Skip to main content

සහේලි,තම්පෝ , මහගම සේකර සහ කුමාරස්වාමි


                        පැජට් රෝඩ්, මහගම සේකර මාවත බවට පත් කිරීම ( 2016 -04-07)





               කොල්ලුපිටියේ 22 වන පටුමග , බාලා තම්පෝ පටු මග  බවට පත් කිරීම ( 2016-05-01)


ආනන්ද කුමාරස්වාමි මාවත ,නෙලුම් පොකුණ මාවත වී   යලිත් ආනන්ද  කුමාරස්වාමි  මාවත ලෙස  නම් කිරීම  ( 2015-02-11)



                                             ආනන්ද  කුමාරස්වාමි  (1877-1947)




     මහරගම  පුද්ගලික පාරක් '  සහේලි ගමගේ මාවත ' ලෙස නම් කිරීම ( 2010 -04-01 )

මහගම සේකර , බාලා තම්පෝ ගැන අමුතුවෙන්  කියන්න  දෙයක් නැහැනේ . ඒ දෙන්නගෙම  පංචස්කන්ද අළු සහ  පස්  බවට  පත් වෙලා තිබුනත් තවත් අවුරුදු   ගානක්  යන තුරු ඔවුන් කළ සේවය ගැන මිනිස්සු ස්තුති පුර්වකව කතා  කරවී.  ආනන්ද  කුමාරස්වාමි ගැන නම් හුඟක් අය දන්නේ  නැහැ .  හේතුව  ඔහු මිය ගිහින් අවුරුදු 70  කට  ආසන්න  නිසා. ලාංකිකයෙකු වූ ඔහු දර්ශනවාදියෙක් , විද්‍යාඥයෙක් ,පර්යේෂකයෙක් කලා  කරුවෙක් , මෙන්ම සාරගර්භ ග්‍රන්ථ රැසක් ලිවූ  මහා ගත් කතුවරයෙක්  . පෙරදිග  කලාව  බටහිරට  හඳුන්වා දුන්නේ  ඔහු.  අපේ  රටට  ආඩම්බර වෙන්න  පුළුවන් මෙන්ම  අමතක  නොකළ යුතු  ලංකා  පුත්‍රයෙක් නිසයි  ඔහුගේ නමින් කොළඹ පාරක් නම් කරලා තිබුනේ. මහින්ද  රාජපක්ෂ  මහත්තයා ඒ  බෝඩ් එක  ගලවල  වීසි  කරලා නෙලුම්  පොකුණ කියල  අලුත් බෝර්ඩ් එකක් ගහල   දෙමල  ජාතියටම  පණිවිඩයක් දුන්න තමුසෙලා දෙවෙනි  පන්තියේ  පුරවැසියෝ  කියල   . 

   සහේලි ගැන මොනව ලියන්නද ?  " මහරජාණනි "! කියන ප්‍රසස්ති ගීය  ගායන  කළ නිසා   මහින්ද එයාට  පාරකුත් ඇරිය  කියනව  මිසක්. ඒ හැර  එයාට  ඉඩකඩම් ගෙවල් දොරවල්  දුන්නයි  කියල තමා මිනිස්සු  කියන්නේ . ඕන වෙලාවක  අරලිය  ගහ මන්දිරයට සහේලිට යන්න  පුළුවන් කියල සහේලිම ගොසිප් ලංකා පත්තරේටත් කියල තිබුන.  ඒ විතරක් නෙවෙයි එයයි  ජනාධිපති තුමයි අතර සම්බන්ධයක් තියෙනවා කියලත් සමහරු   ප්‍රචාරය   කරලා  කියලත් ඇය විසින්ම එම  පත්තරේට  කියල තිබුන. අපි දන්නේ නැහැ  ඒක ඇත්තක්ද?   බොරුවක්ද? කියල  .ඇත්තක් උනත්   අපේ නම්   කිසිම  ඉරිසියාවක් නැහැ ..  

ජ්‍යෙෂ්ට  සහ ශ්‍රේෂ්ට  ගා යක  ගායිකාවන් දුසිමක් විතර   අපිට  ඉඳිද්දී  ඔවුන්  අමතක කරලා   සින්දුවක් දෙකක් කියපු තරුණ කෙල්ලෙක්ගෙ නමින් පාරක් ඇරියේ  ඒ  ඔක්කොමටත් වඩා ඇය  නියමයි මහින්දට  හිතුන  නිසා වෙන්න  ඇති .



Comments

This comment has been removed by a blog administrator.
jay-cz said…
අනුමාණයන් මත රැඳෙමින් තරුණ ගැහැණියකගේ ආත්ම ගරුත්වය කෙලෙසීම වැරදි බව අධ්‍යාපන සේවයේ යෙදී සිටි ඔබට නිකමට වත් වැටහෙන්නේ නැතිද?
Gossip Lanka පත්තරේ සමග එකල සාකච්චාවක් කරමින් සහේලි කියා තිබුනේ මෙසේය. "මට ඕන වෙලාවක අරලිය ගහ මන්දිරයට යන්න එන්න පුළුවන් .ජනාධිපති තුමයි මා අතර නරක සම්බන්ධයක් තියෙනවා කියල ප්චාරයකුත් යවල තියෙනවා."
මට හිතුනේ පින්තුරේ ලොකු උනාම හොඳ පෙනුමක් තියෙනවා නේද කියල . එහෙම නැ වගේ එහෙනම්. හොඳයි මන් එකල පුංචි කරන්නම් .ස්තුතියි අත දෙනවට.
Manoj said…
ඉසුර දේවප්‍රිය මැතිතුමාගේ ඉල්ලීම පරිදි මේ අපේ මහා ඇමතියානේ හිටං.
Pra Jay said…
යංතං ලියා කියා ගන්න පුලුවන්. කොහොමද "අති පූජ්ය ගලෙන් බිඳුනු වැව අත්ත දස්සී මහ නා හිමි මාවත" වගේ එකක්? ලෝකෙ දිගම නම් ඇති පාරවල් තියෙන්නෙ ලංකාවෙ මං හිතන්නෙ.මං අකමැතිම වැඩේ තමයි ඉතිහාසය නැති වෙන එක. මහ නියර පාර වගේ එය ඇතිවුන ඉතිහාසය තියන පාරක් දේශපාලකයෙක් හාමුදුරු කෙනෙක් වගේ කෙනෙක්ගෙ නම් දාල නැති කරන එක
gaba said…
All the best for your blog , it would be nice if you can add the follower gadget so people can easily subscribe to you.
Do you mean 'email followers' gadget ? I added it. Thank you for your encouragement

Popular posts from this blog

පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලන නාමල්ගේ මිතුරිය

                       ඇය  නාමල් රාජපක්ෂ මහතාගේ මිතුරියක් වුවද  , කොළඹට චන්දය  ඉල්ලුවද ඇය  ගැන ලිපියක්  ලියන්නට   මේ මොහොත වෙන තුරු  මා සිතා  සිටියේ  නැත. ඊයේ මුහුණු පොතේ  පෝස්ටුවක් පළකලේ එය ප්‍රමාණවත් වෙතැයි සිතු   නිසාය . එහෙත් එහි පලකල පෝස්ටුවට  පළවූ ඇතැම් ප්‍රතිචාර සලකා බැලු විට ඇය  ගැන වැඩි දුර  යමක් ලිවීම අවශ්‍ය  බව  පෙනුණි. එය කොළඹ  චන්ද දායකයනට ඇය ගැන තීරණයක්  ගැනීමට දායක වනු ඇත .  මේ  ආණ්ඩුව  බලයට  පැමිණි පසු  පත් කරනු ලැබූ  වරාය  , නාවික සහ සිවිල් ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග වරයා  විසින් ශ්‍රී  ලංකන් ගුවන් සේවයේ දුෂණ සෙවීම සඳහා වැලිඅමුණ  කමිටුව  පත් කළ අතර එහිදී හෙළිවූ කරුණු  ඉතා  බරපතලය එම වාර්තාව අන්තර්  ජාලයේ තිබෙන අතර අවශ්‍ය අයෙකුට  කියවිය  හැක .  එබැවින්  මා  මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ  කොළඹ නගර ස...

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔ...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...