මේ මහා පොලවේ කොච්චර පනුවෝ ඉන්නවද කියල අන්තර්ජාලයේ හෙව්වම තිබුණු උත්තරය තමයි බිලියන 7 x බිලියන 57 ඒ කියන්නේ සෑම මනුස්සයෙකුටම බිලියන 57ක් රවුම් පනුවෝ මහපොළොවේ ඉන්නවා
මගේ ප්රශ්නය මෙයයි
පනුවෝ වෙලා ඉපදිලා ඉන්නේ පිං කරලද ? පවු කරලද ?
පිං කරලා නම් වෙන්න බැහැ පිං කරපු අය උපදින්නේ දිව්ය ලෝකෙනේ
මනුස්සයෝ වෙලා උපදින්නත් මහා ගොඩක් පිං කරලා තියෙන්න ඕනලු
හොඳයි පවු කරපු නිසා පනුවෝ වෙලා ඉපදුනා නම් ඒ පවු කරන්න ඇත්තේ කවුරු වෙලා ඉපදිලා හිටපු කාලේද ?
බිලියන 7X බිලියන 700 (3.99e+20) තරම් හිතන්නත් බැරිතරම් සංඛ්යාවක් මොක්කු වෙලා ඉඳිද්දී කරපු පවුද???
ආ අමතක කරන්න එපා බිලියන ගණනක් මැස්සෝ ඉන්න බව. බිලියන ගණනක් මදුරුවෝ ඉන්න බව . බිලියන ගණනක් හෝ හපුටුවො ඉන්න බව
ඒ ගොල්ලොත් පෙර ආත්ම වල පවු කරලා ඉපදුනු අය වෙන්න ඕනේ
මේකෙන් පැහැදිලි වෙන කරුණ තමයි ජීවයක් බිහිවෙන්න අවශ්ය සියලු කොන්දේසි සම්පුර්ණ උනාම ජීවයක් බිහිවෙන බව. නැතිව පෙර කරපු පවක් පිනක් නිසා නෙවෙයි
පෘතුවිය සහ සුර්යයා අතර දැන් තිබෙන දුර තව අඩු උනානම් හෝ වැඩි උනානම් ජීවියෙක් බිහිවෙන්නේ නැහැ වෙන විදිහකට කියනවනම් අඟහරු තිබෙන තැන පෘතුවිය පිහිටියා නම් අපි නෙවෙයි කෝඳුරු වෙක් වත් බිහිවෙන්නේ නැහැ
දශක ගණනක සිට දිනපතා රාත්රී අහස පීරන තාරකා විද්යාඥයන්ට ජීවින් සිටින වෙනත් ග්රහලෝකයක් මේ වෙනතුරේ හොයාගන්න බැරි වෙලා තියෙන්නේ අන්න ඒ නිසයි
Comments