Skip to main content

බිම් බෝම්බ ඉවත් කරන උතුරේ තරුණියෝ















 මේ මාර්තු 8 වෙනිදා  කාන්ත දිනයේදී කොළඹ  ගැහැණු ළමුන් දෙදෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් සිංගප්පුරුවට එලවාගෙන යන චායාරුප පත්තරවල ද සමාජ  මාධ්‍ය ජාලාවලද පළවිය.  ලාංකික කතුන් ඉතා  ඉහල ස්ථානයක වැජඹෙන බව එම චායාරුප අපට කි පණිවිඩයයි . එබැවින් සමාජ ජාල පරිහරණය  කරන්නන් එම පින්තුර නැවත නැවත  පළකර තිබුණි 


 ගුවන් යානා පදවන්නියක් වීම ඉතා දුෂ්කර  කාරියක්  බැවින් ඒ ගැන වැඩි දෙනෙකු සිතන්නේ නැත එහෙත් ගුවන් සේවිකාවක් වීමට හැඩ වැඩ ගැහැණු ළමුන් බෙහෙවින්  ආශා  කරති .


එහෙත් බිම් බෝම්බ ඉවත් කිරීමේ රැකියාවකට  ගැහැණු ළමුන් කි දෙනෙකු කැමති වේද? සිංහලේ  ,රාවණ බලය ,බොදු බල සේනාව, මහසෝන් බලකාය  ආදී  සිංහල ජාතිය වෙනුවෙන්  පණ දීමට සුදානම් බව කියන  . සංවිධානවල  පිරිමින් කි දෙනෙකු කැමති වේද?


  උතුරේ  බිම් බෝම්බ  ඉවත් කිරීමේ බිහිසුණු රැකියාව  කරන කාන්තවන් රැසක්  සිටිති . ඔවුන්ගෙන් බහුතරය  යුද්ධය නිසා වැන්දඹුවන් වුවෝය . තම දරුවන්, දෙමාපියන් නඩත්තු කිරීම සඳහා කිරීමට වෙනත් රැකියා  නැති බැවින්   බිම් බෝම්බ  පමණක් නොව  පුපුරා නොගිය බෝම්බ  ද ඉවත් කිරීමේ රැකියාවේ 2010 සිට ඔවුහු  නියුක්තව සිටිති .


උතුර  නැගෙනහිර පැවතී අවුරුදු 27  යුද්ධයේදී කොටි සංවිධානය , ශ්‍රී ලංකා  හමුදා සහ ඉන්දියානු සාම සාධක  හමුදාව බිම් බෝම්බ උතරු නැගෙනහිර විවිධ ප්‍රදේශවල  වැලලුහ.. යුද්ධය අවසන් වීමෙන් පසු වර්ග සැතපුම් 1302 ප්‍රමාණයක බිම් බෝම්බ ඇතැයි හඳුනාගන්නා  ලද අතර  එක්සත් ජාතීන්ගේ සංවිධානය බ්‍රිතාන්‍යය ඇමරිකා එක්සත් ජනපදය ,ජපානය,ඔස්ට්‍රේලියාව ඩෙන්මාර්කය ,ස්විට්සර්ලන්තය ,ඉන්දියාව  ආදී රටවල ආධාර  මත  ලංකා හමුදාව සහ  ජාත්‍යන්තර  සහ දේශීය  රාජ්‍ය නොවන  සංවිධාන  අටක් බිම් බෝම්බ සහ වෙනත් බෝම්බ ඉවත්  කිරීමේ යෙදෙමින් සිටිති  . ගිය වසරේ අවසානය වන විට බිම් බෝම්බ  ඉවත්  කිරීමට  ඉතිරිවී තිබුණේ වර්ග සැතපුම් 26 ක ප්‍රමාණයක  පමණි. 2020 වන විට  උතුර නැගෙනහිර බිම් බෝම්බ සියල්ල  ඉවත් කිරීමට  ලංකා  ආණ්ඩුව ජාත්‍යන්තර සංවිධාන සහ දේශීය රාජ්‍ය නොවන සංවිධාන (NGO)  සමග  කටයුතු    කරමින් සිටි 


 අතිශයින් භයානක  කටයුත්තක් වන බිම් බෝම්බ  ඉවත් කිරීමේ  කටයුතු සඳහා වැඩි වශයෙන්  සහභාගිවන්නේ  උතුරු නැගෙනහිර වසන  ද්‍රවිඩ  ජාතිකයන්ය .ඔවුන්ගෙන් සැලකිය පිරිසක්  කාන්තාවෝ වෙති.  බිම් බෝම්බ ඉවත් කිරීමේ රාජ්‍ය නොවන සංවිධානයක් වන HALO සංවිධානය සේවයේ  යොදවා  තිබෙන බිම්බෝම්බ  ඉවත් කරන්නන්ගෙන් 50% කාන්තාවෝය .ඔවුන්ගෙන් බහුතරය වැන්දඹුවෝ වෙති . ලෝකයේ වැඩියෙන්ම බිම්බෝම්බ තිබෙන  ප්‍රදේශයක් ලෙස  සැලකෙන මුහමාලෙයි ප්‍රදේශයේ  බිම් බෝම්බ ඉවත් කිරීමද  කරන්නේ HALO සංවිධානය  විසිනි . 2019 ජනවාරි 31 වන දින වන විට මෙම සංවිධානය විසින් බිම් බෝම්බ සහ වෙනත් බෝම්බ 309354 ක් ඉවත් කොට තිබුණි 


  ඉකුත්  මාර්තු 8 වෙනි දකුණේ  කාන්තා දින සැමරුම් පවතින අතර උතුරේ මෙම තරුණියෝ සහ වැන්දඹුවෝ  බිම්බෝම්බ  ඉවත් කරමින් සිටියහ .





  

                            බිම් බෝම්බ ඉවත් කරන්නන්ගේ උදේ රැස්වීම 






                                                        ඉන්තිරා ප්‍රියදර්ශණි 




                           ඉන්තිරා ප්‍රියදර්ශනී ගෙදර  ගොස් කෑම  පිළියෙළ කරමින් 










                  නවිරේතන් සුජිතා .ඇගේ ස්වාමිපුරුෂයා  යුද්ධයෙන් මියගොස්ය 







                චන්ද්‍රන් තරණි  බිම් බෝම්බ ඉවත් කරන මෙම වාහනය පදවයි  

ඇගේ පියා යුද්ධයෙන් මියගොසිනි . මවගේ කකුල බිම් බෝම්බයකට කැඩී   ගොස්ය 











                   බිම්බ් බෝම්බ ඉවත් කිරීමේ දවසේ රාජකාරි අවසන්  කර ආපසු එති 

Comments

Anonymous said…
ස්තුතියි සුදු කුකුළා
කොමෙන්ටුවකට
හිතගියේ
මලියට විතරක්ද?
Jagath Pathirana said…
මම විශ්වාස කරන අන්දමට පුරුශ ආධිපත්‍යය වැඩි ගෝත්‍රය අඩු ගෝත්‍රයට වඩා ශක්තිමත් ඒ අනුව ලංකාව තුල සිංහල සමාජය හැකිතාක් පුරුෂ ආධිපත්‍යය වැඩි එකක් කල යුතුයි. ඒ සමඟම දෙමළ මුස්ලිම් සමාජවල කාන්තාවන් එම ගෝත්‍රවල පුරුෂයන්ට එරෙහිව සවිබල ගැනි්විය යුතුයි.ඒ අනුව මෙවැනි පර දෙමළියන් "පිරිමි කරන වැඩ" කිරීම ගැන මම සතුටු වෙනවා. දෙමළ කාන්තාව දෙමළ පුරුෂාධිපත්‍යයෙන් මුදවා ගැනිම හැම සිංහලයෙක්ගේම පරම යුතුකමක්.
පොළොවේ දෙපයින් හිටගත් මේ කාන්තාවො වෙනස්, ඩයනා කුමරිය ගෙනගිය පොෂ් කැම්පේන් එකට වඩා.

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...