Skip to main content

කිතුල් රා රසය .

 





කිතුල් රා බිව් අයෙකු නැවත එය බිමට ප්‍රිය කරයි..පොල් රා මෙන් නොවේ පොල් රා බිව් කෙනෙකු යලිත් පොල් රා බොන්නට එතරම් උනන්දු වන්නේ නැත



බඹර පදමට වදින්නට නම් මුදුන් මලේ රා පානය කළ යුතුය ඉස්සර දවසක (එකල මට අවුරුදු 20ක් පමණ වන්නට ඇත ) මගේ මිත්‍රයෙකු මෙන්ම පාසල් ගුරුවරයෙකු වූ වැඩිමහල්ලෙකු සමග කිරිඇල්ලේ සිටි ඔහුගේ සහෝදරියකගේ නිවසේ තිබු පිරිත් ගෙදරක ගියෙමු උදේ .පිරිත අවසන් වීමෙන් පසු එහි පැමිණි සිටි අයෙකුගෙන් රා තිබ්වේදැයි මගේ මිත්‍ර ගුරුවරයා ඇසුවේය ,එක රා බෝතලයක් පමණක් දිය හැකියි ඔහු කීය .මගේ මිත්‍රයා රා බෝතලයෙන් වැඩි ප්‍රමාණයක් බිව් අතර මට දුන්නේ පිරිසි කෝප්පයකින් එකක් පමණකි අදත් එය අමතක නොවන්නේ එය බී විනාඩියක් දෙකක් ගතවන විට මගේ මුහුණ රත්වී ගෙන ඇවිත් තරමකට වෙරි වූ නිසාය
එතරම් සැර රා බොන්නට ලැබෙන්නේ කලාතුරකිනි මුදුන් මලේ රාවලටත් වඩා එම රා සැර වුයේ සීතල ප්‍රදේශයක වැවුණු කිතුල් ගසක රා නිසා විය හැක.




කිතුල් රා ප්‍රණිතය. නැවත නැවත බොන්නට මිනිසුන් ප්‍රිය කරන්නේ ඒ නිසාය



දැන් අපේ ගමේ තබා අල්ලපු ගමක වත් කිතුල් රා නැත්තටම නැති තරම්ය කිතුල් ගස්ද බෙහෙවින් අඩුය . හේතුව මිනිසුන් ඒවා කපා දමන නිසාය අනිත් කාරණාව වන්නේ කිතුල් මල් මැදීමට දන්නා අය නැති වීමය කිතුල් ගස හොඳ ආදායම් මාර්ගයක් බවට පත් කරගත හැකිය කිතුල් මලෙන් ගන්නා තෙලිජ්ජ උණු කර නිපදවන, (සීනි කවලම් නැති) පැණි මෙන්ම හකුරු ද ඉතා රසවත්වන අතර හොඳ මිලකට විකිණිය හැකිය. අද වෙළඳ පොලේ තිබෙන පැණි මෙන්ම හකුරුද බොහොමයක් කිතුල් පැණි මෙන් තුන් හතර ගුණයක් සීනි කවලම් කර හදන ලද ඒවා වෙති.





ආචාර්ය එන් එම් පෙරේරා මුදල් ඇමති කාලයේ කිතුල් ගස් දෙකක් මැදගෙන රා, පැණි, හකුරු නිෂ්පාදනයට අවසර දුන්නේය මේ නිසා රට විනාශ වන බව කියමින් භික්ෂු කණ්ඩායමක් ඊට විරුද්‍ධ ව්පා‍ායරයක් එකල ගෙන ගියහ .ඒ කාලයේ ජනප්‍රිය පුවත්පතක් වූ 'දවස' එන් එම් ගේ නම ලිව්වේ 'පෙරේ රා' යනුවෙන් නැවත නැවත ලියමින් ඊට විරුද්ධව දිගින් දිගටම කටයුතු කළේය .




මගේ හොඳ මිත්‍රයෙකු වූ මතුගම නීතිඥ විමල් ගුණතිලක (දැන් ජිවතුන් අතර නැත ) කිතුල් ගැන පර්යේෂණයක් කර කිතුල් සංවර්ධන මණ්ඩලයක් පිහිටුවාගැනීම සඳහා උත්සාහයක් එකල දැරුවේය තල් සංවර්ධන මණ්ඩලයක් සහ පොල් සංවර්ධන මණ්ඩලයක් තිබේනම් කිතුල් සංවර්ධන මණ්ඩලයක් පිහිටුවන්නේ නැත්තේ මන්දැයි ඔහු ප්‍රශ්න කළේය ඔහුගේ පර්යේෂණයට අනුව සත පහක්වත් ආයෝජනයක් නොකර කිතුල් මලක් මැදීමෙන් රු 25000ක් ආදායමක් ලබා ගත හැකිය. රා නිපදවීම නීති විරෝධී කටයුත්තක් කරමින් සුද්දන් නීති පැනවුයේ අරක්කු රේන්ද මගින් ආණ්ඩුවට මුදල් ගරා ගැනීමට විමල් එකල නිතර නිතර කී කාරණාවකි .

අදත් ආණ්ඩු වසරින් වසර මත් පැන්වලට බදු වැඩි කරමින් විශාල ආදායමක් ලබති .


එහෙත් ඔහුගේ වෑයම අපතේ ගියේය .




කිතුල් රා සරුවට නිපදවන්නේ නම් කසිප්පු උවදුර විශාලවශයෙන් අඩුවී යන බවට කිසිදු සැකයක් නැත කසිප්පු බී මියයන සංඛ්‍යාවද අඩුවෙනු ඇත හොඳ කිතුල් රා, කිතුල් පැණි, කිතුල් හකුරු නිෂ්පාදනය කොට ඒවා අපනයනය කොට ඩොලර් උපද්දවන්නටද පුළුවන එසේම කිතුල් බඩ තලා නිපදවන කිතුල් පිටි කදිම ආහාරයක් මෙන්ම ඖෂධයක්ද වන්නේය කිතුල් ලීය ශක්තිමත් ලීයක් වන අතර එමගින් රීප්ප පරල පමණක්නොව ජනෙල් උළුවහු සහ ගෘහ භාණ්ඩද නිපදවිය හැකිය.


එහෙත් කිතුල් කර්මාන්තය දියණු කරන්නට කිසිදු ආණ්ඩුවක් මෙතෙක් උනන්දු වී නැත.

ඒ මන්ද ?

එමගින් මැති ඇමතිවරුන්ට කොමිස් ගරන්නට නොහැකි නිසා ද?



Comments

Pra Jay said…
දැන් අමිශ්‍ර පොල් රා හොයාගන්නත් අමාරුයිනෙ
තල්, පොල් කිතුල් ඇමති කෙනෙක් ඉන්නව නේද? සංවර්ධනයක් නං කෙරෙනවද මන්දා?

රසවත් ලිපියක්.:)
මෙන්න ලිපි!
ප්‍රා ජේ නිකං කර අරින්න එපා! දැන් ඔයා අපිට බෝපිටියේ එන්න කියල; දැන් කියන්න එපා කවලං ඒවා තියෙන්නේ කියලා!?
රවීන් said…
කලුතර ආවොත් දෙන්නම් ටොප් බඩු
sandhakadapahana.blogspot.com said…
මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "1. දේශපාලන වගතුග" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...