Skip to main content

ඉන්දු ලංකා පාලම කෙලවර වන්නේ කැරැල්ලකින්ද ?

    








    ඉන්දියාව සතුව තිබු   ත්‍රිමලේ තෙල් ටැංකි  ගිවිසුමක් මගින්    ආපසු ලංකාවට පවරා ගත් බවට ගම්මන්පිල ඇමතිවරයා කිව්  අතර ගම්මන්පිල අත්සන් කළ ගිවිසුම මගින්  තෙල් ටැංකි ටික ඉන්දියාවට  දී ඇතැයිද  එය අපගේ ස්වයිරි භාවයට, භෞමික අඛණ්ඩ තාවයට තර්ජනයක් යයි ජවිපෙ කියයි .


 ජවිපෙ එතනින් නවතින්නේ නැත  ඊයේ ( 12  වනදා) මාධ්‍ය සාකච්චාවක් පැවැත්වූ ජවිපෙ නායකයෙකු වන හඳුනෙත්ති කියා සිටියේ  අත්සන් කළ ගිවිසුම  ඉන්දියාවේ ධනුෂ්කොඩිය හරහා තලේමන්නරමට පාලමක්  දමා එහි සිට ගොඩබිමින්  ත්‍රිමලේ තෙල් ටැංකිවලට තෙල් ගෙන ඒමට නල පද්ධතියක් එලීම දක්වා  දිගුවෙන බවය 




මෙම තෙල් ටැංකි ඉන්දියාවට අයිතිව තිබූ බව තහවුරු කිරීමට  ගම්මන්පිල කිසිදු ලියවිල්ලක් ඉදිරිපත් නොකරන අතර දෙරට යා කරමින්  පාලමක් ඉදිකරන බව තහවුරු කිරීමට  කිසිදු ලිඛිත  සාක්කියක්  හඳුනෙත්ති ද  ඉදිරිපත් නොකරයි.


ඉන්දියාව සහ ලංකාව යා කරන පාලමක් ඉදිකිරීමෙන් ලංකාවේ ආරක්ෂාවට තර්ජනයක් ඇති වෙයිද ?


1964  ට පෙර කොටුවේ දුම්රියපොලෙන් ප්‍රවේශ පත්‍ර ලබාගෙන මිනිස්සු ඉන්දියාවට ගියහ INDU-LANKA EXPRESS     නමින් හඳුන්වන ලද එම දුම්රිය අරඹන ලද්දේ 1914 දී සුද්දන් විසිනි 


මෙම දුම්රිය ඉතා ජනප්‍රියවූ බව කියවේ  දඹදිව වන්දනා ගමන් යන ලාංකිකයෝ එකල ආවේ ගියේ මේ දුම්රියේය. තලෙමන්නාරම දක්වා දුම්රියෙන් යන ඔවුහු  එතනින් බැස නැවක් වැනි යාත්‍රාවක නැගී පැය භාගයක් පමණ ගමන් කොට   පාම්බාන් දුපත හරහා රාමේශ්වරන් ධනුෂ්කොඩි පසුකරමින් චෙන්නායි දක්වා  යන දුම්රියට   ගොඩ වෙති.

 

1964 දී හමන ලද මහා කුණාටුවක් විසින් මෙම දුමරිය පාර විනාශ කරන ලදී එම කුණාටුවේ වේගය පැයට සැතපුම් 400 ක් වූ බව කියනු ලැබේ  ඉන්දියාවේ අන්දමන් දුපත් දෙස  සිට හැමු එම කුණාටුව ධනුස්කොඩි දුම්රිය පොළ නැත්තටම නැති කොට දුම්රිය පාරද දුම්රිය දෙකක්ද මුහුදුබත් කොට  වවුනියාව දෙසට පැමිණ අවසන් විය  දෙරටේම වැසියන් 1800ක්  එම කුණාටුවෙන් මියගිය බව සඳහන් වේ  ඔවුන් අතර ධීවරයන් විශාල සංඛ්‍යාවක්ද විය 



                                               විනාශවූ ඉන්දු ලංකා දුම්රිය මග

 

  


     ( 1914 දී ඉන්දු ලංකා දුම්රිය සේවය ආරම්භ කළ අවස්ථාව -තලේමන්නරම ) 


 

දෙරට අතර පාලමක්  ,මහා මගක් ,දුම්රිය මගක්  ඉදිවුවහොත්  ඉන්දියාවේ සහ ලංකාවේ මිනිසුන් අතර  සමබන්ධය අවබෝධය මිත්‍රත්වය වඩාත් ශක්තිමත් වනු ඇත .පිරිසකගේ ඔලුවලට බොරු කියා  දමා  කෘතීම  ඉන්දියානු විරෝධය ටිකකලකින් දියවී යනු ඇත  දෙරට අතර වෙලහෙලදාම්  වැඩිවෙනු ඇත . අපේ ලොකු මිනිසුන් පමණක් නොව පොඩි මිනිසුන්ද ඉන්දියාවට ගොස් ලොකු කුඩා  ව්‍යාපාර අරඹනු ඇත  වෙළඳාම්  කරනු ඇත එහි මිනිසුන්ද මෙහි එනු ඇත ව්‍යාපාර අරඹනු ඇත එමෙන්ම මෙරටින් එහෙටත් එහෙන් මෙහෙටත් ලක්ෂ ගණනින් සංචාරයේ යනු එනු  ඇත .


 දෙරට අතර පාලමක් ,මාවතක් ඉදිකිරීම ලංකාවේ  ආරක්ෂාවට තර්ජනයක් බව කීම අමු විහිළුවකි  ඉන්දියානු හමුදාවට ලංකාවට ඒමට  පාරක් අවශ්‍ය නැත කුඩු ව්‍යාපාරිකයනට ලංකාවට ඒමට පාරක් ඕනා නැත  දැනුත් කුඩු ව්‍යාපාරද හොර බඩු ව්‍යාපාරද සිදුවේ ඒ බෝට්ටු  මගිනි. 


යම් දිනක     දෙරට යා කෙරෙමින් පාලමක්,දුම්රිය සේවයක් හැදුනොත් ඊට එරෙහිවුවන්    ලිං ගෙම්බන් කියමින්  අනාගත  මිනිසුන් හාස්‍යයෙන් හිනහවෙනූ නියතය 


ඉන්දියාවේ ප්‍රධාන සතුරෙක්  ලෙස සැලකෙන පකිස්ථානය ඉන්දියාව සමග  මහා මාර්ගයකින් සම්බන්ධ කර තිබේ. එම පාර  වසන්නට කියා   ඉන්දියාවේ හෝ පකිස්තානයේ  සිටින අන්තිම මොට්ට මෝලාවත්  වත් කියන්නේ නැත 



මේ  ඉන්දියාවේ දීල්ලියේ සිට පකිස්තානයේ  ලාහෝර් නුවරට යන බස් රථයකි




ඉන්දු පකිස්තාන් දේශසීමාව හරහා යන වාහන 


 ලෝකයා අද උත්සහ කරන්නේ ලංවීමට මිස දුරස් වීමට නොවේ .චීනයේ  සිටත් රුසියාවේ නැගෙනහිර කෙරවලේ සිටත් යුරෝපයට දුම්රිය මාර්ග තනා තිබේ ප්‍රංශයේ සිට බ්‍රිතාන්‍යට යාමට මුහුද යටින් උමං මාර්ගයක්  තනා තිබේ

 

මේ අතර එක්සත්ජාතීන්ගේ සංවිධානයේ සහයෝගයෙන්  යුරෝපයේද ආසියාවේද රටවල් 32 ක් එකතුව  ආසියානු මහා මාර්ග ජාලය නමැති ව්‍යාපෘතියක් ආරම්භ කොට තිබේ  එමගින් ආසියාවේ රටවල් හරහා මහා මාර්ග වැඩි දියුණු  කොට  යුරෝපයට යාකරනු ඇත මෙම ගිවිසුමට අත්සන් කළ රටවල් අතර  ඉන්දියාව චීනය පකිස්ථානය ලංකාව ,ඉරාණය ජපානය දකුණු කොරියාව නේපාලය සහ බංගලා දේශය ද වේ මේ මාර්ග ජාලය ඉදිකිරීම නිසා තම තමන්ගේ රටවල ආරක්ෂාවට, භෞමික අඛණ්ඩතාවයට  තර්ජනයක් එල්ලවනු ඇතැයි කියන කෙනෙක් නැත .



                           ආසියානු මහා මාර්ග ජාලය 

බිල්ලන් මවා පෑම දේශපාලකයන්ගේ අනිවාර්ය ලක්ෂණයකි . ඇල්ල මාර්ගය තනන්නේ ඇමරිකන් ගුවන් යානා බැස්සවීමට යයි විජේවීර 1971 ට පෙර  කීවේය  ඉන්දු ලංකා ගිවිසුම නිසා  ලංකාව රාජ්‍යයන් 9 කට කැඩෙන බවත් පළාතෙන් පළාතට යාමට විසා අවශ්‍ය වෙන බවත් 87-89 කාලයේ ජනතා විමුක්ති පෙරමුණ කිවේය .ඉන්දියානු හමුදා ලංකාවේ පැලපදියම් වෙන බව කිවේය 


ඉන්දියාව ආක්‍රමණිකයෙකු බව කිව විජේවීර චීනය ආක්‍රමණිකයෙකු බව කිසිදින කිවේ නැත  නමුත් ඉන්දියාව කිසිදු රටක් යටත් කොට ඉන්දියාවට ගැටගසාගෙන පාලනය නොකරන නමුත් චීනය 1950 දී  ටිබෙටය ආක්‍රමණය කොට එරට චීනයේ කොටසක් බවට මේ වෙනතුරු පත් කරගෙන සිටී  මේ බව විජෙවීර කිසිදිනක තම සාමාජිකයනට කිව්වේ නැත .


ඉන්දු-ලංකා ගිවිසුම මගින් පළාත්සභා පිහිටුවීමට එරෙහිව ජවිපෙ 1987දී කැරලි ගැසුවේය 


 එහෙත් තමන්  දිවීහිමියෙන් විරුද්ධවූ පළාත් සභාවලට පසුව ජවිපෙ තරගකොට මන්ත්‍රීධුර ලබාගෙන වැටුප්ද , වරප්රසාද ද ගත්තේය  .


අනාගතයේ දිනක ඉන්දියාව සහ ලංකාව යා කරමින් මාර්ගයක් තැනුණු පසු  අද ඊට විරුද්ධ ජවිපෙ නායකයෝ සහ සාමාජිකයෝ එම මාර්ගය  වර්ජනය කොට වැඩි වියදම්  දරා ගෙන  ගුවනින් ඉන්දියාවට ගොස් එනු ඇතිද? 


තීරණය කිරීම ඔබට භාරය .






Comments

Jagath Pathirana said…
දෙමළ ජාතිවාදයට වාසිවෙන දෙයක් ඇත්ද.
බර්ටි ප්‍රේමලාල් රණවීර එතැනයි.

මේකනම් වාමාංශිකයන්ගේ මානසික රෝගයක්. ප්‍රංශේ වාමාංශිකයොත් ඔහොමයි.
උන් මුස්ලිම් අන්තවාදයට පුකම දෙනවා.

දෙමළ ජාතිවාද(බහු වචන) තියෙනබව,
ලංකාව චෙන්නායි එක්ක සම්බන්ධකම් වැඩි වීමෙන් ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් හදාගන්න බාධාවක් බව.
මේ වගේ මෝඩයන්ට තේරෙන්නේ නෑ වගේ උන් බොරු කියනවා.
Jagath Pathirana said…
//ඉන්දියාවට ගැටගසාගෙන පාලනය නොකරන නමුත්

ඉන්දියාව කියන්නෙම රටවල් එකට ගැටගහලා හදපු රටක්,
සිකීම් කියන්නේ ඉන්දියාවට ඈඳාගත් රටක්.
නේපාලය, භුතානය අර්ධ යටත්විජිත
මේක ලියපු කෙනා මෙව්වා නොදන්නවා කියලා හිතන්න බෑ
එහෙනම් මූ මේවා ලියන්නේ මේකාගේ තියෙන ද්‍රෝහිකම නිසාමයි.

දෙමළ ජාතිවාදයට වාසිවෙන දෙයක් ඇත්ද.
බර්ටි ප්‍රේමලාල් රණවීර එතැනයි.
Anonymous said…
@ ජගත් පතිරණ

ඔබට ජම්මු/ කාශ්මීර් කියන ස්වාධීන රාජ්‍ය ඉන්දියාවට ඇඳා ගැනීම අමතක වුණා නේද? ජම්මු කාශ්මීර් ප්‍රදේශ බ්‍රිතාන්‍යයන් විසින් බ්‍රිටිශ් රාජ් (ඉන්දියාව) නමින් විවිධධ රටවල් රැසක් යටත්කරගනිමින් තනි දැවැන්ත අධිරාජ්‍යක් හදපු අවධියේදී "කුමාර රාජ්‍යක්" ලෙස පැවතුනි. මෙම ප්‍රදේශය බ්‍රිතාන්‍යයන් යටතට පත් වුයේ එහි සිටි සිඛ් ජාතික පාලකයා පරාජය කිරීමෙනි.

බ්‍රිතාන්‍ය පාලනයෙන් අනතුරුව 1947 ඉදිරිපත් කල ස්වාධීනතා පනත යටතේ ඉන්දියාව දෙකඩ කරමින් පකිස්ථානය හා ඉන්දියාව යනුවෙන් නිදහස් රාජ්‍ය දෙකක් ද ජාමු කාශ්මීර් වෙනම රටක් ලෙසත් බිහි විය. 1947 සිට කාශ්මීරය ස්වාධීන රටක් සිටිමට ප්‍රධාන හේතුව වූයේ ජම්මු කාශ්මීර් ප්‍රදේශයේ බහුතරය මුස්ලිම් වීමත් එහි පාලනය හරිසින් නැමැති හින්දු මහාරාජා වරයෙකු විසින් සිදු කිරීමයි. මෙම පාලකයා ඉන්දියානු රජය සමග සබඳතා පැවැත්වූ නමුත් මුස්ලිම් බහුතරයකගේ ඉල්ලීම වූ පකිස්ථානය සමග එකතුවීම පිළිබඳ ඉල්ලීම ප්‍රතික්ෂේප වූ අතර හින්දු මහාරාජාවරයාගේ පාලන කාලය තුළ මුස්ලිම් ජනතාවට කළ දැවැන්ත අසාධාරණකම් නිසාත්, මුස්ලිම් බහුතරය ජීවත් වූ "පූනැක්" ප්‍රදේශයේ මුස්ලිම් වරු පකිස්ථානයට එක්වීමට සහාය පලකරමින් මහාරාජාට විරුද්ධව කැරළි ගැසීමත් නිසා ජම්මු කාශ්මීර් ප්‍රදේශය තුළ නොසන්සුන්තා ක්‍රමයෙන් උත්සන්න වෙමින්අර්බුදකාරී තත්වයක් උද්ගතවිය. මෙම අර්බුදකාරී තත්වය තුළ මධ්‍ය කාශ්මීර ප්‍රදේශයේ සිටි බ්‍රිතාන්‍ය හමුදාව අත්හැර ගිය කශ්මීර් මුස්ලිම් වරු "අල් අසාද් කාශ්මීර් හමුදා බලකාය"නමින් හමුදාවක් පිහිටුවා කාශ්මීර මුස්ලිම් වරුන්ට පාලන බලතල ලැබෙන වෙනම රාජ්‍යක් ඉල්ලා සිටිමින් අරගල කළ බැවින් එයින් ඇතිවූ ගැටුම්කාරී තත්වය සමථයකට පත්කිරීමට හින්දු මහාරාජාට නොහැකි වීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු ඉන්දියානු රජයෙන් සහාය ඉල්ලා සිටියේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස 1947 ඔක්තෝබර් 27 වන දින කාශ්මීරය රැකගැනීම සඳහා බව කියමින් සට කපට ජවහර්ලාල් නේහෘ දැවැන්ත ඉන්දීය හමුදා සේනාවක් එවමින් කශ්මීරය ආක්‍රමණය ක්‍ර ඉන්දියාව ඇඳා ගත් අතර ඉන්දියාව සහ පකිස්ථානය බිහිවිමේදී, කාශ්මීර ප්‍රදේශය ආක්‍රමණය නොකරන බවට දෙපාර්ෂ්වයම බ්‍රිතාන්‍යන් ඉදිරියේ කශ්මීර් මහාරාජ සමග එකඟතාවක් පැවති බැවින් එම එකඟක්වය උල්ලංඝණ‍ය කිරීමසමග කාශ්මීරය මුල්කර ගනිමින් ඉන්දියාව හා පකිස්ථානය අතර ඇති වූ ප්‍රථම යුද්ධය 1947 දී ඇති වෙමින් 1947 සිට ඉන්දියාව සහ පකිස්ථානය අතර වරින් යුද්ධ ගණනාවක් ඇති වී විවිධ ගිවිසුම් හා සම්මුතීන් ඇති වුව ද දෙපාර්ශවය විසින්ම ඒවා වරින් වර උල්ලංඝණය කිරීමත්, ජම්මු සහ කාශ්මීර් ප්‍රදේශ තුළ ක්‍රියාත්මක ‍වන විදෙස් රටවල සහය ලබන ඇතැම් බලගතු අන්තවාදී ත්‍රස්ත සංවිධාන වල ක්‍රියාකලාපය නිසා 1947 දී ආරම්භ වූ කාශ්මීර අර්බුදය තව දුරටත් නොවිසඳුණු කිසිදා නොවෙසෙඟෙන බව පැවසෙන ගැටුමක් බවට පත් ව ඇත.

නේපාල ඉන්දියා ප්‍රශ්නයත් මේ වගේ චීන ඉන්දියා යුද්ධ්යක ඇති වුණා 1962 ඒ ගැනත් අමතක කරන්න එපා.
Anonymous said…
මම ගත්තා ටෙලස්කෝප් එකක්. එළකිරි ඩොට් කොම් එකේ ඇඩ්මින් රංග තේනුවර(GTRZ) එක්ක තමයි ඉස්සෙල්ලම තරු බැලුවේ. ඊයේ හවසත් අපි දෙන්න නෝර්වීජියානු සැමන් ෆිලට් එක්ක ගොට් චීස් කන ගමන් බියර් බිව්වා.

මේ පහලින් තියෙන්නේ මගේ එකේ පින්තුරයක්.

-මහේෂ් වලතර(Scurvy)

මෙතනින් බලන්න

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...