නම් එය  පයිසේකටවත් ගණන්  ගත  යුතු දෙයක් නොවේ.ඒවා පුද්ගලික දේවල්ය. පොන්ත  නෝනගේ පස්ස පොන්ත  නෝනාට  ඕන  හැටියට  මිසක් දිවයිනේ  හිටපු මනෝජ් අබේදීරට ඕනෑ  හැටියට  නොවේ.

අපිට  තිබෙන  ප්‍රශ්නය  නම් 'දිවයින ' නැති  බොරු  හදා මේ රටේ  පුරවැසියන් ඇනකොටා ගැනීමට  තුඩුදෙන ලිපි සහ  පුවත් අති රස  දමා   ලිවීමය.ජනතා විමුක්ති පෙරමුණ මාර්ක්ස්වාදී  පක්ෂයක් නම් 'දිවයින' වර්ජනය  කරන ලෙස  ආයාචනය  කළ  යුතුව  තිබුනේ  මීට  බොහෝ  කලකට පෙරය. මාක්ස්වාදියට ජාතියක්, තබා  රටක්වත් නැත. ඔහු  ජාත්‍යන්තර වාදියෙකි. "ලෝකයේ  කම්කරුවනි එක්වවූ !" කියා මාර්ක්ස් සහ එංගල්ස් මාර්ක්ස්වාදීන්ගේ  හෝඩි පොත වන කොමියුනිස්ට් ප්‍රකාශයේ  ලිව්වේ  ඒ  නිසාය. 

එහෙත් බලය  ගැනීමට  හදිස්සි වී සිටින ජවිපෙට උවමනා  වී තිබෙන්නේ ජාත්‍යන්තරය  හරහා වැටී තිබෙන වංගු පාරේ   යන්නට නොවේ.ජාතිවාදයත්  දේශ ප්රෙමිත්වයත්  හරි හරියට කවලම් කර හදන  කාපට් පාරේ  යන්නටය. විජේවීර  මහතා 87 හැදුවෙත් එවැනි  පාරක ගොස් බලය  ගන්නටය.එහෙත් ඔහු තම   සගයන් රැගෙන ගියේ ලෝකාන්තයටය. 

අනුර  කුමාර සහෝදරයා  සහ ටිල්වින් සහෝදරයා තම සගයන් දැන් එක්කන් යන්නේ  ලෝකාන්තයට  නම් නොවේ.   අපිට  නම් පෙනේනේ   සිංහල  තරුණ  තරුණියක්  පිරිසක් එක්කරගෙන සහරා   කාන්තරය  පැත්තට  යන බවය. ඒ  ගැන  අපිට  කනගාටුය.  හරි  පාරේ  යන්නේ  නම්  එක  පාරක්   නොව දහ  පාරක්  උනත් සැලියුට්  ගසන්නට අපි සුදානම්ය.

කොහොම  උනත් ජනතා  විමුක්ති  පෙරමුණ  දිවයිනට විරුද්ධව  මාධ්‍ය  සාකච්චා පැවැත්වීම   සහ පෝස්ටර් ව්‍යාපාරයක් ගෙන  යාම නිසා 'දිවයින' මුදලාලිගේ  හොද්ද   නම්  බොරවී ඇති  බවට  නම් සැකයක්  නැත. ඒ නිසා මනෝජ් අබේදීරට  ආයිත් ජොබ් එක දී  "තවත් මඩ  ලිපියක්  ලියපන් පුතා "  යැයි  කියන්නටද  ඉඩ තිබේ.



















































































Comments

Nimal said…
'දිවයින' ගොසිප් හෙවත් අනුන්ගේ රෙද්ද අස්සේ තිබෙන දේවල් ලියන කැලෑ පත්තරයක් බවට පත්වීම නම් අපගේ බලවත් චිත්ත ප්රීතියට හේතුවේ. එබැවින් නිමල් වෙල්ගම මහතාට අපගේ අවංක සුබ පැතුම් පිලිගන්නමු.
Unknown said…
Divaina is sinhala rasism paper. It do all works to sinhala buddist extreme part hard. Why that they no like left political partys. Left poolitical secsion no racism. Divaina paper no like socialism people too. In JVP there good people. Anura kumara can talk abot real Sri Lanka qestions intaligent. Anura kumara brane man fool sinhala racism people no like to Anura Kumara why that they hit mud.

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...