Skip to main content

ජුනි 4 සමුහ මිනිස් ඝාතනය

 



මෙම මිනිස් ඝාතනයේ 34 වෙනි සංවත්සරය අදට යෙදී තිබේ .හොංකොන්හි අද රැස්ව එය සැමරු අය අත්අඩංගුවට ගෙන තිබේ හොංකොන් පවතින්නේ චීන පාලනය යටතේය

1989 අප්රියෙල් 15 වනදා චීනයේ බීජින් අගනුවර පිහිටි ටියෙනමාන් චතුරශ්රයට තරුණ තරුනියන් දස ගණනින් එකතුවී අදහස් ප්රකාශ කිරීමේ නිදහස ලිවීමේ නිදහස,සංවිධානය වීමේ නිදහස , ආර්ථික සහ දේශපාලන ප්රතිසංස්කරණ ඉල්ලමින් විරෝධතාවයක් පටන් ගත්හ චීන කොමියුනිස්ට් පක්ෂයේ දුෂණවලට එරෙහිවද ඔවුහු හඬ නැගුහ
මෙම අරගලයට ක්රමයෙන් චීන කම්කරුවන්ද එකතුවුහ ඊට හෙතුව් වුයේ උද්ධමනය සහ කම්කරුවන්ගේ සුබ සාධනය කපා දමා තිබීමයි මේ දෙපාර්ශවය එකතුව ප්රජාතන්ත්රවාදය ඉල්ලා සිටියහ


මෙම විරෝධතා ව්යාපාරයට එකතුවන පිරිස් දිනෙන් දින වැඩිවූ අතර එක අවස්ථාවකදී දසලක්ෂයක් චීන වැසියන් එයට සහභාගිව බව සඳහන් වේ

මැයි 16 සහ 17 දින දෙකේ පිජින් වැසියන් දස ලක්ෂයක් පෙළපාලි පැවැත්වූහ
වැඩ වර්ජන, විශව විද්යාල සිසු වර්ජන ආහාර වර්ජන විරෝධතා රැස්වීම් සහ පෙළපාලි මෙම අරගලයේ ප්රධාන ස්වරූපයන් විය

මෙම විරෝධය අගනුවරට පමණක් සීමා නොවූ අතර ක්රමක්රමයෙන් එය චීනයේ නගර 400 ක් තෙක් පැතිර ගියේය

මෙම අරගලය අප්රියෙල් 15 සිට ජුනි 4 දක්වා පැවැත්වුනි

මෙම අරගලය පොඩි පට්ටන් කිරීමට අවසානයේ චීන කොමියුනිස්ට් පක්ශය තීරණය කොට ජුනි 4 වනදා යුධ ටැංකි සමග යුධ භටයන් ලක්ෂ 3ක් එවනු ලැබීය





මෙම අරගලය මර්ධනය කිරීමට මහජනයා විරුද්ධවූ අතර ඔව්හු ගල්මුල්වලින් හමුදාවට පහරදුන්හ එම විරෝධය කොතරම් ප්රබල වුයේද යත් හමුදා වාහන පෙළකට අයත්වූ සන්නද්ධ රථ 100ක ට වඩා මහජනයා විසින් ගිනි තැබුහ .,




හමුදාව තරුණයනට කම්කරුවනට පමණක් නොව වීදි දෙපස සිටි අයටද වෙඩි තැබිය
අවසානයේදී තේරුණා අරගලය ලේ ගංගාවකින් පොඩි පට්ටම් කිරීමට චීන කොමියුනිස්ට් පක්ෂය සමත් විය

මරා දැමුණු සංඛ්යාව කොපමණදැයි මේ වෙන තෙක් දන්නා කෙනෙක් නැත එය හත් අට සීයක සිට 10000 අතර සංඛ්යාවක් බව මේ පිළිබඳව ලියා ඇති වාර්තාවල සඳහන් වේ .

ලංකාවේ ධනපති ආණ්ඩුව 2022 තරුණ අරගලය මර්ධනය කිරීම සහ චීනයේ කොමියුනිස්ට් ආණ්ඩුව 1989 චීන තරුණයන්ගේ සහ කම්කරුවන්ගේ අරගලය මර්ධන කිරීම අතර වෙනස බැලීමේදී කොමියුනිස්ට් වාදීන් ක්රියාකාර ඇත්තේ ෆැසිස්ට් වාදීන් ලෙස බව ඉතා පැහැදිලිය.




Comments

Anonymous said…
බෝතලයක් ගහමු

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔ...

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...