Skip to main content

විමල් වීරවංසට love ලෙටර් එකක්

මැති තුමනි !

ඔබ තුමා වෙත  ලිපියක් ලිවීමට    කල්පනා  කළේ වෙන  කිසිවෙකට  නොව ඔබ  තුමාගේ දක්ෂතාවය  ප්‍රසිද්ධියේ අගය  කල  යුතු  යැයි මට සිතුනු  නිසාය. ඔබේ  දේශපාලනය ගැන මා  කිසිදු එකඟතාවයක් නැතත් ඔබේ  දක්ෂතාවයන්  අගය  කිරීමට එය  මට  බාධාවක් නොවේ. තමන් අකමැති  මිනිසුන්ගේ දක්ෂතාවයන් අගය  කිරීමට මේ උතුම්  ශ්‍රී ලංකාද්වීපයේ බොහෝ  ජනයා  නම් කැමති  නැත. ඔවුන් කරන්නේ  අඩු  පාඩු සොය සොයා ගල් මුල්වලින් දමා  ගැසීමය. එහෙත් දක්ෂයා   අගය  කිරීම මගේ උප්පත්ති  ගතියයි.

ඔබ   දේශපාලනය  පටන් ගත්තේ ජනතා විමුක්ති පෙරමුනෙන්ය. ඔබ  තුමාගේ  අපේක්ෂාව  වුයේ අපගේ  මේ උතුම් රට   සමාජවාදයෙන්  බබලවන්නටය.ඒ  සඳහා ඔබ  කොතරම්  කැප වුයේද  යත් පක්ෂයේ ෆුල් ටයිමෙක් වුවේය. ජවිපෙ ෆුල් ටයිමා  යනු  අතින් කා හරක් බලන්නෙකි . වෙනත් වචන වලින් කිව්වොත් අතේ  තියෙන  තුට්ටුවත් පක්ෂය  වෙනුවෙන් වියදම් කිරීමය.


දක්ෂතාවය  නිසා  ඔබ  පක්ෂයේ  ඉහලට   නැගුණු  අතර මිනිසුන් ඇන්දවීමේ දක්ෂතාවය ඉහලිම  තිබුණු බැවින් මන්ත්‍රීවරයෙකු වීමටද  අවස්ථාව  ලැබුණි. එහත් මන්ත්‍රී පඩියද  පක්ෂයට දීමට  සිදුවූ බැවින් ආර්ථික  අමාරුකම් විසඳා  ගැනීමට  පක්ෂයෙන් දුන් ගාස්තුව ප්‍රමාණවත් වුයේ  නැත. ඔබ මාවරමන්ඩියේ  කොමියුනිකේෂන් එකක් පටන් ගත්තේ  ඔබටත් පවුලටත්  තුන්වේල  හරියට කන්නවත් මුදලක් හදලක්  තිබුනේ  නැති නිසාය.. එකල  ඔබට  කියා ඉඩමක්  කඩමක්  නොතිබුණු  අතර ඔබේ  බිරිඳට  තිබුනේද  පහල බියන්විල මිල්ල ගහවත්තේ පර්චස් 4 ක ඉඩම් කැබැල්ලක්   පමණි.

දක්ෂ  මිනිසෙකු වූ ඔබට  ඔබේ  පක්ෂය  බිය  වන්නට  ඇත.  දුෂණ ක්‍රියා , ඔත්තු බැලීම සහ  අනුන්ගේ  කොටු වලට  පැනීම  යන චෝදනා එල්ල  කොට ඔබව  පක්ෂයෙන් දොට්ට  දැම්මේ  ඒ  නිසා විය  යුතුය.  එහෙත් ඔබේ  දක්ෂතාවයන්  වඩාත් ඔප් නැංවුණේ  එයින් පසුවය.  2008 දී අලුත් පක්ෂයක් පිහිටුවා ගෙන මහින්දව  කරට  ගැනීමෙන් පසු නව ලෝකයක් ඔබට  උදා විය.

2008 අලුත් පක්ෂයක් පිහිටවූ ඔබ  2009 වන විට  හෝකන්දර මංගල  මාවතේ පර්චස් 30 ඉඩමක තෙමහල්   බංගලාවක්  තැනු අතර ටික  දවසකින් ඒ  ඉඩම පර්චස් 80 දක්වා ලොකු  කර  ගත්  එහි තවත් බංගලාවක්  තැනුවේ ඔබේ  දුවටත් පුතාටත්  යුතුකම් ඉටු  කළ යුතු නිසාය.  රුපියල් කෝටියකට  කිට්ටු මුදලක් වැය  කොට ඉඩම වටා   තාප්පයක් ද බැන්දේ  සල්ලි තිබෙන බංගලාවන්ට නිර්දන  පන්තියේ  හොරු  පමණක් නොව දේශප්‍රේමී හොරුද  පැනීමට  ඉඩ  තිබෙන  බව  ඔබ සක් සුදක්සේ  දන්නා  බැවිනි . ඔබට  තිබෙන  මොලය තුට්ටු දෙකේ  හොරුන්ට  නැත. තිබෙතොත්   ඒ කෝටි  ගණනින් ගහන  හොරුන්ට  පමණි.

ඔබ  හොඳ ස්වාමි පුරුෂයෙකි. ඔබේ  බිරිඳටද  ඔබ  ආදරය කරන බැවින්  රන්දුනු ෆැබ්රික්  නමින් ඇඳුම්  කර්මාන්ත  ශාලාවක්  ආරම්භ  කර  බිස්නස් කිරීමට  ඇයට අවස්ථාව  සලසා දුන්නේය. හොඳ ස්වාමි පුරුෂයන්ගේ  හැටි එසේය.  එමෙන්ම   පාදුක්කේ  වග  ප්‍රදේශයේ  අක්කර  13 ක ඉඩමක  කාමර 25 කින් යුතු  හෝටලයක්ද ඔබට  මිලදී ගැනීමට  හැකි වුයේ  ඔබ සතු ඇති විශිෂ්ට  දක්ෂතාවයන් නිසාය.ඔය  තරම් සල්ලි  කන්දරාවක් ඔබට ලැබුනේ  කෙසේ  දැයි මා   නම් ප්‍රස්න  කරන්නේ නැත. මන්ද එය ඔබට විරුද්ධ  LTTE ඩයස්පෝරාවට කදිම ආයුධයක් සැපයීමක් වන නිසාය..

 යුග පුරුෂයෙකු වන ඔබ  ශ්‍රී ලංකා  නිදහස්  පක්ෂයේ   කර්තේලිස්ලා , සුමනවතීලා , කුමාරලා  පමණක් නොව  රාජපක්ෂලාවත්  ගොනාට  ඇන්දවීමේ   අති ශුරයෙක්   බව මෑත අතීතය  විමසන විට පසක්වේ.   ඔබේ  පක්ෂයට සාමජිකයන් සිටින්නේ   අතලොස්සක් වුවද   මහින්ද රාජපක්ෂ කොඩිය   කරට ගෙන  රට වටේ  යාම නිසා    වශීවුණු  මහින්දගේ  මිනිස්සු ඔබටත් ඔබේ  පක්ෂයේ  අපේක්ෂකයන්ටත් චන්දය දී  ශ්‍රී ලංකා  කාරයන් 6 දෙනෙකු පරද්දා  ඔබේ  පක්ෂයෙන්  හය දෙනෙකු   ඉකුත්  මහා මැතිවරණයේදී පාර්ලිමේන්තුවට යැවීමට අගනා   සහයක් දුන්නාහ 


JR  ජයවර්ධනටත් කඩන්නට  බැරිවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය   දෙකට කඩන්නට  ඔබ තුමා  දැන් සමත් වී තිබේ.එයින්  ඔප්පු වන්නේ ඔබ  තුමා  සුළුපටු  දක්ෂයෙකු නොවන බව මිසක් වෙන  කුමක්ද ? මේ  ව්‍යාපෘතිය දිගින් දිගටම  ඉදිරියට  ගිය හොත්  මහින්ද නැති දවසක එහි  නායකයා වීමට ඔබට  පුළුවන .  මැයි දිනයේ   කිරුලපන රැස්වීම ඒ දෙසට  තබන ලද  අගන පියවරකි.

ගාල්ල  රැළියෙන් පසු කිරුලපන මන්ත්‍රී කණ්ඩායම තරමක් තිගැස්සී  තිබෙන  බව ඔබ තුමා මේ වන විට  දන්නවා  ඇතැයි සිතමි.. මයිත්‍රීගේ  නායකත්වය  පිළිගෙන  ඔහු  හා එකතු වීමට    කිරුලපන  කණ්ඩායම, මෛත්‍රී හිතවාදීන් සමග  රහසිගත   සාකච්චා  අරඹා  තිබීම  නිසා  ඔබ  තුමාත් තරමක් ගැස්සී සිටිනවා  විය  හැක. ඒ දෙගොල්ලන් මයිත්‍රී  යටතේ  එකතු වුවහොත් ඔබට සිදුවන්නේ  දියවන්නාවට  පනින්නට බව අමුතුවෙන්  කිව  යුතු  නැත. එහෙත් ඔබ  තුමා එසේ  ලේසියෙන් අරින  පොරක් නොවන මා දනිමි. මෙය  නම් නිසැකවම  අධිරාජ්‍යවාදී  කුමන්ත්‍රනයකි . දේශප්‍රේමී  ජනයාගේ  නාමයෙන් මෙම  කුමන්ත්‍රණය   පරාජය  කිරීමට  ඉක්මනින් ඔබ  තුමා කටයුතු  කළ  යුතුය. එසේ  නොවුන  හොත්  හොර උප්පැන්න  සහතික , හොර  පාස්  පෝට් ,ආදිය  ගැන  පමණක් නොව මාලිගා හදන්නට  හෝටල් හදන්නට  ගාමන්ට්  හදන්නට  සල්ලි  හොයා ගත්තේ  කෙසේදැයි ම්  ඔවුන් විසින්ම  ප්‍රසිද්ධියේ අසන්නට  ඉඩ තිබෙන අතර  තමන්ගේ  බෙල්ල  ගලවා  ගැනීම  සඳහා   ඔබබේ  පක්ෂයේ  නායකයන්ම ඔබව   බිලි දීමට  ඉඩ තිබේ.  එබැවින්  අධිරාජ්‍යවාදීන්ගේ මේ කුමන්ත්‍රණය   පරාජය  කිරීම  සඳහා තිස්තුන් කෝටියක්  දෙවි  දෙවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය, බලය සහ පුරුෂ  ශක්තිය  ඔබ තුමාට  ලැබේවායි  ඉතා සිතින්  ප්‍රර්ථනා   කරමි. B. S.



 





Comments

Feel proud to hear that from a veteran blogger.
Dayal Bathee said…
එසේම ඒ උතුමන් පැසසීමට භාජනයවීමටසියලුම සුදුසුකම් ඇත්තේය
Unknown said…
මෙතුමන්ලා පත්කරන චන්දදයකයන් ටත් ප්‍රශක්තියක් ලීවනම් අගේ වැඩිවෙනවා
Aruna Perera said…
වෙන මිනිහෙකුට මේ වගේ දෙයක් කියවන්න ලැබුනොත් ලැජ්ජාවට වහ බොනවා. විමලෙට ලැජ්ජාවක් නැති නිසා කියෙව්වත් ගානක් නැහැ. මෙයා අන්දනවට වඩා මහින්ද ඉල්ලලා ඇඳගන්නවා.
Manoj said…
විමලේ කියන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානය පවා හොල්ලපු පොරක්.

මාරාන්තික උපවාස වලට නව අරුතක් දුන් නියමුවෙක්.
Unknown said…
meyata wennata thiyena de ballannako ! windawala merenne ..
Superb, quality sarcasm

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...