Skip to main content

හිර ගේ කඩමු!

හිර ගේ කඩමු!

අපේ  රටේ සිංහල බහුතරය  අපෙන් බාහිර  ලෝකයට ඇත්තේ  පුදුම  බයකි.ප්‍රධාන වශයෙන්ම  සිංහලයන් තුල මේ   බය  ගොඩ  නැගුවේ  තුළ විජේවීර මහතාත්  ජවිපෙන් කැඩී ගිය කණ්ඩායම්ද  විසිනි .විශේෂයෙන්ම ඉන්දියාව  අපව  ගිල  ගන්නා  රාක්ෂයෙක් ලෙස සිංහලයන්ගේ  සිත් තුල  භයානක  චිත්‍රයක් ඔවුහු තාර  වලින්  ඇඳ  තිබේ.
ETCA ගිවිසුම  තවමත් කෙටුම්පත්  කර නැතත් ඇතැමෙකු එයට විරෝධය දැක්වීමට  මිනිසුන්  පොළඹවන්නේ  එය  තම  දෑසින් දුටුවාක් මෙනි.රැකියා  දස  ලක්ෂයක්  නිර්මාණය කිරීමේ අරමුණින්  සිටින  ආණ්ඩුවක්  ඉන්දියාවේ  මිනිසුන්ට  අපේ  රටේ  රැකියා දීමට  කැමති වෙද  යන්න අපේ  මිනිස්සු කල්පනා  කරන්නේ  නැත.
ජපානය මෙහෙයවන ආසියානු සංවර්ධන බැංකුව ඉන්දියාව  සහ  ලංකාව යා  කරමින්  පාලමක්  තනන ලෙස ඉන්දියාවට  යෝජනා  කර  තිබේ,ඒ අතර  ඉන්දියාව අවට රටවල්  හා   සම්බන්ධ  කරමින් ගොඩබිම් මාර්ග තනන්නට  යන අතර එම මාර්ග පකිස්ථානයට   චීනයට , කොරියාවට  සහ  යුරෝපයට   ය කිරීමට් අපේක්ෂා  කෙරේ.
අනාගතයේ  තනන්නට  යන  තවත් දැවැන්ත  ව්‍යාපෘතියක් වන්නේ බ්‍රිතාන්‍යයේ  සිට  රුසියාව  හරහා  ඇමෙරිකාවට  අධී වේගී මාර්ගයක්  තැනීමය. මෙය  යෝජනාව  ඉදිරිපත්  කර  ඇත්තේ  රුසියාවය.
කලක සිටම  යුරෝපයේ  සිට( රුසියාව  හරහා ) චීනය  දක්වා දුම්රිය  මාර්ගයක් තිබේ.
ලෝකය  ගොඩබිම් මාර්ග  හරහා නව  මහා  මාර්ග  තැන්නේ එමගින් ඔවුන්ගේ  රටවල්  දියුණු  කර  ගැනීමට හැකි වනු ඇතැයි සහතිකයක් ඔවුන්ට  තිබේන නිසාය.
ලෝකය  හා එකතු  නොවී  මේ  දුපතට වී  දුප්පතුන් ලෙස සිට මැරී  යාමට සිංහලයන් පොළඹවන දේශපාලකයනට අනාගත පරම්පරවල්වලින්  නම් සමාවක්  නොලැබෙනු ඇත.


Comments

අජිත් පැරකුම් හරහා මේ පැත්තේ ආවා. පැහැදිලියි.
අජිත් පැරකුම් හරහා මේ පැත්තේ ආවා. පැහැදිලියි.
siri elapatha said…
සහතික ඇත්ත....ලෝකය හෝ..ප්‍රස්තුත....කරුණු කාරණා..විමසිලි බුද්ධියෙන්...දකින්න...අවබෝධ කරගන්න...හැකි..අධ්‍යාපනයක් තවම දෙන්නේ නැහැ...හැමදාම විශ්ව විද්‍යාල පාරේ...උන්ට ඉංග්‍රීසි දන්නෙම නැහැ..දන්නා එකම දේ සටන් පාඨ..පමණයි..දේශපාලකයෝ ඒවාට හරි කමය්හියි...උන්ගේ පැවැත්ම තියෙන්නේ..එවන් ජනතාවක් අතර පමණයි...

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...