Skip to main content

විශ්වාස භංගය රනිල් විශ්‍රාම යවයිද ?


Image result for ranil wickramasinghe


අගමැතිවරයාට එරෙහි අප්‍රියෙල් 4 වනදා  පාර්ලිමේන්තුවට ගෙනෙන විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කරාවිද නැතහොත් පරදිවිද යන්න ගැන අනුමාන කිරීමට නම්      2015  මහමැතිවරණයේ ප්‍රතිඵල සහ ඉන්පසු ඇතිවූ දේශපාලන හැලහැප්පිලි ගැන විමසීමක් කර බැලිය යුතුය .



ඉකුත් මහා මැතිවරණයේ ප්‍රතිඵල යලි මතකයට ගමු .


එක්සත් ජාතික පෙරමුණ                    106

එක්සත් ජනතා නිදහස් සන්ධානය        95

දෙමල ජාතික සන්ධානය                     16

ජනතා විමුක්ති පෙරමුණ                       6

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය                   1

ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය       1


අප්‍රියෙල් 4 දිනට නියමිත චන්ද විමසීමේදී ඒ.ජා.පෙ.මන්ත්‍රීවරු 106 න් 102  දෙනෙකු  විශ්වාස භංගය පරාජය කිරීමට චන්දය දෙනු ඇතැයි අපේක්ෂා කළහැකිය. කතානායක වරයාගේ  චන්දය  පාවිච්චි කරනු ඇත්තේ දෙපැත්තම සම වුවහොත්ය 


රතන  හිමියන්  රනිල්ට විරුද්ධව චන්දය දෙන බව දැනටමත්  කියා  තිබේ.


 විජේදාස  රාජපක්ෂ මහතා අධිකරණ ඇමති කමින් පැන්නීමට එජාප  මන්ත්‍රීවරු  කටයුතු  කළ බැවින් ඔවුන්ට පාඩමක්  ඉගැන්වීමේ අපේක්ෂාවෙන්   විජේදාස මන්ත්‍රීවරයා  යෝජනාවට   පක්ෂව  චන්දය  දෙනු ඇත .



ශ්‍රී ල.මු.කො . වෙනම  තරඟ  කොට එක මන්ත්‍රීවරයෙකු පත්වූ අතර  ඔහුගේ චන්දයද රනිල්ට  පක්ෂව  ලැබීමට  ඉඩ තිබේ .එවිට  රනිල්ට  පක්ෂව  ලැබෙන චන්ද ප්‍රමාණය  103  කි.



විශ්වාස භංගය ජයග්‍රහණය කිරීම සඳහා එක්සත් ජනතා සංධානයේ 95 දෙනා (මහින්ද සහ මෛත්‍රී පිල ) ද  රතන හිමිද , විජේදාස මහතාද  , EPDP  ඩග්ලස් දේවානන්ද  මහතාද  ,ජවිපෙ  මන්ත්‍රීවරු  6  දෙනාද  චන්දය  පාවිච්චි  කරනු ලැබුවහොත්  එයට පක්ෂව  චන්ද 104 ක් ලැබෙනු ඇත .

 

එසේ වුවහොත් එක චන්දයකින්  රනිල් පරදිනු ඇත 


දෙමල ජාතික සන්ධානයට  මන්ත්‍රී තනතුරු 16 ක් තිබේ. ඔවුන් කුමක් කරනු ඇද්ද?


රනිල් ගෙදර  යැවීමෙන්  ඔවුන්ට  ලැබෙන  දෙයක් නැත  .රනිල් විශ්‍රාම  යැවීමෙන් සිදුවන්නේ   ලැබෙන්නට තිබෙන දෙයක් වුවද   ඔවුන්ට නැතිවීමය 



එබැවින් දෙමල  ජාතික සංධානය රනිල්ට එරෙහි වෙතයි සිතීමට නොහැක . එහි මන්ත්‍රීවරු 16 දෙනා විශ්වාස භංගය පරාජය කිරීම සඳහා චන්දය පාවිච්චි කිරීමට බෙහෙවින් ඉඩ තිබේ.


දෙමල ජාතික සන්ධානයේ 16  රනිල්ට පක්ෂව  චන්දය දෙනු ලැබුව  හොත් රනිල්ට  පක්ෂව  ලැබෙන චන්ද සංඛ්‍යාව 119 කි .



Image result for maithri in sad mood

 

ඉහත  කාරණාවල් මෛත්‍රී පිළේ ඇමැතිවරුද කිරා  මැන  නොබලන්නට  හේතුවක් නැත . විශ්වාස   භංගයට පක්ෂව චන්දය දීම යනු  තමන්ගේ  ඇමති පට්ටම උගස්  තබා බුරුවා ගැහිල්ලක් බව  සිරිසේන  පාර්ශවයේ  ඇතැමෙකු අවබෝධ කරගෙන සිටිනු බවට සැකයක් නැත    . 

එබැවින් සිරිසේන  පාර්ශවයේ රාජපක්ෂ වාදීන් හැර අන් අය විශ්වාස  භංගයේදී චන්දය දීමෙන් වැලකි සිටීමට  ඉඩ  කඩ තිබේ . 


එබැවින් එළඹිය  හැකි නිගමනය  නම් දෙමල  ජාතික සන්ධානය විශ්වාස  භංගයට විරුද්ධව  චන්දය පාවිච්චි  කළහොත්  අප්‍රියෙල්  5 වෙනිදත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති  පුටුවේ  සිටින බවය .


කෙසේ වෙතත්  එක්සත් ජාතික  පක්ෂයේ මන්ත්රිවරු අතරින්  11 දෙනෙකු විශ්වාස  භංගයට  චන්දය දෙනු ලැබුවහොත් රනිල්ට  ගෙදර  යාමට  සිදුවේ .


මෙවැනි අවස්ථාවල සල්ලි ගෝනි ගණනින් හුවමාරුවන   බැවින් චන්දය විමසා අවසන් වෙනතුරු සිදුවිය  හැක්කේ  කුමක්දැයි  ස්ථිර  ලෙසම  කීම දුෂ්කරය .


කෙසේ වෙතත්  රනිල්ගේ  පරාජය එකසත් ජාතික  පක්ෂය දුර්වල  කරනු ඇති අතර  මහින්ද  පිල ශක්තිමත් වනු ඇත .


ඉන්පසු මෛත්‍රිපාල  ජනාධිපතිවරයාගේ  ඉරණම කුමක් වනු ඇද්දැයි  කීමට තවමත් කල් වැඩිය .



Comments

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...

ඒ කාලේ අපි කරුවලේ කරපු වැඩ

  "උඹ කොළඹ ගිහින් තියෙනවද ගුණදාස  ?" "නෑ " "උඹ කොළඹගිහින් තියෙනවද  සිරිපාල? " "නෑ " "උඹ කොළඹ ගිහින් තියෙනවද  පේමදාස? " "නෑ " ඒ  බාලාංශ පන්තිවල ඉගෙනගන්නා කාලයේ පන්තියේ කොල්ලන්ගෙන් මම  ඇසු ප්‍රශ්නයි  කෙල්ලන්ගෙන් කිසිදිනක එම ප්‍රශ්නය නොඇසුවෙමි  .හේතුව අසීමිත ලැජ්ජාව නිසාය  බැරිවෙලාවත් ඇහුවොත් දෙන පිළිතුර වන්නේ "පලයන් කොල්ලෝ යන්න " යන්නය.   .පන්තියේ  එවුන් එකෙක් වත් කොළඹ ගොස් නොතිබුණද  තුනේ පන්තිය වන විට  මම තුන් හතර  වරක් කොළඹ ගොස් ඇවිත්  සිටියෙමි .   .කොළඹ යාමට පින පැදුනු හේතුව  මෙසේය .      (මේ අපේ මාමා සේවය කළ DONALD'S ස්ටුඩියෝවේදී ගන්නා ලද චායාරුපයෙකි)         අපේ අම්මගේ මල්ලි හෙවත් මගේ මාමා චායාරුප ශිල්පියෙක් විය ඔහු සේවය කලේ කොළඹ මරදානේ  Donald's Studio හීය . නැවතී සිටියේ දෙහිවල කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ බෝඩිමකය එහි සිටියදී ඔහු ඇතිකරගත් ප්‍රේම සම්බන්ධය විවාහය දක්වා දික්විය .නැන්දාව කැන්දාගෙන ඒම සඳහා ගිය පිරිස අතර අවුරුදු 7 ක් වයසැති  මාද විය ...