Skip to main content

සහේලි,තම්පෝ , මහගම සේකර සහ කුමාරස්වාමි


                        පැජට් රෝඩ්, මහගම සේකර මාවත බවට පත් කිරීම ( 2016 -04-07)





               කොල්ලුපිටියේ 22 වන පටුමග , බාලා තම්පෝ පටු මග  බවට පත් කිරීම ( 2016-05-01)


ආනන්ද කුමාරස්වාමි මාවත ,නෙලුම් පොකුණ මාවත වී   යලිත් ආනන්ද  කුමාරස්වාමි  මාවත ලෙස  නම් කිරීම  ( 2015-02-11)



                                             ආනන්ද  කුමාරස්වාමි  (1877-1947)




     මහරගම  පුද්ගලික පාරක් '  සහේලි ගමගේ මාවත ' ලෙස නම් කිරීම ( 2010 -04-01 )

මහගම සේකර , බාලා තම්පෝ ගැන අමුතුවෙන්  කියන්න  දෙයක් නැහැනේ . ඒ දෙන්නගෙම  පංචස්කන්ද අළු සහ  පස්  බවට  පත් වෙලා තිබුනත් තවත් අවුරුදු   ගානක්  යන තුරු ඔවුන් කළ සේවය ගැන මිනිස්සු ස්තුති පුර්වකව කතා  කරවී.  ආනන්ද  කුමාරස්වාමි ගැන නම් හුඟක් අය දන්නේ  නැහැ .  හේතුව  ඔහු මිය ගිහින් අවුරුදු 70  කට  ආසන්න  නිසා. ලාංකිකයෙකු වූ ඔහු දර්ශනවාදියෙක් , විද්‍යාඥයෙක් ,පර්යේෂකයෙක් කලා  කරුවෙක් , මෙන්ම සාරගර්භ ග්‍රන්ථ රැසක් ලිවූ  මහා ගත් කතුවරයෙක්  . පෙරදිග  කලාව  බටහිරට  හඳුන්වා දුන්නේ  ඔහු.  අපේ  රටට  ආඩම්බර වෙන්න  පුළුවන් මෙන්ම  අමතක  නොකළ යුතු  ලංකා  පුත්‍රයෙක් නිසයි  ඔහුගේ නමින් කොළඹ පාරක් නම් කරලා තිබුනේ. මහින්ද  රාජපක්ෂ  මහත්තයා ඒ  බෝඩ් එක  ගලවල  වීසි  කරලා නෙලුම්  පොකුණ කියල  අලුත් බෝර්ඩ් එකක් ගහල   දෙමල  ජාතියටම  පණිවිඩයක් දුන්න තමුසෙලා දෙවෙනි  පන්තියේ  පුරවැසියෝ  කියල   . 

   සහේලි ගැන මොනව ලියන්නද ?  " මහරජාණනි "! කියන ප්‍රසස්ති ගීය  ගායන  කළ නිසා   මහින්ද එයාට  පාරකුත් ඇරිය  කියනව  මිසක්. ඒ හැර  එයාට  ඉඩකඩම් ගෙවල් දොරවල්  දුන්නයි  කියල තමා මිනිස්සු  කියන්නේ . ඕන වෙලාවක  අරලිය  ගහ මන්දිරයට සහේලිට යන්න  පුළුවන් කියල සහේලිම ගොසිප් ලංකා පත්තරේටත් කියල තිබුන.  ඒ විතරක් නෙවෙයි එයයි  ජනාධිපති තුමයි අතර සම්බන්ධයක් තියෙනවා කියලත් සමහරු   ප්‍රචාරය   කරලා  කියලත් ඇය විසින්ම එම  පත්තරේට  කියල තිබුන. අපි දන්නේ නැහැ  ඒක ඇත්තක්ද?   බොරුවක්ද? කියල  .ඇත්තක් උනත්   අපේ නම්   කිසිම  ඉරිසියාවක් නැහැ ..  

ජ්‍යෙෂ්ට  සහ ශ්‍රේෂ්ට  ගා යක  ගායිකාවන් දුසිමක් විතර   අපිට  ඉඳිද්දී  ඔවුන්  අමතක කරලා   සින්දුවක් දෙකක් කියපු තරුණ කෙල්ලෙක්ගෙ නමින් පාරක් ඇරියේ  ඒ  ඔක්කොමටත් වඩා ඇය  නියමයි මහින්දට  හිතුන  නිසා වෙන්න  ඇති .



Comments

This comment has been removed by a blog administrator.
jay-cz said…
අනුමාණයන් මත රැඳෙමින් තරුණ ගැහැණියකගේ ආත්ම ගරුත්වය කෙලෙසීම වැරදි බව අධ්‍යාපන සේවයේ යෙදී සිටි ඔබට නිකමට වත් වැටහෙන්නේ නැතිද?
Gossip Lanka පත්තරේ සමග එකල සාකච්චාවක් කරමින් සහේලි කියා තිබුනේ මෙසේය. "මට ඕන වෙලාවක අරලිය ගහ මන්දිරයට යන්න එන්න පුළුවන් .ජනාධිපති තුමයි මා අතර නරක සම්බන්ධයක් තියෙනවා කියල ප්චාරයකුත් යවල තියෙනවා."
මට හිතුනේ පින්තුරේ ලොකු උනාම හොඳ පෙනුමක් තියෙනවා නේද කියල . එහෙම නැ වගේ එහෙනම්. හොඳයි මන් එකල පුංචි කරන්නම් .ස්තුතියි අත දෙනවට.
Manoj said…
ඉසුර දේවප්‍රිය මැතිතුමාගේ ඉල්ලීම පරිදි මේ අපේ මහා ඇමතියානේ හිටං.
Pra Jay said…
යංතං ලියා කියා ගන්න පුලුවන්. කොහොමද "අති පූජ්ය ගලෙන් බිඳුනු වැව අත්ත දස්සී මහ නා හිමි මාවත" වගේ එකක්? ලෝකෙ දිගම නම් ඇති පාරවල් තියෙන්නෙ ලංකාවෙ මං හිතන්නෙ.මං අකමැතිම වැඩේ තමයි ඉතිහාසය නැති වෙන එක. මහ නියර පාර වගේ එය ඇතිවුන ඉතිහාසය තියන පාරක් දේශපාලකයෙක් හාමුදුරු කෙනෙක් වගේ කෙනෙක්ගෙ නම් දාල නැති කරන එක
gaba said…
All the best for your blog , it would be nice if you can add the follower gadget so people can easily subscribe to you.
Do you mean 'email followers' gadget ? I added it. Thank you for your encouragement