Skip to main content

ගෞතම් සහ වීරවංශ හෙළුවෙන් ඇවිදීම




        ගිය සිකුරාදා ගෞතම්   බුද්ධ  නගරයේ  වැසියෙකු වන සුනිල් ගෞතම් සිය  භාර්යාව සහ  ඥාතින්  පොලිසිය  ඉදිරිපිටදී රෙදි ගලවා  දැමු බව  India Today පුවත් පත  වාර්තා  කර තිබුණි .



ඔවුන් රෙදි ගලවා  තිබෙන්නේ  පොලිසිය  ඔවුන්ගේ  පැමිණිල්ල  ලියා  ගැනීම  ප්‍රතික්ෂේප  කිරීම නිසාය .




සුනිල් ගෞතම්  ජීවත්වෙන්නේ  ඉන්දියාවේ  උත්තර  ප්‍රදේශයේ ගෞතම්  බුද්ධ  නගරයේය . ඔහුගේ  අසල්වැසියා මහවිර්ය . දෙදෙනා  අතර  ඉඩම් ආරවුලක් කලක සිට  පවතින අතර  මහාවීර්  තම  නිවසට  කඩා වැදී  පහර දී  තමන්ගේ නිවසේ  තිබු  භාණ්ඩ ද  මංකොල්ල  කන  ලද  බව  පැමිණිලි  කරන්නට  ගිය  නමුත් පොලිසිය එම  පැමිණිල්ල  භාරගත්තේ  නැත .  ඔහු සිය  බිරිදත්  තවත් ඥාති  කාන්තවක්   සහ  පිරිමියෙක්  සමග  පොලිසියට විරෝධය දැක්වීමට  පොලිසිය ඉදිරිපිටදී  ඇඳුම්  ගලවා  හෙලුවැල්ලෙන් සිටියහ .


  මෙහි  තවත්  කතාවක්  තිබේ, මෙම  සිද්ධිය  යොදාගනිමින්  ආගමික  අන්තවාදියෙක්   බොරු  ප්‍රවුර්තියක් (fake news )  නිර්මාණය  කොට  මුහුණු පොතේ  පළකිරීමය  .එම  ප්‍රවුර්තියට  යොදාගනු ලැබුවේ  නිරුවත් පිරිසෙන් දෙදෙනෙකු පමණක්  සිටින  සේ  චායරුපයක් සකස්  කොට උත්තර් ප්‍රදේශයේ  පිරිසක් , ක්‍රිස්තියානි   පුජකයෙකු සහ ඔවුගේ  බිරිඳ නිරුවත් කොට  නගරය  පුරා  ඇවිද්දවූ බවය .පින්තුරය  තමන්ට  ඕනා  හැටියට සකස්  කොට පලකලේ මෙසේය .




මෙයටත් වඩා  භයානක පචයක් සත්‍යයක්  බවට   ලංකාවේද  ප්‍රචාරය කිරීමට  තුට්ටු දෙකේ  පත්තර අරඹා  තිබේ. බුකියේ ඇතැමෙකුද  එම  පචය නැවත වරක් ප්‍රචාරය  කරමින් සිටි 


මේ අමු කෙබරය  නිර්මාණය කළේ  වෙන  කවුරුවත්  නොව දාඩිය දමන විටද දේශප්‍රේමය වැක්කෙරෙන  වැසිකිලියට  ගිය විටද දේශප්‍රේමය  පිටකරන කටේ සැම කෙල බින්දුවක්ම  දේශප්‍රේමයෙන්  තම්බා  තිබෙන  විමල් වීරවංශ ය .

 දැනට  දින  කීපයකට  පෙර  මාධ්‍ය  ඉදිරියේ  ප්‍රකාශයක්  කළ  ඔහු ලංකාවේ  පෙර පාසල්වල සහ  පාසල්වල  ළමුන්ට සම ලිංගිකත්වය  උගන්වන්නට  යන  බව කියා සිටියේය  මෙයට සහය දෙන්නේ  අග්‍රාමාත්‍ය  කාර්යාලය  බවද ඔහු  තව දුරටත් කියා  සිටියේය . ඒ  බව  Daily Mirror  පත්තරයේ  පළකර තිබෙන  බවද  ඔහු කියා  සිටියේය .


විමල් වීරවංශ ගේ ඉංග්‍රීසි දැනුම සැක සහිතය . මන්ද  ඔහු ඉංග්‍රීසියෙන් කතාවක් පවත්වන අවස්ථාවක්  හෝ  ඉංග්‍රීසියෙන්මා  ලියන ලද  ලිපියක් හෝ මා   නම් මේ වෙනතුරු  දැක  නැත .එක්කෝ Daily Mirror වාර්තාව  ඔහු වරදවා වරදවා  වටහා  ගෙන තිබේ. එසේත් නැත්තම්  එය විකුර්ති කර ආණ්ඩුවට එරෙහිව  තවත් ගල් වරුසාවක්  ගහන්නට එය  යොදා  ගත්තා විය යුතුය . 


 ඇත්තටම පොඩි එවුන්ට සම ලිංගිකත්වය  ගැන උගන්වන්නට  යන්නේද ? එසේත් නැත්තම් ඇත්ත  කුමක්ද ?

ඇත්ත   කතාන්දරය  මෙසේය .



Think Equal  නමින් ජාත්‍යන්තර සංවිධානයක් තිබේ . ලෝකයේ  සියලුම  ළමුන්ට අනෙකුත් ළමුන් දෙස සමානත්වයෙන්  දකින්නට  හුරු කිරීම සඳහා  විෂය  නිරදේශයක් සහ  පාඩම්  මාලාවක් ඔවුහු  නිර්මාණය  කර  තිබේ ,.සමානත්වය  යනුවෙන් අදහස්  කරන්නේ  ජාතිය ආගම  කුලය දක්ෂතාවය , අදක්ෂ තාවය  ආබාධිත්වය , ශාරීරික රෝග ආදී  මත පදනම්ව ළමුන් දෙස  නොබැලීමට  ළමුන් හුරු  කිරීමය . එමෙන්ම  පාසල්වලදී ළමුන්ට  ළමුන් විසින්ම පහරදීම වැරදි බව  ළමුන්ගේ සිත් තුලට ඇතුල් කිරීම ද  මෙම වැඩ සටහනට අයත්ය  මෙම  වැඩ සටහන  එක්සත් ජාතීන්ගේ සංවිධානය , ලෝක  බැංකුව ,  කීර්තිමත් අධ්‍යාපන ආයතන වන යේල්  විශ්ව විද්‍යාලය,සහ ස්ටෑන්ෆඩ් විශ්ව විද්‍යාලය  අනුමත  කර  තිබේ  .


මෙය  ඉතා වටිනා අධ්‍යාපන වැඩ සටහනක්  බැවින් ලංකාවේ ආණ්ඩුව එය  මෙහි ක්‍රියාත්මක  කිරීමට  තීරණය  කර තිබේ  මෙය අත්හදා  බැලු පෙර  පාසල්  ගුරුවරියන් කීප දෙනෙකුම එය ඉතා ඵලදායි   වැඩ සටහනක් බව  සනාථ  තිබේ .


පහත  චායාරුපවල දැක්වෙන්නේ එම වැඩ  සටහන අගය කරමින් අදහස් දැක්වූ  පෙර පාසල්  ගුරුවරියන් කීප දෙනෙකි .



Google හි Think Equal  ටයිප්  කිරීමෙන් වැඩි දුරටත්  මේ  පිළිබඳව අවබෝධයක්  ලබා  ගත  හැකිය .

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

Colombo Today  නම් පත්තර  කඩ  මාල්ල  මෙය විකුර්ති කරමින් ලියා තිබුනේ මෙසේය .

“අපේ ඉලක්කය වසය 3-7 දරුවන්” – පාසල්වල “සමලිංගික” සමානතාවය උගන්වන ව්‍යාපෘතියේ LGBT ප්‍රධානියා කියන කතාව මෙන්න


ශ්‍රී ලංකාවේ පාසල් විෂය මාලාවට “සම අධ්‍යාපනය ” (Think Equal) නම් නවතම විෂයක් හදුන්වාදීමේ සූදානමක් පිලිබදව කතා බහක් ඇතිවෙමින් පවතිනවා.
“තින්ක් ඊක්වල්” නම් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන මෙම ව්‍යාපෘතියේ මෙරට ප්‍රධානීත්වය දරන්නේ අරිත් වික්‍රමසිංහ නම් පුද්ගලයෙකු විසිනි. ඔහු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයන් කිහිප දෙනෙකු සමග සමීප සබදතාවක් පවත්වන බවද පැවසේ.
LGBT (lesbian, gay, bisexual, and transgender) සමලිංගික/ද්වීලිංගික ක්‍රියාකාරම් සහිත ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාකාරීව සිටින අරිත් වික්‍රමසිංහ ගෝලීය LGBT ප්‍රජාවේ අනාගත නායකයන් 30 දෙනාගේ ලයිස්තුවට ෆිනෑන්ෂල් ටයිම්ස් සගරාව විසින් නම් කරන ලද අයෙකුද වෙයි.
“ඩේලි මිරර්” පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ “Think Equal” විෂය ලොවපුරා රටවල් දාහතක පාසල්වලට හදුන්වා දීමට සූදානම් වන අතර ශ්‍රී ලංකාව එම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන පළමු රට බවට පත්වන බවයි.
වයස අවුරුදු 3ත් 7ත් අතර දරුවන් සමග පෙර පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවද ඔහු පවසයි. දරුවන් තුළ පෞරුෂ වර්ධනයේ ආරම්භක අවධිය එම වයස් ඛාණ්ඩය වන බැවින් ඔවුන් ඉලක්ක කරගත් බවද ඔහු ප්‍රකාශ කරයි. මේ වන විටත් මෙරට පෙර පාසල් 60ක මෙම ව්‍යාපෘතිය අත්හදා බලමින් සිටින බවද හරිත් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත.
මෙරට ක්‍රියාත්මක කරන මෙම සමස්ථ ව්‍යාපෘතිය සදහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ පූර්ණ සහයෝගය ලැබෙන බවද හෙතෙම කියා සිටී.
සමලිංගිකත්ව සංස්කෘතිය පිළිබදව වඩාත් සාධනීය වටපිටාවක් මේ වන විට ශ්‍රී ලංකාව තුළ ගොඩනැගෙමින් පවතින් බවත්, ඉදිරි වසර 10-20 තුළ LGBT (සමලිංගික/ද්වීලිංගික) ප්‍රජාව වෙනස් කොට නොසලකන සමාජයක් බිහිකළ යුතු බවද හරිත් වික්‍රමසිංහ කියා සිටී. සමලිංගික සේවනය මෙරට තුළ තහනම් කර ඇති පැරණි නීති අවලංගු කළ යුතු බවත්, නව ව්‍යවස්ථාව තුළින් එම අයිතියි පිළිගත යුතු බවත් හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.



Comments

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...