Skip to main content

ජවිපෙ ඉන්ධන ප්‍රතිපත්තිය මොකක්ද ?

 



අපේ ෆේස්බුක් යාලුවෙක් ජවිපෙ නායකයෙකු වගේ පෙනෙන චතුරඟ අබේ සිංහ මහත්තයාගේ වීඩියෝවක් මට එවල මේ ගැන අදහස ක් පලකරන්න කියල ඉල්ලීමක් ඊයේ උදේ මට එවල තිබුන
එක මට අහන්න වෙලාවක් ලැබුනේ අද උදේ


ඔහු කියන්නේ තෙල් ආනයනය බෙදාහැරීම ආණ්ඩුව යටතේ තබාගන්න ඕන කියල .බොර තෙල් ආනයනය කරලා සපුගස්කන්දේ තෙල් පිරිපහදුවේ දී පිරිසිඳු කරලා අඩු ගානට දෙන්න පුළුවන් කියල තමයි කියන්නේ තෙල් සංස්ථාවවේ සේවකයෝ වැඩියි කියන එකත් ඔහු ඒ අතරේ කියනව

ඉතින් ඔහු කියනව ඒ විදිහට බොර තෙල් ආනයනය කරන ඉන්දියාවේ වියට්නාමයේ , දකුනු කොරියාවේ ,ඉන්දුනීසියාවේ ඉන්ධන මිල අඩුයි කියල (උතරු කොරියාවේ හෙවත් සමාජවාදී කොරියාවේ ගාන නම් කිව්වේ නැහැ. ආ කියුබාවේ ගානත් කිව්වේ නැහැ )

මම ඉතින් ලංකාවේ මිලට වඩා ඒ රටවල්වල පෙට්රල් අඩුද කියල හොයල බැලුව


හෙව්වම ආපු ගණන් තම පහල තියෙන්නේ


ඉන්දියාවේ පෙට්රල් ලීටරයක මිල (ඉන්දියන් රුපියල්) ₹96.72
ලංකා රුපියල් 379.45
වියට්නාමය පෙට්රල් මිල වියට්නාම් ඩොන්ග් 26,262.50
ලංකා රුපියල් 351.44
දකුණු කොරියාවේ KRW 1,776.310
ඩොලර් 1.332
ලංකා රුපියල් 435.05
උතරු කොරියාවේ KRW 1,820
උතුරු කොරියාවේ ලීටරයක් ලංකා රුපියල් 437.67
ඉන්දුනීසියාවේ පෙට්රල් ලීටරයක් ඩොලර් 0.955
ලංකා රුපියල් 311.92


ඉන්දුනීසියාවේ තෙල් මිල ලංකාවට වඩා අඩු බව ඇත්ත . එහෙම උනේ කොහොමද ?


ඉන්දුනීසියාව කියන්නේ තෙල් නිපදවන රටක් .ඉන්දුනීසියාව දවසකට බොර තෙල් බැරල් 614000 ක් නිපදවනවා


ඒ වගේම ඉන්දියාවත් තෙල් නිපදවන රටක් දිනකට තෙල් බැරල් 737000 ක් 2022 දී නිපද වුවා මදි පාඩුව රුසියාවෙන් අඩු මිලට ආනයනය කරනවා


දකුණු කොරියාවත් තම ඉන්ධන අවශ්යතාවයෙන් 2%ක් නිපදවගන්නවා දිනකට තෙල් බැරල් 108000 ක් විතර නිපදව ගන්නවා


(ධනපති දකුණු කොරියාවේ මිලට වඩා සමාජවාදී උතරු කොරියාවේ පෙට්රල් මිල වැඩියි )


( ඉතින් චතුරංග අබේසිංහ කියන වියතා කියන්නේ ඇත්තද කියා තීරණය කිරීම ඔබට බාරයි

)
(පින්තුරේ කියුබාවේ හොඳේ )

Comments

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...