Skip to main content

ප්‍රේමදාස ජනාධිපතිට යට නොවූ කාටුන් ශිල්පියා



Image result for Aththa  newspaper Cartoonist Yunus



         ජෙෆ්රි යුනුස් ගැන වැඩි දෙනෙකු දන්නේ ඇත්ත පත්රයේ කාටුන් ශිල්පියා වශයෙනි .එහෙත් ඔහු ඇත්ත පත්රයට ඒමට පෙර සේවය කලේ ලේක් හවුසියේය Daily News සහ තිනකරන් පත්රවලට ඔහු කාටුන් ඇන්දේය .


      ඔහුගේ ආණ්ඩු විරෝධී කාටුන් නොරිස්සු ලේක් හවුස් අධිකාරිය ඔහු අලෙවි පර්යේෂණ අංශයට මාරු කළේය .එයට අකමැතිවූ යුනුස් 1968 දී කොමියුනිස්ට් පක්ෂයේ ඇත්ත පත්රයට බැඳුනේය.


     ඔහුට ඉන්නට ගෙයක් තිබුනේ නැත .ජේ.ආර්, ජයවර්ධන සමයේ ප්රේමදාස මහතා නිවාස ඇමති විය .ඔහුගේ නිවසට ඇත්ත පත්රය ගෙන යන අය අත යුනුස් තමාට ගෙයක් ලබා දෙන ලෙස ඉල්ලමින් ප්රේමදාසට ලියුමක් යැව්වේය.


    ප්රේමදාස වහාම මාලිගාවත්ත නිවාස සංකීර්ණයෙන් ඔහුට ගෙයක් ලබා දුන්නේය.


     ප්රේමදාස 1988 දී ජනාධිපති විය . යුනුස් ප්රේමදාස පාලනයට එරෙහිව් කාටුන් ඇන්දේය .


Image result for යුනුස්ගේ කාටුන්

       ආර්. ප්රේමදාස යුනුස් තමන්ගේ පැත්තට බිලිබාගැනීම සඳහා ලේක් හවුසියේ ඉහල රස්සාවක් දුන්නේය .එහෙත් යුනුස් එය බාරගත්තේ නැත .


"සල්ලිවලට මගේ ආත්මය පාවා දෙන්න බෑ." යුනුස් කිවේය.


    1992 අගෝස්තු මාසයේ දිනක වාහන තුනකින් යුනුස්ගේ නිවසට මැරයෝ ආහ. ඇමතිවරයෙකුගේ ආරක්ෂකයෙකු යුනුස්ගේ කටට පිස්තෝලය ඔබා දතක් කැඩුවේය. ඉන්පසු යුනුස්ගේ හිසට පිස්තෝලය එල්ලකොට "අතිගරු ජනාධිපති තුමාට විරුද්ධව තෝ ආයි කාටුන් ඇන්දොත් මරල දානවා " යනුවෙන් තර්ජනය කළේය .


No photo description available.

    එහෙත් පසුවදාද ප්රේමදාසට එරෙහි කාටුනයක් ඇත්තේ පලවිය. මැරයෝ යලි ආහ .නිවසේ තිබු ගෘහ භාන්ඩ පොළොවේ ගැසුහ ඉන්පසු යුනුස්ට පිහියෙන් ඇන තුවාල කළහ .


රෝහලේදී යුනුස්ගේ තුවාලවලට මැහුම් 16 දැමීමට වෛද්යවරුන්ට සිදුවිය .


එහෙත් ඉන්පසුවද යුනුස් ප්රේමදාස ආණ්ඩුවේ වැරදි ගැන කාටුන් ඇන්දේය .

Image result for Aththa  newspaper Cartoonist Yunus

    පසු කාලයේ ඇත්ත පත්රය වැසි යාම නිසා 1998 දී යුනුස් රාවය පුවත්පතට එක්විය .


    පසුවන වට යුනුස්ගේ ශාරීරික සෞඛ්යය පිරිහීම නිසා කාටුන් ඇඳීම නතර කළේය.



.Image result for Aththa  newspaper Cartoonist Yunus


   චන්ද්රිකා ආණ්ඩුව 1996 දී ඔහුට විශ්ව ප්රසාදනී සම්මානයද 1998 දී කලශුරි සම්මානයද දුන් අතර කර්තෘ සංසදය 2003 දී යුනුස්ට ස්වර්ණ සම්මානය ප්රදානය කළේය.


ඉන් ටික කළකට පසු ජෙෆ්ර්ය් යුනුස් අභාවයට පත්විය .


ඔහු මාධ්ය වේදියෙකු ලෙස වසර 50 කට අධික කාලයක් සේව්ය කර තිබුණි .

Comments

කශේරුකාව කෙලින් තියෙන එවන් මිනිසුන් තව-තවත් බිහි වේවා!

Popular posts from this blog

පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලන නාමල්ගේ මිතුරිය

                       ඇය  නාමල් රාජපක්ෂ මහතාගේ මිතුරියක් වුවද  , කොළඹට චන්දය  ඉල්ලුවද ඇය  ගැන ලිපියක්  ලියන්නට   මේ මොහොත වෙන තුරු  මා සිතා  සිටියේ  නැත. ඊයේ මුහුණු පොතේ  පෝස්ටුවක් පළකලේ එය ප්‍රමාණවත් වෙතැයි සිතු   නිසාය . එහෙත් එහි පලකල පෝස්ටුවට  පළවූ ඇතැම් ප්‍රතිචාර සලකා බැලු විට ඇය  ගැන වැඩි දුර  යමක් ලිවීම අවශ්‍ය  බව  පෙනුණි. එය කොළඹ  චන්ද දායකයනට ඇය ගැන තීරණයක්  ගැනීමට දායක වනු ඇත .  මේ  ආණ්ඩුව  බලයට  පැමිණි පසු  පත් කරනු ලැබූ  වරාය  , නාවික සහ සිවිල් ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග වරයා  විසින් ශ්‍රී  ලංකන් ගුවන් සේවයේ දුෂණ සෙවීම සඳහා වැලිඅමුණ  කමිටුව  පත් කළ අතර එහිදී හෙළිවූ කරුණු  ඉතා  බරපතලය එම වාර්තාව අන්තර්  ජාලයේ තිබෙන අතර අවශ්‍ය අයෙකුට  කියවිය  හැක .  එබැවින්  මා  මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ  කොළඹ නගර ස...

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔ...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...