Skip to main content

රෝහණ විජේවීරගේ බිරිඳ හමුවීම- තුන්වෙනි කොටස

විජේවීරගේ  අනාගත බිරිඳ

විජේවීර මහතා  විවාහ වුයේ ලංකා ගුරු සංගමයේ  නිර්මාර්තෘ සහ සභාපති වූ H. N. ප්‍රනාන්දුගේ  නැගණිය  සමගය. මේ වන විට  විජේවීර  ඇය සමග  විවාහ  වී තිබුනේ  නැත. H.N.සහ  ඔහුගේ  බිරිඳ , ඔහුගේ  මව , සහ නැගණිය පදිංචිව සිටියේ  මොරටුවේ  විල්ලෝරාවත්තේය. මා එම  නිවසට විවිධ  උවමනාවන් සඳහා   අවස්ථා කීපයකදී ගොස් තිබේ. දිනක් ජනතා  විමුක්ති පෙරමුනෙන් මට  පණිවිඩයක් ලැබිණ. එදින සවස කිසියම් සාකච්චාවක්  පැවැත්වීම  සඳහා  විල්ලෝරාවත්තේ නිවසට විජේවීර  එන බව H.N.ට දන්වන ලෙසය. සංගම් කාර්යාලයට  එච් එන්. එදින  පැමිණ  තිබුනේ  නැති බැවින් ඔහුගේ  නිවසට ගොස්  එම පණිවිඩය දැනුම් දෙන  ලෙස  මට පැවරිණ. ජවිපෙ ප්‍රසිද්ධියේ  දේශපාලනය  කළද අභ්‍යන්තර සාකච්චා  සියල්ල  කෙරුණේ  ඉතා රහසිගතවය. එවැනි පසුබිමක් තුල විජේවීර සම්බන්ධයෙන් වූ කටයුත්තක් ඉටුකිරීම වරප්‍රසාදයක් ලෙස මා සැලකුවෙමි.

විල්ලොරවත්තෙදී  විජේවීරගේ   අනාගත  බිරිඳ  හමුවීම 

විල්ලෝරාවත්තට මා   යන විට සවස එකට  පමණ වන්නට ඇත.අවුරුදු 50ක් 60ක් පැරණි එම  නිවස  සාදා  තිබුනේ  ලන්දේසි ගෘහනිර්මාණ ශිල්පයට  අනුවය.ඉදිරිපස මිදුලට මුහුණ දුන් සැලකිය  යුතු ඉඩ කඩක් ඇති ඉස්තෝප්පුවක්  තිබුණු එම  නිවසේ කාමර  හතරක් පහක් තිබිණ. වහලය සෙවිලි  කර  තිබුනේ  සිංහල  උළුවලින්  යන්න  මගේ  මතකයයි. මිදුල ඒ තරම් විශාල  නොවින . ඇසට  ප්‍රසන්න වන ලෙස  මල් සහ කුඩා ගස් මිලුලේ  වවා  තිබිණ.

H.N.මා සාදරයෙන්  පිළිගත් අතර මා රැගෙන ආ පණිවිඩය  ඔහුට  දුනිමි. ඉන්පසු ඔහු නිවස  තුලට  ගිය  අතර  මා නිවසේ සාලයේ  තිබු  පොත් රාක්ක අවුස්සන්නට  පටන් ගත්තෙමි. ඔහුගේ  නිවසේ  පොත් දෙදහසකට  ආසන්න  ප්‍රමාණයක් තිබිණ.අති බහුතරය මාර්ක්ස්වාදී සාහිත්‍යයට  අදාළ ඉංග්‍රීසි පොත්ය. H.N. තම ඕනෑම පොතක් ඉල්ලු සැනින් දුන්නේය.  ඔහුගේ  කාමරයේ  තිබෙන පොත් රාක්ක පවා පෙන්වන H.N. අවශ්‍ය නම් එයින්  පොතක් තෝරා ගන්නා ලෙස H.N. මට  කියයි.

මා   එසේ  පොත් තෝරමින් සිටින  අතර තුර H.N.ගේ  නැගණිය වූ චිත්රාන්ගනී කිසියම් රසකැවිල්ලක් සමග තේ රැගෙන  අවුත් මට පිලිගන්නුවාය. මා සමග  මඳක් සිනාසුන  ඇය පුංචි කතා   බහක යෙදී ආපසු නිවාස  තුලට  ගියාය. එකල ඇය  උසස් පෙළ විභාගය ලියා ප්‍රතිපල එනතුරු නිවසට වී සිටියාය. ඇය දේශපාලනය ගැන  කිසිදු උනදුවක් නොදැක්වූ අතර H.N.ගේ  බිරිඳට  අනුව  ඇය  කියෙව්වේ  සතිපතා   පලවන  චිත්‍රකතා  පත්තර සහ එයට සමාන දේවල්ය.

ගේ ඇතුලේ රණ්ඩුව.

ටික වෙලාවක් ගත වනවිට  නිවාස  තුලින් අඬන හඬක් ද පුන්චි පහේ  රණ්ඩුවක්ද ඇසුනි.ටික වෙලාවකින් H. N. සහ ඔහුගේ  බිරිඳ නිවසින් එලියට  ඇවිත් "මන්  සුසිලව පානදුරේ පුංචි අම්මලාගේ ගෙදරට   දාලා එන්නම් " යැයි කියූ ඔහු අය සමග  පිටවී ගියේය.

සුසිලාගේ  දෙමාපියන්  මද්යම පන්තික පවුලකට  අයත් වූ අතර ඇය  වුර්තියෙන්  ගුරුවරියක් වූවය. ඇය  ජනතා විමුක්ති පෙරමුනට ඉතා  තදින් විරුද්ධ වු කාන්තවකි. මාක්ස්වාදය පිළිගත්   ඇය ශන්මුගදාසන්ගේ  චීන කොමියුනිස්ට් පක්ෂයේ  සාමාජිකාවක් වුවාය. ඇය එම  පක්ෂයට  කොපමණ පක්ෂපාතී වුවේද  යත් ඇගේ  කනකර සියල්ල  එම  පක්ෂයේ  නඩත්තුවට  පරිත්‍යාග කර  තිබුන  අතර ඉන්පසු   ඇය  කනකර   පැළඳුවේ  නැත.

රෝහණ විජේවීර චීන  කොමියුනිස්ට් පක්ෂයේ සිටි  කාලයේ එහි බලය ඇල්ල ගැනීමට කල උත්සාහය අසාර්ථක වී පක්ෂයෙන් නෙරපා  හරිනු ලැබීය. මේ  නිසා සුසිලා විජේවීර කෙරෙහි දැක්වුයේ  විශාල අමනාපයකි. හැන්දෑවට විජේවීර එන බව සුසිලා දැන ගත්  විට  ඇයට ඇතිවුයේ දැඩි කෝපයකි. ඔහුගේ  මුහුණ දැකීමට පවා  සුසිලා  අකමැති වුවාය. එබැවින් ඇයව  පානදුරේ  ඇගේ ඥාති නිවසකට  ගොස්  ඇරලවන ලෙස ඇය   H.N.ට  බල කිරීම ඔවුන් දෙපල හදිසියේ නිවසින් පිටව  යාමට  හේතුව විය.

H.N. එනතුරු  චිත්රාන්ගනී සමග 

H.N.  ආපසු එනතුරු  ඔහුගේ  නිවසේ   සිටි මා  පොතක් කියවමින් කාලය  ගත  කරන  අතර චිත්රාන්ගනී  නැවතත් මට තේ  රැගෙන  ආවාය. අපි නැවතත් පුංචි කතා බහක  නිරත වීමු.. සංගමයේ  නව තොරතුරු , මගේ පුද්ගලික තොරතුරු කතා බහට ලක්විය. විජේවීර  හැන්දෑවට එන බව කී නමුත්  අය ඒ ගැන උනන්දුවක් දැක්වුවේ  නැත. ඒ වන විට විජේවීර  සමග විවාහ වීමට ඇයට  යෝජනවක් ගෙනවුත් තිබුනේද  නැත. ඇයට විජේවීර සමග විවාහ වීමට  බල කලේ ඇගේ  අය්යා  කෙනෙකු වූ දොස්තර චන්ද්‍රා ප්‍රනාන්දුය. ඔහු ජවිපෙට සහය දැක්වුවා පමණක් නොව විජේවීරගේ  වියදම් වෙනුවෙන් මසකට වරක් දීමනාවක්ද දුන්නේය.ඔහු පදිංචිව සිටියේ  ගම්පහය.  විවාහ වී සිටියේ  වයිද්යවරියක් සමගය. පසු කලක ඇය ඔහු දමා වෙනත් කෙනෙකු සමග යන්නට ගියේ  චන්ද්‍රා ප්‍රනාන්දු තම පවුලට වඩා දේශපාලනයට උනන්දු වූ නිසා වියයුතුය.H. N.  , විජේවීර -චිත්රන්ගනී විවාහ  යෝජනා වට දැඩි ලෙස  විරුද්ධ විය.එයට  පදනම වුයේ තම සොයුරිය මාක්ස්වාදය හෝ දේශපාලනය  ගැන අබමල් රේණුවක  තරමටවත් අවබෝධයක්  නොතිබූ බැවින් විජේවීරට කිසිසේත් ගැලපෙන්නේ  නැත යන කරුණය. චිත්රන්ගනී වුවද මෙම යෝජනාවට එතරම් කැමැත්තක් නොදැක්වූ බව පසුව දැනගන්නට ලැබිණ.

විජේවීරට විවාහ වන ලෙස පක්ෂය බලපෑම් කලේ ඇයි ?

චිත්රාන්ගනීව විවාහ  කරගන්නා   ලෙස විජේවීරට යෝජනා කරන  ලද්දේ ජවිපෙ නායකත්වය   ගන්නා   ලද  තීරණයක් අනුවය. අවිවාහකව  විජේවීර  සිටීම අනතුරක් ලෙස  පක්ෂය දුටුවේය.CIA සංවිධානය කිසියම් තරුණියක් යොදවා විජේවීර  සමග  ප්‍රේම සම්බන්ධකමක්  ඇටවිය හැකි යැයි එකල ජවිපෙ  සැක කළේය. පක්ෂය එසේ සිතුවේ ඒ වන විට එයට බලපෑ  හේතු තිබීමම නිසා විය යුතුය.. මේ සම්බන්ධයෙන් මගේ  හිටපු ජවිපෙ මිත්‍රයෙකු කී කිසියම් විස්තරයක් ඇතත් මා  එහි මෙහි සඳහන් නොකරන්නේ එය  කොපමණ සත්‍ය දැයි මා නොදන්නා  බැවිනි. 

සුසිලා ඇගේ  පුංචි අම්මගේ නිවසට ඇරලු H.N. ආපසු ආවේ පැය දෙකකට  පමණ පසුවය. එදින රාත්‍රී එහි නතරවන ලෙස ඔහු මට ඇරයුම් කල බැවින් මා  එහි නතර වීමි. ගුරු සංගමය, දේශපාලනය , මාර්ක්ස්වාදය ඔහුගේ  ප්‍රියතම මාර්තෘකා විය. එකල එම  මාතෘකා මටද  අදට  වඩා   රසවත් විය.

අපි විජේවීර  බල පොරොත්තුවෙන් එහි සිටියද  ඔහු පැමිණියේ  නැත. එහි පැවැත්වීමට නියමිතව තිබුණු සාකච්චාව අවලංගු  කල බව පසුව දැනගන්නට ලැබිණ. පසුදා උදේ H. N. සහ මම ආපසු ගුරු සංගම් කාර්යාලයට  බලා ඒමට නිවසෙන් පිටත් වූයෙමු..

විජේවීරහෙන් වෙන්වීම ( මී ළඟ ලිපියෙන්)















Comments

Buru Babe said…
Interesting. Waiting for next episode 😉

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...