Skip to main content

විශ්මකර්මයෙකු සඳහා ඇබෑර්තුවක් තිබේ

 





"ඔය රුපියල දැන් නැග්ගට ආනයන සීමා අයින් කරාම ඕක බහිනවා "
"ණය ගෙවන්න පටන් ගත්තාම රුපියල හෝ ගාල බහිනව"
"ණය ගෙවන්නේ නැතිව ඉන්නකොට රුපියල නගිනවා තමයි "
රනිල් ඇවිල්ල දැන් අවුරුද්දකට කිට්ටුයි කරපු දෙයක් නැහැ "
'අපිට දෙන්න.අපි අවුරුදු 5න් කරලා පෙන්නවා "


මෙසේ කියන්නේ මෙහෙම කියපු අය

"ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලංකාවට ණය දෙන්නේ නැහැ "
"ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දෙවෙනි වාරිකය දෙන්නේ නැහැ "
" GSP+ සහනය ලංකාවට ලැබෙන්නේ නැහැ "
"මැයි ජුනි වෙනකොට ඩොලර් එකක් රුපියල් 600 ට නගිනවා "

ආර්ථික වශයෙන් වලපල්ලට ගිය රටක් මාස කීපයකින් ගොඩ ගත හැකි නම් ඔහු හෝ ඇය විශ්ව කරමයෙකු වෙනු ඇත|

සිම්බාබ්වේ ,වෙනිසියුලාව , ආර්ජන්ටිනාව ලෙබනනය ග්‍රීසිය
අප මෙන්ම බන්කොලොත්වූ රටවල්ය ඒවා ගොඩ ගන්නට කොපමණ කල ගත වීද ?

1980 දශකයේ සිට ආර්ථික අර්බුදයන්ට මුහුණ දුන් ආර්ජන්ටිනාව දැවැන්ත ආර්ථික කඩාවැටීමකට මුහුණ දුන්නේ 2001 දෙසැම්බරයේ සිටය තවමත් එය ඉවරයක් නැත මේ වන වුඉට එරට වාර්ෂික උද්ධමානය 90%කි

සිම්බාබ්වේ ආර්ථික අර්බුදය ඇරඹුණේ 2000 වසරේ සිටය මේ වන විට ආර්ථිකය මුලුමනින්ම පාහේ කඩා වැටි අවසන්ය එරට විරැකියාව 90%කි. ගිය මාසයේ උද්ධමනය 86%කි

එරට ආර්ථික 2008 වසරේදී අර්බුදය කොපමණ උග්‍ර වීද යත් සිම්බාබ්වේ ඩොලර් ට්‍රිලියන 100 මුදල් නෝට්ටුවක් අච්චු ගැසීමට පවා සිදුවිය



 

වෙනිසියුලාව යනු ලෝකයේ වැඩිම තෙල් නිධි තිබෙන රටයි එහි ආර්ථික අර්බුදය ඇරඹුණේ 2008 වසරේදීය වාම මාවතක් අරඹමින් ඇමරිකන් තෙල් සමාගම් ජනසතු කිරීමත් ඒ තෙල් සල්ලි මහජන සුබ සාධනයට යෙදවීමත් සමග ආර්ථික අර්බුදය ඇරඹුනේය මිනිසුන් ඇති බහුතරය හිඟන්නන් බවට පත්වීම නිසා 70 ලක්ෂයක් ජනයා රැකියා සොයා වටපිට රටවලට පා ගමනින් ගියහ

එරට ආර්ථිකය දැන් ගොඩ එමින් තිබේ එය ඇරඹුණේ ගිය වසරේය ඒ තෙල්වලට පින්සිද්ධ වෙන්නටය කෙසේ වෙතත් එරට වැසියන්ට අවුරුදු 14ක් හිඟා කන්නට සිදුවිය .

ග්‍රීසියේ ආර්ථික අර්බුදය ඇරඹුණේ 2009 සිටය එය ගොඩ ගැනීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ යුරෝපා සංගමය යුරෝ බිලියන 289ක ණය දෙනු ලැබිය

ග්‍රීසිය දැන් ගොඩ එම අරඹා තිබේ ඒ සඳහා අවුරුදු 13ක් දුක් විඳීමට එරට වැසියනට සිදුවිය

ලෙබනනයද බංකොලොත් වී ඇති රටකි එරට ආර්ථිකය කඩ වැටීම ඇරඹුණේ 2019 දීය අවුරුදු 4ක් ගතවී ඇතත් තවමත් එරට සිටින්නේ ආර්ථික වලකය 65 ලක්ෂයක ජනගහනයක් සිටින එරට වැසියන්ගෙන 80%ක් දුප්පතුන් බවට පත්ව තිබේ



2021 දී ආර්ථික වලට වැටුණු අපේ රට ඉහත රටවල ඉරණම ට පත්වීම වලක්වා ගැනීමට හැකිවී තිබේ මිලියනයේ බිලියනයේ ට්‍රිලියනයේ මුදල් නෝට්ටු අච්චු ගසන්නට අපට සිදුවී නැත අපේ ඉහලම මුදල් නෝට්ටුව 2019 ට පෙර අච්චු ගැසූ රුපියල් 5000 ය

මේ අර්බුදයෙන් ගොඩ ඒමට සමාජවාදය අනුගමනය කල යුතු බව ජවිපෙ සහ පෙරටුගාමී සහෝදරවරු අපට කියති. එහෙත් අවුරුදු 64ක් තිස්සේ සමාජවාදී පාලනයක් ගෙනියන කියුබාවේ දිනකට පැය 12ක් විදුලිය නැත ආහර පෝලිම් ඇත බෙහෙත් පෝලිම් ඇත .ඉන්ධන පෝලිම් ඇත
එහෙත් ඒගැන කතා කිරීමට එරට වැසියනට නිදහස නැත  






Comments

Lalith said…

How ever this time I will vote for JVP.....

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා