Skip to main content

අස්ගිරියේ ෂරියා බණ




 අස්ගිරි මහනාහිමි ෂාරියා බණ වදාරා තිබේ .

ශාපි දොස්තර  උපදින්නට සිටි සිංහල දරුවන් ලක්ෂ ගණනක් මරා දමා ඇති බවත්  එය සත්‍යයක් නම් ඔහු වැනි ද්‍රෝහීන්ට ගල් ගසා මරා  දැමිය යුතු බව අස්ගිරි පාර්ශවයේ මහා නා හිමි දේශනා  කර තිබේ 

ගල් ගසා  මරා දමනු ලබන්නේ ශාරියා නිතිය  යටතේය  සවුදි අරාබියේ එය ක්‍රියාත්මක වේ  ISIS ත්‍රස්ත  පාලනය පවතී ප්‍රදේශවලද එවැනි දඬුවම් ක්‍රියාත්මක කරනු ලැබිණ 


අස්ගිරි මහනාහිමි භික්ෂුවක් ලෙස  තව දුරටත් සැලකිය හැකිද ?


පහත වීඩියෝව නරඹා ඔබ එය තීරණය කරන්න 

Comments

Anonymous said…
අමාත්‍ය අති ගෞරවනීය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා විසින් සිදුකර ඇති අධිකතර අතිවිශාල සමාජ ආගමික සේවය ගත්කළ ඒ උතුමන් ලංකාවේ ජනාධිපතිධූරයටද සුදුසුයයි මල්වතු විහාරයේ හන්තාන සදගිරි මහ සෑ විහාරාධිපති පූජ්‍ය ගගසිරිපුර ධම්මාලෝක මහ නාහිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව කියා සිටියේ ඇමති ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමාගේ මූලිකත්වයෙන් පැවති පුස්සැල්ලාව ඉබ්බන්වැව ශ‍්‍රී සුදර්මාරාම විහාරයේ පැරණි ධර්මශාලා ගොඩනැගිල්ල වර්ණ ගන්වා අලුත්වැඩියා කර නැවතත් සඟසතු කොට පූජාකිරීම හා නව දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සවයේදි අනුශාසනාවක් සිදුකරමිනි.

පුද්ගලික අංශයේ ආධාර, දානපතියන් දෙන ආධාර මුදල් ලබා රජයේ ප‍්‍රතිපාදනද ඇතුළුව රුපියල් මිලියන 1.3 ක් ගරු ඇමතිතුමාගේ උපදෙස් පරිදි වැයකිරිමට නියමිතයි.

මෙහිදි අනුශාසනාව සිදුකළ ගඟසිරිපුර ධම්මාලෝක හිමි "අතිගරු ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ශාසනයේ උන්නතිය වෙනුවෙන් අතිවිශාල අතිශය වැදගත් විශිෂ්ට සේවාවක් සිදුකර තිබෙනවා, එතුමා මේ වන විට කිසිදු අමාත්‍යවරයෙකුට සිදුකළ නොහැකි වූ මහනුවර දිස්ති‍්‍රක්කයේ විහාරස්ථාන අතිවිශාල ප‍්‍රමාණයක පිවිසුම් දොරටු, මල් අසුන් ආදිය සංවර්ධනය කළා."

"ශාසනය වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදෙමින් ශාසනය නගාසිටුවීමට විශාල දායකත්වයක් ලබාදෙන උතුම් බෝසතුන් වහන්සේ කෙනකු වශයෙන් මෙතුමා අපිට අගය කළ හැකියි, අතිගරු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා සම්බන්ධයෙන් පසුගිය දිනක පුවත්පතක හා වෙබ් අඩවි කිහිපයක විශේෂ පුවතක් පළ වී තිබුණා ඒ එළඹෙන 2020 ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමාගේ නම යෝජනා කිරීම සම්බන්ධයෙන්.

මහනුවර දිස්ත‍්‍රික්කයේ වැඩිම ජනපදනමක් ඇති අමාත්‍යවරයා වශයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා පිළිබඳව මහා සංඝරත්නය වශයෙන් අපගේ අදහස වන්නේ මෙම වෙබ් සයිට් හා පුවත්පත් මගින් පළකර තිබෙන පුවත අනුව ඉදිරියේදී ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාහට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජනාධිපති වුවහොත් අපගේ වෙහෙර විහාරස්ථාන වෙනුවෙන් හා කන්ද උඩරට ප‍්‍රදේශ සංවර්ධනය කිරිම උදෙසා එතුමන්ගෙන් විශාල සේවාවක් සිදුවෙනවා නොඅනුමානයි. ගරුතර මහා සංඝරත්නය වශයෙන් අපි එතුමාට ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායැයි ප‍්‍රාර්ථනා කරනවා"

– අමාත්‍ය ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මාධ්‍ය ඒකකය
මගෙ අදහස මෙතනදි අපි (මෙතන අපි කිව්වේ සිංහල බෞද්ධයන්ට ඔයාට නෙමෙයි) පාර වරද්දගෙන තියෙනවා.

බුදුදහමට අනුව යම් රටක වර්ග 5ක මිනිස්සු ඉන්නවා.
එනම් භික්ෂු, භික්ෂුණි, උපාසක, උපාසිකා, මිත්‍යා දෘෂ්ඨික හැටියට.
නායක භික්ෂුන් වහන්සේලා බලාගත යුත්තේ භික්ෂු භික්ෂුණීන්ගේ කටයුතු හා අගමික කටයුතු විතරයි.

උපාසක උපාසිකා වන් වෙනුවෙන් වෙනම සංවිධානයක් තිබිය යුතුයි.
භික්ෂූන් ගිහියන්ගේ නියෝජියන්ලෙස කටයුතු කරන්න යාමෙන් ඔයවගේ තත්ව ඇතිවෙනවා.

අපේ ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේ බදුදහමට ප්‍රමුඛත්වය දෙනබව සඳහන්. එනිසා රජයෙන් වැටුප් ලබන ගණින්නාන්සේලා වැනි පිරිසකගෙන් සමන්විත බෞද්ධ ගිහියන්ි වෙනුවෙන් වැඩකරන සභාවක් අවශ්‍යයි. එහි නායකයා ගිහියෙක් නිසා ඔහු ශරියා බණ කීමේ වරදක් නෑ.

ප්‍රේමලාල් බර්ටි රණවීර මහතා තව මාස කීපයකින් පැවිදිවී පරමාදර්ශී භික්ෂු දිවියක් ගතකරන්න යනබව සැලයි.
Anonymous said…
වරකාගොඩ ඥානරතන
කියන කතා අතන මෙතන
බුදු දහමට නිගා දෙවන
කතාය සසුනම කෙළසන
Anonymous said…
දහමට අගරු වෙති
ශක්තික හිරේ යති
වෛරයම පතුරුවති
තෙරණුවෝ කුටියේම වැජඹෙති!

එක රටක් එක නීතියක්
ඊට ගරු වෙන ජාතියක්
බිහිනොවෙන දේශයක්
සදාකාලික පාපයක්!!

මුස්ලිම් ජනතාවට දෙමළ බාශාව හංවඩුගැසීමේ , මනෝ ගනේශන්ගේ වෑයම හෙලා දකිමු,
නැගෙනහිර පලාත තුල අරාබි බසට දෙමළ හා සම තැන ලබාදීමට ආණ්ඩුවට බලකරමු.
V Weerasinghe said…
පැවිද්දන් ය'යි කියාගන්නා උදවිය විසින් කියැවෙන මෙවන් තුච්ඡ, ම්ලේච්ඡ වචන පිළිකුල් සහගත යි. සෝචනීය යි.

කණගාටුයි කියන්න. විවිධ වෙබ් සයිට් වල වැටෙන වාර්තා හා කමෙන්ට්ස් දිහා බැලුවම, සිංහල-මුස්ලිම් අසමගිය ඇතිකිරීමෙහිලා සහ්රාන් ආදීන්ගේ අභිමතාර්ථය ඉහළින් ම සඵල වුණු බවක් පෙනෙන්නට තියෙනවා. එක අතකින් අප්පුඩි ගැසිය නො හැකිය. ඉස්ලාමීය අන්තවාදයට මුස්ලිම් ප්‍රජාවෙන් කොටසක් ගොදුරු වුවා සේම, ජාතිවාදී දක්ෂිණාංශික මත දරන 'බෞද්‍ධ' පැවිද්දන් සහ 'කතෝලික' කාදිනල්වරු ඇතුළු අවස්ථාවාදී බලවේග වල පටු අභිප්‍රායයන්ට සිංහලයා රැල්ලට ගොදුරු වන ආකාරය අතිශයින් ම සෝචනීයයි. මුසල්මානුවාගේ පමණක් නොව, සිංහලයාගේ ද නො මේරු, වහල්, ගෝත්‍රික මනස මෙයින් දැඩි සේ පිළිබිඹු වේ.

මේවා ලංකාව වගේ රටක ප්‍රසිද්ධියේ කථා කිරීමෙන් තේරුමක් ඇත්දැයි මම දන්නේ නෑ. 1983 දෙවන වරටත් රිපීට් වෙනකන් අපේ මිනිස්සු පාඩමක් ඉගෙන ගන්නේ නැහැ.


වී. වීරසිංහ
V Weerasinghe මහත්තයා
බලන්න අපේ සිංහලයෝ කොච්චර නෝටිද. ඒ වුනාට දෙමල මිනිස්සුනම් දෙවිවරු වගේ.

ඒත් 1983 මොකද්ද වුනේ?
මම අහලා තියෙන හැටියට අපේ අම්මගේ වැඩිමල්ම අක්කගේ බාල දුව 1983 අවුරුද්දේ කොටහලු වුනාලු.
ඊටත් වඩා වැදගත් දෙයක් ගැන මං දන්නෙ නෑ

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...