Skip to main content

රවිට ඇදුනු බොන්ඩි ලොතරැය්ය






   විපක්ෂයේ නොහොරුන්ට සහ  හොරුන්ට මේ දිනවල  රස  කෑමක් ලැබී  තිබේ.ඒ  රවී කරුණානායකය. මොනාක්  මහල්  මන්දිරයේ  (Monarch Residencies ) නිවසක්  ඔහුගේ  නෝනා  සහ දුව  විසින් මිලදී  ගැනීම  සහ  එයට  මුදල් යෙදවූ හැටි බැඳුම්කර  කොමිසම  ඉදිරියේ  හෙළිවීම  විපක්ෂයට   ඉතා  තලුමරමින්, සුප්පු කරමින්  කෑ  හැකි   කෑමක්  බවට  පත්ව  තිබේ. එය  තවත් මාස  කීපයක්   යන  තුරු විපක්ෂය විසින් රස  කරමින් කන  බවට සැකයක් නැත. 

 මේ  නිසා විදේශ ඇමතිවරයාට එරෙහිව  විශ්වාස  භංග  යෝජනාවක්ද  පාර්ලිමේන්තුවට  එන  ලකුණු  පහල වී  තිබේ 


ඉතත  චෝදනාවන් සම්බන්ධයෙන් පිළිතුරු සැපයීමට රවී කරුණානායක  මහතා ඊයේ   බැඳුම් කර  කොමිසම  හමුවට  ගියේය .මොනාක් ගොඩනැගිල්ලේ  නිවසක්  මිලදී  ගෙන  තිබෙන්නේ  තමන් නොව  තම  බිරිඳ  සහ දුව  බවත් තමන් එයට සම්බන්ධ  නැති බවත්   තමන් ඒ  පිළිබඳව  කිසිවක් දන්නේ  නැති බවත්  ඔහු කියා  තිබේ  . පර්පෙචුවල් සමාගම දුන් මුදල්  ඔවුන්ට  ආපසු  දුන් බවත් ඊට අදාළ රිසිට් පත්  ඉදිරිපත් කළ  හැකි බවත් ඔහු කොමිසමට  වැඩි දුරටත් කියා තිබේ..

 

  මොනාක්  මන්දිරයේ  නිවසක් රවී  පවුලේ අය  මිලදී ගැනීම  පිලිබඳ  හුටපටය  දැනගැනීමට  අපගේ  පාඨකයන් රුචියෙන් සිටින  බවට සැකයක් නැත . එබැවින් ඒ පිළිබඳව කෙටියෙන් ලිවීම උචිතය 


මොනාක්  මහල්  නිවාස  මන්දිරය  තිබෙන්නේ  කොල්ලුපිටියේය . සල්ලි  තිබේනම් ඔබටද  එහි නිවසක්  කුලියට  හෝ  සින්නක්කරව  අයිති  කර  ගත  හැකිය . එහි වෙබ් අඩවියට අනුව  නිදනකාමර දෙකක් සහිත  නිවසක   මසක  කුළිය රු.250000   සිට රු.300000 වේ. 










විදේශ  කටයුතු ඇමති රවී  කරුණානායක  මහතාට  විශාල නිවසක්  කෝට්ටේ  පාර්ලිමේන්තුව ආසන්නයේ  තිබේ . එහි අලුත්වැඩියා  කටයුතු කරන  කාලය  තුළ  නැවතී  සිටීම සඳහා ඔහුගේ  පවුලේ අය  කොළඹින් නිවසක් සෙවූ  අතර මොනාක් රෙසිඩන්සිස් නමැති තරු පහේ  පහසුකම් තිබෙන   බව  කියන  මහල් ගොඩනැගිල්ලේ නිවෙසක්  බද්දට දීමට  තිබෙන  බව ආරන්චි විය .  අයිතිකරු වුයේ ව්‍යාපාරික  කාන්තාවක් වන අනිකා විජේසුරියය. ඇය එහි  නිවාස දෙකක්  මිලදී  ගෙන එම නිවෙස් දෙක  එකක් බවට  පත්කොට වැඩි දියුණු  කර තිබිණ .  නිවෙස  බැලීමට රවිගේ  බිරිඳ  පැමිණි අතර ඇය  එහි සිට දුර  කතන  ඇමතුමක් දී අර්ජුන් ඇලෝසියස්  මහතා ගෙන්වා    ගත් අතර  දෙදෙනා සමග  නිවසේ ඇවිද  බලා  ගණන්  හිලව්  කතා  කොට  ගත්  අතර පසුව අර්ජුන්  ඇලෝසියස්  මහතාගේ   පර්පෙචුවල් සමාගම   රු.මිලියන 7.3 චෙක් පතක්   සහ මුදලින් රු.14 ලක්ෂයක්  අනිකා විජේසුරියට  ගෙවමින්  නිවස  6 මසකට    අර්ජුන් අලෝසියස්ගේ  නමට  බදු ගනු ලැබීය . පසුව    කරුණානායක  පවුල 2016  ජනවාරි මාසයේදී  පැමිණ එහි පදිංචි වුහ 


වැඩිපුර අත්තිකාරම් මුදල් ගෙවා  තිබුණු බැවින්  වැඩිදුර  තවත් දෙමසක්  ඔවුන් එහි ගත  කළ අතර එම  නිවස  මිලදී  ගැනීමට කරුණානායක බිරිදට අවශ්‍ය විය .අවසානයෙදී රු.මිලියන් 165 කට ගණදෙනුව  කතා  කරගත් අතර   සෙලාන් බැංකුවෙන් රු.මිලියන 150  ණය  මුදලක් ලබා  ගත් ඔවුහු එම  මුදලින්  නිවස  මිලදී  ගත් අතර වාරික  15 කින් බැංකු  ණය  මුදල  ගෙවීමට එකඟ වී  තිබුණි .නිවස  කුලියට දී  ලැබෙන  මුදල බැංකුවට  හරවන  බවට  පොරොන්දු වී  තිබුණු  නමුත් නිවස  කිසිවෙකුට  කුලියට  නොදී  කරුණානායක  පවුල  පදිංචිව  සිටි බැවින්  බැංකුවට  ණය වාරික ගෙවන්නේ  කෙලෙසදැයි යන  ප්‍රශ්නය  මතු විය  . මේ  පිළිබඳව  සමාගමේ මුදල් කළමනාකරු වූ සින්නය්යා  මහතා රවිගේ දුවක් වූ ඔනෙලා  ගෙන් විමසු විට ඇය උපදෙස්  දී  ඇත්තේ  සමාගමේ සේප්පුවේ  තිබෙන  මුදල්වලින්  වාරික ගෙවන  ලෙසය  . සේප්පුවට මුදල් ලැබුණු ආකාරය  බැඳුම්කර  කොමිසම  ඔහුගෙන් විමසු විට  ඔහු කියා සිටියේ  සමාගමේ සභාපතිවන ලක්ෂ්මි කාන්තන්  බ්‍රිතාන්‍යයේ සිටින  බවත් ඇය විසින් දෙවරකට රුපියල් මිලියන 145 ක් ගෙනවුත් සේප්පුවට  දැමු බවය .මෙම  මුදල ඇයට  ලැබුනේ  කෙසේදැයි  කීමට  ඔහු  නොදැන සිටි අතර සමාගමේ  පොත්පත් වල එම  මුදල්  පිළිබඳව  සටහන් කොට නැති බවද ඔහු කොමිසමේ  ප්‍රශ්නකිරීම් වලට පිළිතුරු  ලෙස  කියා සිටියේය.


අපට ඇති ප්‍රශ්න  මෙසේය 


* අර්ජුන් ඇලෝෂියස් මහතා  මහතා රු.ලක්ෂ 87 ක්  ගෙවා  නිවස  බදු ගෙන රවී කරුණානායක  පවුලට පිනට පදිංචිවීමට ඉඩ දීමට  හේතුව  කුමක්ද ? එම  පවුල් දෙක අතර  මිත්‍ර  කම  පමණක් එයට  හේතු විය හැකිද?


*  රවී කරුණානායක  මහතා එම නිවසේ  පදිංචි වූ  නමුත් නිවස   බදු  ගැනීම  සඳහා  ඇලෝසියස් මහතා ,     ලක්ෂ 87 ක්  ගෙවූ  බව රවී  කරුණානායක  මහතා අවුරුද්දක් හමාරක් යන  තුරු නොදැන  සිටියේ ඇයි? ඔහුගේ  බිරිඳ ඔහුට ඒ  බව  නොකීවේ  ලක්ෂ 87  යනු  රු 87 ක් වැනි සුළු මුදලක් යයි ඇය  කල්පනා  කළ නිසාද?


*  අර්ජුන් ඇලෝසියස් සහ රවී එකම දිනවල 13  වතාවක්  සිංගප්පුරු ගියේ ඇයි? 


* අර්ජුන් ඇලෝසියස්  තමන්ගේ  හිතවතෙකු නම් මුදල් ඇමතිවරයා ලෙස  තමා  කටයුතු  කරමින් සිටින අතරවාරයේ මහා බැංකු  බැඳුම් කර මිලදී  ගැනීමට ඇලෝසියස් ට ඉඩ දීම නොහොඹිනා කටයුත්තක් බව  ඔහු නොදන්නේ  මන්ද?


* රවී  පවුලේ සමාගමක සභාපති වන  ලක්ෂ්මි කාන්තන් ගෙන  ආ  රු.මිලියන 145  සමාගමේ  පොත්  පත්වල සඳහන් නොකළේ   කළු සල්ලි  සල්ලි සුදු කර  ගැනීමටද?  එසේත්  නැත්තම්  ලක්ෂ්මි  කාන්තට  යෝෂිත  රාජපක්ෂගේ ඩේශි ආච්චිට  මෙන්  කිසිවෙකු  මැණික් මල්ලක් ගෙනත්   දුන්නේද? මිලියන 145 ඒ මැණික්   විකුණා  ගත්  මුදල්ද ?




  බැඳුම් කර කොමිසමේදී රජයේ නීතිඥයා  අනුකම්පා විරහිතව රවිගෙන්  ප්‍රශ්න  කිරීමෙන් පෙනෙන්නේ  රවී බේරා  ගැනීමට කටයුතු  කරන  ලෙස ආණ්ඩුව උපදෙස් දී  නැති බවය  .එය සාධනීය  ලක්ෂණයකි . ආණ්ඩුවේ  නීතිඥයා ආණ්ඩුවේ  ජෙෂ්ට ඇමතිවරයෙකු ගෙන් දැඩි ලෙස  ප්‍රශ්න  කිරීමක් මෙයට  පෙර  මේ රටේ  සිදුවී නැත . වෙනදා  සිදුවන්නේ  ඇමතිවරයා  බේරා  ගැනීමට ආණ්ඩුව  කටයුතු කිරීමය .නීතිපති දෙපාර්තමේන්තුවට ස්වාධීනව  කටයුතු කිරීමට ආණ්ඩුව  ඉඩ දී  තිබේ.   එය  පැහැදිලිවම  යහපාලන  ලක්ෂණයකි .


 කෙසේ වෙතත්  මේ බරපතල සිද්ධිය ආණ්ඩුව දෙදරවා   තිබෙන බවට සැකයක් නැත .  රවී  කරුණානායක  මහතා  කොමිසමට දුන්  උත්තරත් කොමිසමෙන් පිටතට  පැමිණ  මාධ්‍යයට   කළ ප්‍රකාශත්   රවී  කෙරෙහි පැවතී සැකය  තව දුරටත් වැඩි කර  තිබේ .කොටින්ම ඔහුගේ  පිළිතුරු ඇත්ත  ලෙස,  මොලේ ඇති  කිසිවෙකු  පිළිගන්නේ  නැත .එබැවින් ඇමති කමින්  පමණක් නොව  මන්ත්‍රී  කමෙන්ද  ඉල්ලා  අස්වී ගෙදර  යන  ලෙස  රවී කරුණානායක  මහතාට අපි යෝජනා  කරමු .  කරුණානායක  ඉල්ලා අස් නොවන්නේ  නම් ඉල්ලා අස්වී  ගෙදර  යන  ලෙස කියන්නට අගමැතිවරයා ට  ධයිර්ය තිබිය   යුතුය. එසේ  නොවුනහොත්  ජනාධිපතිවරයා  සහ අගමැති අතර නොහොඳ  නෝක්කාඩු ඇතිවී ආණ්ඩුවේ  ප්‍රධාන  පාර්ශ දෙක අතර බරපතල ගැටුමක් ඇතිවී   යහපාලන  ආණ්ඩුවේ පැවැත්මට  බලවත් අභියෝගයක් ඇති විය  හැක .


ගිය ආණ්ඩුවේ  හොරු  ඇඟිලි ගනිමින් බලා සිටින්නේ ද , අගමැතිවරයාත්  ජනාධිපතිවරයාත්  පොලු හරස්  කර  ගන්නා   තුරුය. 


රවී කරුණානායක මහතාණනි !  එබැවින්  පවු  නොදී වහා  ඉල්ලා අස්වන  ලෙස  නැවතත්   ඔබෙන් ඉල්ලා සිටිමු.



 








Comments

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...