Skip to main content

හැට පැන්න පිරිමි සහ තරුණ ගැහැණු.

හැට පැන්නත් ගෑණු එති.

හැට පැන්න පිරිමියාට   තරුණ  අය  කියන්නේ   සීයා  කියාය.  සීයලා  බවට පත් වන  විට හතර  පෝයට  සිල් සමාදන් වී එලොව ජය  ගන්නට  කටයුතු  කළ  යුතු බව  අඩු වයසේ  අය  කියති.
එහෙත්  සමහර  ගැහැනුන් නම් හැට  පැන්නා   කියා  පිරිමින් ප්‍රතික්ෂේප  කරන්නේ  නැත.මා   කියන්නේ  අසත්‍යයක්  කියා  ඔබට  සිතෙන්නේ  නම්  මහින්ද  රාජපක්ෂ  මහතාගෙන්  අසා බලන්න.ඔහුට  දැන් 60  නොව 69 පැනලාය.

කාන්තාවක් කී කතාව.

අවුරුදු 80 ක  පිරිමියෙකු ගැනු  ළමයෙකු සමග කිසියම්  ලිංගික  සබඳකමක්  පවත්වා අසුවීම  පිලිබඳ  පුවතක් පත්තරයක්  තිබෙනු දුටු වෙළඳ සලක් හිමි   කාන්තවක් කීවේ  " ඕක  නම් මැරෙනකම් අත් හරින්නේ  නැති  වැඩක්  " කියාය.

80 පැන්න  මාද්‍ය  මුදලාලි

මා මේ  පුර්විකාව  ලීවේ අවුරුදු 84 ක් වයසැති ලෝක මාධ්‍ය මුදලාලි  කෙනෙකු වන රුපට් මර්ඩොක් අද දින  හිටපු  අග්‍ර  ගන්යයේ  විලාසිතා රැජිනක් වූ  59 හැවිරිදි ජෙරී හෝල්  සමග විවාහ වීම  නිසාය. , හෙට දින  පැවැත්වෙන උත්සවයට  මනමාලයාගේ  පාර්ශවයෙන් ඔහුගේ  දරුවන් 6 දෙනෙකුද මනමාලියගේ  පාර්ශවයෙන් ඇගේ දරුවන් 4 දෙනෙකුද සහභාගී වීමට  නියමිතය.

සයිප්‍රස් යන අපේ  කතුන් 

ඇතැමුන් නම් කියන්නේ  ගැහැණු  වයසක පිරිමින් බඳින්නේ  සල්ලි පෙරේත  කමට  කියාය.
සයිප්‍රසයේ  රැකියාවලට  යන  ලංකාවේ ඇතැම් ස්ත්‍රීන් එහි වෙසෙන  සීයලා  සමග  විවාහ වන  බව එහි සිට  පැමිණි  අය  මා  සමග  කියා තිබේ.

ව්යාඝ්‍රා පෙති.

ඇමෙරිකාවේ CIA සංවිධානය ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සංවිධානය ගැන  ඔත්තු ලැබ  ගැනීම  සඳහා  පසු  ගිය  කාලයේ එහි වයසක  ගෝත්‍රික  නායකයන්ට  ගෙව්වේ   මුදල්  නොවේ ව්යාඝ්‍රා පෙතිය.
කාන්තාවන්  කෙසේ  වෙතත්  පිරිමින්  නම් වයස  90  උනත්  ලිංගික  ක්‍රියා කාරකම් අත්  නොහරින  බව මේ  ආරංචි  විග්‍රහ කල විට  ලැබෙන  නිගමයයි.

Comments

ගෑනු අයගෙ මචං ඩිම්භ නිපදවන process එක අවුරුදු පණහෙන්ද කීයෙන්ද ඉවර වෙනව මචෝ. පිරිමින්ට ලිමිට් එකක් නෑලු!

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...