Skip to main content

තෙවරප්පෙරුමගේ බාල සටන සහ අපේ ඉස්කෝල

  

 

 

 තෙවරප්පෙරුමගේ  ඉස්කෝල  සටන ගැන සමහරුන්ට  හරි ත්‍රිල්ය. එහෙත්  සමහරුන්ට  උරු ජුවල්ය. ත්‍රිල්  කාරයෝ අතර  වැඩියෙන් ඉන්නේ ඉගැන්විල්ල  ගැන මෙලෝ  හසරක් දන්නේ නැති  අය  බව කිව  යුතුය..අධ්‍යාපනයට  කිසිදු  සම්බන්ධකම් නැති  වෙනත් ශේෂ්ත්‍රවල    ඉන්නා    සමහර උගතුනුත්  තෙවරප්පෙරුම න්‍යාය  හරි  ලෙස  දකිති.  ටියුෂන් පන්තිවල  දහස්  ගණන් ළමුන්ට  එකවර  උගන්වන්නට  හැකි  නම් ඉස්කෝලේ  එසේ  කරන්නට  බැරි  ඇයිදැයි සමහරු  ප්‍රශ්න  කරති.පාසල්  නැති  ළමුන්ගේ  ප්‍රශ්නයට  විසඳුම  කුමක්දැයි  තවත්  සමහරු   අමනාපයෙන්  අසති. එහෙත් අධ්‍යාපනය  ගැන  දන්නා  අය  නම් තෙවරප්පෙරුම  මන්ත්‍රීවරයාගේ  සටන  ගැන   කිසිදු  සතුටක් නැත.වැඩි විස්තරයක්  උවමනා  නැත  පළමු  ශ්‍රේණියේ  පන්තියක ළමුන්  40 දෙනෙකුගේ  ඝෝෂාව  පාලනය  කිරීම පමණක්  ගතහොත් එයම  කොපමණ  දුෂ්කර  දැයි  සිතීම  ප්‍රමාණවත්ය.

 

කෙසේ  වෙතත්  තෙවරප්පෙරුම   මන්ත්‍රීවරයාගේ   වැරදි සටන  තවත්  අය  ඉදිරියේදී  අනුගමනය  කිරීමට   ඉඩ  තිබේ. පළාත්  පාලන  චන්දයක්   ලබන වසරේ පැවැත්වීමට  නියමිත  හෙයින්   ජනවාරි මාසයේ  සිට  පළාත්  පාලන  අපේක්ෂකයෝ පාසලට  ඇතුල්  නොකර  ගනු  ලබන සිසුන් වෙනුවෙන්  පන්ති  කාමර වල  , විදුහල්පති   කාර්යාලවල    පමණක්  නොව  පාසල්වල වහල  වල්  උඩද උපවාස  ඇරඹීමට  ඉඩ  තිබේ.

 

පාලිත  තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා නරක  මිනිහෙකු  ලෙස  හංවඩු  ගසන්නට  මා   කැමති  නැත . මිනිස්සු  කවුරුත්  හොඳ  සහ  නරක ගති ගුණ තිබෙන  අයය. ඔහු  අවංක මිනිහෙක් බව ඔහුගේ චර්යාවන්  දෙස  එබී බැලු  විට පෙනේ. ඔහු   මහපොළොවට අඩි  කීපයක්  යන්නෙකු  නොවේ.. සම වයසේ  කාටත්  පහේ  මචං   කියා  කතා  කරන්නේ  ඒ  නිසා  විය  යුතුයැයි  මා  අනුමාන  කරමි.  දේශපාලනයෙන්  සල්ලි කඩා  ගත්  අයෙකුද  නොවේ. ජාතිවාදයෙන්  ඔත්පල වුවෙක් නොවේ. තම ජීවිතයට වන අනතුර  ගැන නොසිතමින්   මුස්ලිම්  කාන්තාවන්  සහ දරුවන්  කීප  දෙනෙකු  ඥානසාර  මැර  කල්ලියේ  ප්‍රහාරවලින්  බේරා ගැනීමට  ඉදිරිපත්  වුයේ ඒ  නිසාය.

  එහෙත්    ඔහුට  කිසියම්  මොලයේ  අමාරුවක්  තිබෙන  බව සමහරුන්ගේ  විස්වාසයයි 

ඔහු  විස්වාස  කරන්නේ  ඔහුගේ හය්යෙන්  පමණක්  ඕනෑම  දෙයක්  කළ  හැකිය  කියාය.බැන වැදීමෙන් , රණ්ඩු  කිරීමෙන් , තරජනය  කිරීමෙන් , පහර දීමෙන් , උපවාස  කිරීමෙන් සහ  දිවි  නසා  ගැනීමට  තැත්  කිරීමෙන්   ඕනෑම  ප්‍රස්නයක්  පාහේ   විසඳිය  හැකි  යැයි ඔහු  තදින්  විස්වාස  කරන බව පෙනේ. ඔහු  බලන්නට හෝ  ඔහුගේ  උපවාසය  නතර  කිරීමට හෝ   UNP  නායකයන්   මතුගම  පැත්ත  පළාතේ  නාවෙත්  ඔවුන්ගේ  උපදෙසේ  වුවත් පාලිත  මායිම්  නොකරන  නිසා  විය  හැකිය.  

ඔහුගේ   බාල  පන්නයේ සටන් නිසා  දවසක ඔහු  අමාරුවේ  වැටෙන  බවට  නම් සැකයක්  නැත.අංක එකේ  මෝඩ  කම් වැලක්  කර  ඇති  බව  එදාටවත්  ඔහුට වැටහහේ  දැයි  සැකය.

 

කෙසේ  වෙතත්   තෙවරප්පෙරුම   අත  තිබ්බේ  දේශපාලකයන්මේ සහ තවත්  අය     ගිනි  මොලවා ඇති    ප්‍රශ්යකටය.  පළමු  ශ්‍රේණියට  ළමුන් ඇතුලත්  කිරීමේ  ප්‍රශ්නය විවිද  තැන්වල   වරින් වර විවිධාකාරයෙන්   මතුවේ. පසු  ගිය  වසර වලදී  ඒවා  එලියට ආවේ  දෙමාපියන්ගේ  පිකටිං  සහ  උපවාස හරහාය.

 

මේ  ප්‍රශ්නය  මෙතරම් උග්‍ර  කිරීමේ එක් කොටස්  කාරයෙකු  වන්නේ  හිටපු  අග්‍ර  විනිශ්චයකාර  සරත් නන්ද ද  සිල්වාය.   පළමු ශ්‍රේණියට  බඳවා ගැනීමට  අදාල  අධ්‍යාපන  අමාත්‍යංශයේ   චක්‍ර  ලේඛයක්  මගින්  ආදී  ශිෂ්‍යන්ගේ  කෝටාව  15%  කිරීමට එරෙහිව  ආදී ශිෂ්‍ය සංගමයක් කලකට  පෙර උසාවි  ගිය  විට  සරත්  නන්ද  සිල්වා කැකිල්ලේ  නඩු  තීන්දුවක් දෙමින් ආදී  ශිෂ්‍යයන්ගේ  කෝටාව  25% ක් කළ  යුතුයැයි  නියෝගයක් දුන්නේය.. මේ  තීන්දුව නිසා  පාසලට  ආසන්න  පදිංචි  කරුවන්ගේ  දරුවන්ට  ඉතිරිවූයේ  ඇබෑර්තු සංඛ්‍යාවෙන්  50%  පමණි. ඉතිරි   සියයට විසි  පහෙන් 15% ක්  සහෝදර  පදනමටද , අධ්‍යාපන අමාත්‍යංශයට  සම්බන්ධ සේවකයන්ගේ දරුවන්ට 5%ක්ද , ස්ථාන  මාරු ලබා පැමිණි  රජයේ  සේවකයන්ගේ  දරුවන්ට   4%ක්ද   විදේශ වල  පදිංචිව  සිට  පැමිණි දෙමාපියන්ගේ  දරුවන්ට ඉතිරි 1% ද  හිමි  විය . එය එදා  සිට  අද  දක්වාම ක්‍රියාත්මකය.

පළමු ශ්‍රේණියට   ළමුන් ඇතුලත්  කිරීම  සම්බන්ධයෙන්  වැඩි  උනන්දුවක් මේ  මොහොතේ  ඇති වී තිබෙන  බැවින්  වැඩි  දුරටත්  ඒ  ගැන   ලිවීමට  මා කැමතිය. එහෙත් ත්‍රිල්  කැමැත්තෝ  තම ත්‍රිල  අහෝසි  කොට දැනුමක් ලබා   ගැනීමට  අකැමති  නම් නොකියවා   සිටීම  හොඳය.

 පළමු ශ්‍රේණියේ එක් පන්තියකට  ඇතුළු කිරීමට  චක්‍ර  ලේඛ මගින්   නියම  කර  තිබෙන්නේ  සිසුන් 40ක්   පමණි. එම 40 දෙනා  තෝරා  ගන්නේ  පහත සඳහන් පරිදිය.

 

පළමු සම්මුඛ පරීක්ෂණයෙන්                                                                    30

ක්‍රියාන්විත රාජකාරි කළ/කරන හමුදා/පොලිස්  නිලධාරීන්ගේ දරුවන්           7

අභියාචනා/විරෝධතා   මගින්                                                                      3

ඇත්ත  වශයෙන්ම   පදිංචිය  මත , සහෝදර පදනම් මත  ආදී ශිෂ්‍ය  පදනම  මත සහ  අනෙකුත් පදනම් මත  එක්  පන්තියකට  ඇතුලත්  කරගන්නා  සංඛ්‍යාව  33ක්  පමණි. ඉතිරි 7 තෝරා  එවන්නේ  හමුදාවල  සහ  පොලීසිවල  ඉහල  නිලධාරින්ය.

 

පාසලක  පළමු ශ්‍රේණියේ පන්ති  කීයක්  පවත්වාගෙන  යන්නේද  යන කරුණ  තීරණය වන්නේ  අදාළ  පාසැල සතු සම්පත්  ප්‍රමාණය  මතය.පළමු ශ්‍රේණියේ  පන්ති  3 ක්  ආරමභ කළහොත් ඉන්  ඉහළ ශ්‍රේණිවලදීද එම පන්ති සංඛ්‍යාවම පවත්වාගෙන  යාමට  සිදුවේ. ඒ  සඳහා  ඉඩ කඩ ,ඩේස් පුටු ඉගැන්වීමේ  උපකරණ සහ ගුරුවරුද අවශ්‍ය වේ

 

ඇත්ත  වශයෙන්ම ලංකාවේ සියලුම  සිසුන්ට  ඉගනීමට අවශ්‍ය  පාසල් සංඛ්‍යාවක් තිබේ. ප්‍රශ්නය වී තිබෙන්නේ  ළඟ තිබෙන  පාසලට ඇතුලත්  කරනු  වෙනුවට  ජනප්‍රිය  පාසල්වලට සිසුන් ඇතුලත් කර  ගැනීමේ දෙමාපියන්ගේ සටන නිසාය.  පසු  ගියදා දොස්තර  මහත්තුරු සහ  නෝනලා  ඉසුරුපාය  ඉදිරිපිට විරෝධතා  ව්‍යාපාරයක් පැවත්තුවේද  තමන්ගේ දරුවන්ට  හොඳම  පාසල්  ඉල්ලමිනි.දීමපියන්ගේ මේ සටනේ  ප්‍රතිඵලය වන්නේ  ග්‍රාමීය  පාසල්වල එක්කෝ  මැස්සන්  ඇහිරීමය .නැතහොත් ඒවා  වැසී  යාමය.

 

මෙම  අර්බුධයට දෙමාපියන් මෙන්ම දේශපාලකයන්ද  බොහෝ  දුරට වග කිව යුතුය.  තම දරුවා  අපේක්ෂිත  පාසලට  තොර නොගත්  විට  දෙමාපියන් යන්නේ  දේශපාලකයන්  හමුවීමටය. මනාප චන්ද  එකතු  කිරීමට  පළමු තැන දෙන  දේශපාලකයා අධ්‍යාපන  බලධාරීන්ට  විවිධ  බලපෑම්  කරමින් දෙමාපියන්ගේ  ඉල්ලීම් ඉටු  කිරීමට වෙහෙසක්  දරයි. මේ  බලපෑම් නිසා  බොහෝ ජනප්‍රිය  පාසල්වල  පළමු ශ්‍රේණියේ සිට  ඉහල  පන්තිවල  සිසු සංඛ්‍යාව   50 -60  අතර  දක්වා ඉහල  ගොස්  තිබේ. පන්තියක ළමුන් සංඛ්‍යාව  වැඩි වන  තරමට  අධ්‍යාපනයේ  ගුණාත්මක භාවය   පහලට  යතත්  මන්ත්‍රීවරයාට එය  ප්‍රස්නයක්  නොවේ. ප්‍රස්නය දෙමාපියන්ද  කවදාවත් වටහා   ගන්නේ  නැත.තමන්ගේගේ  කොල්ලා   හෝ  කෙල්ල විභාගය අසමත්  වූ  විට දෙමාපියන්  බනින්නේ  ඉගැන්වූ  ගුරුවරුන්ටය.

 

කෙසේ  වෙතත්  තෙවරප්පෙරුම  මහතා  මීගහතැන්න  ප්‍රථමික  විද්‍යාලයේ එල්ලෙන්නට  යාම හොඳය. ඔඩු  දුවා ඇති  පළමු ශ්‍රේණියේ ප්‍රශ්නය සම්බන්ධයෙන්   (තෙවරප්පෙරුම ගේ  ගෝරිය  නිසා) අධ්‍යාපන  ලොක්කන් යලි  සිතන්නට පටන්  ගැනීමට ඉඩ  තිබේ. ලබන වසරේ  පලමු ශ්‍රේණියට  ඇතුලත්  කරන සංඛ්‍යාව  39 කට  සීමා  කිරීම නිසා තත්ත්වය  වඩාත්  වියවුල්  සහගත තත්වයක්  ඇති වීමටද  ඉඩ  තිබේ. එබැවින්  2017  සඳහා  නිකුත්  කර  ඇති චක්‍ර ලේඛය සංශෝධනය   කිරීම ඇඟට  ගුණය.

එහෙත්එක්  පන්තියකට  ඇතුළු  කර  ගන්නා  ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි  කිරීම  මහජනයා අතර  ජනප්‍රිය  විය  හැකි  වුවද  එය  ගුණාත්මක අධ්‍යාපනය පිරිහීමට  හේතුවන බැවින් කළ  හැකි වෙනත් දේ  තිබේ. එහෙත් ඒවා  මෙහි දැක්වීමෙන් මේ  ලිපිය කියවීම එපා  වෙන  තරමට දිගු විය  හැකි  බැවින් ඒවා ගැන මා   ලියන්නට  යන්නේ  නැත.

 

තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා  කරනවානම්  කළ  යුත්තේ   අධ්‍යාපන කාර්යාලවලට  සහ  විදුහල්පති  කාර්යාලවලට කඩා  පැනීම නොව ආදී ශිෂ්‍යන්ගේ දරුවන් වෙනුවෙන්   අයුක්ති සහගත  ලෙස  වෙන් කොට ඇති 25%  කෝටාව  අහෝසි කරන ලෙස ඉල්ලා උසාවි යාමය  .එය  ඔහු  ජය   ගත  හොත් ඔහු  කළ මෝඩ  කම් බොහෝ  දුරට සේදී  යනු  ඇත.

 

 

 

Comments

කෙනෙකුට ඔය විදියට ලියන්න පුළුවන්...

ඒත් මේ රටේ සමාජ ස්ථර කීපයක් ජීවත් වෙන බවත් අවබෝධ කර ගන්න එක වටිනවා.. එක එක ස්ථරවල ඉල්ලීම දිනා ගන්න ක්‍රමය තමයි ඔය... එකසත් ජාතින්ගේ මූලස්ථානය ඉස්සරහා උපවාසයක කරපු එකෙක්ට තැඹිලි පවන්න රටේ නායකයා ආවෙත් මේ රටේ.. හොස්ස ලන්ඟින් මැස්සා යනකොට අන්තීම අසරණ රෝගින් ප්‍රාණ ඇපයට අරගෙන වැඩ වර්ජන කරන උගත් දොස්තර මහත්තුරු ඉන්නෙත් මේ රටේම කියන එකත් අමතක කරන්න එපා. පාර්ලිමේන්තුව කියන්නේ රටේ සියළුම දේනාගේ නියෝජිතක්වය තියෙන තැනක්. එහෙම නැතිව සම හරක් කියනවා වගේ උගත්තුම ඔතෙන්ට ඇවිත් හරි යන්නේ නෑ.. ඔතන්ටත් මහාචාර්යවරු කීප දෙනෙක් ආවා නෙ.. උන් කරපු එක දෙයක් කියනවද කරුණාකරලා...
Manoj said…
තෙවරප්පෙරුම මහජන නියෝජිතයෙක් විදියට මේ ආකාරයෙන් හැසිරීම අනුමත කරන්න බැහැ.හැබැයි මේක නරක වුනත් ජන(අ)ප්‍රිය පුර්වාදර්ශයක්
Ganesh said…
As an oldboy I already donated over Rs.200,000 for school activities. If our quata cut down, all the donations will be stop and most activities such as cricket,swimming will be terminated as a result.
Ganesh said…
By the way, why can't propose to reduce the armed forces quata. It is currently around 20%.
Ganesh said…
This comment has been removed by the author.
Isn't 25% for past pupils' children too much? My view is all categories barring resident category should be done away with. Then the children of those who live close to a school can be enrolled. At present only 50% of those who live in the proximity of a school are recruited .

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාවට  පක්ෂපාත විදේශ ප්‍රතිපත්තියක් 1977 සිට අනුගමනය  කරමින් සිටීම  ඉන්දියාවට  තර්ජනයක් ලෙස  ඉන්දියාව දුටුවේය . එහෙත් ලංකාවේ  ඊළමක් පිහිටුවීම  ඉන්දියාවට තර්ජනයක් වන බව ඉන්දියාව  හොඳින් දැන සිතියේය . එබැවින් ල