Skip to main content

රට ගිනි තිබ්බේ ෆේස් බුකියද නැත්තම් ?




 Image result for burning sri lanka

    ෆෙස්බුකිය  තවමත් ( අද 2018  මාර්තු 13 ) වහපු  ගමන්ය. මහනුවර , අම්පාර ආදී තැන්  ගිනි ගත්තේ  ෆේස් බුකිය නිසා  බව ආණ්ඩුව  පමණක් නොව තවත් අයද පසුගිය දිනවල  කිහ .තවමත්  කියති.



  ඇත්තටම  රට ගිනි තිබ්බේ  ෆේස් බුකියිද ? නැතහොත් දේශපාලකයෝද ? නැතහොත් පන්සලද? නැතහොත්  මුස්ලිම් පල්ලියද?


ෆේස්බුකිය යොදාගෙන  අමනුස්සයෝ  අනෙත්  ජනවර්ග වලට එරෙහිව මිනිසුන්   උසි   ගැන්වූ බව ඇත්තය. එහෙත් අමනුස්සයන්ගේ  ඔලුවල ජාතිවාදය ඉබේ පහල වුවේ  නැත .    කලි කාලයක් තිස්සේ  අන්  ජනවර්ගයන්ට එරෙහිව   අදහස්  ප්‍රචාරය  කිරීම නිසා  යහපත්  මිනිසුන් අමනුස්සයන් බවට  පත්වූ අතර ඔවුහු  කළේ එම අදහස් අන්  අය  අතරට  යැවීම සඳහා ෆේස් බුකිය  යොදා ගැනීමය .

ජනවර්ගයකට එරෙහිව තවත්  ජනවර්ගයක් උසිගැන්වීම   ඉතා  තියුණු වුයේ  1948 න් පසුවය . එයට  පෙර  ජනවර්ග  ගැටුමක් ඇතිවූ එකම අවස්ථාව 1915 සිංහල -මුස්ලිම්  කෝලාහලය . ඒ  හැර අතීතයේදී  ලංකාවේ  මිනිසුන් ජනවර්ග  ලෙස  බෙදී  මරා  ගැනීමක් සිදුවී  නැත .


  එංගලන්තයේ සුද්දෝ  අපේ රටේ  අයට මේ  පුංචි රට   භාර දී  ගිය  පසු   අපි අපේ රටේ  වෙනත් ජනවර්ග  සමග   ගැටුණු අවස්ථා බොහෝය .1956 සිට දෙමළුන් සමග නිතර නිතර  ගැටුණු සිංහලයෝ රාජපක්ෂ   ආණ්ඩු සමයේ අවසානයේ  සිට මුස්ලිම්  මිනිසුන්  සමගද හැප්පෙන්නට පටන් ගත් අතර  මේ ගෝත්‍රික  මරා  ගැනිලි වල අවසානය  කවදා සිදුවේදැයි  හිතා  ගැනීමටවත්  නොහැක .


ලංකාව  බහු  ජනවාර්ගික  , බහු ආගමික , රටක්  නොව  සිංහල බෞද්ධ  රටක්  බවට  කලිකාලයක් තිස්සේ විශේෂයෙන්ම  බෞද්ධ  භික්ෂුන්ද , ඇතැම් දේශපාලනඥයන්ද , ජනමාධ්‍යයන්ද  විසින්ද  සිංහලයන්ගේ මොලගෙඩි අස්සට  බස්සන  ලද මතවාදය සියලුම  ජනවාර්ගික  ගැටුම් වලටත්,   27 ත් අවුරුදු  යුද්ධයටත් උප්පත්තිය දුන්නේය .


27 අවුරුදු  යුද්ධය  සිංහලයන් විසින්  ජයග්‍රහණය  කිරීම නිසා  අන් ජනවර්ග තමන්ට  ඕනා  හැටියට  ජීවත් විය  යුතුය  යන  අදහස දැන් සිංහලයන් අතර පෙරටත් වඩා  පැලපදියම් වෙමින් තිබේ. 


තෙල්දෙනියේදී සිංහලයෙකුට  පහර දී  මරා දැමීම දඩ මීමා කරගෙන මුස්ලිම් මිනිසුන්ගේ දේපොළ ගිනිතැබීමට    සිංහල මිනිසුන් පිරිසක්   කුපිත  කිරීමට ඥානසාර+ මහසෝන් බලකායට  හැකිවුයේ ඒ නිසාය .




Image result for gnanasara

  

ලංකාවේ  එකම  උරුමක්කාරයෝ  සිංහල බෞද්ධයන්  පමණක්  යන   මතවාදය බහුතරයක් තුළ තිබෙන තුරු මේ රටේ  ජාතිවාදී ගැටුම් ඇති වීම  නැවැත්විය  නොහැක.  


 බහුතරයක් දේශපාලකයෝ  කරන්නේ  මිනිසුන් තුළ  පවතින  මෙම සිංහල බෞද්ධ  මතවාදය  ගසා  කමින්  බලයට ඒමට මෙන්ම  තිබෙන බලය සදාකාලික කර  ගැනීමට  එය පාලමක්  කර ගැනීමය . රාජපක්ෂලා  කරන්නේ එයය . වීරවංශලා  කරන්නේ  එයය . චම්පිකලා  කරන්නේ එයය . රතනලා  කරන්නේ එයය .ගම්මන්පිලලා  කරන්නේ  එයය .


සිංහල  බෞද්ධයන් බහුතරය වූ ආණ්ඩු ,  රාජ්‍ය  බලය අන් ජනවර්ග සමග  සමසේ  කෙසේ වෙතත් සාධාරණව  හෝ බෙදා  හදා  ගැනීමට සුදානම් නොවීම නිසා  දෙමල  ජනයා ෆෙඩරල් බලතල ඉල්ලු අතර එයට ඉඩ දීමට ආණ්ඩු සුදානම් නොවීම නිසා ප්‍රභාකරන්ලා  බිහිවිය . ඔවුන්ගේද , ආණ්ඩුවේද  27 අවුරුදු යුද්ධය සිංහල දෙමල මුස්ලිම් සියල්ලන්ටම විනාශය ගෙන ආවේය .


මුස්ලිම් මිනිසුන් යුද්ධයේදී සිංහලයාගේ  පැත්තේ  හිටගත්තද   , වෙනම රාජ්‍යයක්  තියා  ෆෙඩරල් බලතලවත්   ඉල්ලා සිටියේ නැති වුවද , තම්බියා  සිංහල බෞද්ධයාට  තර්ජනයක් ලෙස   වසර  ගණනක්  තිස්සේ   ඥානසාරලා රට  තුල ගෙන ගිය මතවාදය අලුත්ගම ,ගිංතොට , අම්පාර සහ මහනුවර අවට ගිනි ජාලාවක් ඇවිලෙව්වේය . .


මුස්ලිම් පල්ලිය විසින් ද සිංහලයා සහ  මුස්ලිම් ජාතිකයා අතර  විරසකයට  පෝර දමා  තිබෙන  බව කිව යුතුව  තිබේ. මීට දසක දෙකකට  පෙර  මුස්ලිම් ගැහැණුන්  ඔලුව වසා  ගත්තේ  සාරි පොටෙනි. කළු ලෝගු වලින් ඔලුවේ සිට දෙපතුල  දක්වා වසා  ගැනීම ඇරඹුණේ දසක දෙකක  හමාරක සිටය .  මුස්ලිම් මිනිසුන් වැඩි වැඩියෙන් මුහුණ  පුරා රැවුල් වවන්නට  පටන් ගත්තේද  අවුරුදු 20 ක  හමාරක සිටය .අරාබියේ සංස්කෘතිය මෙහි පැලපදියම් කිරීමට මුස්ලිම් පල්ලිය කටයුතු කිරීම  එයට  ප්‍රධානම හේතුවය .



Image result for sri lanka muslim women

ජාතිවාදය  පතුරවන සිංහල සංවිධාන  මැඩ  පැවැත්විය  යුතු සේම අරාබි සංස්කෘතිය  මෙහි පැලපදියම් කරන්නට  කටයුතු කරන  මුස්ලිම් පල්ලියේ වැයම අත් හිටුවීම ද  ආණ්ඩුව  පියවර  ගත යුතුය . ජනවර්ග දෙක අතර ඇතිවෙමින් යන  විරසකය අවසන් කිරීමට ආණ්ඩුවට ඇත්තටම  උවමනා   නම් ආණ්ඩුව පටන් ගත  යුත්තේ එතැනිනි . 



එහෙත් එවැනි  පියවර  ගන්නට තරම් ධයිර්යයක් මේ ආණ්ඩුවට තිබේ  දැයි සිතා  ගැනීම  ඔබට  භාරය 




  

Comments

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට