Skip to main content

ජවිපෙ ඉන්ධන ප්‍රතිපත්තිය මොකක්ද ?

 



අපේ ෆේස්බුක් යාලුවෙක් ජවිපෙ නායකයෙකු වගේ පෙනෙන චතුරඟ අබේ සිංහ මහත්තයාගේ වීඩියෝවක් මට එවල මේ ගැන අදහස ක් පලකරන්න කියල ඉල්ලීමක් ඊයේ උදේ මට එවල තිබුන
එක මට අහන්න වෙලාවක් ලැබුනේ අද උදේ


ඔහු කියන්නේ තෙල් ආනයනය බෙදාහැරීම ආණ්ඩුව යටතේ තබාගන්න ඕන කියල .බොර තෙල් ආනයනය කරලා සපුගස්කන්දේ තෙල් පිරිපහදුවේ දී පිරිසිඳු කරලා අඩු ගානට දෙන්න පුළුවන් කියල තමයි කියන්නේ තෙල් සංස්ථාවවේ සේවකයෝ වැඩියි කියන එකත් ඔහු ඒ අතරේ කියනව

ඉතින් ඔහු කියනව ඒ විදිහට බොර තෙල් ආනයනය කරන ඉන්දියාවේ වියට්නාමයේ , දකුනු කොරියාවේ ,ඉන්දුනීසියාවේ ඉන්ධන මිල අඩුයි කියල (උතරු කොරියාවේ හෙවත් සමාජවාදී කොරියාවේ ගාන නම් කිව්වේ නැහැ. ආ කියුබාවේ ගානත් කිව්වේ නැහැ )

මම ඉතින් ලංකාවේ මිලට වඩා ඒ රටවල්වල පෙට්රල් අඩුද කියල හොයල බැලුව


හෙව්වම ආපු ගණන් තම පහල තියෙන්නේ


ඉන්දියාවේ පෙට්රල් ලීටරයක මිල (ඉන්දියන් රුපියල්) ₹96.72
ලංකා රුපියල් 379.45
වියට්නාමය පෙට්රල් මිල වියට්නාම් ඩොන්ග් 26,262.50
ලංකා රුපියල් 351.44
දකුණු කොරියාවේ KRW 1,776.310
ඩොලර් 1.332
ලංකා රුපියල් 435.05
උතරු කොරියාවේ KRW 1,820
උතුරු කොරියාවේ ලීටරයක් ලංකා රුපියල් 437.67
ඉන්දුනීසියාවේ පෙට්රල් ලීටරයක් ඩොලර් 0.955
ලංකා රුපියල් 311.92


ඉන්දුනීසියාවේ තෙල් මිල ලංකාවට වඩා අඩු බව ඇත්ත . එහෙම උනේ කොහොමද ?


ඉන්දුනීසියාව කියන්නේ තෙල් නිපදවන රටක් .ඉන්දුනීසියාව දවසකට බොර තෙල් බැරල් 614000 ක් නිපදවනවා


ඒ වගේම ඉන්දියාවත් තෙල් නිපදවන රටක් දිනකට තෙල් බැරල් 737000 ක් 2022 දී නිපද වුවා මදි පාඩුව රුසියාවෙන් අඩු මිලට ආනයනය කරනවා


දකුණු කොරියාවත් තම ඉන්ධන අවශ්යතාවයෙන් 2%ක් නිපදවගන්නවා දිනකට තෙල් බැරල් 108000 ක් විතර නිපදව ගන්නවා


(ධනපති දකුණු කොරියාවේ මිලට වඩා සමාජවාදී උතරු කොරියාවේ පෙට්රල් මිල වැඩියි )


( ඉතින් චතුරංග අබේසිංහ කියන වියතා කියන්නේ ඇත්තද කියා තීරණය කිරීම ඔබට බාරයි

)
(පින්තුරේ කියුබාවේ හොඳේ )

Comments

Popular posts from this blog

පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලන නාමල්ගේ මිතුරිය

                       ඇය  නාමල් රාජපක්ෂ මහතාගේ මිතුරියක් වුවද  , කොළඹට චන්දය  ඉල්ලුවද ඇය  ගැන ලිපියක්  ලියන්නට   මේ මොහොත වෙන තුරු  මා සිතා  සිටියේ  නැත. ඊයේ මුහුණු පොතේ  පෝස්ටුවක් පළකලේ එය ප්‍රමාණවත් වෙතැයි සිතු   නිසාය . එහෙත් එහි පලකල පෝස්ටුවට  පළවූ ඇතැම් ප්‍රතිචාර සලකා බැලු විට ඇය  ගැන වැඩි දුර  යමක් ලිවීම අවශ්‍ය  බව  පෙනුණි. එය කොළඹ  චන්ද දායකයනට ඇය ගැන තීරණයක්  ගැනීමට දායක වනු ඇත .  මේ  ආණ්ඩුව  බලයට  පැමිණි පසු  පත් කරනු ලැබූ  වරාය  , නාවික සහ සිවිල් ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග වරයා  විසින් ශ්‍රී  ලංකන් ගුවන් සේවයේ දුෂණ සෙවීම සඳහා වැලිඅමුණ  කමිටුව  පත් කළ අතර එහිදී හෙළිවූ කරුණු  ඉතා  බරපතලය එම වාර්තාව අන්තර්  ජාලයේ තිබෙන අතර අවශ්‍ය අයෙකුට  කියවිය  හැක .  එබැවින්  මා  මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ  කොළඹ නගර ස...

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔ...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...