ප්‍රේමදාස ජනාධිපතිට යට නොවූ කාටුන් ශිල්පියා June 30, 2019 ජෙෆ්රි යුනුස් ගැන වැඩි දෙනෙකු දන්නේ ඇත්ත පත්රයේ කාටුන් ශිල්පියා වශයෙනි .එහෙත් ඔහු ඇත්ත පත්රයට ඒමට පෙර සේවය කලේ ලේක් හවුසියේය Daily News සහ තිනකරන් පත්රවලට ඔහු කාටුන් ඇන්දේය . ඔහුගේ ආණ්ඩු විරෝධී කාටුන් නොරිස්සු ලේක් හවුස් අධිකාරිය ඔහු අලෙවි පර්යේෂණ අංශයට මාරු කළේය .එයට අකමැතිවූ යුනුස් 1968 දී කොමියුනිස්ට් පක්ෂයේ ඇත්ත පත්රයට බැඳුනේය. ඔහුට ඉන්නට ගෙයක් තිබුනේ නැත .ජේ.ආර්, ජයවර්ධන සමයේ ප්රේමදාස මහතා නිවාස ඇමති විය .ඔහුගේ නිවසට ඇත්ත පත්රය ගෙන යන අය අත යුනුස් තමාට ගෙයක් ලබා දෙන ලෙස ඉල්ලමින් ප්රේමදාසට ලියුමක් යැව්වේය. ප්රේමදාස වහාම මාලිගාවත්ත නිවාස සංකීර්ණයෙන් ඔහුට ගෙයක් ලබා දුන්නේය. ප්රේමදාස 1988 දී ජනාධිපති විය . යුනුස් ප්රේමදාස පාලනයට එරෙහිව් කාටුන් ඇන්දේය . ආර්. ප්රේමදාස යුනුස් තමන්ගේ පැත්තට බිලිබාගැනීම සඳහා ලේක් හවුසියේ ඉහල රස්සාවක් දුන්නේය .එහෙත් යුනුස් එය බාරගත්තේ නැත . "සල්ලිවලට මගේ ආත්මය පාවා දෙන්න බෑ." යුනුස් කිවේය. 1992 අගෝස්තු මාසයේ දිනක වාහන තුනකින් යුනුස්ගේ නිවසට මැරයෝ ආහ. ඇමතිවරයෙකුගේ ආරක්ෂකයෙකු යුනුස්ගේ කටට පිස්තෝලය ඔබා දතක් කැඩුවේය. ඉන්පසු යුනුස්ගේ හිසට පිස්තෝලය එල්ලකොට "අතිගරු ජනාධිපති තුමාට විරුද්ධව තෝ ආයි කාටුන් ඇන්දොත් මරල දානවා " යනුවෙන් තර්ජනය කළේය . එහෙත් පසුවදාද ප්රේමදාසට එරෙහි කාටුනයක් ඇත්තේ පලවිය. මැරයෝ යලි ආහ .නිවසේ තිබු ගෘහ භාන්ඩ පොළොවේ ගැසුහ ඉන්පසු යුනුස්ට පිහියෙන් ඇන තුවාල කළහ . රෝහලේදී යුනුස්ගේ තුවාලවලට මැහුම් 16 දැමීමට වෛද්යවරුන්ට සිදුවිය . එහෙත් ඉන්පසුවද යුනුස් ප්රේමදාස ආණ්ඩුවේ වැරදි ගැන කාටුන් ඇන්දේය . පසු කාලයේ ඇත්ත පත්රය වැසි යාම නිසා 1998 දී යුනුස් රාවය පුවත්පතට එක්විය . පසුවන වට යුනුස්ගේ ශාරීරික සෞඛ්යය පිරිහීම නිසා කාටුන් ඇඳීම නතර කළේය. . චන්ද්රිකා ආණ්ඩුව 1996 දී ඔහුට විශ්ව ප්රසාදනී සම්මානයද 1998 දී කලශුරි සම්මානයද දුන් අතර කර්තෘ සංසදය 2003 දී යුනුස්ට ස්වර්ණ සම්මානය ප්රදානය කළේය. ඉන් ටික කළකට පසු ජෙෆ්ර්ය් යුනුස් අභාවයට පත්විය . ඔහු මාධ්ය වේදියෙකු ලෙස වසර 50 කට අධික කාලයක් සේව්ය කර තිබුණි . Share Get link Facebook X Pinterest Email Other Apps Share Get link Facebook X Pinterest Email Other Apps Comments රසික සූරියආරච්චි - Rasika Suriyaarachchi said… සෑබෑ මිනිසෙක්! නිදිගෙ පංච තන්තරේ said… කශේරුකාව කෙලින් තියෙන එවන් මිනිසුන් තව-තවත් බිහි වේවා!
Comments