Skip to main content

බිත්තර සහ බෝම්බ

        




දේශපාලකයනට කුණු බිත්තර හෝ කුණු තක්කාලි වලින් ගැසීම මහජනයා විසින් අහිංසක ආකාරයෙන් ඔවුන්ට විරෝධය දැක්වීමක් ලෙස සැලකේ .

පසුගිය දිනක අවුරුදු 17 ගැටයෙකු ඕස්ට්රේලියාවේ ස්වාධින සෙනෙට් සභිකයෙකු වන Frasar Anning ළඟටම ගොස් ඔහු ගේ තට්ටයට බිත්තරයකින් ගැසුවේය .


සෙනෙට් සභිකයා ගැටයාගේ මුහුනට අත මිට මොලොව පහර දුන්නේය

පොලිසිය ගැටයා අල්ලා උසාවි දැම්මේය උසාවියෙන් ඇප දුන්නේය

මේ නිසා ගැටයා වටා ඕස්ට්රේලියානු ජනතාව එකතු විය සෙනෙට් සභිකයාට එරෙහිව නිතිය අඩුවකින් තොරව ක්රියාත්මක විය යුතු බව ඔස්ට්රේලියානු අගමැති කීය

ගැටයාගේ නඩුවට වියදම් කිරීම සඳහා සහ තව බිත්තර මිලදී ගැනීම සඳහා අරමුදලක් ආරම්භ කරන ලදී මේ වන විට 3000 කට අධික පිරිසක් ඕස්ට්රේලියානු ඩොලර් 63000 කට වඩා මෙම අරමුදලට ප්රදානය කර තිබේ .

පසුව බ්රිතාන්ය අගමැතිවූ ඩේවිඩ් කැමරන් ට 2010 අප්රියෙල් මාසයේදී ශිෂ්යයෙකු විසින් බිත්තරයකින් පහර දුන්නේය පොලිසිය ඔහුව ටික වෙලාවකට අත් අඩංගුවට ගත් නමුත් උසාවියට ඉදිරිපත් කලේ නැත .

බ්රිතාන්ය දේශපාලකයෙකුවූ Ed Milibandට එක වරකට වඩා බිත්තර ප්රහාර වලට මුහුණ දීමට සිදුවූ අතර බ්රිතාන්යයේ දේශපාලන පක්ෂයක්වන (UKIP) නායක Nigel Farageට 2014 දී බිත්තර ප්රහාරයක් එල්ල විය .

බ්රිතාන්යයේ කම්කරු පක්ෂයේ 2015-20 සමයේ නායකයාවූ Jeremy Corbyn ට වරක් ලන්ඩනයේදී බිත්තර ප්රහාරයකට මුහුණ දීමට සිදුවිය .

1997 - 2007 සමයේ එක්සත් රාජධානියේ නියෝජ්ය අගමැතිවූ John Prescott ට ද වරක් බිත්තර ප්රහාරයක් එල්ල විය ඒ 2001 වසරේදී මැතිවරණ ව්යාපාරයේ යෙදෙමින් සිටින අතර තුරය .

ජර්මනියේ හිටපු චාන්සලර් වරයෙකු වූ Helmut Kohl ට 1991 දී තිස් දෙනෙකු විසින් බිත්තර ප්රහාරයක් එල්ල කළහ .

වත්මන් ප්රංශ ජනාධිපති Emmanuel Macron ට 2016දි කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෝ 100 කට අධික පිරිසක් බිත්තර සහ තක්කලිවලින් 2016 දී ප්රහාරයක් එල්ල කළහ .එකල ඔහු ආර්ථික කටයුතු භාර ඇමතිවරයා විය .


ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකුවූ Richard Nixon ට අවස්ථා ගණනකදී බිත්තර ප්රහාරවලට මුහුණ දීමට සිදුවිය ඒ ඇමරිකාවේදී පමණක් නොව විදේශ රටවලදීද ඔහුට බිත්තරවලින් පහර දෙනු ලැබිණ 1960 දී මිචිගන්හිදී දෙවරක්ද 1970 දී අයර්ලන්තයේ දීද ඔහුට බිත්තර ප්රහාර එල්ල විය .

බිත්තර ප්රහාර එල්ල කිරීමේ ඉතිහාසය එතනින් අවසන් නැත සියලු විස්තර ලියන්නට ගියොත් විජේවීර ලියු 'ඊලාම් අරගලයට විසඳුම කුමක්ද ? ' යන පොත තරම් ලොකු පොතක් ලියන්නට සිදුවේ .

ලංකාවේ දේශපාලන ඉතිහාසය විමසා බැලුවිට දේශපාලකයන් වෙත බිත්තර ගැසූ අවස්ථා දැනගන්නට නැත ගසා ඇත්තේ එක්කෝ ගල් ය නැතහොත් වෙඩි උණ්ඩය . නැතහොත් බෝම්බය .

1994 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වූ ගාමිණි දිසානායකගේ තොටලඟ රැස්වීමට කොටි සංවිධානය බෝම්බ ප්රහාරයක් එල්ල කිරීම නිසා ගාමිණී දිසානායක සහ තවත් පිරිසක් වේදිකාවේදීම මියගියහ .

1988 -1989 සමයේ මහජන පක්ෂය විසින් කඩවත පැවැත්වූ රැස්වීමකට ජවිපෙ විසින් බෝම්බ ප්රහාරයක් එල්ල කිරීම නිසා මහජන පක්ෂයේ නායකයෙකු වූ දේව බණ්ඩාර සේනාරත්න එහිදී මරණයට පත්වූ අතර තවත් කීප දෙනෙකු බරපතල තුවාල ලැබුහ .

Comments

Anonymous said…
දැන් මිනිස්සු අතේ සල්ලි තියෙනවා. ඒකයි ඔහොම කෑම බීම විසිකරන්න තරං වියදම් කරන්නේ.

අනික මම දැක්කා කොළඹ තියෙන සුපර්මාර්කට් වල මිනිස්සු පෝලිමේ ඉදන් ඉම්පොර්ටඩ් ගෝට් චීස්, නෝර්වීජියානු සැමන් ෆිලේට් එහෙම ගන්නේ. අද තියෙන ඒවා හෙට නැහැ. අලුත් තොග. මිනිස්සු අතේ සල්ලි තියෙනවා.

-රංග තේනුවර(GTRZ)-
ප්‍රධාන විධායක නිලධාරී, එළකිරි ඩොට් කොම්(ලක්ෂ 6 කට වඩා ලියාපදිංචි සාමාජිකයන් සිටි.)

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...