රුසියව සහ ඇමරිකාව 1917 රුසියානු විප්ලවයේ සිටම සතුරෝය 1991 දී සෝවියට් දේශය කඩ වැටුනත් එම හතුරුකම මුළුමනින්ම නතර උනේ නැත
මේ නිසා ලෝක දේශපාලනයේ බොහෝ සිදුවීම් මේ දෙපාර්ශවයේ බෙදීම අනුව සිදුවිය
සිරියාවේ අල් අසාද් පාලනය රැකදීමට රුසියානු ආයුධ පමනක් නොව හමුදා භටයන්ද යැවූ අතර අල් අසාද් පාලනයට එරෙහි කැරලිකරුවනට ඇමරිකාව ආයුධ සහ පුහුණුව දෙමින් උදව් කළේය
යුක්රේන රුසියානු යුද්ධයේදී ඇමරිකාව ගත්තේ යුක්රේනය පැත්තය
එහෙත් ට්‍රම්ප් ජනවාරි 20 වෙනි දින ඇමරිකාවේ ජනාධිපති තනතුර භාරගත් දින සිට ඇමරිකාව තුල පමණක් නොව ලෝක දේශපාලනය තුලද කැරලිකාරී වෙනස් කම් කිරීම අරඹා තිබේ
මා මෙහි ලියන්නේ ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති ලෝක දේශපාලනය වෙනස් කරමින් තිබීම ගැන පමණකි ඇමරිකාව තුල කරමින් සිටින වෙනස්කම් ගැන ලියන්නේ නැත
ට්‍රම්ප් ජනාධිපතිවරණය දිනීමෙන් පසු ලෝක දේශපාලන ගමන වෙනස් කිරීමට මුල්වන ප්‍රකාශයක් කළේය
එම ප්‍රකාශය නම් ඔහු ජනාධිපති තනතුරේ වැඩභාරගන්නා 2025 ජනවාරි 20 දින වන විට හමාස් -ඊශ්රායල් යුද්ධයත්, රුසියන් -යුක්රේන යුද්ධයත් අවසන් ව තිබිය යුතු බවය
ඇත්තටම බොහෝ අය සිතුවේ එය පිස්සු ප්‍රකාශයක් ලෙසය
එහෙත් ඊශ්රායල්-ගාසා යුද්ධය ජනවාරි 19 සටන් විරාම ගිවිසුමක් මගින් අවසන් කරනු ලැබීය
හමාස් නායකයෙකු New York Times පත්‍රයට ප්‍රකාශයක් කරමින් කියා තිබුනේ හමාස් ඊශ්‍රායල් සටන් විරාම ගිවිසුමක් ඇති කිරීමට හේතුවුයේ ට්‍රම්ප්ගේ බලපෑම නිසා බවය
රුසියානු -යුක්රේන යුද්ධය එතරම් පහසුවෙන් අවසන් කල නොහැකි බව පසුව ට්‍රම්ප් පිළිගත්තේය
ට්‍රම්ප් සහ ඔහුගේ ඉහල නිලධාරී පිරිස රුසියානු-යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා ඉක්මනින්ම පියවර ගත්හ ට්‍රම්ප් පුටින්ට දුරකථන ඇමතුමක් දී යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්චා ඇරඹීමට යෝජනා කළේය පුටින් එකඟ විය
පෙබරවාරි 17 වනදා ඇමරිකන් සහ රුසියන් ඉහලම පෙලේ නියෝජිතයෝ සෞදි අරාබියේදී මුණගැසී යුද්ධය අවසන් කිරීම සඳහා පරිසරය ගොඩනැගීම සම්බන්ධ සාකච්චා පැවැත්වුහ
රුසියන් -යුක්රේන යුද්ධය ආරම්භයේ සිටම ඇමරිකාව ගත්තේ යුක්රේනයේ පැත්ත ය රුසියාවට පහර දීම සඳහා ඇමරිකාව ඩොලර් බිලියන 183 ක් වටිනා අවි ආයුධ යුක්රේනයට දුන්නේය මෙය අතිශයෝක්තියට නංවමින් ට්‍රම්ප් කිවේ කවටයකු විසින් දිනන්නට බැරි යුද්ධයක් වෙන්වෙන් අප ලවා ඩොලර් බිලියන 350 වියදම් කරවා ඇති බවය
ට්‍රම්ප් කොතරම් දුරට දැන් රුසියාවේ පැත්ත ගෙන තිබේද යත් රුසියාව විසින් අල්ලාගෙන තිබෙන යුක්රේන ප්‍රදේශ රුසියාවට පවරා දිය යුතු බව කීය එසේ නොවුනහොත් වෙන්නේ සෙලෙන්සිකට පාලනය කරන්නට යුක්රේනයක් නැති වෙන බවය එතනින් නොනැවතුණු ට්‍රම්ප් ,සෙලෙන්ස්කි එකශිපතියෙකු ලෙසද හැඳින්වීය
එමෙන්ම යුක්රේනයේ වටිනා ඛනිජ වස්ත්වලින් 50%ක් ඇමරිකාවට දෙන ලෙසද ඉල්ලුවේය
සෝවියට් දේශය තිබුණු කාලයේ යුක්රේනය අයත්වුයේද සෝවියට් දේශයටය 1991 දී සමාජවාදය කඩා වැටීමත් සමග යුක්රේනය වෙනම රාජ්‍යයක් පිහිටු වා ගත්තේය ,
රුසියාව හා යුක්රේනය අතර ගැටුම ඇරඹුවේ 2014 පෙබරවාරියේදීය ඊට හේතුව වුයේ රුසියාවට පස්ස හරවා ඇමරිකාව සහයුරෝපයට පක්ෂව සෙලෙන්සිට පෙර තිබු ආණ්ඩුව කටයුතු කිරීම නිසාය රුසියාවට හිතවත් ජනාධිපතිවරයා එරට ව්සියෝ පන්නා දැමුහ 2019 බලයට පත් සෙලෙන්ස්කි රුසියානු විරෝධී පාරේම ගියේය යුක්රේනය රුසියාවට එරෙහිව වැඩි වැඩියෙන් කටයුතු කිරීම නිසා 2022 දී රුසියාව යුක්රේනය ආක්‍රමණය කලේය
ඇමරිකාවත් යුරෝපයත් ඩොලර් බිලියන 200කට වඩා වටිනා අවි ආයුධ සෙලෙන්ස්කිට දුන්නේය
මේ වන විට රුසියාව යුක්රේනයේ කොටසක් අල්ලාගෙන සිටි
ටරම්ප් ජනාධිපති වුපසු ඔහු රුසියාව සමග හාද වී සෙලෙන්ස්කිට පස් පඩන්ගුවේ බනින්නට පටන්ගත්තේය
දැන් සිදුවී තිබෙන්නේ වඳින්න ගිය දේවාලය සෙලෙන්ස්කිගේ ඔලුව මතට කඩා වැටීමය
තමන්ගේ මිතුරා , තමන්ගේ හතුරා සමග කරට අත දමා ගජයන් වී නතරවන්නේ නැතිව යුද්ධය කරන්නට දුන් සල්ලිද ආපසු ඉල්ලා සිටි
ට්‍රම්ප් මෙසේ ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය 75%ක් උඩු යටිකුරු කලේ මන්ද ?
ට්‍ර්ම්ප්ගේ අරමුණ ඇමරිකාව ලෝකයේ බලවත්ම ආර්ථිකය ලෙස දිගටම තබා ගැනීමය ඔහුගේ මැතිවරණ පාඨය වුයේ Make America great again යන්නය මීට හේතුව කුමක්ද ?
ආර්ථික විද්‍යාවේ කෙලපැමිනි අයගේ අනාවැකිය වන්නේ 2035 වන විට චීනය ඇමරිකාව පසු කොට ලෝකයේ බලවත්ම ආර්ථිකය වන බවය
ට්‍ර්ම්ප්ට අවශ්‍ය මෙය වලක්වා ගැනීමය
ට්‍රම්ප් එය වලක්වන්නේ කෙසේද ?
චීනයෙන් පාඩමක් ඉගෙන ගෙනය .
චීනය ආර්ථික වශයෙන් ලෝකයේ දෙවන බලවත් ආර්ථිකය බවට පත්වුයේ කෙසේද ?
මාවෝ සේතුං චීනයේ ලොක්කා වූ කාලයේ සමාජවාදී මාවතේ ගියේය යුද්ධ දෙකකට සම්බන්ධ විය ඒ කොරියන් යුද්ධය සහ වියට්නාම් යුද්ධයයි
ප්‍රතිඵලය චීනය බරපතල ආර්ථික වලක වැටීමය 1959-62 කාලයේදී චීනයේ මහා දුර්භික්ෂයක් ඇතිවී මිලියන 15ත් 65ත් අතර සංඛ්‍යාවක් කුසගින්නේ මිය ගියෝය
මාවෝ සේතුන් මියයාමෙන් ටික දවසකට පසු චීනයේ ලොක්ක බවට දෙන්ශියවෝ පත්විය ඔහු සහ ඔහුගේ කණ්ඩායම ධනවාදී ආර්ථිකය යලි චීනයේ රෝපණය කළේය
යුද්ධවලට පැටලීමෙන් ආර්ථිකය විනාශ වන බව චීන නව නායකත්වය හොඳින් අවබෝධ කරගෙන සිටියේය ඇමරිකාව චීන ගුවන් යානයකට වෙඩි තබා බිම හෙලුවත් පෙරලා ඇමරිකානු ගුවන්යානයකට පහර දීමට චීනය සුදානම් වුයේ නැත
චීනය ගොඩ ඒමට ප්‍රධාන හේතුවක් වුයේ යුද්ධවලට මැදිහත් නොවීමෙන් බව ට්‍රම්ප් සහ ඔහුගේ ආර්ථික විශේෂඥයෝ හොඳින්ම වටහාගෙන තිබේ
එබැවින් ඇමරිකාව අනුන්ගේ යුද්ධවලට පැටලීමෙන් වළක්වාගෙන ආර්ථිකය නැංවීම ට්‍රම්ප්ගේ ගමන් මග බව ඉතා පැහැදිලිය
ට්‍රම්ප් පළමුවරට ජනාධිපති වූ අවස්ථාවේදී ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමරිකන් හමුදා ආපසු ගෙන්වා ගැනීම ආරම්භ කළේ අනුන්ගේ යුද්ධවලට තමන්ගේ රටේ ධනය සහ ජීවිත විනාශ නොකළ යුතු බව විශ්වාස කල නිසාය
තමන් සමග හැමදාම සිටි යුරෝපය අතහැර දමා වුවද තම ඉලක්කය වෙත යාමට ට්‍ර්ම්ප් 100%ක් සුදානම් බව ඉතා පැහැදිලිය
ලංකාවේ ආර්ථිකයට කෙල වීම ට ප්‍රධානතම හේතුව 30 අවුරුදු යුද්ධයකට අපි පැටලුනු නිසාය එයට ගිය වියදම ඩොලර් බිලියන 200කි
අන්තිමට ගොටා බලය රනිල්ට දී යන විට අපි සන්ත්වක තිබු මුදල ඩොලර් මිලියන 20 ක් පමණක් විය
බැවින් අපිට කෙලවුනේ යුද්ධය නිසා නොවේද ?
එහෙත් අපේ ඊනියා දේශප්‍රේමියෝ තමන්ගේ රටවැසියන් සමග බලය බෙදා හදාගෙන යලිත් යුද්ධයක් ඇතිවීම වලක්වන්නට සුදානම් නැත
අපේ රට තවත් අවුරුදු 50ක් යනතුරුත් දුප්පත් රටක් ලෙස පවතින්නේ නැතැයි ඔබ සිතනවාද ?
Comments