තම සතුරන්ව මරා දමන ලෙස හෝ ඔවුන්ගේ අත පය කඩා හිංසා පීඩා කරන ලෙස දෙවියන්ට සහ යක්කුන්ට කොන්ත්‍රාත් දීම ජාති ආගම් භේදයකින් තොරව ලංකාවෙ සිංහල බවුද්ධ, හින්දු සහ මුස්ලිම් මිනිසුන් අතර දැකිය හැකි බවත් සිංහල බවුද්ධයන් අතර වැඩි වශයෙන් එය සිදුවන බවත් ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාව පිලිබඳ හිටපු මහාචාර්ය වරයෙකු වූ ගනනාත් ඔබේසේකර මහතා කියයි. තවත් අයෙකු මර දැමීමට හෝ හිංසා පීඩා කිරීමට තමන්ගේ හිතේ තිබෙන වයිරී සැලසුම දෙවියනට හෝ යකුන්ට භාරදී තමන් ගැලවී සිටීම මෙහි අරමුණ බව පර්යේෂණ ලිපියක් මගින් ඔහු එසේ කියා තිබේ.
අද ලංකාවවේ මෙය බහුල වසයෙන් සිදුවන්නේ එය නීතියෙන් තහනම් නොවීම නිසා බවත් රජවරුන්ගේ පාලන සමයන්හී එය තහනම් කොට තිබුණු බවත් ,එවැනි ක්‍රියාවල යෙදුනු කට්ටඩියන්ට රජවරු මරණ දඬුවම නියම කළ බවත් ඔහු එම ලිපියේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.
බවුද්ධ ස්ථානයක් වන සීනිගම දේවාලය, හින්දු පුදබිමක් වන මුන්වෙශ්වරන් කෝවිල , ශාන්තුවරයෙකුගේ සොහොනක් තිබෙන ගම්පොල කහටපිටිය මුස්ලිම් දේවස්ථානය අනුනට පලි ගැසීමට යොදා ගන්නා ලංකවේ සුප්‍රසිද්ධම ස්ථාන බව කියන මහාචාර්යවරයා ජාති ආගම භේදයකින් තොරව මෙම ස්ථානවලට මිනිසුන් යන බව කියයි.
බවුද්ධ්යන් හෙන ඉල්ලා අල්ලාටද වැඳ වැටෙති
වෙනත් වචන වලින් කියතොත් සිංහල බවුද්ධයන් පන්සල්වල තිබෙන දේවාල වලට පමණක් නොව අල්ලා දෙවියන්ගේ සහ දෙමල දෙවිවරුන්ගෙනුත් ,දෙමල මිනිසුන් බවුද්ධ සහ මුස්ලිම් සිද්ධස්තානවලටත් මුස්ලිම් මිනිස්සු බවුද්ධ සහ හින්දු ආගමික ස්ථානවලටත් ගොස් තම සතුරන්ට හෙනහත ඉල්ලති.
දේශපාලකයෝ අද බහුල වශයෙන් තම සතුරු දේශපාලකයනට එරෙහිව එම ස්ථානවලට ගොස් පලි ගසන බව කියන ඔහු කපුවන් සහ කට්ටඩියන් වනාහී කුලියට මිනී මරන්නන් බවත් ඇතැම් විටෙක කුලියට මිනීමරන්නන්ට වඩා ඔවුන්ගේ සිත් දරුණු බවත් ඔහු එම ලිපියේ සඳහා කර තිබේ.
මෙම ස්ථානවලට යන බහුතරය ග්‍රාමීය පිරිස්වලට වඩා නාගරික කරණය වූ අය බව ඔහු කියා සිටී.
INDIAN EXPRESS හී පළකර තිබු ඉංග්‍රීසි වාර්තාව මෙම බ්ලොගයේ වෙනම පළ කෙරේ.
Comments
කට්ටඩියෝද වස්කවි ලියන්නෝද ජාතිවාදියෝද කුලියට මිනිමරණ එවුන්ට වඩා දරුණු සිත් ඇති කාලකන්නියෝය.