Skip to main content

රට ගිනි තිබ්බේ ෆේස් බුකියද නැත්තම් ?




 Image result for burning sri lanka

    ෆෙස්බුකිය  තවමත් ( අද 2018  මාර්තු 13 ) වහපු  ගමන්ය. මහනුවර , අම්පාර ආදී තැන්  ගිනි ගත්තේ  ෆේස් බුකිය නිසා  බව ආණ්ඩුව  පමණක් නොව තවත් අයද පසුගිය දිනවල  කිහ .තවමත්  කියති.



  ඇත්තටම  රට ගිනි තිබ්බේ  ෆේස් බුකියිද ? නැතහොත් දේශපාලකයෝද ? නැතහොත් පන්සලද? නැතහොත්  මුස්ලිම් පල්ලියද?


ෆේස්බුකිය යොදාගෙන  අමනුස්සයෝ  අනෙත්  ජනවර්ග වලට එරෙහිව මිනිසුන්   උසි   ගැන්වූ බව ඇත්තය. එහෙත් අමනුස්සයන්ගේ  ඔලුවල ජාතිවාදය ඉබේ පහල වුවේ  නැත .    කලි කාලයක් තිස්සේ  අන්  ජනවර්ගයන්ට එරෙහිව   අදහස්  ප්‍රචාරය  කිරීම නිසා  යහපත්  මිනිසුන් අමනුස්සයන් බවට  පත්වූ අතර ඔවුහු  කළේ එම අදහස් අන්  අය  අතරට  යැවීම සඳහා ෆේස් බුකිය  යොදා ගැනීමය .

ජනවර්ගයකට එරෙහිව තවත්  ජනවර්ගයක් උසිගැන්වීම   ඉතා  තියුණු වුයේ  1948 න් පසුවය . එයට  පෙර  ජනවර්ග  ගැටුමක් ඇතිවූ එකම අවස්ථාව 1915 සිංහල -මුස්ලිම්  කෝලාහලය . ඒ  හැර අතීතයේදී  ලංකාවේ  මිනිසුන් ජනවර්ග  ලෙස  බෙදී  මරා  ගැනීමක් සිදුවී  නැත .


  එංගලන්තයේ සුද්දෝ  අපේ රටේ  අයට මේ  පුංචි රට   භාර දී  ගිය  පසු   අපි අපේ රටේ  වෙනත් ජනවර්ග  සමග   ගැටුණු අවස්ථා බොහෝය .1956 සිට දෙමළුන් සමග නිතර නිතර  ගැටුණු සිංහලයෝ රාජපක්ෂ   ආණ්ඩු සමයේ අවසානයේ  සිට මුස්ලිම්  මිනිසුන්  සමගද හැප්පෙන්නට පටන් ගත් අතර  මේ ගෝත්‍රික  මරා  ගැනිලි වල අවසානය  කවදා සිදුවේදැයි  හිතා  ගැනීමටවත්  නොහැක .


ලංකාව  බහු  ජනවාර්ගික  , බහු ආගමික , රටක්  නොව  සිංහල බෞද්ධ  රටක්  බවට  කලිකාලයක් තිස්සේ විශේෂයෙන්ම  බෞද්ධ  භික්ෂුන්ද , ඇතැම් දේශපාලනඥයන්ද , ජනමාධ්‍යයන්ද  විසින්ද  සිංහලයන්ගේ මොලගෙඩි අස්සට  බස්සන  ලද මතවාදය සියලුම  ජනවාර්ගික  ගැටුම් වලටත්,   27 ත් අවුරුදු  යුද්ධයටත් උප්පත්තිය දුන්නේය .


27 අවුරුදු  යුද්ධය  සිංහලයන් විසින්  ජයග්‍රහණය  කිරීම නිසා  අන් ජනවර්ග තමන්ට  ඕනා  හැටියට  ජීවත් විය  යුතුය  යන  අදහස දැන් සිංහලයන් අතර පෙරටත් වඩා  පැලපදියම් වෙමින් තිබේ. 


තෙල්දෙනියේදී සිංහලයෙකුට  පහර දී  මරා දැමීම දඩ මීමා කරගෙන මුස්ලිම් මිනිසුන්ගේ දේපොළ ගිනිතැබීමට    සිංහල මිනිසුන් පිරිසක්   කුපිත  කිරීමට ඥානසාර+ මහසෝන් බලකායට  හැකිවුයේ ඒ නිසාය .




Image result for gnanasara

  

ලංකාවේ  එකම  උරුමක්කාරයෝ  සිංහල බෞද්ධයන්  පමණක්  යන   මතවාදය බහුතරයක් තුළ තිබෙන තුරු මේ රටේ  ජාතිවාදී ගැටුම් ඇති වීම  නැවැත්විය  නොහැක.  


 බහුතරයක් දේශපාලකයෝ  කරන්නේ  මිනිසුන් තුළ  පවතින  මෙම සිංහල බෞද්ධ  මතවාදය  ගසා  කමින්  බලයට ඒමට මෙන්ම  තිබෙන බලය සදාකාලික කර  ගැනීමට  එය පාලමක්  කර ගැනීමය . රාජපක්ෂලා  කරන්නේ එයය . වීරවංශලා  කරන්නේ  එයය . චම්පිකලා  කරන්නේ එයය . රතනලා  කරන්නේ එයය .ගම්මන්පිලලා  කරන්නේ  එයය .


සිංහල  බෞද්ධයන් බහුතරය වූ ආණ්ඩු ,  රාජ්‍ය  බලය අන් ජනවර්ග සමග  සමසේ  කෙසේ වෙතත් සාධාරණව  හෝ බෙදා  හදා  ගැනීමට සුදානම් නොවීම නිසා  දෙමල  ජනයා ෆෙඩරල් බලතල ඉල්ලු අතර එයට ඉඩ දීමට ආණ්ඩු සුදානම් නොවීම නිසා ප්‍රභාකරන්ලා  බිහිවිය . ඔවුන්ගේද , ආණ්ඩුවේද  27 අවුරුදු යුද්ධය සිංහල දෙමල මුස්ලිම් සියල්ලන්ටම විනාශය ගෙන ආවේය .


මුස්ලිම් මිනිසුන් යුද්ධයේදී සිංහලයාගේ  පැත්තේ  හිටගත්තද   , වෙනම රාජ්‍යයක්  තියා  ෆෙඩරල් බලතලවත්   ඉල්ලා සිටියේ නැති වුවද , තම්බියා  සිංහල බෞද්ධයාට  තර්ජනයක් ලෙස   වසර  ගණනක්  තිස්සේ   ඥානසාරලා රට  තුල ගෙන ගිය මතවාදය අලුත්ගම ,ගිංතොට , අම්පාර සහ මහනුවර අවට ගිනි ජාලාවක් ඇවිලෙව්වේය . .


මුස්ලිම් පල්ලිය විසින් ද සිංහලයා සහ  මුස්ලිම් ජාතිකයා අතර  විරසකයට  පෝර දමා  තිබෙන  බව කිව යුතුව  තිබේ. මීට දසක දෙකකට  පෙර  මුස්ලිම් ගැහැණුන්  ඔලුව වසා  ගත්තේ  සාරි පොටෙනි. කළු ලෝගු වලින් ඔලුවේ සිට දෙපතුල  දක්වා වසා  ගැනීම ඇරඹුණේ දසක දෙකක  හමාරක සිටය .  මුස්ලිම් මිනිසුන් වැඩි වැඩියෙන් මුහුණ  පුරා රැවුල් වවන්නට  පටන් ගත්තේද  අවුරුදු 20 ක  හමාරක සිටය .අරාබියේ සංස්කෘතිය මෙහි පැලපදියම් කිරීමට මුස්ලිම් පල්ලිය කටයුතු කිරීම  එයට  ප්‍රධානම හේතුවය .



Image result for sri lanka muslim women

ජාතිවාදය  පතුරවන සිංහල සංවිධාන  මැඩ  පැවැත්විය  යුතු සේම අරාබි සංස්කෘතිය  මෙහි පැලපදියම් කරන්නට  කටයුතු කරන  මුස්ලිම් පල්ලියේ වැයම අත් හිටුවීම ද  ආණ්ඩුව  පියවර  ගත යුතුය . ජනවර්ග දෙක අතර ඇතිවෙමින් යන  විරසකය අවසන් කිරීමට ආණ්ඩුවට ඇත්තටම  උවමනා   නම් ආණ්ඩුව පටන් ගත  යුත්තේ එතැනිනි . 



එහෙත් එවැනි  පියවර  ගන්නට තරම් ධයිර්යයක් මේ ආණ්ඩුවට තිබේ  දැයි සිතා  ගැනීම  ඔබට  භාරය 




  

Comments

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...