Skip to main content

මහින්ද බෝධිසත්තයෙකි . බදුර්දීන් යක්ෂයෙකි.

විල්පත්තු විනාශය.

LTTE කොටි ඉන්න  කාලයේ විල්පත්තුවට  තියා ඉන් අහල ගම් හතකටවත් ගිය කෙනෙක් නැත. විල්පත්තුව අවට  ගම්මාන වල සිටි අයද   ඒවා අත් හැර දමා ගියහ ඒ නිසා විල්පත්තු වනය අවට ගම්මානද  ආක්‍රමණය  කරනු  ලැබිණ.  2002 වන විට චන්ද්‍රිකා ආණ්ඩුව    LTTE අණසක වන්නියට  සීමා  කර තිබීමත්  2002 රනිල්-ප්‍රභා සාම  ගිවිසුමේ ඍජු ප්‍රතිපලයක් ලෙස  කරුණා අම්මාන් නැගෙනහිර  පළාතේ කොටි හමුදාව  විසුරුවා හැර  ප්‍රභාකරනට  කොකා  පෙන්නීම නිසාත්  , තමන්ට බෝම්බ  ගැසීම  නිසා යකා  ආවේශවී සිටි  සරත් ෆොන්සේකා ට  කොටින්ට වැඩ දීම සඳහා දැඩි අධිෂ්ටානයක සිටීම නිසාත් කොටි පැරදවීමේ  ශමුදා සැලැස්මට   මහින්ද    ආණ්ඩුව මදි නොකියන්නට  සප් එක දීම නිසාත් LTTE 2009 පරාජයට  පත් විය.

අනාථ කඳවුරුවල  ජීවත්වූ මුස්ලිම් මිනිසුන් යලි තම පැරණි ගම්වල  පදිංචි කිරීම සඳහා මහින්ද ආණ්ඩුවේ ප්‍රබල ඇමති වරයෙකු වූ රිෂාඩ් බදුර්දීන් මේ අතර  කටයුතු   කළේය. ඒ සඳහා අවශ්‍ය සහය මහින්ද  දුන්නේය.මුස්ලිම් මිනිස්සු තමන්ගේ  පැරණි  ගම්මාන වසා පැතිරී තිබුණු වනන්තරය  කපා විනාශ  කරමින් එහි පදිංචි වීම ඇරඹු අතර පරිසරය විනාශ  කරන බව කියමින් මහින්ද  බලයේ  සිටි තාක්    කැ ගැසූ කෙනෙක් නැත.කැගැසිල්ල  ඇරඹුණේ  මෛත්‍රී  බලයට  පැමිණි පසුය.

මත්තල  පිංකම

මේ  අතර 2009 දී මත්තල  ගුවන් තොටුපල තැනීම  සඳහා  අලින්ගේ  කොටින්ගේ මුවන්ගේ  සහ  කුරුල්ලන්ගේ  පාරාදීසයක් වූ  මත්තල  වනන්තරයේ  අක්කර 2000ක් පමණ වෙන් කලේ  පරිසර සන්විධානවල විරෝධය  නොසලකය. ඉන් අක්කර 800 පමණ එකවර විදුලි වැටක් සවිකොට  සතුන් ඒ තුලට  කොටු කර  ගත් අතර ඔවුන් අවසන් වුයේ චීන්නුන්ගේ  සහ අපේ මිනිස්සුන්ගේ කැම පිඟන්වලය..අසරණ ගෙම්බෙකුට  පවා  ගැලවීමක් නොවීය.
ගුවන් තොටුපලට කුරුල්ලන්ගෙන් තර්ජනයක් තිබු බැවින් ගුවන් තොටුපල පිටින් තිබු ජලාස  ගොඩ  කර දැමු නමුත් මත්තල  සංචාරක කුරුල්ලන්ගේ  පාරාදීසයක් වූ බැවින් ඔවුන් වෙඩි තබා  මරා දැමීම දිගින් දිගට  කරන්නට සිදු විය. පියාසර  කරමින් තිබු ගුවන් යානා   දෙකක කුරුල්ලන් හැපුණු බව  පසු ගිය කාලයේ වාර්තා විය.
මත්තල ගුවන් තොටුපලට සතුන් ඒම  තවමත් නැවැත්විය  නොහැකිව තිබේ. හමුදාව  යොදවා මුව රංචුවක්  පන්නා දැමු බව පෙරේදා වාර්තා විය.
විල්පත්තුව තම්බින් විසින් විනාස  කරන බවට පලවූ ෆේස්බුක් පෝස්ටු දහස්  ගණනක් තිබුණි.සතුන්ට  මහා විපත්තියක් වී ඇති බවට  හඬ  නැගිණ. ඥානසාර පමණක් නොව  ජවිපෙද  මහා හඬක් නැගුවේය.එහෙත් ඇස් පනාපිට මත්තල කැලයේ  සතුන් මරා  ගෙන  කැවා පමණක් නොව   වනාන්තරය  ගිනි තබා විනාශ  කරනුද   ලැබීය.
යුද්ධයෙන් අවතැන්වූ මුස්ලිම් ගැනු මිනිස්සු  විල්පත්තුව අවට ගම්මාන වල නැවත පදිංචි  කරන විට එය රටට මහත් විපත්තියකි.වනසතුන්  සිටි මත්තල වනාන්තරය ගිනි තබා  මසකට ගුවන් යානා දෙක තුනක් පමණක් එන  ගුවන් තොටුපොළක් තැනීම   ,රටට කිරි ඉතිරෙන බෝධිසත්ත  වැඩකි.


























































Comments

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...

ඒ කාලේ අපි කරුවලේ කරපු වැඩ

  "උඹ කොළඹ ගිහින් තියෙනවද ගුණදාස  ?" "නෑ " "උඹ කොළඹගිහින් තියෙනවද  සිරිපාල? " "නෑ " "උඹ කොළඹ ගිහින් තියෙනවද  පේමදාස? " "නෑ " ඒ  බාලාංශ පන්තිවල ඉගෙනගන්නා කාලයේ පන්තියේ කොල්ලන්ගෙන් මම  ඇසු ප්‍රශ්නයි  කෙල්ලන්ගෙන් කිසිදිනක එම ප්‍රශ්නය නොඇසුවෙමි  .හේතුව අසීමිත ලැජ්ජාව නිසාය  බැරිවෙලාවත් ඇහුවොත් දෙන පිළිතුර වන්නේ "පලයන් කොල්ලෝ යන්න " යන්නය.   .පන්තියේ  එවුන් එකෙක් වත් කොළඹ ගොස් නොතිබුණද  තුනේ පන්තිය වන විට  මම තුන් හතර  වරක් කොළඹ ගොස් ඇවිත්  සිටියෙමි .   .කොළඹ යාමට පින පැදුනු හේතුව  මෙසේය .      (මේ අපේ මාමා සේවය කළ DONALD'S ස්ටුඩියෝවේදී ගන්නා ලද චායාරුපයෙකි)         අපේ අම්මගේ මල්ලි හෙවත් මගේ මාමා චායාරුප ශිල්පියෙක් විය ඔහු සේවය කලේ කොළඹ මරදානේ  Donald's Studio හීය . නැවතී සිටියේ දෙහිවල කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ බෝඩිමකය එහි සිටියදී ඔහු ඇතිකරගත් ප්‍රේම සම්බන්ධය විවාහය දක්වා දික්විය .නැන්දාව කැන්දාගෙන ඒම සඳහා ගිය පිරිස අතර අවුරුදු 7 ක් වයසැති  මාද විය ...