The Indian Express පුවත් පතේ ප්‍රධාන කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ කැරැල්ල උග්‍රව තිබු 1989 දිනක ප්‍රේමදාස උඩුගම්පොල හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම පළාතේ නියෝජ්‍ය පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා විස්තර කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි .එයට අමතරව ඔහුගේ ලිපි ගොනුවකට යටින් කොමාන්ඩෝ පිහියක් ද විය .' ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් ) "ඔ...
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත
Comments
ඒත් මේ රටේ සමාජ ස්ථර කීපයක් ජීවත් වෙන බවත් අවබෝධ කර ගන්න එක වටිනවා.. එක එක ස්ථරවල ඉල්ලීම දිනා ගන්න ක්‍රමය තමයි ඔය... එකසත් ජාතින්ගේ මූලස්ථානය ඉස්සරහා උපවාසයක කරපු එකෙක්ට තැඹිලි පවන්න රටේ නායකයා ආවෙත් මේ රටේ.. හොස්ස ලන්ඟින් මැස්සා යනකොට අන්තීම අසරණ රෝගින් ප්‍රාණ ඇපයට අරගෙන වැඩ වර්ජන කරන උගත් දොස්තර මහත්තුරු ඉන්නෙත් මේ රටේම කියන එකත් අමතක කරන්න එපා. පාර්ලිමේන්තුව කියන්නේ රටේ සියළුම දේනාගේ නියෝජිතක්වය තියෙන තැනක්. එහෙම නැතිව සම හරක් කියනවා වගේ උගත්තුම ඔතෙන්ට ඇවිත් හරි යන්නේ නෑ.. ඔතන්ටත් මහාචාර්යවරු කීප දෙනෙක් ආවා නෙ.. උන් කරපු එක දෙයක් කියනවද කරුණාකරලා...