Skip to main content

ලඟ එන ප්‍රාදේශීය සභා චන්දයේ ජය කාටද?





       ලිපියේ  මාතෘකාවේ ප්‍රාදේශීය සභා චන්දය  යනුවෙන් සඳහන් වුවද ඇත්ත වශයෙන්ම  මා අදහස්  කරන්නේ පළාත් පාලන චන්දයයි. එයට  ප්‍රාදේශීය සභා මෙන්ම  නගර සභාද අයත් වෙයි .බොහෝ විට  මෙම  මැතිවරණය ලබන ජනවාරි මස  පැවැත්වීමට  ඉඩ තිබේ.



මේ ලිපියේ සලකා  බලන්නේ උතුර සහ නැගෙනහිර හැර අන් ප්‍රදේශයන්ය.ඒවායේ වැඩි වාසිය අත්වන්නේ දෙමල ජාතික සන්ධානයට සහ මුස්ලිම් කොන්ග්‍රසයටය. 


අනෙකුත් ප්‍රදේශ සඳහා ප්‍රධාන වශයෙන්  කණ්ඩායම් 4 ක් ඉදිරිපත්වෙනු ඇත. ඒවා  සියල්ල  හෝ වැඩි ප්‍රමාණයක් සන්ධාන වනු ඇත. එක්සත්  ජාතික පක්ෂය  පෙරමුණක්  ලෙස චන්දයට  ඉදිරිපත් විය හැක ,ඉකුත් මහා මැතිවරණයේදීද ඉදිරිපත්වුයේ  එක්සත් ජාතික පෙරමුණ ලෙසය . මෛත්‍රී ප්‍රමුඛ ශ්‍රිලනිපයද සන්ධානයකින් තරඟ  කරන  බවට සැකයක් නැත. මහින්ද  රාජපක්ෂ  ප්‍රමුඛ  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණද  සන්ධානයකින්    තරඟ වැදීම ස්ථිරය  .හතර වන  කණ්ඩායම  වන  ජනතා විමුක්ති පෙරමුණ තනිව  හෝ නාමික සන්ධානයක්  හදාගෙන  තරඟ කිරීමට  ඉඩ තිබේ.


මෛත්රිගේ ශ්‍රීලනිපයට   සහ එක්සත්  ජාතික  පක්ෂයට මේ  මොහොතේ  තිබෙන වාසිය වන්නේ  එම දෙපාර්ශවයම  බලයේ  සිටීමය .එබැවින් එක්සත් ජාතික  පක්ෂය සහ  ශ්‍රීලනිපය වටා කුඩා  පක්ෂ සහ  කණ්ඩායම් සැලකිය  යුතු  සංඛ්‍යාවක්  එක්වී සන්ධාන  ගත වී  තරඟ කරනු ඇත.


 පොදු ජන පෙරමුණට අවාසි දෙකක් තිබේ. එකක් රාජ්‍ය  බලය නොමැතිවීමය . දෙවැන්න ශේෂ්ත්‍ර නිලධාරීන්ට චන්දය  ඉල්ලීමට අවසර නොමැති වීමය . මෑතදී සම්මත  කළ පළාත් පාලන  මැතිවරණ  පනත  යටතේ  ශේස්ත්‍ර  නිලධරීන්ට  චන්දය  ඉල්ලීමට  ඉඩක් නොමැත . මහින්ද සමග  සිටින  හිටපු පළාත් පාලන  මන්ත්‍රී වරුන් අතරින් බහුතරය ශේස්ත්‍ර  නිලධාරීන් වෙති . ඔවුන් මහින්ද සමග රංචු ගැසීමට  බලපෑ  ප්‍රධානතම හේතුව වුයේ  දුෂිත  ක්‍රියා  මගින් සාක්කු පුරවා  ගැනීමට මහින්ද  විවුර්ත  ලෙසම ඔවුන් ධයිර්යමත් කළ නිසාය  . ඉකුත් ජනාධිපතිවරණයේදී ඔවුන් අරලියගහ මන්දිරයට  කැඳවා රුපියල් ලක්ෂ 20 බැගින් බෙදා දුන් අතර ඉන් ලක්ෂ කීපයක් මහින්දගේ චන්දයට වැය  කොට  ඉතිරි  මුදල ( අඩු වශයෙන් ලක්ෂ 15 ක් ) ඔවුන්ගේ සාක්කු වලට දමා  ගත්හ. එහෙත් ඔවුන්ගෙන්   විශාල පිරිසකට මෙවර තරඟ කිරීමට අවස්ථාවක් නොමැති වීම මහින්දගේ  පොදු ජන පෙරමුනේ  පපුවට එල්ල වුනු මාරාන්තික   පහරකි. හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ මහින්ද  හිතවාදී සන්ධානයේ ලොක්කා වූ වලල්ලාවිට  ප්‍රාදේශීය සභාවේ සභාපතිව සිටි උදේනි අතුකෝරලට  පවා   චන්දය  ඉල්ලීමට  ඉඩක් නොලැබේ.  එයට හේතුව  ඔහු සමුර්ධි නිලධාරියෙකු වීමය මහින්ද හිතවාදී ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී වරුන් අතරින් සමුර්ධි  නිලධාරීන් සංඛ්‍යාව 823 ක් වන අතර  පමණ චන්ද අපේක්ෂකයන් වීමට නීතියෙන් අවසර  නොමැති බැවින්  . ඔවුන්ගේ  භාර්යාවන් /දරුවන් මැතිවරණයට  ඉදිරිපත් කිරීම සඳහා සුදානම් වෙමින් සිටිති එහෙත් ඔවුන් ශක්තිමත් අපේක්ෂකයන් නොවන  බව අමුතුවෙන් කිව යුතු නැත .



ජනතා විමුක්ති පෙරමුණ කිසියම් සන්ධානයක් හදාගෙන  හෝ නොමැතිව  පළාත් පාලන  මැතිවරණයට  ඉදිරිපත්වෙනු ඇත . 2020 දී  ආණ්ඩුවක් පිහිටුවන  බව  කියමින් තම  ක්‍රියාකාරිකයන්ගේ ධයිර්ය දිගටම  පවත්වාගෙන  යන ජවිපෙට   පාලන චන්දයේදී කැපී  පෙනෙන මන්ත්‍රී වරු සංඛ්‍යාවක් පත් කර ගැනීම අත්‍යවශ්‍යය. ඒ සඳහා ඔවුන් කිසියම් සන්ධානයක් පිහිටුවා ගැනීමට  උත්සාහ  කරනු ඇත .එහෙත් ඔවුන්ගේ සන්ධාන අනෙකුත්  සන්ධාන  මෙන් නොවේ. වමේ කුඩා  පක්ෂ එකතු  කර ගැනීමට  ඔවුන් දිගින් දිගටම  බිය වී  තිබේ.  එබැවින් වාම වාදීන් නොව  ජාතික වාදී කණ්ඩායම් එකතු කරගෙන කිසියම් සන්ධානයක්  හද  ගැනීමට  ඔවුන් උත්සාහ  කරනු ඇත 



මෙවර  මැතිවරණය ක්‍රමය  වෙනස්ය . ලංකා දේශපාලන ඉතිහාසයේ  පළමු වරට මිශ්‍ර (කොට්ඨාශ + අනුපාත ) මැතිවරණ  ක්‍රමයක්  යටතේ  පළාත් පාලන  මැතිවරණ  පැවැත්වෙන් බැවින් චන්දය  ඉල්ලන අපේක්ෂකයන්ට  පවා  තම  ජයග්‍රහණය  ගැන සහතිකයක් නැත  .එමෙන්ම  පළාත් පාලන මැතිවරණයේදී  ඇතැම් චන්ද දායකයන්   පක්ෂයට වඩා  පුද්ගලයා  පිළිබඳවද  සැලකිලිමත්වේ. අපේක්ෂකයා  ඥාතියෙකු හෝ හිතවතෙකු වූ  විට පක්ෂය අමතක  කොට    පුද්ගලයාට චන්දය දීමට  පෙළඹේ. එහෙත්  බහුතරය චන්දය  දෙන්නේ  තම  පක්ෂයටය 




ශ්‍රීලංකා නිදහස්  පක්ෂයේ  චන්ද,  මයිත්‍රී පිල  සහ  මහින්ද පිල  වශයෙන් දෙකට බෙදීම   නිසා එක්සත් ජාතික  පක්ෂයට වැඩි වාසියක් අත්වෙනු  බවට  අනුමාන කිරීම සාධාරණය  එහෙත් එක්සත් ජාතික  පක්ෂය පක්ෂයක් හැටියට  ගත් කල තවමත් සංවිධානමය වශයෙන් දුර්වලය .තම  පාක්ෂිකයන් වත් ශක්තිමත් ලෙස  පක්ෂයේ සංවිධාන වටා හරි හැටි ගොනු කොට සංවිධාන ගත  කිරීමට  එක්සත්  ජාතික පක්ෂයට හැකිවී  නොමැත.  එය එක්තරා  අන්දමකින් රාජ්‍ය නොවන සංවිධානයකට තරමක්  කිට්ටුය . රාජ්‍ය නොවන සංවිධාන වලට    දීප ව්‍යාප්ත  මට්ටමින් සංවිධාන  නැත .



එතෙත්   ස්ථිර  ලෙසම  එක අනාවැකියක්  කිව  හැකිය . මැතිවරණ ප්‍රතිපල  නිකුත් වීමෙන් පසු එක්සත්  ජාතික  පක්ෂයට  සහ  මෛත්‍රී ප්‍රමුඛ ශ්‍රීලනිපයට  කිසියම් පළාත් පාලන ආයතනයක   බහුතර පළාත් පාලන  මන්ත්‍රීවරු සංඛාවක් ජයග්‍රහණය කොට  නොමැති වූ  විට එම  පක්ෂ දෙක  ගිවිසුම්  ගත වී  පළාත්  පාලන ආයතනවල  බලය අත් පත් කරගනු ඇත .ඇතැම් ඒවායේ  බලය මෛත්‍රී කණ්ඩායමටද තවත් ඒවායේ  බලය  එක්සත් ජාතික  පක්ෂයටද හිමි වෙන  පරිදි  ගිවිසුම් ගසා  ගනු ඇත.

 මහින්දගේ පොදු ජන පෙරමුණට පළාත් පාලන ආයතනවල  බලය අල්ල  ගැනීම අතිශයින් දුෂ්කර වනු ඇත  .ඇතැම් විටෙක  පළාත් පාලන  ආයතන  කීපයක  පමණක් ඔවුන්ට  බලය  ලැබීමට ඉඩ තිබේ.ඔවුන් එය දන්නා  බැවින් මැතිවරණ  කටයුතු සඳහා විශාල  ලෙස  මුදල් වැය කොට හැකි පමණ අපේක්ෂක සංඛ්‍යාවක්  දිනවා  ගැනීමට  උපරිම  උත්සාය දරනු ඇත .



ජනතා  විමුක්ති පෙරමුණ කිසිවෙකුට  සහය නොදී විපක්ෂයේ  සිටිනු ඇතැයි අනුමාන කිරීම සාධාරණය .එහෙත් ප්‍රාදේශීය සභා  කීපයක සභාපති තනතුරු ජවිපෙට  ලබා දීමට   කැමැත්ත දක්වන  පක්ෂයකට  ජවිපෙ සහය  දීමට  ඉඩ  නැත්තේද  නොවේ. කෙසේ වෙතත්   ඔවුන්ට  තනියම එකම  පළාත් පාලන  ආයතනයක  හෝ  බලය  අල්ලා  ගැනීමට  හැකි වෙනු ඇතැයි සිතීමට  කරුණු නැත. කෙසේ  හෝ  ඔවුනට ආයතන දෙක  තුනක  හෝ  බලය  අල්ලාගත  හැකි වුවහොත් එය එම පක්ෂයේ ඉදිරි ගමනට  හොඳ ගැම්මක් වනු ඇත.


මෙම මැතිවරණයේදී මනාප  පොරයක් නැති බැවින් අපේක්ෂකයන්ට සුළු මුදලකින් තම මැතිවරණ ව්‍යාපාරය  කරගෙන  යාමට  හැකිය. .එබැවින් ස්වාධීන අපේක්ෂකයන් විශාල සංඛ්‍යාවක් මැතිවරණයට ඉදිරිපත් වෙනු ඇතැයි අපේක්ෂා  කළ හැකි අතර  ඔවුන් අතරින් සැලකිය  යුතු පිරිසක්  ජයග්‍රහණය  කිරීමටද   ඉඩ තිබේ. එබැවින් මනාප  පොරය ඇතිවන්නේ  චන්ද  ප්‍රතිඵල ආවිටය . ජයග්‍රහණය  කළ ස්වාධීන  මන්ත්‍රී වරුන්ගේ  මනාපය  ලබා  ගැනීමට සියලු දේශපාලන කණ්ඩායම් විශාල  පොරයකට අවතීර්ණ වනු නිසැකය  .


( මා දුටු 87-89 භීෂණයේ තුන්වන  ලිපිය  බලාපොරොත්තු වන්න. එම ලිපි මාලාවේ පළමු සහ දෙවන කොටස්  කියවීම සඳහා  ඉහල දකුණු තීරයේ ඇති ලිංකු මත  ඔබන්න )

මෙම  ලිපිය  පිලිබඳ ඔබේ අදහස් පහත  කොමෙන්ටු තීරයේ ලියන්න )

Comments

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...