Skip to main content

යොහානිගේ විප්ලවය


  
    



                 උමාරියා සිංහවංශ ගේ වඩාත්ම ජනප්‍රිය වීඩියෝ ගීතය , 'මන්ද පමා 'You tube හි නරඹා ඇති  වාර  ගණන 2 කෝටි 21 ලක්ෂයකි . ඒ අවුරුද්දයි මාසයක කාලයක් තුලය .  අමරදේව  ශුරින් සමග ඇය ගයන  හන්තාන සිහිනේ ගීතය You tube  ප්‍රේක්ෂකයෝ 13,754,240 වාරයක් නරඹා තිබේ 




      භාතිය සන්තුෂ් ලාගේ  ජනප්‍රියම ගීතය 'ඩෙන්න ඩෙනා' බව  You tube වෙත ගිය විට පසක් වේ.  එම ගීතය නරඹා ඇති වාර ගණන    මිලියන 3.6 කට ටිකක් වැඩිය  එම  ගීතය  You tube එකේ අමුණා අවුරුදු 3 මාස 2 කි 



අභාවප්‍රාප්ත සුනිල් පෙරේරා ප්‍රමුඛ ජිප්සීස් කණ්ඩායමේ 'කොත්තමල්ලි ' ගීතය  ඔවුන්ගේ වැඩිම  ජනප්‍රිය ගීතය බව පෙනේ  .එය You tube හි නරඹා ඇති වර ගණන ලක්ෂ 52කි 


     සංගීත ලෝකයේ විප්ලවකාරිය බවට පත්ව සිටින  යෝහානි ද සිල්වා ඉතා කෙටි කාලයක් තුල ලබා තිබෙන ජනප්‍රියත්වය අප රටේ කිසිදු ගායකයෙකුට හෝ ගායිකාවට ලබා ගැනීමට  නොහැකි වී තිබේ මේ වසරේ මැයි මාසයේ 22 වනදා You tube වෙත අමුණන ලද ඇය සහ සතීෂන් ගයන 'මැණිකේ මගේ හිතේ ' ගීතය  අද වන විට  ( මාස 4 දින 3කදි) නරඹා ඇති වාර ගණන මිලියන 125කි .හරියටම කියතොත් වාර  125,532,951 කි 


ඊයේ එය නරඹා තිබුනේ  මිලියන 124කි .පැය 24 කටත්වා අඩු කාලයකදී  මිලියනය වාරයක්  නැරඹීමෙන් පෙනේනේ කුමක්දැයි මා අමුතුවෙන් කිව යුතුද ?


ගිය සතියේ ලෝකයේ ජනප්‍රියවූ ගීත 10 අතරින් 'මැණිකේ ' ගීතය  6 වන ස්ථානයේ තිබු බවත් මේ සතියේ එය 7 වන ස්ථානයට පැමිණ තිබෙන බවත්  ඉංග්‍රීසි පුවත් පතක් ඊයේ  ලිය තිබුණි .


ඊයෙත් පෙරේදාත් මම යුටියුබයේ එල්ලී මේ ගීතය ලෝකය පුරා කොපමණ ජනප්‍රිය වී තිබේදැයි සොයා ගැනීමට වෙහෙසුනෙමි  එහෙත් කෙළවරක් සොයා ගැනීමට මට නොහැකි විය .ඊට හේතුව වන්නේ   මේ ගීතය අනුකරණය කරමින් ගයන ලද ගීත , නැටුම් , සහ reaction නමින් හඳුන්වන වීඩියෝ දීනපතාම පාහේ  යුටියුබයට විවිධ රටවල පිරිස්  එකතු කරමින් තිබීමයි 


You tube හි  මා කළ සොයාබැලීම අනුව මැණිකේ ගීතය  අනුකරණය කළ  ගීත රාශියක් මේ වන විට විවිධ භාෂාවලින් ගායනා කර තිබේ . විශේෂයෙන්ම ඉන්දියානු භාෂාවන් රැසකින් ගයන වීඩියෝ රැසක් ඔබට නැරඹිය හැකිය හින්දි බසින් ගයන ගී එකක් නොව ගණනාවක් තිබේ එමෙන්ම ගුජරාටි මරාටි ,කන්නාඩ තෙලිඟු දෙමල සහ  ගෝවේ භාෂාව වන කොන්කානි  නමැති බසින් ගයන ගීයක්ද යුටියුබයට එකතු කර තිබේ .එමෙන්ම බංගලා දේශයේ බසින්ද නේපාල බසින්ද ගයන ලද මැණිකේ ගීතය  අනු නිර්මාණය ඔබට දැකිය ඇසිය හැක   තවත් භාෂාවලින්ද මෙම ගීතයේ අනුකරණ ගීත නිපදවා ඇති බවට කිසිදු සැකයක් නැත මේ ගැන හරියට දැනගන්නට සතියක් හමාරක් යු ටියුබයේ කරක් ගසන්නට සිදුවනවාට සැකයක් නැත .


කොටින් කියතොත් කොරෝනා වයිරසය පැතිරෙන වේගයෙන්'  මැණිකේ ' ලොව පුරා පැතිරෙන්නට පටන් ගෙන තිබේ
 .

එසේ විවිධ බසින් ගයන මැණිකේ ගීතයේ රුප කීපයක් මේ ලියවිල්ලේ  පහල අමුණා තිබේ 


  කැලිෆෝනියාවේ වෙසෙන ලෝක ප්‍රසිද්ධ වයලින් වාදිකාවක් වන කැරොලිනා   ප්රෝට්සෙන්කෝ දැරිය ' මැනිකේ මගේ හිතේ' ගීතයේ වයලින් වාදනයක් ඉදිරිපත් කර තිබිමෙන් පෙනෙන්නේ මෙම ගීතය බටහිර වාසින්ටද අප මෙන්ම රස විඳිය හැකි ගීතයක්  බවය  ගායන විලාශය  සහ තනුව ,   බටහිර වැසියන් පමණක් නොව අප්රිකානුවන් පිලිපින සහ කොරියන් ජාතිකයන් අරාබි ජාතිකයන් සහ  ලතින් අමරිකනුවන්ද වශී කොට තිබේ .


ඔබ You tube වෙත ගොස් 'Menike mage hithe song reactions'  කියා අකුරු කෙටුවොත් මේ ගීතය අසා එයින් වහ වැටුන අය  විසින්  එය  අගය කරමින්   යුටියුබයට  අමුනා ඇති වීඩියෝ දුසිම් කීපයක් තිබෙන බව  ඔබට දැකිය හැකි වනු ඇත .
  

මේ ගීතයේ අනුකරණ ගිත , අනුකරණ සංගීත වාදන, ගීතයේ තනුව අනුව කරන නැටුම්  සහ විවරණය කරන්නන්ගේ වීඩියෝ සියගණනක් නරඹා  ඇති  වාර සංඛ්‍යාවද 50 ලක්ෂයක් ඉක්මවා ඇත යන්න මගේ අනුමානයයි .මේ ගීතයේ පිහිටෙන් ඔවුන්ගේ යු ටියුබ චැනල් වලට මිලියනගණන් ප්‍රේක්ෂකයන් ඇද ගැනීමට ඔවුහු සමත් වී සිටිති .



 මේ ගීතයේ සතීෂන්ගේ රැප් ගායනයද ලොව පුරා සංගීත ලෝලීන්ගේ ආකර්ෂණය දිනාගැනීමට සමත්වී තිබේ   එමෙන්ම  ලෝකය පුරා මෙය  ජනප්‍රිය වීමට නිෂ්පාදන කණ්ඩායමේ කුශලතාවයන් හේතුවුබවට කිසිදු  සැකයක් නැත.. පද මාලාව ,  සංගීතය තනුව කැමරාකරණය ආලෝකය ,අධ්‍යක්ෂණය ,  පසුතලය  සංස්කරණය යන  සියල්ලම මැණිකේ ආකර්ෂණය කරවීමට ඉහල දායකත්වයක් ලබා දී තිබේ .


එහෙත් ඒ සියල්ලම තිබුණත් යොහානි නොමැතිව වෙනත් ගායිකාවක් මේ ගීතය ගායනා කරේ නම් මේ සාර්ථකත්වයෙන් 1/100ක් අත් කරගැනීමට හැකිවේදැයි සැක සහිතය යොහානිගේ කට හඬේ  මාධුර්යය ,ඇගේ සිනහව ඇගේ මලක් වැනි මුහුණ නිසල ගායන විලාශය කැමරාව හෙවත් ප්‍රේක්ෂකයා  දෙස ඇය වරින් වර  හෙලන බැල්ම ඇය ඇසෙන් සහ මුහුණෙන් කරන ඉඟි බිඟි ලොව පුරා තරුණයන් තරුණියන් සහ තරුණ තරුණියන් නොවන්නන් මිලියන සියගනනකගේ හදවත්  දිනා  ගැනීමට  සමත් වී තිබේ.


ඇය ඇරඹු විප්ලවය තව දුරටත් ඉදිරියට යනු ඇත එමෙන්ම  ලංකාවේ ගායක ගායිකාවන්ට ලෝකයේ සංගීත ලෝලීන් වෙත පිවිසීමට  ඇය දැන් අත් වැලක් නිර්මාණය කර තිබේ   


 එපමණක් නොවේ .ඉන්ධන  , බෙහෙත් හේත් , අත්‍යවශ්‍ය  ආහර ද්‍රව්‍ය  ආදිය ආනයනය කරන්නට ඩොලර් නැති ව ආර්ථික අර්බුදයක ගිලි සිටින ලංකාවට  ඩොලර් උල්පතක්ද   යොහානි පාදා දී තිබේ. 


 (පහත දැක්වෙන්නේ මැණිකේ මගේ හිතේ ගීතය (ඔබට එහි බොත්තම එබීමෙන් ගීතය නැරඹිය/සවන්දිය හැකියි ) සහ එහි   අනුකරණ ගීත ඉදිරිපත් කළ ඇති විශාල සංඛාවකින් අතලොස්සක් දෙනෙකුගේ සහ  ඇගේ ගීතය අගය කරමින් youtube හි පලකරන ලද වීඩියෝ කීපයක දර්ශන ය .










ඉහත දැක්වෙන්නේ නේපාල බසින් ගයන මැණිකේ ගීතයේ අනුකරණයයි 



හින්දි අනුකරණය 


  හින්දි අනුකරණයක් 


අරාබි සහ ඉංග්‍රීසි 



කොන්කනි බසින් 



  කන්නඩ සහ තෙලිඟු බසින් ගයන අනුකරණය 



 බංගලා දේශයේ බසින් 


ගුජරාටි බසින් 


තෙලිගු බසින් 



ගීතය අගයන බටහිර ජාතිකයන්

ඇමරිකන් 




අප්‍රිකානුවෙකු මැණිකේ ගීතය රස විඳින අයුරු 


පකිස්ථානුවෝ මැණිකේ ගිය විඳින ආකාරය 




මොරොක්කෝ ජාතික තරුණියක් මැණිකේ රස විඳිමින් 


මොරොක්කෝ 




ඕස්ට්‍රේලියාවේ වසන පිලිපීන කතක්  ගීතය අගය කරමින් 



දකුණු කොරියානු ජාතිකයෙක් මැණිකේ ගීතය ගයමින් 





මැණිකේ ගීතය ට වශිවු පිලිපීන තරුණියක් 



Comments

Jagath Pathirana said…
මේ ගීතයේ ජනප්‍රියකම ගැන ගැටළුවක් තියෙනවා.

සිංහල මිනිස්සු ඉන්දියාවට වචා චීනයට පක්ෂයි.
මේ ගීතයට කෘතිම වයිරල් ජනප්‍රියත්වයක් ඇතිකලේ සිංහලයන්ට ඉන්දියාවට පක්ෂපාතීත්වයක් ඇතිකරන්න වෙන්න පුළුවන්.

ලංකාවේ සිංහල මිනිස්සු සහ මුස්ලිම් මිනිස්සු මේ ගීතයට සුබ පතලා කොමෙන්ටු දාලා තියෙනවා.
ඒත් සිංහල මිනිස්සු අතර මේක ලොකුවට ජනප්‍රියයි කියන්න බෑ.
කොහොමද කෘතීම ජනප්‍රියත්වයක් ඇති කරන්නනේ? එහෙම කරන්න පුළුවන් අපේ වගේ රටක පමණක් ලෝකයේම එහෙම කරන්න බැහැ
මිනිස්සු ගොඩක් බලන්නෙ trending වෙන ඒවනෙ. ඒ මට්ටමට ගෙන්න ඕනි තරම් දේවල් කරන්න පුලුවන් කියලයි මන් අහලා තියෙන්නෙ.
Jagath Pathirana said…
මේක ජනප්‍රිය වුනේ අමිතබ් භච්චන් සහ ඔහුගේ මිනිපිරී නිසයි.
මේක කෘතිම ජනප්‍රියත්වයක් කියලා සැක කරන්න හේතුව එයයි.

හොඳට බලන්න ඇමරිකා ඔරුමත්තුනාඩුවේ වුනත් ගීතයක් වයිරල් වෙන්නේ මුලින්ම සාමාන්‍ය ජනතාව අතර.
ටිකක් ජනප්‍රිය වුනාට පස්සේ තමයි පැරිස් හිල්ටන් වගේ අය මේ ගැන කතා කරන්නේ.
Anonymous said…
ජගට් පටිරණ අනුන්ට ඊර්ශ්‍යා කරන්න එපා මිනිහෝ.
බච්චන් සීයයි එයාගේ මිනිපිරියි නෙවේ මේක මුලින්ම බැලුවේ. උන් බලන්නෙත් මේක වයිරල් වෙන්න ගත්තම තමා.

ඇණිය තමුසේ කියන මේ පැරිස් හිල්ටන් වගේ උන් එක්ස්පයර් වෙලා දැන් හුඟක් කල්. පැරිස්ගේ ස්පෙෂියැලිටි එක (ඒකටත් දක්ෂ නෑ) තිබුන පෝන් මූවී වලටත් දැන් සල්ලි දීල ගියත් ගන්නැති කෑල්ලක් මේ. තාම ඔරුමත්තුනාඩුවයි අරකයි මේකයි කියකිය ගෙම්බෝ වගේ කෑගගහ පැරිස් වගේ පරණ වේසියන් මතක් කර කර හිටහන්.
Anonymous said…
@ ජගත්,

එහෙම නෙවෙයි මේ තත්වය ඊට වඩා සංකීර්ණයි, කෙටියෙන් කියනවානම් මේ දවස් වල ලංකාවේ ආනයන තහනම නිසා ඉන්දියාවේ අපනයන ආශ්‍රිත කර්මාන්ත වලට ගොඩක් බලපාලා තියෙනවා, ඉන්දියාවේ ප්‍රධානම අපනයන වෙළඳපොලක් තමයි ලන්කාව, for e.g. කහ කේස් එක නිසා විතරක් ඉන්දීය කහ වගාකරුවන් රැසක් අනථ වුණා.

අනෙක් පැත්තෙන් චීනය මේ දවස් වල පකිස්ථාන්, ඇෆ්ඝනිස්ථාන් වගේ වටෙන්ම ඉන්දිය්යව හිර කරලා කොර කරලා තියෙන්නේ, බංග්ලාදේශ් චීනය සමග සුහදතා වර්ධනය කරගනිමින් ඉන්නවා. කොවිඩ් වසංගතයේ දැඩි බලපෑම් සහ මෝදි ආණ්ඩුවේ ගොබ්බ ආර්ථික ප්‍රතිපත්ති නිසා මන්මෝහන් සිං ලා දශකයක් තිස්සේ ඇමරිකන් සහය සහ පකිස්ථානයත් ශේප් කරගෙන ජාතිවාදය පාලනය කරගෙන අමාරුවෙන් ගොඩ නගපු ඉන්දීය ආර්ථිකය දැන් අමාරුවෙන් දුවන්නේ, වියට්නාම් සහ බංග්ලාදේශ් ඉන්දීය අපනයන පරද්දල වේගයෙන් මාකට් එක අල්ලනවා චීනය සමග.

ඔන්න ඔය වගේ කාරනා නිස කලින් සද්දෙ දාල බය කරන්න හදපු ලංකාව ඊට වඩා වෙනස් අප්‍රොඅච් (Approach) එකකින් ගොඩ දාගන්න ඉන්දියාවට ඕන, තාමත් ලංකාවේ ආණ්ඩුව ඉන්දියාව සමග හිතවත් කමක් තියෙනවා, හැබැයි රටේ විශාල ඉන්දියන් විරෝධයක් ආවොත් චීනයට ලංකාව හරහාත් ඉන්දියාවට බලඵෑම් කරන්න ඉතාමත්ම පහසුයි.

අන්න ඒ නිසා ඔවුන් හදවත දිනා ගැනීමේ මෙහෙයුම් කීපයක්ම අරඹා තියෙනවා, ලන්කාවේ ඉන්දීය තොරතුරු තාක්ෂණ සමාගම් දැනටමත් රැකියා ලබාදෙමින් වැඩ පටන් අරගෙන.

ඔය වගේ කාරණා නිස ඒ වගේම මෙවැනි එතරම් විශේශත්වයක් නැති සාමාන්‍ය ගීයක් වයිරල් කිරීම ලෝකව්‍යාප්ත බලවත් ධනවත් ඉන්දීය එන්ටටේන්මනට් පද්ධති වලට සුළු දෙයක්, ඔවුන් හරි නිලය අල්ලා තිබෙනවා. තව ඉදිරියට ලංකාවේ නලුවන් නිළියන් ඉන්දීය සිනමා පට දෙක තුනක දකින්නත් ඉඩ තියෙනවා ඉදිරි කාලයේ දී කොවිඩ් තත්වය අඩු වීමත් සමග.

Dr. Ranga N. Ginige,
Senior Consultant in Social Entrepreneurship,
Senior Lecturer, University of Southern Queensland.
Jagath Pathirana said…
පැරිස් හිල්ටන් හොඳ නැත්නම් ඒ වෙනුවට
කිම් පෙට්‍රස් ආදේශ කරගනින්
Anonymous said…
ජගට් පටිරණ ඕක දැන් කියන්නේ කලින්ම කියන්ට තිබුනනේ.
ඔව් ඉතින් රොටි කාපු එකා පිට්සා, පස්ට දුන්නත් රොටිමනේ ඉල්ලන්නෙ.
හිල්ටන් මුදලාලිගෙ දුව උඹම තියාගනින් ජගට්.

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා