Skip to main content

ගොටාභයගේ සිරිසේන







තත්වය පැහැදිලිය.යුද්ධයක් ඇරඹීමට ජනාධිපති  සූදානම්ය. තමන්ට පලිගැණීමට උවමනාවක්  නැති බව රනිල්  ඊයේ උදේ  කි විට තමන්  අත තවත් තුරුම්පු ඇතැයිද, අඩියක්වත් පස්සට තැබීමට තමන් සූදානම් නැතැයිද ජනාධිපති ඊයේ (නොවැ.8) හැන්දෑවේ  ප්‍රකාශ  කොට තිබුනි.


මේ 14 වනදා පාර්ලිමේන්තුවේදි   ඔඩුදුවමින් තිබෙන අර්බූදය විසදා ගැනීමට ජනාධිපති පාර්ශවය  කිසිසේත් උනන්දුවක් නැති බව පැහැදිලිය .එය ඉතා අවාසනාවන්ත  ප්‍රතිඵල  ඇති කරනු ඇත.

සිරිසේන+මහින්ද  පාර්ශවය  හැර රට තුල ක්‍රියාකාරි දේශපාලන  පක්ශ මෙන්ම සිවිල් සංවිධාන ද අන්තර් ජාතික ප්‍රජාවද ජනාධිපති වරයාගේ ව්‍යවස්ථා  විරෝධි ක්‍රියා පිලිවෙත පිලිගෙන නැත.  දේශීය බලවේග ජනාධිපති  බලය යොදා කෙටි කලකට මර්දනය  කළ හැකි වුවත් අන්තර්  ජාතික ප්‍රජාව එසේ පාලනය කළ හැක්කක් නොවේ.  14 වනදා මේ ගැටුම විසදා නොගත හොත්  ජාත්‍යන්තරය අපට එරෙහිව තදබල ක්‍රියාමාර්ග වලට එලඹීමට ඉඩ තිබේ.


ලබන වසර අගදී පැවත්වීමට නියමිත ජනාධිපති වරණයේදී යලිත් වරක් ජනාධිපති  වීමට සිරිසේන  මහතාට තිබෙන අසීමිත ආශාව ඉටුකර ගැනීමට එජාපය  සහය නොදීමට තීරණය කිරීම සමගම සියල්ල කනපිට හරවන්නට ජනාධිපති    තීරනය කිරීම නිසා මෙතෙක් බලයේ සිටි දුශ්ඨතම ජනාධිපති  බවට සිරිසේන පත්වී තිබේ. ඔහුගේ අදූරදර්ශි  ක්‍රියා පිලිවෙත බරපතල ලේ ගැලීමක් දක්වා ගමන් කිරීමට ඉඩ තිබේ

තමන්ට චන්දය දුන් මිනිසුන්ට කොකා පෙන්නුවා පමණක් නොව කොකා ගස්සන්නටද ඔහු සුදානම් බව පෙනේ

Comments

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...

ඒ කාලේ අපි කරුවලේ කරපු වැඩ

  "උඹ කොළඹ ගිහින් තියෙනවද ගුණදාස  ?" "නෑ " "උඹ කොළඹගිහින් තියෙනවද  සිරිපාල? " "නෑ " "උඹ කොළඹ ගිහින් තියෙනවද  පේමදාස? " "නෑ " ඒ  බාලාංශ පන්තිවල ඉගෙනගන්නා කාලයේ පන්තියේ කොල්ලන්ගෙන් මම  ඇසු ප්‍රශ්නයි  කෙල්ලන්ගෙන් කිසිදිනක එම ප්‍රශ්නය නොඇසුවෙමි  .හේතුව අසීමිත ලැජ්ජාව නිසාය  බැරිවෙලාවත් ඇහුවොත් දෙන පිළිතුර වන්නේ "පලයන් කොල්ලෝ යන්න " යන්නය.   .පන්තියේ  එවුන් එකෙක් වත් කොළඹ ගොස් නොතිබුණද  තුනේ පන්තිය වන විට  මම තුන් හතර  වරක් කොළඹ ගොස් ඇවිත්  සිටියෙමි .   .කොළඹ යාමට පින පැදුනු හේතුව  මෙසේය .      (මේ අපේ මාමා සේවය කළ DONALD'S ස්ටුඩියෝවේදී ගන්නා ලද චායාරුපයෙකි)         අපේ අම්මගේ මල්ලි හෙවත් මගේ මාමා චායාරුප ශිල්පියෙක් විය ඔහු සේවය කලේ කොළඹ මරදානේ  Donald's Studio හීය . නැවතී සිටියේ දෙහිවල කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ බෝඩිමකය එහි සිටියදී ඔහු ඇතිකරගත් ප්‍රේම සම්බන්ධය විවාහය දක්වා දික්විය .නැන්දාව කැන්දාගෙන ඒම සඳහා ගිය පිරිස අතර අවුරුදු 7 ක් වයසැති  මාද විය ...