Skip to main content

බිත්තර සහ බෝම්බ

        




දේශපාලකයනට කුණු බිත්තර හෝ කුණු තක්කාලි වලින් ගැසීම මහජනයා විසින් අහිංසක ආකාරයෙන් ඔවුන්ට විරෝධය දැක්වීමක් ලෙස සැලකේ .

පසුගිය දිනක අවුරුදු 17 ගැටයෙකු ඕස්ට්රේලියාවේ ස්වාධින සෙනෙට් සභිකයෙකු වන Frasar Anning ළඟටම ගොස් ඔහු ගේ තට්ටයට බිත්තරයකින් ගැසුවේය .


සෙනෙට් සභිකයා ගැටයාගේ මුහුනට අත මිට මොලොව පහර දුන්නේය

පොලිසිය ගැටයා අල්ලා උසාවි දැම්මේය උසාවියෙන් ඇප දුන්නේය

මේ නිසා ගැටයා වටා ඕස්ට්රේලියානු ජනතාව එකතු විය සෙනෙට් සභිකයාට එරෙහිව නිතිය අඩුවකින් තොරව ක්රියාත්මක විය යුතු බව ඔස්ට්රේලියානු අගමැති කීය

ගැටයාගේ නඩුවට වියදම් කිරීම සඳහා සහ තව බිත්තර මිලදී ගැනීම සඳහා අරමුදලක් ආරම්භ කරන ලදී මේ වන විට 3000 කට අධික පිරිසක් ඕස්ට්රේලියානු ඩොලර් 63000 කට වඩා මෙම අරමුදලට ප්රදානය කර තිබේ .

පසුව බ්රිතාන්ය අගමැතිවූ ඩේවිඩ් කැමරන් ට 2010 අප්රියෙල් මාසයේදී ශිෂ්යයෙකු විසින් බිත්තරයකින් පහර දුන්නේය පොලිසිය ඔහුව ටික වෙලාවකට අත් අඩංගුවට ගත් නමුත් උසාවියට ඉදිරිපත් කලේ නැත .

බ්රිතාන්ය දේශපාලකයෙකුවූ Ed Milibandට එක වරකට වඩා බිත්තර ප්රහාර වලට මුහුණ දීමට සිදුවූ අතර බ්රිතාන්යයේ දේශපාලන පක්ෂයක්වන (UKIP) නායක Nigel Farageට 2014 දී බිත්තර ප්රහාරයක් එල්ල විය .

බ්රිතාන්යයේ කම්කරු පක්ෂයේ 2015-20 සමයේ නායකයාවූ Jeremy Corbyn ට වරක් ලන්ඩනයේදී බිත්තර ප්රහාරයකට මුහුණ දීමට සිදුවිය .

1997 - 2007 සමයේ එක්සත් රාජධානියේ නියෝජ්ය අගමැතිවූ John Prescott ට ද වරක් බිත්තර ප්රහාරයක් එල්ල විය ඒ 2001 වසරේදී මැතිවරණ ව්යාපාරයේ යෙදෙමින් සිටින අතර තුරය .

ජර්මනියේ හිටපු චාන්සලර් වරයෙකු වූ Helmut Kohl ට 1991 දී තිස් දෙනෙකු විසින් බිත්තර ප්රහාරයක් එල්ල කළහ .

වත්මන් ප්රංශ ජනාධිපති Emmanuel Macron ට 2016දි කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෝ 100 කට අධික පිරිසක් බිත්තර සහ තක්කලිවලින් 2016 දී ප්රහාරයක් එල්ල කළහ .එකල ඔහු ආර්ථික කටයුතු භාර ඇමතිවරයා විය .


ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකුවූ Richard Nixon ට අවස්ථා ගණනකදී බිත්තර ප්රහාරවලට මුහුණ දීමට සිදුවිය ඒ ඇමරිකාවේදී පමණක් නොව විදේශ රටවලදීද ඔහුට බිත්තරවලින් පහර දෙනු ලැබිණ 1960 දී මිචිගන්හිදී දෙවරක්ද 1970 දී අයර්ලන්තයේ දීද ඔහුට බිත්තර ප්රහාර එල්ල විය .

බිත්තර ප්රහාර එල්ල කිරීමේ ඉතිහාසය එතනින් අවසන් නැත සියලු විස්තර ලියන්නට ගියොත් විජේවීර ලියු 'ඊලාම් අරගලයට විසඳුම කුමක්ද ? ' යන පොත තරම් ලොකු පොතක් ලියන්නට සිදුවේ .

ලංකාවේ දේශපාලන ඉතිහාසය විමසා බැලුවිට දේශපාලකයන් වෙත බිත්තර ගැසූ අවස්ථා දැනගන්නට නැත ගසා ඇත්තේ එක්කෝ ගල් ය නැතහොත් වෙඩි උණ්ඩය . නැතහොත් බෝම්බය .

1994 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වූ ගාමිණි දිසානායකගේ තොටලඟ රැස්වීමට කොටි සංවිධානය බෝම්බ ප්රහාරයක් එල්ල කිරීම නිසා ගාමිණී දිසානායක සහ තවත් පිරිසක් වේදිකාවේදීම මියගියහ .

1988 -1989 සමයේ මහජන පක්ෂය විසින් කඩවත පැවැත්වූ රැස්වීමකට ජවිපෙ විසින් බෝම්බ ප්රහාරයක් එල්ල කිරීම නිසා මහජන පක්ෂයේ නායකයෙකු වූ දේව බණ්ඩාර සේනාරත්න එහිදී මරණයට පත්වූ අතර තවත් කීප දෙනෙකු බරපතල තුවාල ලැබුහ .

Comments

Anonymous said…
දැන් මිනිස්සු අතේ සල්ලි තියෙනවා. ඒකයි ඔහොම කෑම බීම විසිකරන්න තරං වියදම් කරන්නේ.

අනික මම දැක්කා කොළඹ තියෙන සුපර්මාර්කට් වල මිනිස්සු පෝලිමේ ඉදන් ඉම්පොර්ටඩ් ගෝට් චීස්, නෝර්වීජියානු සැමන් ෆිලේට් එහෙම ගන්නේ. අද තියෙන ඒවා හෙට නැහැ. අලුත් තොග. මිනිස්සු අතේ සල්ලි තියෙනවා.

-රංග තේනුවර(GTRZ)-
ප්‍රධාන විධායක නිලධාරී, එළකිරි ඩොට් කොම්(ලක්ෂ 6 කට වඩා ලියාපදිංචි සාමාජිකයන් සිටි.)

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා