Skip to main content

මහින්ද බෝධිසත්තයෙකි . බදුර්දීන් යක්ෂයෙකි.

විල්පත්තු විනාශය.

LTTE කොටි ඉන්න  කාලයේ විල්පත්තුවට  තියා ඉන් අහල ගම් හතකටවත් ගිය කෙනෙක් නැත. විල්පත්තුව අවට  ගම්මාන වල සිටි අයද   ඒවා අත් හැර දමා ගියහ ඒ නිසා විල්පත්තු වනය අවට ගම්මානද  ආක්‍රමණය  කරනු  ලැබිණ.  2002 වන විට චන්ද්‍රිකා ආණ්ඩුව    LTTE අණසක වන්නියට  සීමා  කර තිබීමත්  2002 රනිල්-ප්‍රභා සාම  ගිවිසුමේ ඍජු ප්‍රතිපලයක් ලෙස  කරුණා අම්මාන් නැගෙනහිර  පළාතේ කොටි හමුදාව  විසුරුවා හැර  ප්‍රභාකරනට  කොකා  පෙන්නීම නිසාත්  , තමන්ට බෝම්බ  ගැසීම  නිසා යකා  ආවේශවී සිටි  සරත් ෆොන්සේකා ට  කොටින්ට වැඩ දීම සඳහා දැඩි අධිෂ්ටානයක සිටීම නිසාත් කොටි පැරදවීමේ  ශමුදා සැලැස්මට   මහින්ද    ආණ්ඩුව මදි නොකියන්නට  සප් එක දීම නිසාත් LTTE 2009 පරාජයට  පත් විය.

අනාථ කඳවුරුවල  ජීවත්වූ මුස්ලිම් මිනිසුන් යලි තම පැරණි ගම්වල  පදිංචි කිරීම සඳහා මහින්ද ආණ්ඩුවේ ප්‍රබල ඇමති වරයෙකු වූ රිෂාඩ් බදුර්දීන් මේ අතර  කටයුතු   කළේය. ඒ සඳහා අවශ්‍ය සහය මහින්ද  දුන්නේය.මුස්ලිම් මිනිස්සු තමන්ගේ  පැරණි  ගම්මාන වසා පැතිරී තිබුණු වනන්තරය  කපා විනාශ  කරමින් එහි පදිංචි වීම ඇරඹු අතර පරිසරය විනාශ  කරන බව කියමින් මහින්ද  බලයේ  සිටි තාක්    කැ ගැසූ කෙනෙක් නැත.කැගැසිල්ල  ඇරඹුණේ  මෛත්‍රී  බලයට  පැමිණි පසුය.

මත්තල  පිංකම

මේ  අතර 2009 දී මත්තල  ගුවන් තොටුපල තැනීම  සඳහා  අලින්ගේ  කොටින්ගේ මුවන්ගේ  සහ  කුරුල්ලන්ගේ  පාරාදීසයක් වූ  මත්තල  වනන්තරයේ  අක්කර 2000ක් පමණ වෙන් කලේ  පරිසර සන්විධානවල විරෝධය  නොසලකය. ඉන් අක්කර 800 පමණ එකවර විදුලි වැටක් සවිකොට  සතුන් ඒ තුලට  කොටු කර  ගත් අතර ඔවුන් අවසන් වුයේ චීන්නුන්ගේ  සහ අපේ මිනිස්සුන්ගේ කැම පිඟන්වලය..අසරණ ගෙම්බෙකුට  පවා  ගැලවීමක් නොවීය.
ගුවන් තොටුපලට කුරුල්ලන්ගෙන් තර්ජනයක් තිබු බැවින් ගුවන් තොටුපල පිටින් තිබු ජලාස  ගොඩ  කර දැමු නමුත් මත්තල  සංචාරක කුරුල්ලන්ගේ  පාරාදීසයක් වූ බැවින් ඔවුන් වෙඩි තබා  මරා දැමීම දිගින් දිගට  කරන්නට සිදු විය. පියාසර  කරමින් තිබු ගුවන් යානා   දෙකක කුරුල්ලන් හැපුණු බව  පසු ගිය කාලයේ වාර්තා විය.
මත්තල ගුවන් තොටුපලට සතුන් ඒම  තවමත් නැවැත්විය  නොහැකිව තිබේ. හමුදාව  යොදවා මුව රංචුවක්  පන්නා දැමු බව පෙරේදා වාර්තා විය.
විල්පත්තුව තම්බින් විසින් විනාස  කරන බවට පලවූ ෆේස්බුක් පෝස්ටු දහස්  ගණනක් තිබුණි.සතුන්ට  මහා විපත්තියක් වී ඇති බවට  හඬ  නැගිණ. ඥානසාර පමණක් නොව  ජවිපෙද  මහා හඬක් නැගුවේය.එහෙත් ඇස් පනාපිට මත්තල කැලයේ  සතුන් මරා  ගෙන  කැවා පමණක් නොව   වනාන්තරය  ගිනි තබා විනාශ  කරනුද   ලැබීය.
යුද්ධයෙන් අවතැන්වූ මුස්ලිම් ගැනු මිනිස්සු  විල්පත්තුව අවට ගම්මාන වල නැවත පදිංචි  කරන විට එය රටට මහත් විපත්තියකි.වනසතුන්  සිටි මත්තල වනාන්තරය ගිනි තබා  මසකට ගුවන් යානා දෙක තුනක් පමණක් එන  ගුවන් තොටුපොළක් තැනීම   ,රටට කිරි ඉතිරෙන බෝධිසත්ත  වැඩකි.


























































Comments

Popular posts from this blog

පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලන නාමල්ගේ මිතුරිය

                       ඇය  නාමල් රාජපක්ෂ මහතාගේ මිතුරියක් වුවද  , කොළඹට චන්දය  ඉල්ලුවද ඇය  ගැන ලිපියක්  ලියන්නට   මේ මොහොත වෙන තුරු  මා සිතා  සිටියේ  නැත. ඊයේ මුහුණු පොතේ  පෝස්ටුවක් පළකලේ එය ප්‍රමාණවත් වෙතැයි සිතු   නිසාය . එහෙත් එහි පලකල පෝස්ටුවට  පළවූ ඇතැම් ප්‍රතිචාර සලකා බැලු විට ඇය  ගැන වැඩි දුර  යමක් ලිවීම අවශ්‍ය  බව  පෙනුණි. එය කොළඹ  චන්ද දායකයනට ඇය ගැන තීරණයක්  ගැනීමට දායක වනු ඇත .  මේ  ආණ්ඩුව  බලයට  පැමිණි පසු  පත් කරනු ලැබූ  වරාය  , නාවික සහ සිවිල් ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග වරයා  විසින් ශ්‍රී  ලංකන් ගුවන් සේවයේ දුෂණ සෙවීම සඳහා වැලිඅමුණ  කමිටුව  පත් කළ අතර එහිදී හෙළිවූ කරුණු  ඉතා  බරපතලය එම වාර්තාව අන්තර්  ජාලයේ තිබෙන අතර අවශ්‍ය අයෙකුට  කියවිය  හැක .  එබැවින්  මා  මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ  කොළඹ නගර ස...

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔ...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...