ඇය නාමල් රාජපක්ෂ මහතාගේ මිතුරියක් වුවද , කොළඹට චන්දය ඉල්ලුවද ඇය ගැන ලිපියක් ලියන්නට මේ මොහොත වෙන තුරු මා සිතා සිටියේ නැත. ඊයේ මුහුණු පොතේ පෝස්ටුවක් පළකලේ එය ප්‍රමාණවත් වෙතැයි සිතු නිසාය . එහෙත් එහි පලකල පෝස්ටුවට පළවූ ඇතැම් ප්‍රතිචාර සලකා බැලු විට ඇය ගැන වැඩි දුර යමක් ලිවීම අවශ්‍ය බව පෙනුණි. එය කොළඹ චන්ද දායකයනට ඇය ගැන තීරණයක් ගැනීමට දායක වනු ඇත . මේ ආණ්ඩුව බලයට පැමිණි පසු පත් කරනු ලැබූ වරාය , නාවික සහ සිවිල් ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග වරයා විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දුෂණ සෙවීම සඳහා වැලිඅමුණ කමිටුව පත් කළ අතර එහිදී හෙළිවූ කරුණු ඉතා බරපතලය එම වාර්තාව අන්තර් ජාලයේ තිබෙන අතර අවශ්‍ය අයෙකුට කියවිය හැක . එබැවින් මා මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ කොළඹ නගර ස...
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත
Comments
ඒත් මේ රටේ සමාජ ස්ථර කීපයක් ජීවත් වෙන බවත් අවබෝධ කර ගන්න එක වටිනවා.. එක එක ස්ථරවල ඉල්ලීම දිනා ගන්න ක්‍රමය තමයි ඔය... එකසත් ජාතින්ගේ මූලස්ථානය ඉස්සරහා උපවාසයක කරපු එකෙක්ට තැඹිලි පවන්න රටේ නායකයා ආවෙත් මේ රටේ.. හොස්ස ලන්ඟින් මැස්සා යනකොට අන්තීම අසරණ රෝගින් ප්‍රාණ ඇපයට අරගෙන වැඩ වර්ජන කරන උගත් දොස්තර මහත්තුරු ඉන්නෙත් මේ රටේම කියන එකත් අමතක කරන්න එපා. පාර්ලිමේන්තුව කියන්නේ රටේ සියළුම දේනාගේ නියෝජිතක්වය තියෙන තැනක්. එහෙම නැතිව සම හරක් කියනවා වගේ උගත්තුම ඔතෙන්ට ඇවිත් හරි යන්නේ නෑ.. ඔතන්ටත් මහාචාර්යවරු කීප දෙනෙක් ආවා නෙ.. උන් කරපු එක දෙයක් කියනවද කරුණාකරලා...