Skip to main content

කරන්නාගොඩ කුණු ගොඩේ තුන් කොන් ප්‍රේමයක්


Image result for Sri lanka Navy kidnapped 11 children and killed


   

හිටපු නාවික  හමුදාපති  කරන්නාගොඩ විසින් තමන් අත්අඩංගුවට  ගැනීම වලක්වන මෙන්  උසාවි යාම  නිසා ඔහුගේ බිරිඳ සහ සම්පත් මුණසිංහ අතර තිබු ප්‍රේම සම්බන්ධයක් පිලිබඳ ආරවුලක් කරලියට පැමිණ  තිබේ .


තරුණයන් 11 ක් පැහැරගෙන ගොස් මරා දැමීම සම්බන්ධයෙන් නාවික හමුදාවේ කීප දෙනෙකු දැනටමත් රක්ෂිත බන්ධනාගාර  කර තිබෙන අතර    එම පැහැරගැනීම් වලට  කරන්නාගොඩ සම්බන්ධ බවට  රහස් පොලිසිය උසාවියට දැන්වූ අතර ඒ අනුව ඔහු  අත් අඩංගුවට ගෙන උසාවියට  ඉදිරිපත් කරන ලෙස අධිකරණය  රහස් පොලිසියට නියෝග  කළේය .


ඔහු සොයා  පොලිසිය ගියත් කට්ටි පැනීම නිසා  ඔහු අත්අඩංගුවට ගැනීමට   නොහැකි විය.  සැඟවී සිටිමින් නීතිඥයෙකු මගින්   ශ්‍රේෂ්ටාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ ඔහු  තමන් අත්අඩංගුවට ගැනීම වලක්වන නියෝගයක්  නිකුත් කරන ලෙස  ඉල්ලා සිටියේය . ළමුන්  පැහර ගැනීමේ  මුලිකයා වූ , කරන්නාගොඩ  නාවික හමුදාපති සමයේ  ඔහුගේ  නිල  සහයක , ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් සම්පත් මුණසිංහ ට එරෙහිව  මුලික  පැමිණිල්ල  කලේ  තමා  බැවින් ළමුන් පැහැරගැනීම්වලට තමා සම්බන්ධ  නැති බව  ඔහු එම  පෙත්සමෙන් කියා  තිබුණි.


Image result for karannagoda navy chief

 

එහෙත්  කරන්නාගොඩ  මහතා එම  පැමිණිල්ලේ තරුණයන්  පැහර ගැනීමක්  ගැන සඳහන් කොට නොමැති බවත් ඔහුගේ සහයකයා වූ සම්පත් මුණසිංහ  කොටි සංවිධානය සමග සම්බන්ධකම්  පවත්වන බව පමණක්   එම  පැමිණිල්ල මගින්   කියා ඇති බව  පැහැරගනු ලැබූ තරුණයෙකුගේ   මවක් ශ්‍රේෂ්ඨාධිකරණයට මැදිහත්කාර   පෙත්සමක්  ඉදිරිපත් කරමින් කියා  තිබේ .


එම  පෙත්සම  ඉදිරිපත් කර ඇත්තේ  පැහැරගනු ලැබූ තරුණයන්  11 දෙනාගෙන් එක අයෙකු වන රජිව් ගේ මව වන සරෝජා  නාගනාදන් විසිනි .


හිටපු නාවික හමුදාපති කරන්නාගොඩගේ බිරිඳ වන අශෝකා කරන්නාගොඩ  සමග  සම්පත් මුණසිංහ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබෙන බවත් එය අසුවීමෙන් පසු සම්පත් මුණසිංහගෙන්  පලි ගැනීමට  ඔහු කොටි සංවිධානය සමග සම්බන්ධකම්  පවත්වන බවට පැමිණිල්ලක්  කළ බවත් සරෝජා නාගනාදන් විසින් ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන් වන බව Economic Next පුවත් පත කියයි .


රහස් පොලිසිය කළ  පරීක්ෂණ අනුව සහ ත්‍රිවිධ හමුදා ඉදිරිපත් කළ ලිපි ලේඛන අනුව පැහැරගෙන ගොස් මරා දැමු තරුණයන්  11 දෙනා කොටි සංවිධානයට කිසි සම්බන්ධකමක් නැති බව හෙළි වී තිබේ .


කරන්නාගොඩට සම්බන්ධ   නාවික හමුදවේ  පිරිසක්  පොහොසත් පවුල්වල ළමුන් පැහැරගෙන දෙමාපියන්ගෙන් කප්පන් ගෙන මරා දැමීම දිගට  කරගෙන ගොස් ඇති බව රාහස් පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි  එම පුවත්පත වැඩි දුරටත් කියයි .


Image result for Sri lanka Navy kidnapped 11 children and killed


තරුණයන්  11 දෙනා  පැහැරගැනීම පිළිබඳව  නාවික හමුදාවේ බුද්ධි තොරතුරු අංශය  කරන්නාගොඩ මහතාට කල් ඇතුවම  ඇතුවම දැනුම් දී ඇතත් ඔහු කිසිවක් නොකිරීමෙන් එයට අනුබල දී ඇතැයි රහස් පොලිසිය  කියයි.


වැඩි විස්තර  පහත  ලිංකුවෙන් කියවිය හැක  

https://economynext.com/A_love_triangle_that_exposed_Sri_Lanka%E2%80%99s_worst_kidnap_murder_ring-3-13650-10.html

 

Comments

Jagath Pathirana said…
දෙවෙනි ලෝක යුද්දෙදි නාසි වාදියෝ යුධ අපරාධ කලා
නාසි විරෝධියොත් යුධ අපරාධ කලා.

නමුත් දඬුවම් කලේ නාසි යුධ අපරාධ කාරයන්ට විතරයි.

ඒ අනුව ලංකාවෙදි දඬුවම් ලැබිය යුත්තේ දෙමළ නාසි වාදියන්ට විතරයි නේද?
Wijebahu said…
These are just show for the gallery, they always get a high profile name from previous govt's time and go on for a while on the press. Then they take long time to bring the case in front of court, then court throw it out since no proper evidence to go on. By that time political damage is done, if deformation was criminal in Sri Lanka non of this gallery show will not happen.

Thadjudeen case is good example, it is going on since 2015, all they have so far is someone who throw away a complain book or police note book. But they started saying they have photos videos car plate numbers etc (of course they have but, not connected to the case. ha ha ha) All they do i sgo to courts and ask for more time.

ChanHK said…
These are not war crimes; crimes against humanity. Look at those young men who can harm such young ones except cannibals.

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...