Skip to main content

ජනාධිපතිවරණයෙන් දිනන්නේ කවුද ?



Image result for ELECTION RALLIES OF ANURA kUMARA

"දිනන්නේ අපේ පක්ෂයේ අපේක්ෂකයා"යනුවෙන් ප්රධාන පක්ෂ තුනේම නායකයෝද, උප නායකයෝද , පුංචි නායකයෝද. පක්ෂ දේශපාලන ලේ  බෙල්ලේ සිට කකුලේ සුලැඟිල්ල තෙක් දුවන සාමාජිකයෝද කියනු මේ දිනවල අපට අසන්නට , කියවන්නට ලැබේ.

පක්ෂ දේශපාලනය අතහැර දමා බොහෝ කාලයක් ගත වන මට ස්ථිරවම කිව හැකි නොවරදින අනාවැකිය වන්නේ හංසයාගෙන් සහ පොහොට්ටුවෙන් ඉල්ලන අපේක්ෂකයන් දෙදෙනා හැර අන් සියල්ලෝම පරදින බවය .


එසේම තවත් අනාවැකියක් කිව හැකිය. එම අනාවැකිය නම් මාලිමාව තුන්වන ස්ථානය දිනාගන්නා බවය.


Image result for ELECTION RALLIES OF GOTABHYA


   

      වැඩිම චන්ද ගන්නේ සජිත්ද පොහොට්ටුවද යන්න කීම තවමත් අසීරුය

ජවිපෙ නායකයෝ මෙන්ම සාමාජිකයෝ සහ අනුගාමිකයෝද දේශපාලන වශයෙන් අවංක පිරිසක් බව මගේ මෙන්ම බොහෝ අයගේ විශ්වාසයයි .එහෙත් මේ රටේ අඩකට ආසන්න චන්ද දායකයන් සංඛ්යාවක් ජීවත්වන්නේ ශතවර්ෂ කීපයකට පෙර බැවින් මෙන්ම ජවිපෙ අතීත ක්රියාකාරකම් විසින් බහුතරයක් මිනිසුන් තුල ඇති කරන ලද අකමැත්ත ද නිසා ජවිපෙ අපේක්ෂකයා ජනාධිපති කිරීමට ඔවුහු සුදානම් නැත .


ජවිපෙට සැහෙන චන්ද සංඛ්යාවක් ලබාගන්නට තිබුණු හැකියාව ජවිපෙ නායකත්වය විසින් උවමනාවෙන්ම අතහැර දමා තිබේ ,. දෙමල සහ මුස්ලිම් ජනයාගේ ප්රශ්න, දුක් ගැනවිලි සහ ඉල්ලීම් පිළිබඳව රැඩිකල් විසඳුම් දීමට ජවිපෙ සුදානම් වුයේ නම් ආකර්ශනීය චන්ද සංඛ්යාවක් මෙවර ජවිපෙ ලබනවා පමණක් නොව ඊළඟ මහමැතිවරණයේදී වැඩි මන්ත්රි වරු පිරිසක් තේරී පත්වන බවටද සැකයක් නැත.


Image result for ELECTION RALLIES OF sAJITH PREMADASA


    කෙසේ වෙතත් ජවිපෙ මෙවර ලබන චන්ද ප්රතිශතය පෙර මැතිවරණ වලට වඩා ජනාධිපතිවරණයේදී ඉහල යාමට ඉඩ තිබේ .


තවත් වැදගත් කාරණාවක් කිව හැකිය .ජවිපෙ ලබන චන්ද සංඛ්යාව ඉහල යන්නට යන්නට වාසි වන්නේ ගෝටාභයටය .


දිනන්නේ කවුදැයි සාර්ථක අනුමානයක් කල හැක්කේ මැතිවරණ දිනය ආසන්න වූ විට පමණි .ඊට පෙර කියන අනාවැකි හුදෙක්ම පට්ටපල් බොරු පමණි .

Comments

Anonymous said…
දිනන්නා ගැන ඉවක්
චම්පිකට තියෙනවා
"කාලය"ට ලිපි ලියන
ගණිත මහ ඇදුරු තැන
ඒ මතය දරනවා
//දෙමල සහ මුස්ලිම් ජනයාගේ ප්‍රශ්න, දුක් ගැනවිලි සහ ඉල්ලීම් පිළිබඳව රැඩිකල් විසඳුම් දීමට ජවිපෙ සුදානම් වුයේ නම් ආකර්ශනීය චන්ද සංඛ්‍යාවක් මෙවර ජවිපෙ ලබනවා පමණක් නොව ඊළඟ මහමැතිවරණයේදී වැඩි මන්ත්‍රි වරු පිරිසක් තේරී පත්වන බවටද සැකයක් නැත.


වික්‍රමබාහු, මනෝ ගනේශන්ගේ පක්ශේ එක්ක එකතුවෙලා චන්දේ ඉල්ලන්න ගිහින් පුක බිම ඇනගත්තා මතක නැද්ද?
මනෝ ගනේෂන් නියෝජනය කරන්නේ උතුර නැගෙනහිර වසන දෙමල මුස්ලිම් ජනයා නොවේ
Anonymous said…
මහත්මයා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙක්ද?
//මනෝ ගනේෂන් නියෝජනය කරන්නේ උතුර නැගෙනහිර වසන දෙමල මුස්ලිම් ජනයා නොවේ

මෙහි දෙමල මුස්ලිම් වචන දෙක අතරට කොමා ලකුණක් දැමිය යුතුයි.

වික්‍රමබාහුට මේ පාර ශිවාජිලිංගම්ට කඩේ ගිහින් ඊලාම් ආතල් එකක් ගන්න පුළුවන්.

Popular posts from this blog

පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලන නාමල්ගේ මිතුරිය

                       ඇය  නාමල් රාජපක්ෂ මහතාගේ මිතුරියක් වුවද  , කොළඹට චන්දය  ඉල්ලුවද ඇය  ගැන ලිපියක්  ලියන්නට   මේ මොහොත වෙන තුරු  මා සිතා  සිටියේ  නැත. ඊයේ මුහුණු පොතේ  පෝස්ටුවක් පළකලේ එය ප්‍රමාණවත් වෙතැයි සිතු   නිසාය . එහෙත් එහි පලකල පෝස්ටුවට  පළවූ ඇතැම් ප්‍රතිචාර සලකා බැලු විට ඇය  ගැන වැඩි දුර  යමක් ලිවීම අවශ්‍ය  බව  පෙනුණි. එය කොළඹ  චන්ද දායකයනට ඇය ගැන තීරණයක්  ගැනීමට දායක වනු ඇත .  මේ  ආණ්ඩුව  බලයට  පැමිණි පසු  පත් කරනු ලැබූ  වරාය  , නාවික සහ සිවිල් ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග වරයා  විසින් ශ්‍රී  ලංකන් ගුවන් සේවයේ දුෂණ සෙවීම සඳහා වැලිඅමුණ  කමිටුව  පත් කළ අතර එහිදී හෙළිවූ කරුණු  ඉතා  බරපතලය එම වාර්තාව අන්තර්  ජාලයේ තිබෙන අතර අවශ්‍ය අයෙකුට  කියවිය  හැක .  එබැවින්  මා  මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ  කොළඹ නගර ස...

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔ...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...