භීෂණය ඇරඹෙන විට මා සිටියේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය කරමිනි . මේ වන විට උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු 5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු දකුණේ සිටි ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් උතුරට යැවීම හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ නිෂ්පාදනයක් වූ බැවින් උතුරට ගිය දෙමල තරුණයෝ දහ දහස් ගණනින් කොටි සංවිධානයට හා අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් වලට එකතු වීම නිසා උතුරේ යුද්ධය වඩාත් දරුණු තත්වයට පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව ලංකාවේ දේශපාලනයට මැදිහත් වන්නට පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මැදිහත්වන ලෙස ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල මිනිසුන් ඉල්ලා සිටින විට එය නොසලකා හැරීමට කිසිදු ඉන්දියානු ආණ්ඩුවකට පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත

Comments
ඒත් මේ රටේ සමාජ ස්ථර කීපයක් ජීවත් වෙන බවත් අවබෝධ කර ගන්න එක වටිනවා.. එක එක ස්ථරවල ඉල්ලීම දිනා ගන්න ක්‍රමය තමයි ඔය... එකසත් ජාතින්ගේ මූලස්ථානය ඉස්සරහා උපවාසයක කරපු එකෙක්ට තැඹිලි පවන්න රටේ නායකයා ආවෙත් මේ රටේ.. හොස්ස ලන්ඟින් මැස්සා යනකොට අන්තීම අසරණ රෝගින් ප්‍රාණ ඇපයට අරගෙන වැඩ වර්ජන කරන උගත් දොස්තර මහත්තුරු ඉන්නෙත් මේ රටේම කියන එකත් අමතක කරන්න එපා. පාර්ලිමේන්තුව කියන්නේ රටේ සියළුම දේනාගේ නියෝජිතක්වය තියෙන තැනක්. එහෙම නැතිව සම හරක් කියනවා වගේ උගත්තුම ඔතෙන්ට ඇවිත් හරි යන්නේ නෑ.. ඔතන්ටත් මහාචාර්යවරු කීප දෙනෙක් ආවා නෙ.. උන් කරපු එක දෙයක් කියනවද කරුණාකරලා...