Skip to main content

විදුලිය අන්ත්රස්ධාන කිරීම ආණ්ඩුව පෙරලීම සඳහා කුමන්ත්‍රණයක්? රාජපක්ෂ රෙජීමය පිටුපස් ඉන්නවාද?




රාජපක්ෂලාට  ඉවසුමක් නැත.


  රාජපක්ෂලාට  ගෙදර  යාමට සිදුවුයේ ඔවුන් හීනෙන්වත්  නොසිතු  ලෙසය. ඉහල මට්ටමේ  සිට  පහල මට්ටමේ  තම හෙන්චය්යනට ගසා කෑමට  ඉඩ  දුන්නේ  දිගටම  බලයේ  සිටීමට තිබු කෙළවරක් නැති ආසාව  නිසාය.කරන ලද  හොරකම් සහ ගසා  කැම් පිළිබඳව  යම් ප්‍රමාණයකින්  හෝ ආණ්ඩුව  සොයමින්  සිටින  බැවින්ද හිර  ගෙවල් වල ඉදිරි  කාලයේ  ගත  කරන්නට සිදුවෙතැයි ඇති බිය  නිසාද  යලිත්  බලයට  එම  සඳහා රාජපක්ෂ සංගමයේ පිරිස්  විවධ  සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටිති. සිය  බලය පෙන්වීම සඳහා අනිද්දා (17)  කොළඹට පිරිස්  ගෙන එන්නේද  බලයට ඒමට  පොටක් පාදා  ගැනීම  සඳහාය.

විදුලිය අන්ත්රස්ධාන වීම

ගිය වාරයේ විදුලිය  පැය ගණන් නැති වීමට හේතුව අකුණක් බව  කී නමුත් ඊයේ  අකුණක් තිය වැඩි පොදක්වත්  තිබුනේ  නැත.ඊයේ  විදුලිය නැතිවී පැය නවයක් තිබිණ වෙන රටක  නම් විදුලි භාර  ඇමති ඉල්ලා අස්වී ගෙදර ගොස්ය.විදුලි ඇමති වෙන කෙනෙකු නොව මහින්දගේ  කීකරු වහලෙක් වන රන්ජිත් සියඹලාපිටියයි.ඔහුත් දත  කැට මැදගෙන බල සිටින්නේ  මහින්ද යලි සින්හාසනාරුධ වනතුරුය.

මෙය ලියාගෙන යන විට යලිත් විදුලිය ඇනහිට යලිත් ආවේ මේ හැන්දවේය.මේ  නම් කඩා කප්පල් ක්‍රියාවක් බවට සිතන්නට වෙ.රාජපක්ෂ ගෙදර  ගියත් ඔහුගේ රෙජීමය බලයේ සිටී.විදුලිය නැවැත්වීමේ කුමන්ත්‍රණය කරන්නේ  ඔවුන් විය  හැක.මේ  අනාගත සැලැස්මක අත් හදෑ බැලීමක්ද  විය  හැක..
අපට  කල හැක්කේ  ආණ්ඩුවට  නතුරු හැඟවීම  පමණි.වැඩේ  දිග්ගසෙන්නට  පෙර කර දෙයක්  කල යුතුය.












Comments

DE said…
මොන කෙහෙම්මලටද මහින්ද ගේ ගෝලයෝ කැබිනට් එකට දාගන්නේ? මේක ඔහෙලගේ ආන්ඩුව නේ...

නැද්ද මීහරකෙක්කත් ඔය ඇමති කම දෙන්ඩ?

තමුන්ගෙ ආන්ඩුවේ නොහැකියාව් වහගන්න ඔන්න ඔහෙ මොනා හරි කියමුකෝ...
Unknown said…
මේක අකුණක් ගහල සිද්ධ වුනත්, කඩාකප්පල්කාරී වැඩක් වුනත්, මොක වුනත්.. මෙච්චර කාලයක් තිස්සේ ක්‍රමවත් විදියට මේකට මුහුණ දෙන්න බැරිවුන එකට 100%ක් වගකීම ආණ්ඩුව ගන්න ඕන.

හැම එකටම මහින්දට බනින එකත් දැන් ස්ටයිල් එකක් වෙලා.
Dayal Bathee said…
උපපොලවල් මර්මස්ථාන රැකීමට හමුදාව කැඳවා තිබෙනවා

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...