Skip to main content

විමල් වීරවංසට love ලෙටර් එකක්

මැති තුමනි !

ඔබ තුමා වෙත  ලිපියක් ලිවීමට    කල්පනා  කළේ වෙන  කිසිවෙකට  නොව ඔබ  තුමාගේ දක්ෂතාවය  ප්‍රසිද්ධියේ අගය  කල  යුතු  යැයි මට සිතුනු  නිසාය. ඔබේ  දේශපාලනය ගැන මා  කිසිදු එකඟතාවයක් නැතත් ඔබේ  දක්ෂතාවයන්  අගය  කිරීමට එය  මට  බාධාවක් නොවේ. තමන් අකමැති  මිනිසුන්ගේ දක්ෂතාවයන් අගය  කිරීමට මේ උතුම්  ශ්‍රී ලංකාද්වීපයේ බොහෝ  ජනයා  නම් කැමති  නැත. ඔවුන් කරන්නේ  අඩු  පාඩු සොය සොයා ගල් මුල්වලින් දමා  ගැසීමය. එහෙත් දක්ෂයා   අගය  කිරීම මගේ උප්පත්ති  ගතියයි.

ඔබ   දේශපාලනය  පටන් ගත්තේ ජනතා විමුක්ති පෙරමුනෙන්ය. ඔබ  තුමාගේ  අපේක්ෂාව  වුයේ අපගේ  මේ උතුම් රට   සමාජවාදයෙන්  බබලවන්නටය.ඒ  සඳහා ඔබ  කොතරම්  කැප වුයේද  යත් පක්ෂයේ ෆුල් ටයිමෙක් වුවේය. ජවිපෙ ෆුල් ටයිමා  යනු  අතින් කා හරක් බලන්නෙකි . වෙනත් වචන වලින් කිව්වොත් අතේ  තියෙන  තුට්ටුවත් පක්ෂය  වෙනුවෙන් වියදම් කිරීමය.


දක්ෂතාවය  නිසා  ඔබ  පක්ෂයේ  ඉහලට   නැගුණු  අතර මිනිසුන් ඇන්දවීමේ දක්ෂතාවය ඉහලිම  තිබුණු බැවින් මන්ත්‍රීවරයෙකු වීමටද  අවස්ථාව  ලැබුණි. එහත් මන්ත්‍රී පඩියද  පක්ෂයට දීමට  සිදුවූ බැවින් ආර්ථික  අමාරුකම් විසඳා  ගැනීමට  පක්ෂයෙන් දුන් ගාස්තුව ප්‍රමාණවත් වුයේ  නැත. ඔබ මාවරමන්ඩියේ  කොමියුනිකේෂන් එකක් පටන් ගත්තේ  ඔබටත් පවුලටත්  තුන්වේල  හරියට කන්නවත් මුදලක් හදලක්  තිබුනේ  නැති නිසාය.. එකල  ඔබට  කියා ඉඩමක්  කඩමක්  නොතිබුණු  අතර ඔබේ  බිරිඳට  තිබුනේද  පහල බියන්විල මිල්ල ගහවත්තේ පර්චස් 4 ක ඉඩම් කැබැල්ලක්   පමණි.

දක්ෂ  මිනිසෙකු වූ ඔබට  ඔබේ  පක්ෂය  බිය  වන්නට  ඇත.  දුෂණ ක්‍රියා , ඔත්තු බැලීම සහ  අනුන්ගේ  කොටු වලට  පැනීම  යන චෝදනා එල්ල  කොට ඔබව  පක්ෂයෙන් දොට්ට  දැම්මේ  ඒ  නිසා විය  යුතුය.  එහෙත් ඔබේ  දක්ෂතාවයන්  වඩාත් ඔප් නැංවුණේ  එයින් පසුවය.  2008 දී අලුත් පක්ෂයක් පිහිටුවා ගෙන මහින්දව  කරට  ගැනීමෙන් පසු නව ලෝකයක් ඔබට  උදා විය.

2008 අලුත් පක්ෂයක් පිහිටවූ ඔබ  2009 වන විට  හෝකන්දර මංගල  මාවතේ පර්චස් 30 ඉඩමක තෙමහල්   බංගලාවක්  තැනු අතර ටික  දවසකින් ඒ  ඉඩම පර්චස් 80 දක්වා ලොකු  කර  ගත්  එහි තවත් බංගලාවක්  තැනුවේ ඔබේ  දුවටත් පුතාටත්  යුතුකම් ඉටු  කළ යුතු නිසාය.  රුපියල් කෝටියකට  කිට්ටු මුදලක් වැය  කොට ඉඩම වටා   තාප්පයක් ද බැන්දේ  සල්ලි තිබෙන බංගලාවන්ට නිර්දන  පන්තියේ  හොරු  පමණක් නොව දේශප්‍රේමී හොරුද  පැනීමට  ඉඩ  තිබෙන  බව  ඔබ සක් සුදක්සේ  දන්නා  බැවිනි . ඔබට  තිබෙන  මොලය තුට්ටු දෙකේ  හොරුන්ට  නැත. තිබෙතොත්   ඒ කෝටි  ගණනින් ගහන  හොරුන්ට  පමණි.

ඔබ  හොඳ ස්වාමි පුරුෂයෙකි. ඔබේ  බිරිඳටද  ඔබ  ආදරය කරන බැවින්  රන්දුනු ෆැබ්රික්  නමින් ඇඳුම්  කර්මාන්ත  ශාලාවක්  ආරම්භ  කර  බිස්නස් කිරීමට  ඇයට අවස්ථාව  සලසා දුන්නේය. හොඳ ස්වාමි පුරුෂයන්ගේ  හැටි එසේය.  එමෙන්ම   පාදුක්කේ  වග  ප්‍රදේශයේ  අක්කර  13 ක ඉඩමක  කාමර 25 කින් යුතු  හෝටලයක්ද ඔබට  මිලදී ගැනීමට  හැකි වුයේ  ඔබ සතු ඇති විශිෂ්ට  දක්ෂතාවයන් නිසාය.ඔය  තරම් සල්ලි  කන්දරාවක් ඔබට ලැබුනේ  කෙසේ  දැයි මා   නම් ප්‍රස්න  කරන්නේ නැත. මන්ද එය ඔබට විරුද්ධ  LTTE ඩයස්පෝරාවට කදිම ආයුධයක් සැපයීමක් වන නිසාය..

 යුග පුරුෂයෙකු වන ඔබ  ශ්‍රී ලංකා  නිදහස්  පක්ෂයේ   කර්තේලිස්ලා , සුමනවතීලා , කුමාරලා  පමණක් නොව  රාජපක්ෂලාවත්  ගොනාට  ඇන්දවීමේ   අති ශුරයෙක්   බව මෑත අතීතය  විමසන විට පසක්වේ.   ඔබේ  පක්ෂයට සාමජිකයන් සිටින්නේ   අතලොස්සක් වුවද   මහින්ද රාජපක්ෂ කොඩිය   කරට ගෙන  රට වටේ  යාම නිසා    වශීවුණු  මහින්දගේ  මිනිස්සු ඔබටත් ඔබේ  පක්ෂයේ  අපේක්ෂකයන්ටත් චන්දය දී  ශ්‍රී ලංකා  කාරයන් 6 දෙනෙකු පරද්දා  ඔබේ  පක්ෂයෙන්  හය දෙනෙකු   ඉකුත්  මහා මැතිවරණයේදී පාර්ලිමේන්තුවට යැවීමට අගනා   සහයක් දුන්නාහ 


JR  ජයවර්ධනටත් කඩන්නට  බැරිවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය   දෙකට කඩන්නට  ඔබ තුමා  දැන් සමත් වී තිබේ.එයින්  ඔප්පු වන්නේ ඔබ  තුමා  සුළුපටු  දක්ෂයෙකු නොවන බව මිසක් වෙන  කුමක්ද ? මේ  ව්‍යාපෘතිය දිගින් දිගටම  ඉදිරියට  ගිය හොත්  මහින්ද නැති දවසක එහි  නායකයා වීමට ඔබට  පුළුවන .  මැයි දිනයේ   කිරුලපන රැස්වීම ඒ දෙසට  තබන ලද  අගන පියවරකි.

ගාල්ල  රැළියෙන් පසු කිරුලපන මන්ත්‍රී කණ්ඩායම තරමක් තිගැස්සී  තිබෙන  බව ඔබ තුමා මේ වන විට  දන්නවා  ඇතැයි සිතමි.. මයිත්‍රීගේ  නායකත්වය  පිළිගෙන  ඔහු  හා එකතු වීමට    කිරුලපන  කණ්ඩායම, මෛත්‍රී හිතවාදීන් සමග  රහසිගත   සාකච්චා  අරඹා  තිබීම  නිසා  ඔබ  තුමාත් තරමක් ගැස්සී සිටිනවා  විය  හැක. ඒ දෙගොල්ලන් මයිත්‍රී  යටතේ  එකතු වුවහොත් ඔබට සිදුවන්නේ  දියවන්නාවට  පනින්නට බව අමුතුවෙන්  කිව  යුතු  නැත. එහෙත් ඔබ  තුමා එසේ  ලේසියෙන් අරින  පොරක් නොවන මා දනිමි. මෙය  නම් නිසැකවම  අධිරාජ්‍යවාදී  කුමන්ත්‍රනයකි . දේශප්‍රේමී  ජනයාගේ  නාමයෙන් මෙම  කුමන්ත්‍රණය   පරාජය  කිරීමට  ඉක්මනින් ඔබ  තුමා කටයුතු  කළ  යුතුය. එසේ  නොවුන  හොත්  හොර උප්පැන්න  සහතික , හොර  පාස්  පෝට් ,ආදිය  ගැන  පමණක් නොව මාලිගා හදන්නට  හෝටල් හදන්නට  ගාමන්ට්  හදන්නට  සල්ලි  හොයා ගත්තේ  කෙසේදැයි ම්  ඔවුන් විසින්ම  ප්‍රසිද්ධියේ අසන්නට  ඉඩ තිබෙන අතර  තමන්ගේ  බෙල්ල  ගලවා  ගැනීම  සඳහා   ඔබබේ  පක්ෂයේ  නායකයන්ම ඔබව   බිලි දීමට  ඉඩ තිබේ.  එබැවින්  අධිරාජ්‍යවාදීන්ගේ මේ කුමන්ත්‍රණය   පරාජය  කිරීම  සඳහා තිස්තුන් කෝටියක්  දෙවි  දෙවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය, බලය සහ පුරුෂ  ශක්තිය  ඔබ තුමාට  ලැබේවායි  ඉතා සිතින්  ප්‍රර්ථනා   කරමි. B. S.



 





Comments

Feel proud to hear that from a veteran blogger.
Dayal Bathee said…
එසේම ඒ උතුමන් පැසසීමට භාජනයවීමටසියලුම සුදුසුකම් ඇත්තේය
Unknown said…
මෙතුමන්ලා පත්කරන චන්දදයකයන් ටත් ප්‍රශක්තියක් ලීවනම් අගේ වැඩිවෙනවා
Aruna Perera said…
වෙන මිනිහෙකුට මේ වගේ දෙයක් කියවන්න ලැබුනොත් ලැජ්ජාවට වහ බොනවා. විමලෙට ලැජ්ජාවක් නැති නිසා කියෙව්වත් ගානක් නැහැ. මෙයා අන්දනවට වඩා මහින්ද ඉල්ලලා ඇඳගන්නවා.
Manoj said…
විමලේ කියන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානය පවා හොල්ලපු පොරක්.

මාරාන්තික උපවාස වලට නව අරුතක් දුන් නියමුවෙක්.
Unknown said…
meyata wennata thiyena de ballannako ! windawala merenne ..
Superb, quality sarcasm

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා