Skip to main content

Posts

Showing posts from July, 2016

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා

කළු ජුලියේ ගිනි දැල් සහ යාපනයේ සිසු ගැටුම .

    ඉස්සර  අධ්යාපන  අමාත්‍යංශය  තිබුනේ  කොළඹ කොම්පඥඥවීදියේය.හරියටම  කියතොත් එහි  මැලේ වීදියේය. 1983  ජුලි 25 වනදා  පාන්දරින්ම මා  නිවසින්  පිටවුණේ රස්සාව  යලි  ලැබෙන  බවට ලැබුණු ආරන්ච්චියක්  නිසාය. 1980  ජුලි මහා වැඩවර්ජනයට  මහරගම  ගුරු විදුහලේදී  නායකත්වය  දීම  හේතුවෙන් JR  ජයවර්දන  ආණ්ඩුව මා  ගෙදර  යැවූ අතර රැකියා විරහිත  කාලය  අවුරුදු  තුන  පසු  කරමින් තිබිණ . මහරගම ගුරු විදුහලේදී අපි වර්ජනය  ආරම්භ  කළේ  හරියටම අද වැනි දිනක හෙවත් 1980 ජුලි 17 වනදාය.  අවුරුදු 3  කුත් දවස්  ගණනක්  ජීවත් වුයේ ගෙදර  තිබු   කව්තුක  භාණ්ඩ ද , ගෙවත්තේ  තිබු  ගස් ද   විකිණීමෙන්  සහ ස්ථිර  නොවන රැකියාවන් දෙක  තුනක් කිරීමෙනි. මා  වැඩ  වර්ජකයෙකු වීම  නිසා  මගේ බිරිඳට  රැකියාවක්  ලැබීමද  සහනයක්  විය.  රැකියාව  දුන්නේ සමාජ විද්‍යාඥයන්ගේ සංගමයයි. එසේ  නොවී  නම්  කුමන ඉරණමක් අත්වේදැයි සිතා   ගැනීමට  නොහැක. වැඩ වර්ජකයන් 50කට  අධික සංක්‍යාවක් මේ වන  විට දිවි නසා ගෙන තිබුණේ තම දු දරුවන්  , බිරිඳ , දෙමාපියන් කුසගින්නේ  සිටීම ,ගොඩ  ගැසුණු ණය තුරුස් ගෙවා  ගැනීමට නොහැකි වීම , සමාජය විසින්  නොසලකා  හැරීම ආදී  හේතු 

යහපාලනයේ හොරු ගස් බඳීව් !

      මිනිස්සු  එක්සත්  ජාතික  පක්ෂය  නැවත  බලයට පත් කර ගත්තේ ඔවුන් බොධිසත්තයන් නිසා නොවේ. රාජපක්ෂලාගේ සහ ඔවුන්ගේ ආවතේව කරුවන්ගේ දුෂ්ට පාලනයෙන් හෙබ්බත්  උන  නිසාය.  1977-94 කාලයේ එක්සත්  ජාතික  පක්ෂ ආණ්ඩුව කළ  හරිය ඇසුවොත් බල්ලන් බත්  කන්නේ  නැත. 77 බලය  ගත්  විගස  යු එන් පි. කාරයෝ  විරුද්ධවාදීන්ගේ ගෙවල් දස  දහස්  ගණනකට  පහර දී අලාභ  හානි කළහ. 'ඕන  තරම්  ගහපියව් ' කියා  JR සතියක් දෙකක්ම ඇස්  පියාගෙන  සිටියේය. 77-80 අතර ඇතිවූ  කම්කරු විරෝධතා ව්‍යාපාර වලට පහර දීමට මැරයන් එව්වේ බයිසිකල් චේන්, යකඩ පොලු  ආදියෙන් සන්නද්ධ  කොටය. එකල ඔවුනට නායකත්වය දුන්නේ දැන් මහින්ද  සමග බුදියන  ගාමිණී ලොකුගේය. දවසක වැටුප රු.10 කින් වැඩි  කරන ලෙස ඉල්ලා  1980 වැඩ වර්ජනය  කළ රජයේ සේවකයන් 40000ක්  ගෙදර යැව්වේ JRගේ  ආණ්ඩුවය. 1983 දෙමල මිනිසුන් දහස්  ගණනක් මරා  ඔවුන්ගේ  කෝටි දහස්  ගණනක දේපොළ  ගිනි තිබ්බේද , මංකොල්ල කැවේද  unp ආණ්ඩුවේ  නායකයන් විසින් මෙහෙයවූ මැරයන්ය. යාපනයේ පුස්තකාලය  ගිනි  තිබ්බේ  UNP  නායකයන් කීප දෙනෙකුගේ  මෙහෙයවීමෙනි. කොටින්ම 1983 වන විට  60  ගණනක් පමණක් සිටි කොටි සංවිධානය දහස් 

ඉස්කෝලේ විප්ලවයට මහින්ද සමග පෙරට

    තෙවරප්පෙරුම  මන්ත්‍රී තුමා එල්ලෙන්නට  යාම  නිසා  මගේ   හිත කීරි  ගැසුනේය . ඉහින් කනින් දාඩිය වැක්කුරුනේ රාවණා ඇල්ල වගේය.එමෙන්ම  හදවත  උණුවී වැක්කෙරෙනවා සේ දැනිණ .එවැනි  උත්තමයෙක් හදිසියේ අභාවප්‍රාප්ත  වුවහොත්  රටටම  හෙන  පාඩුවකි. හදිසියේ කවුරු  හරි  ලිඳකට පැන දිවිනසා  ගත්තොත්  මිනිය  ගොඩ  ගන්නේ  කවුද? පාසල්වලට  කඩා  පැන විදුහල්පති  වරුන්ගේ බෙලි සහ  හිස  පිරිමදින්නේ  කවුද?  රනිල්ට  වැනි  ලොක්කෙකු  වුවද  තඹ  පයිසෙකට ගණන්  නොගන්නා  ධීර වීර මන්ත්‍රී  වරයෙකු  කෙසේ  සොයා  ගන්නද? ආයිත්  පළමු ශ්‍රේණියේ  ළමුන්ගේ  ප්‍රස්නෙකට  ඉදීරිපත් වී   පාසලකදී බෙල්ලේ වැල දා  ගත්තොත්  මොන දෙවියනට  කියන්නද ? එබැවින් එම  උත්තමයාට  එවැනි අභාග්‍ය  සම්පන්න ඉරණමකට  ලක්වීමට ඉඩ  දී  මට  බලා සිටින්නට  පුළුවන්  කමක් නැත . එබැවින් පළමු ශ්‍රේණියට  ඇතුලත් වීම සඳහා ඉල්ලුම්  කරන  සියලු දෙනාගේම  බලාපොරොත්තු   ඉටුවෙන පරිදි අධ්‍යාපනයේ  මහත්  විප්ලවයක්  කළ  යුතුය. මේ  විප්ලවය මට  තනිවම  කළ නොහැකි  බව  ඕනෑම  මෝඩයෙකු  පිලිගන්නවා ඇත.  විප්ලවය  කරන  හැටි  මා  දන්නා  නමුත් ඒ  සඳහා  හොඳ  පොරක් සිටිය     යුතුය.    ත

තෙවරප්පෙරුමගේ බාල සටන සහ අපේ ඉස්කෝල

        තෙවරප්පෙරුමගේ  ඉස්කෝල  සටන ගැන සමහරුන්ට  හරි ත්‍රිල්ය. එහෙත්  සමහරුන්ට  උරු ජුවල්ය. ත්‍රිල්  කාරයෝ අතර  වැඩියෙන් ඉන්නේ ඉගැන්විල්ල  ගැන මෙලෝ  හසරක් දන්නේ නැති  අය  බව කිව  යුතුය..අධ්‍යාපනයට  කිසිදු  සම්බන්ධකම් නැති  වෙනත් ශේෂ්ත්‍රවල    ඉන්නා    සමහර උගතුනුත්  තෙවරප්පෙරුම න්‍යාය  හරි  ලෙස  දකිති.  ටියුෂන් පන්තිවල  දහස්  ගණන් ළමුන්ට  එකවර  උගන්වන්නට  හැකි  නම් ඉස්කෝලේ  එසේ  කරන්නට  බැරි  ඇයිදැයි සමහරු  ප්‍රශ්න  කරති.පාසල්  නැති  ළමුන්ගේ  ප්‍රශ්නයට  විසඳුම  කුමක්දැයි  තවත්  සමහරු   අමනාපයෙන්  අසති. එහෙත් අධ්‍යාපනය  ගැන  දන්නා  අය  නම් තෙවරප්පෙරුම  මන්ත්‍රීවරයාගේ  සටන  ගැන   කිසිදු  සතුටක් නැත.වැඩි විස්තරයක්  උවමනා  නැත  පළමු  ශ්‍රේණියේ  පන්තියක ළමුන්  40 දෙනෙකුගේ  ඝෝෂාව  පාලනය  කිරීම පමණක්  ගතහොත් එයම  කොපමණ  දුෂ්කර  දැයි  සිතීම  ප්‍රමාණවත්ය.   කෙසේ  වෙතත්  තෙවරප්පෙරුම   මන්ත්‍රීවරයාගේ   වැරදි සටන  තවත්  අය  ඉදිරියේදී  අනුගමනය  කිරීමට   ඉඩ  තිබේ. පළාත්  පාලන  චන්දයක්   ලබන වසරේ පැවැත්වීමට  නියමිත  හෙයින්   ජනවාරි මාසයේ  සිට  පළාත්  පාලන  අපේක්ෂකයෝ පාසලට  ඇතුල්  නොකර