Skip to main content

ඔබත් කුලියාපිටියේ කෙනෙක්ද?



කුලියාපිටිය ලංකාවේ  හරස් කඩක්ද?

කුලියාපිටියට ලැබුනේ  පුදුම ප්‍රසිද්ධියකි. ඒ ඒඩ්ස් කතාවක් නිසා පාසලක් නොලැබුණු  පොඩි එකා නිසාය.   එහි මිනිස්සු මොට්ටයන් ලෙස කුලියාපිටියේ  නොවන අය සිතති. එහෙත් මගේ  කල්පනාව  නම් කුලියාපිටියේ  මිනිස්සු  රට පුරා නොඅඩුව  සිටිනා බවයි.ඔබ මෙය අවසානය  දක්වා  කියවුවහොත් ඇතැම් විටෙක  ඔබත් කුලියාපිටියේ කෙනෙකුද  නැද්ද  කියා නිගමනයකට  එළඹිය  හැකිය.

දෙවියන්  සහ  බුදුන් 

දේවාල  යනු  වංචනිකයන්ට  මුදල් හම්බු  කර  ගැනීමට හදා  ගත්  තිප්පලවල් බව පසු ගිය  දිනවල සීනිගම දේවාලයේ සිද්ධීන් පමණක් වුවද තහවුරු  කර පෙන්වයි. එහි  දේවාලයේ භාරකරුගේ  නිවසට  හොරු පැන මුදල් සහ  භාණ්ඩ පැහැරගෙන  යාම සම්බන්ධයෙන් පැමිණිලි කරේ දෙවියනට  නොව මීටියාගොඩ පොලීසියටය. එහෙත් සීනිගම හෝ වෙනත් දේවල වලට  යන අයගේ  අඩුවක් තිබේද? ඔවුන් කුලියාපිටියේ  අය නොවේද?
ලෝකය මැව්වේ  දෙවියන් නොවන  බව විද්‍යාව විසින් ඕනැ  තරම් ඔප්පු  කර  තිබේ. එහෙත් පල්ලි වලට  ගොස් දෙවියන් යදින්නන්ගේ  අඩුවක් තිබේද? මොවුන් කුලියාපිටියේ  අය නොවේද?
බුදුන්  වහන්සේ  ලංකාවට  පැමිණි බවට  කිසිදු  සාක්කියක්  නැත. අනික මිනිස්සුන්  නැති  කන්දක් මුදුනට වඩින්නට  බුදුන් වහන්සේට  ඇති උවමනාව  කුමක්ද? බුදුන් වහන්සේ  ගියේ  මිනිස්සුන්  සිටි තැන්වලටය.එහෙත් වාර්ෂිකව  ලක්ෂ  ගණනින් සිරීපාදේ නගිති.ඒ මදිවාට  බුදුන් එපා  කිව් මුදල් සිරිපතුල  පිහිටෙව්වා කියන ස්ථානයට පුජා කරති. ඒ අයත් කුලියාපිටියේ  අයත් අතර  වෙනසක් තිබෙද?
නබි තුමාට ගුහා වක් තුලදී අල්ලා   හමුවී ධර්මය  කියා  දුන් බවත් කුරානයේ  ලිය  තිබෙන්නේ එසේ  කියා දුන් ධර්මය  බව කෝටි  ගණනින් මුස්ලිම් වරුන් විශ්වාස  කරති. එහෙත් නබි තුමා සහ අල්ලා දෙවියන් මුණ ගැහෙනු දුටු  කෙනෙක් නැත. වෙනත් තැනකදී හෝ  අල්ලා   දෙවියන් දුටු  කෙනෙකුද   නැත.එහෙත් අල්ලා දෙවියන් සිටිතැයි සියලුම  ඉස්ලාම් භක්තිකයන් විශ්වාස  කරති. මේ  ගොල්ලනුත්  කුලියාපිටියේ  අයත් අතර වෙනසක් තිබේ  දැයි ඔබට  කිව  හැකිද?

මහින්ද

මහින්ද  රාජපක්ෂ  පවුල රටේ  දේපොළ  ගසා  කැ  බවට  ඇති  පදම් සාක්කි ඉදිරිපත් වී තිබේ.එහෙත් එම  පවුලේ  අයව  නැවත  බලයට එන  තුරු පුල  පුලා  බල සිටින  ලක්ෂ  ගණනක් දෙනා අපේ  රටේ  සිටිති. ඉතින් ඒ  අයත්  කුලියාපිටියේ  නොවේද?

එට්කා ගිවිසුම

එට්කා  ගිවිසුම  තවම සකස් වී වත්  නැත. ඇත්තේ  මුලික  රාමුවක්  පමණි. එහෙත් එට්කා  නිසා ලංකාවේ  අයගේ  රැකියා  අහිමි වෙතයි කවුරු හෝ  කිව  විට එය  හිස්  මුදුනෙන්  භාර ගෙන නැති  ගිවිසුමකට එරෙහිව පෙළපාලි  යති ෆේස්බුක් පොස්ට්  පළකරති .එයට එරෙහිව   ඝෝෂා  කරන  අයත් කුලියාපිටියේ  අයත් අතර  දැකිය  හැකි වෙනස  කුමක්ද ?
ඔබත් කුලියාපිටියේ  කෙනෙක්දැයි  දැන්  ඔබට තීරණය  කල හැකියි.



Comments

මම නම් කුලියාපිටියේ නෙවෙයි ඔන්න...
Unknown said…
මහින්ද පිටුපස යන සියලු දෙනාම මහින්ද හොරකම්කල බව දන්නවාය

දෙවියන්ගේ පිහිට පතා යන බොහෝ දෙනාද දෙවියන් නොමැති බව පිලිබද විශ්වාසයක් තියෙනවාය. එහෙත් වැරදිලා හරි හිටියොත් හෝ පිහිටවුවහොත් කියා ඔවුන් ඒ පිටුපස යනවාය. ඔබද බොහෝවිට පවුලේ සාමාජිකයකු මියගියවිට දානයක් දීමට හෝ ඔහු සිහිකරමින් කරන කටයුත්තකට සහභාගිවීමට හෝ උදව් කිරීමට කටයුතු කරනවාය.

එට්කා ගිවිසුම හෝ ඉන්දියාව සමග ගිවිසුමක් අත්සන් කිරීම පිලිබදව සහ එයින් ඇතිවිය හැකි ප්‍රතිඵල පිලිබදව සමාජයතුල කතිකාවක් තිබෙනවාය. සියලු දෙනාම කතා කරන්නේ පුර්ව නිගමනවල සිටය. ගිවිසුම අත්සන්කල පසු ඇතිවිය හැකියැයි සිතන සියල්ල පුර්ව නිගමනයන්ය. එවැනි පුර්ව නිගමනයන් නොමැතිව කිසිවකු කිසිවක් කරන්නේ නැත. අප පාර පනින විටදීද වාහනය පැමිණිමට පෙර මට පාර මාරුවිය හැකියැයි හෝ වාහනය නවතා ගනිවියැයි යන පුර්ව නිගමනයකට එනවාය. එලෙස සිදු නොවුවහොත් විය හැකි දෙයක්ද තියෙනවාය....(එවැනි පුර්ව නිගමන වරදින බැවින් වසරකට 3000ක් පමණ පාරේදි මිය යනවාය)

ඒ සියල්ල වැඩකට නැතකියා බැහැර කරන්නේනම් ඔබ විසින් සිදුකල යුතුයැයි කියන කටයුතු මොනවාද යන්න විස්තර කල යුතුය.

කුලියාපිටියේ සිද්ධිය යනු විද්‍යාව විශ්වාස කිරීම පිලිබද හෝ වෛද්‍යවරුන්ගේ මතය පිලිනොගැනීම පිලිබද ගැටලුවක් නොවේය.

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...