Skip to main content

ජුනි 4 සමුහ මිනිස් ඝාතනය

 



මෙම මිනිස් ඝාතනයේ 34 වෙනි සංවත්සරය අදට යෙදී තිබේ .හොංකොන්හි අද රැස්ව එය සැමරු අය අත්අඩංගුවට ගෙන තිබේ හොංකොන් පවතින්නේ චීන පාලනය යටතේය

1989 අප්‍රියෙල් 15 වනදා චීනයේ බීජින් අගනුවර පිහිටි ටියෙනමාන් චතුරශ්‍රයට තරුණ තරුනියන් දස ගණනින් එකතුවී අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ලිවීමේ නිදහස,සංවිධානය වීමේ නිදහස , ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලමින් විරෝධතාවයක් පටන් ගත්හ චීන කොමියුනිස්ට් පක්ෂයේ දුෂණවලට එරෙහිවද ඔවුහු හඬ නැගුහ
මෙම අරගලයට ක්‍රමයෙන් චීන කම්කරුවන්ද එකතුවුහ ඊට හෙතුව් වුයේ උද්ධමනය සහ කම්කරුවන්ගේ සුබ සාධනය කපා දමා තිබීමයි මේ දෙපාර්ශවය එකතුව ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටියහ


මෙම විරෝධතා ව්‍යාපාරයට එකතුවන පිරිස් දිනෙන් දින වැඩිවූ අතර එක අවස්ථාවකදී දසලක්ෂයක් චීන වැසියන් එයට සහභාගිව බව සඳහන් වේ

මැයි 16 සහ 17 දින දෙකේ පිජින් වැසියන් දස ලක්ෂයක් පෙළපාලි පැවැත්වූහ
වැඩ වර්ජන, විශව විද්යාල සිසු වර්ජන ආහාර වර්ජන විරෝධතා රැස්වීම් සහ පෙළපාලි මෙම අරගලයේ ප්‍රධාන ස්වරූපයන් විය

මෙම විරෝධය අගනුවරට පමණක් සීමා නොවූ අතර ක්‍රමක්‍රමයෙන් එය චීනයේ නගර 400 ක් තෙක් පැතිර ගියේය

මෙම අරගලය අප්‍රියෙල් 15 සිට ජුනි 4 දක්වා පැවැත්වුනි

මෙම අරගලය පොඩි පට්ටන් කිරීමට අවසානයේ චීන කොමියුනිස්ට් පක්ශය තීරණය කොට ජුනි 4 වනදා යුධ ටැංකි සමග යුධ භටයන් ලක්ෂ 3ක් එවනු ලැබීය





මෙම අරගලය මර්ධනය කිරීමට මහජනයා විරුද්ධවූ අතර ඔව්හු ගල්මුල්වලින් හමුදාවට පහරදුන්හ එම විරෝධය කොතරම් ප්‍රබල වුයේද යත් හමුදා වාහන පෙළකට අයත්වූ සන්නද්ධ රථ 100ක ට වඩා මහජනයා විසින් ගිනි තැබුහ .,




හමුදාව තරුණයනට කම්කරුවනට පමණක් නොව වීදි දෙපස සිටි අයටද වෙඩි තැබිය
අවසානයේදී තේරුණා අරගලය ලේ ගංගාවකින් පොඩි පට්ටම් කිරීමට චීන කොමියුනිස්ට් පක්ෂය සමත් විය

මරා දැමුණු සංඛ්‍යාව කොපමණදැයි මේ වෙන තෙක් දන්නා කෙනෙක් නැත එය හත් අට සීයක සිට 10000 අතර සංඛ්‍යාවක් බව මේ පිළිබඳව ලියා ඇති වාර්තාවල සඳහන් වේ .

ලංකාවේ ධනපති ආණ්ඩුව 2022 තරුණ අරගලය මර්ධනය කිරීම සහ චීනයේ කොමියුනිස්ට් ආණ්ඩුව 1989 චීන තරුණයන්ගේ සහ කම්කරුවන්ගේ අරගලය මර්ධන කිරීම අතර වෙනස බැලීමේදී කොමියුනිස්ට් වාදීන් ක්‍රියාකාර ඇත්තේ ෆැසිස්ට් වාදීන් ලෙස බව ඉතා පැහැදිලිය.




Comments

Anonymous said…
බෝතලයක් ගහමු

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...

ඒ කාලේ අපි කරුවලේ කරපු වැඩ

  "උඹ කොළඹ ගිහින් තියෙනවද ගුණදාස  ?" "නෑ " "උඹ කොළඹගිහින් තියෙනවද  සිරිපාල? " "නෑ " "උඹ කොළඹ ගිහින් තියෙනවද  පේමදාස? " "නෑ " ඒ  බාලාංශ පන්තිවල ඉගෙනගන්නා කාලයේ පන්තියේ කොල්ලන්ගෙන් මම  ඇසු ප්‍රශ්නයි  කෙල්ලන්ගෙන් කිසිදිනක එම ප්‍රශ්නය නොඇසුවෙමි  .හේතුව අසීමිත ලැජ්ජාව නිසාය  බැරිවෙලාවත් ඇහුවොත් දෙන පිළිතුර වන්නේ "පලයන් කොල්ලෝ යන්න " යන්නය.   .පන්තියේ  එවුන් එකෙක් වත් කොළඹ ගොස් නොතිබුණද  තුනේ පන්තිය වන විට  මම තුන් හතර  වරක් කොළඹ ගොස් ඇවිත්  සිටියෙමි .   .කොළඹ යාමට පින පැදුනු හේතුව  මෙසේය .      (මේ අපේ මාමා සේවය කළ DONALD'S ස්ටුඩියෝවේදී ගන්නා ලද චායාරුපයෙකි)         අපේ අම්මගේ මල්ලි හෙවත් මගේ මාමා චායාරුප ශිල්පියෙක් විය ඔහු සේවය කලේ කොළඹ මරදානේ  Donald's Studio හීය . නැවතී සිටියේ දෙහිවල කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ බෝඩිමකය එහි සිටියදී ඔහු ඇතිකරගත් ප්‍රේම සම්බන්ධය විවාහය දක්වා දික්විය .නැන්දාව කැන්දාගෙන ඒම සඳහා ගිය පිරිස අතර අවුරුදු 7 ක් වයසැති  මාද විය ...