Skip to main content

ප්‍රේමදාස ජනාධිපතිට යට නොවූ කාටුන් ශිල්පියා



Image result for Aththa  newspaper Cartoonist Yunus



         ජෙෆ්රි යුනුස් ගැන වැඩි දෙනෙකු දන්නේ ඇත්ත පත්රයේ කාටුන් ශිල්පියා වශයෙනි .එහෙත් ඔහු ඇත්ත පත්රයට ඒමට පෙර සේවය කලේ ලේක් හවුසියේය Daily News සහ තිනකරන් පත්රවලට ඔහු කාටුන් ඇන්දේය .


      ඔහුගේ ආණ්ඩු විරෝධී කාටුන් නොරිස්සු ලේක් හවුස් අධිකාරිය ඔහු අලෙවි පර්යේෂණ අංශයට මාරු කළේය .එයට අකමැතිවූ යුනුස් 1968 දී කොමියුනිස්ට් පක්ෂයේ ඇත්ත පත්රයට බැඳුනේය.


     ඔහුට ඉන්නට ගෙයක් තිබුනේ නැත .ජේ.ආර්, ජයවර්ධන සමයේ ප්රේමදාස මහතා නිවාස ඇමති විය .ඔහුගේ නිවසට ඇත්ත පත්රය ගෙන යන අය අත යුනුස් තමාට ගෙයක් ලබා දෙන ලෙස ඉල්ලමින් ප්රේමදාසට ලියුමක් යැව්වේය.


    ප්රේමදාස වහාම මාලිගාවත්ත නිවාස සංකීර්ණයෙන් ඔහුට ගෙයක් ලබා දුන්නේය.


     ප්රේමදාස 1988 දී ජනාධිපති විය . යුනුස් ප්රේමදාස පාලනයට එරෙහිව් කාටුන් ඇන්දේය .


Image result for යුනුස්ගේ කාටුන්

       ආර්. ප්රේමදාස යුනුස් තමන්ගේ පැත්තට බිලිබාගැනීම සඳහා ලේක් හවුසියේ ඉහල රස්සාවක් දුන්නේය .එහෙත් යුනුස් එය බාරගත්තේ නැත .


"සල්ලිවලට මගේ ආත්මය පාවා දෙන්න බෑ." යුනුස් කිවේය.


    1992 අගෝස්තු මාසයේ දිනක වාහන තුනකින් යුනුස්ගේ නිවසට මැරයෝ ආහ. ඇමතිවරයෙකුගේ ආරක්ෂකයෙකු යුනුස්ගේ කටට පිස්තෝලය ඔබා දතක් කැඩුවේය. ඉන්පසු යුනුස්ගේ හිසට පිස්තෝලය එල්ලකොට "අතිගරු ජනාධිපති තුමාට විරුද්ධව තෝ ආයි කාටුන් ඇන්දොත් මරල දානවා " යනුවෙන් තර්ජනය කළේය .


No photo description available.

    එහෙත් පසුවදාද ප්රේමදාසට එරෙහි කාටුනයක් ඇත්තේ පලවිය. මැරයෝ යලි ආහ .නිවසේ තිබු ගෘහ භාන්ඩ පොළොවේ ගැසුහ ඉන්පසු යුනුස්ට පිහියෙන් ඇන තුවාල කළහ .


රෝහලේදී යුනුස්ගේ තුවාලවලට මැහුම් 16 දැමීමට වෛද්යවරුන්ට සිදුවිය .


එහෙත් ඉන්පසුවද යුනුස් ප්රේමදාස ආණ්ඩුවේ වැරදි ගැන කාටුන් ඇන්දේය .

Image result for Aththa  newspaper Cartoonist Yunus

    පසු කාලයේ ඇත්ත පත්රය වැසි යාම නිසා 1998 දී යුනුස් රාවය පුවත්පතට එක්විය .


    පසුවන වට යුනුස්ගේ ශාරීරික සෞඛ්යය පිරිහීම නිසා කාටුන් ඇඳීම නතර කළේය.



.Image result for Aththa  newspaper Cartoonist Yunus


   චන්ද්රිකා ආණ්ඩුව 1996 දී ඔහුට විශ්ව ප්රසාදනී සම්මානයද 1998 දී කලශුරි සම්මානයද දුන් අතර කර්තෘ සංසදය 2003 දී යුනුස්ට ස්වර්ණ සම්මානය ප්රදානය කළේය.


ඉන් ටික කළකට පසු ජෙෆ්ර්ය් යුනුස් අභාවයට පත්විය .


ඔහු මාධ්ය වේදියෙකු ලෙස වසර 50 කට අධික කාලයක් සේව්ය කර තිබුණි .

Comments

කශේරුකාව කෙලින් තියෙන එවන් මිනිසුන් තව-තවත් බිහි වේවා!

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...