අගමැතිවරයාට එරෙහි අප්‍රියෙල් 4 වනදා පාර්ලිමේන්තුවට ගෙනෙන විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කරාවිද නැතහොත් පරදිවිද යන්න ගැන අනුමාන කිරීමට නම් 2015 මහමැතිවරණයේ ප්‍රතිඵල සහ ඉන්පසු ඇතිවූ දේශපාලන හැලහැප්පිලි ගැන විමසීමක් කර බැලිය යුතුය .
ඉකුත් මහා මැතිවරණයේ ප්‍රතිඵල යලි මතකයට ගමු .
එක්සත් ජාතික පෙරමුණ 106
එක්සත් ජනතා නිදහස් සන්ධානය 95
දෙමල ජාතික සන්ධානය 16
ජනතා විමුක්ති පෙරමුණ 6
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 1
ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 1
අප්‍රියෙල් 4 දිනට නියමිත චන්ද විමසීමේදී ඒ.ජා.පෙ.මන්ත්‍රීවරු 106 න් 102 දෙනෙකු විශ්වාස භංගය පරාජය කිරීමට චන්දය දෙනු ඇතැයි අපේක්ෂා කළහැකිය. කතානායක වරයාගේ චන්දය පාවිච්චි කරනු ඇත්තේ දෙපැත්තම සම වුවහොත්ය
රතන හිමියන් රනිල්ට විරුද්ධව චන්දය දෙන බව දැනටමත් කියා තිබේ.
විජේදාස රාජපක්ෂ මහතා අධිකරණ ඇමති කමින් පැන්නීමට එජාප මන්ත්‍රීවරු කටයුතු කළ බැවින් ඔවුන්ට පාඩමක් ඉගැන්වීමේ අපේක්ෂාවෙන් විජේදාස මන්ත්‍රීවරයා යෝජනාවට පක්ෂව චන්දය දෙනු ඇත .
ශ්‍රී ල.මු.කො . වෙනම තරඟ කොට එක මන්ත්‍රීවරයෙකු පත්වූ අතර ඔහුගේ චන්දයද රනිල්ට පක්ෂව ලැබීමට ඉඩ තිබේ .එවිට රනිල්ට පක්ෂව ලැබෙන චන්ද ප්‍රමාණය 103 කි.
විශ්වාස භංගය ජයග්‍රහණය කිරීම සඳහා එක්සත් ජනතා සංධානයේ 95 දෙනා (මහින්ද සහ මෛත්‍රී පිල ) ද රතන හිමිද , විජේදාස මහතාද , EPDP ඩග්ලස් දේවානන්ද මහතාද ,ජවිපෙ මන්ත්‍රීවරු 6 දෙනාද චන්දය පාවිච්චි කරනු ලැබුවහොත් එයට පක්ෂව චන්ද 104 ක් ලැබෙනු ඇත .
එසේ වුවහොත් එක චන්දයකින් රනිල් පරදිනු ඇත
දෙමල ජාතික සන්ධානයට මන්ත්‍රී තනතුරු 16 ක් තිබේ. ඔවුන් කුමක් කරනු ඇද්ද?
රනිල් ගෙදර යැවීමෙන් ඔවුන්ට ලැබෙන දෙයක් නැත .රනිල් විශ්‍රාම යැවීමෙන් සිදුවන්නේ ලැබෙන්නට තිබෙන දෙයක් වුවද ඔවුන්ට නැතිවීමය
එබැවින් දෙමල ජාතික සංධානය රනිල්ට එරෙහි වෙතයි සිතීමට නොහැක . එහි මන්ත්‍රීවරු 16 දෙනා විශ්වාස භංගය පරාජය කිරීම සඳහා චන්දය පාවිච්චි කිරීමට බෙහෙවින් ඉඩ තිබේ.
දෙමල ජාතික සන්ධානයේ 16 රනිල්ට පක්ෂව චන්දය දෙනු ලැබුව හොත් රනිල්ට පක්ෂව ලැබෙන චන්ද සංඛ්‍යාව 119 කි .

Comments