Skip to main content

ඥානසාරලාට බය ආණ්ඩුව




 


       මේ  ආණ්ඩුව  ගැන අප සිටින්නේ  කේන්තියෙනි .ජනවාරි 8 ට  පෙර   මේ ආණ්ඩුවේ  ලොක්කෝ දෙසා  බෑ බේගල්  විශ්වාස කොට . අපි චන්දය දුන්නෙමු . එහෙත් අවුරුදු දෙක හමාරක්  ගත වීත්  වදා තිබෙන්නේ  කෙන්දක් පමණය . ජනවාරි 8 ට  පෙර  නම් ඔවුහු අපට කිවේ පිදුරුතලාගල  කන්දටත් වඩා  ලොකු කන්දක් වදන  බවය 


  දෙවෙනි දර්ගා ටවුමක්  අපි බලාපොරොත්තු උනේ  නැත.  එහෙත් ජනවාරි 8 න් පසු දර්ගා ටවුම  ,ගින්තොටට , අම්පාරට , සහ තෙල්දෙණියට ගියේය . තෙල්දෙණියෙන් එය අවට  ගම්මානවලට  පැතිර  ගියේය . එය හෙට තවත් තැනකට බොහෝ විට  යනු ඇතැයි අනුමාන කරන්නට දැන් අපිට සිදුවී  තිබේ  


එසේ වෙන්නේ ඇයි? 


එසේ වන්නේ මේ ආණ්ඩුව  බියගුලු  ආණ්ඩුවක් නිසාය. ආණ්ඩුව  ලෝක ප්‍රජාවටත් බයය . එක්සත් ජාතීන්ගේ මානව  හිම්කම් සභාවටත්  බයය . අපරාධ  කළ හිටපු හමුදා  නිලධාරීන්ටත්  බයය . ඥානසාරට  නිකායටත්  බයය  . 



Image result for anti muslim riots in kandy


අද  කෙරුම්කාරයෝ වී තිබෙන්නේ ඥානසාරලාය .අම්පිටියෙ සුමනේලාය . බෙන්ගමුවේ නාලකලාය , ඉත්තැකන්දෙලාය. තෙල්දෙණිය  ගිනි තිබ්බේ  ඥානසාර , අම්පිටියේ සුමන  තම සහපිරිවෙර සමග තෙල්දෙණියට ගිය  පසුවය . 


ගින්තොට සිද්ධියෙන්  පසු එවැන්නක් සිදුවීම වැලක්වීමට ආණ්ඩුව  කිසිම සැලැස්මක් සකස්  නොකළ බව ඕනෑවටත් වඩා  පැහැදිලිය . ඉන්පසු  අම්පාර ගැටුම ඇතිවුයෙත් ඉන්පසු   තෙල්දෙණිය සහ අවට  ගම්මානවලට  පැතිරගියේත් ආණ්ඩුවේ සෙවල  කම නිසාය. ආණ්ඩුව ආ විගස අලුත්ගම සිද්ධිය ගැන  නැවත විභාගයක් පවත්වා එයට සම්බන්ධ සියලු දෙනා  කුඩු කළේ නම්,  යලිත් එවැනි  අවාසනාවන්ත සිද්ධීන් ඇතිවීම වැලැක්වීම සඳහා තද නීති පැනවුයේ  නම් ,  ගින්තොට අම්පාර , තෙල්දෙණිය ගිනි තබන්නේ  නැත  . සිංහල අන්තවාදීන්  කොපමණ දුරට සංවිධානය වී  තිබේද  යන්න  හදිසි නීතිය  පැනවීමෙන්  පසුත්  ඊයේ  රාත්‍රී තැන්නකුඹුරේ කුඩා මුස්ලිම් පල්ලියක් ගිනි තැබීමෙන් පෙනේ .



Image result for anti muslim riots in kandy



මුස්ලිම් විරෝධී ගැටුම් උග්‍ර  කිරීම  මගින්   රට අස්ථාවර  කර මේ ආණ්ඩුව  මහජනයාට  තව දුරටත් අප්‍රිය  කර  රාජපක්ෂලා  නැවත  බලයට ගෙන එම සඳහා බලවත්  පිරිසක් පිටුපස  සිටින බව ට සැකයක් නැත . එකතරා  මාධ්‍යයක සඳහන්  වූ ආකාරයට අම්පාරේ සහ  තෙල්දෙණියේ  ගිනිතැබීම්  පිටුපස  සිටින්නේ  මහසෝන්  බලකාය  නමින් හදුන්වන මැර  පිරිසකි. ඔවුන් මෙහෙයවනු ලබන්නේ   හමුදාවේ හිටපු රාජපක්ෂවාදී ලොක්කන් කීප දෙනෙකි .ආණ්ඩුවේ බුද්ධි අංශ මේ පිළිබඳව ආණ්ඩුවට  වාර්තා  කර ඇතුවාට සැකයක් නැත. එහෙත් ඔවුන්ට එරෙහිව  කටයුතු කරන්නට අගමැති හෝ ජනධිපතිවරයා හෝ ඔවුන් දෙදනාම  හෝ සුදානම් නොවීම ඉතා අවාසනාවන්ත තත්වයකි .ආණ්ඩුව මේ  මොහොතේ  ඔවුන් සහ ඔවුන්ගේ සහචරයන් කුඩු කරන්නට ,ඔවුන්ගේ දේපල රාජසන්තක  කරන්නට සහ වෙනත් දැඩි  ක්රියා මාර්ග  ගැනීමට  සුදානම් නොමැති නම් ඉදිරියේදී  ඔවුන් ලංකාවම ගිනි තබන  බවට කිසිදු සැකයක් නැත .



Image result for anti muslim riots in kandy


යලිත් මෙවැනි සිද්ධි ඇතිවුවහොත් ආණ්ඩුව අඩු වයසෙන් කාලක්‍රියා  කරනු ඇත අවමඟුලේදී අඬන්නට වැලපෙන්නට කිසිවෙකු  නොමැතිවනු ඇත . 1948 න් පසු පිහිටුවනු ලැබූ  දුර්වලම ආණ්ඩුව  ලෙස  ඉතිහාසයේ  ලියවෙනු ඇත .






Comments

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...