Skip to main content

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට නොගොස් චීනයේ සහය ඉල්ලිය යුතුද ?

 






වමේ පක්ෂ මෙන්ම සිංහල ආධිප්තයවාදී මත දරන පතුරු පක්ෂද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ගැනීමට විරුද්ධය ඔවුන්ගේ මතය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ගත් කිසිවෙකු ගොඩ ගියේ නැති බවය.



තවත් හිඟමනට වැටුණු බවය.



ඇත්ත වශයෙන්ම ගොඩ ගිය රටවල් ගණනවක් තිබේ අසාර්ථකවූ රටවල් කීපයක්ද තිබේ

 

අසාර්ථක වුයේ නම් ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රශ්නයක් නොව එම රටවල ආර්ථිකය මෙහෙයවන්නන්ගේ දුර්වල කම් නිසා බව සමහරු කියති

 

මේ ගැන වටිනා විග්‍රහයක් ඊයේ (28) පාර්ලිමේන්තුවේදී කබීර් හෂීම් මහතා කළේය YOU TUBE හි මෙම කතාව තිබිය හැක. එය සවන්දීමට වටිනා කතාවකි මන්ද ඔහු මධ්‍යස්ත ලෙස සිටිමින් එම කතාව කළ නිසාය

 


ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට විකල්පයක් ඉදිරිපත් කරමින් කතා කලේ විමල් වීරවංශ පමණි ඔහු උදාහරණයක් ලෙස එල් සැල්වදෝරය දැක්වීය චීනය එල් සැල්වදෝරයේ ණය පවරාගෙන ණය සහ පොලිය අදාළ ආයතනවලට ගෙවීමට සුදානම් බවත් එල් සැල්වදෝරය මේ සම්බන්ධයෙන් චීනය සමග ගිවිසුමක් අත්සන් කිරීමට සුදානම් වෙමින් සිටින බවත් ඔහු කීය

 

මේ ගැන මවිසින් කරන ලද සොයා බැලීමේදී අනාවරණය වුයේ චීනය එවැනි යෝජනාවක් එල් සල්වදෝරයට කර ඇති නමුත් එරට තවමත් ඒ ගැන තීරණයක් ගෙන නැති බවය

 

" අපි බොහොම පරිස්සමින් තමයි අඩිය තියන්න ඕනේ . පලමු ඉල්ලුම් කරුවටම විකුනන්න අපි සුදානම් නැහැ අපි කොන්දේසි මොනවද කියා පරික්ෂ කල යුතුයි "යනුවෙන් එල්සල්වදොරයේ උප ජනාධිපති Felix Ulloa කියා තිබුණි

 

මේ ගැන වෙනත් විස්තර සොයාගැනීමට නැත

 

ඒ අනුව ,වීරවංශ මහතා කර ඇති ප්‍රකාශය බාගයක් ඇත්තය බාගයක් බොරුය

 

එබැවින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට විකල්පයක් කිසිවෙකු ඉදිරිපත් කර නැත

 

චීනයට ණය විකිණීම යනු වැටී තිබෙන වලෙන් අපායට වැටීමක් හෙවත් ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනීමක් විය හැකිය

 

මන්ද චීනය බොහෝ විට ණය දෙන්නේ වැඩි පොලියට නිසාය හම්බන්තොට වරාය හදන්නට චීනය අපිට ණය දුන්නේ 6.3% පොලියටය .ණය ආපසු ගෙවීමේ සහන කාලයක් ලෙස දුන්නේ එක අවුරුද්දක් පමණි ඉන් පසු අවුරුද්දට දෙපාර බැගින් අවුරුදු 11 කදී සියලු ණය , ඩොලර් මිලියන 306 , ආපසු ගෙවිය යුතු බව ට චීනය කොන්දේසි පනවා තිබුණි .



එබැවින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට නොගොස් අපිව බේරා ගන්න ලෙස චීනයෙන් ඉල්ලෙමෙන් සිදුවිය හැක්කේ ගමරාලගේ එළුවාට සිදුවූ දෙය නොවන්නේද ?.

Comments

Anonymous said…
අප මුල සිටම මුදලට බ්ලොග් ලියනා අය ගැන කියූ කාරනා ඇත්ත බව විමල් වීරවංශ මහතා රචිත 'නවය; සැඟවුණු කතාව' පොතෙන් දැන් හෙළිවී ඇත. අජිත් ධර්ම මහතා දැන් මොකද ඒ ගැන කියන්නේ.

පහත කරුණු හිටපු කර්මාන්ත කැබිනට් අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලි‌මේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාගෙන් උපුටා ගන්නා ලදී.

මම මේ පොතෙන් අනාවරණය කරනවා, ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙන්න තීරණය කරලා, පලා යමින් සිටි අවස්ථාවේදී ඉන්දියාවත් ඇමෙරිකාවත් ඔහුගෙන් ඉල්ලා සිටියා කියා, ‘ඔයා ඉල්ලා අස්වෙන්න කලින් අගමැති රනිල්වත් අයින් කරන්න‘ යනුවෙන්. එවකට ජනාධිපති ලේකම්වරයා වූ ගාමිණී සෙනරත් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් අයින් කරන ලියුම සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙන ලියුම යන දෙකම හදලා මාලදිවයිනට යැව්වා. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අත්සන් කළේ එයාගේ ඉල්ලා අස්වෙන ලියුමට පමණයි. ඒ අතරතුර රනිල් වික්‍රමසිංහගේ ගෙදරත් ගිනි ගන්නවානේ. සමහරවිට ඒ ගිනි තැබීම කරන්න ඇත්තේ රනිල් මානසිකව බිඳවැටිලා ගෝඨාභය අයින් නොකළත් ඉල්ලා අස්වෙන ලියුමක් දෙන විදිහේ තත්ත්වයකට පත් කරගන්න විය හැකියි.

කථානායකතුමන් තමන්ගේ පවුලේ ඔක්කොම යවනවා මාතර පැත්තේ ගෙදරකට. එතුමාත් තරමක් තිගැස්මෙන් නිල නිවසේ ඉන්නේ. මොකද ඒ අර පාර්ලිමේන්තුව වට කළ වෙලාව. එහෙම ඉන්නකොට සේවකයකු ඇවිල්ලා කියනවා, ‘ඇමරිකානු තානාපතිතුමිය ඇවිල්ලා ඔබතුමා හම්බවෙන්න ඕනේ කියනවා.’ කියලා. ඉතින් ඒ ගමන කථානායකතුමන් කලබලෙන් පහළ මහලට එනවා. ඇවිත් එතුමියත් එක්ක කතා කරනකොට එතුමිය කියනවා, ‘දැන් ගෝඨාභය අයින් වෙනවා. ඔබ ජනාධිපති ධුරය භාර ගන්න‘ කියා. එතකොට කථානායකතුමා කියනවා, ‘එහෙම කරන්නේ කොහොමද තානාපතිතුමියනි, ව්‍යවස්ථාව අනුව ජනාධිපති ඉවත් වුණොත් ඊළඟට වැඩබලන ජනාධිපති වෙන්නේ අගමැතිවරයා. මම කථානායක. එයා ඉන්දැද්දි මට ඒක කරන්න බැහැ.‘ කියලා. අවසානයේ දී තානාපතිතුමිය කියන්නේ ‘ව්‍යවස්ථාව වැඩක් නැහැ. අපි ඒක බලාගන්නම්. ඔයා මේක ගන්න‘ කියලයි.

රී ලංකාවට එහි ගැඹුරු වරායවල් සහ උපායමාර්ගික පිහිටීම නිසා නවීන ලෝකයේ වේගයෙන් නැඟී සිටින ඉන්දියානු ශාන්තිකර කලාපයේ නාභිය බවට පත්විය හැක. ශ්‍රී ලංකාව විසින් එම තත්ත්වය අත්පත් කර ගැනීම සඳහා ඇමරිකාවට තමන් සතු ආර්ථික හා ආරක්ෂක හැකියාවන් යොදා ගනිමින් ප්‍රබල භූමිකාවක් ඉටු කළ හැක.‘ යනුවෙන් ඔහු පැවසුවා. මෙහි යටිපෙළ අරුත ගත්තොත් ‘ප්‍රබල භූමිකාව ඉටු කිරීමට නම් ශ්‍රී ලංකාව නමැති රාජ්‍යය බිඳවැට්ටිය යුතුව ඇත. අඩපණ කළ යුතුව ඇත. අසාර්ථක කළ යුතුව ඇත. ආර්ථික හා දේශපාලන වශයෙන් පරඬැලක් බවට පත් කළ යුතුව ඇත. එසේ කරන ලද කල්හි අපේ වැඩේ කරගත හැකිය. ඒක කොරගන්න සාමාන්‍ය ක්‍රමයට බැරිය. අසාමාන්‍ය උපාය උපක්‍රම පාවිච්චි කළ යුතුය.’ යන්නයි.

ඒකට බ්ලොග්කරුවන් අල්ලන්න ඕනේ. ඒගොල්ලොන්ට හොඳට ගෙවන්න ඕනේ. සෝෂල් මීඩියා වීරයෝ හදන්න ඕනේ. ඒගොල්ලොන්ට හොඳට ගෙවන්න ඕනේ.

සම්පුර්ණ ලිපිය මෙතනින්
Anonymous said…
මේ මිනිහගේ බ්ලොග් එකේ දාන කොමෙන්ට්ටුත් අපරාදේ.
ඇයි කිසිම රිප්ලයි එකක් නැහැනේ ඒවාට
Anonymous said…
පාසැල් කාලයේසිට මිතුරකුව සිටි අයකු...ඔහු කල රටේ විනාශයට හේතුවුන බරපතළ වැරැද්දක් ගැන පෙන්වා දුන්නම... මිතුරුකමෙන් අයින් වෙනවානම්...ඔහුගේ මිතුරු කමින් මටඇති වැඩක් නැත !. මේක ලියන්නේ මම මහින්ද දේශප්‍රියගේ යහළුවෙක්වී සිටියා මිස ඔහුගේ බැතිමතකුවී සිටියේ නැති නිසාය.

ද්විත්ව පුරවැසි ගෝඨා මැතිවරණයට ඉදිරිපත්වීම වළක්වන්න උඹට බලය සහ ඕනෑ තරම් ඉඩකඩ තිබුණා කියල ප්‍රසිද්ධියේ කිව්නිසා Mahinda Deshapriya මස්සිනා මාව Unfriend කරලා. මහින්ද දේශප්‍රිය මස්සිනා...

ඔහුගේ ජනප්‍රිය වෘත්තීය ජීවිතය...සහ දේශපාළුවන්‍ ගැන. රටකපටි දේශපාළුවන්‍ වන් උඹේ අනුමැතියෙන් මැතිවරණ කොමිසමේ ත්‍රීවීල් පක්ෂ අටවගෙන ඒවා මැතිවරණවලදී කෝටි ගණන් වලට විකුණමින් උඹ දැනුවත්ව ගහපු ගේම්...කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු තිබේ...උඹ කිසිම දේශපාළුවෙක් එක්ක බීලම නැද්ද ? මහාධිකරණ විනිසුරුවරයෙකු බඳුවූ නුඹ...බරපතළම රාජකාරියක් කරන සමයේ එහෙම බිව්වා නම් ඒක හරිද ?

දේශපාලුවන්ට නම් හාට් එකක් නෑ උන්ට තියෙන්නෙ කැල්කියුලේටරයක්...ගෝඨා එනවට විරුද්ධ වුණ රත්නජීවන් හූල්ට මොකද උනේ ?

රටෙන් 90% කියනවා ගෝඨා කල්ලතෝනියෙක් කියලා...

මැතිවරණ කොමසාරිස් කියනවා පොලීසියට කියලා...ඌ කල්ලතෝනියෙක්ද කියලා හොයන එක මට අයිති නැති අනුර කුමාරට අයිති රාජකාරියක් කියලා...අනුර කුමාරත් ජරාව කාලා සද්ද නැතුව ඉන්නවා...මරේ මරු ජන්ද කොමසාරිස් !

උඹ විතරක් දන්නා top secret කරුණු අළලා ලක්ෂ ගණනක පිටපත් විකිනෙන...දැනට ජීවත් ජීවත් වෙන මහින්ද රාජපක්ෂ වැනි පට්ට හොර තක්කඩි දේශපාළුවන්‍වන්ගේ රෙදි ගැලවෙන වටිනා ඉතිහාස පොතක් ලියන්නේ නැත්තේ ඇයි ? මහින්ද රාජපක්ෂ ජන්දෙන් පැරදුන දවසේ උදේ ඌ උඹට ටෙලිෆොන් කරලා කිව්වේ මොකක්ද? රනිල් වික්‍රමසිංහ එදා උදේ ටෙලිෆෝන් කරලා උඹට කිව්වේ මොකක්ද ?

මට දැනගන්න ආසයි !

සම්පූර්ණ ඇත්තම ඇත්ත ලිව්වොත්...

මහින්ද රාජපක්ෂ තක්කඩියාගේ වගේම මහින්ද දේශප්‍රිය මස්සිනාගේත් රෙදි රාජපක්ෂලා ගලවෙන්න ඉඩ ඇති නිසා මේ වටිනාපොත කවදාවත් ලියැවෙන්නේ නැත. තමන්ගේ සහ හෙන්චයියන් ගේ නඩු විසි කරමින් මිනීමැරුම් සහ හොරකං වල file අස්ථානගත කරමින්...සාක්ෂි විනාශ කරමින්...තවමත් රට පාලනය කරන්නේ රාජපක්ෂ මිනීමරු කපටි පවුලයි.

මේ අවාසනාවන්ත රටට...තව අවුරුදු දෙක තුනක් වත් යනකං මේ මිනීමරු හොර පවුලෙන් ගැලවීමක් නෑ. මිනීමරු කපටි මයිනයි, කපුටයි...උගේ පවුලේ අයයි හෙන්චයියනුයි මොහොතින්... දේශපාලනයෙන් සදහටම අතුගාලා දාන්න අපේ දේශප්‍රිය මස්සිනාට පුළුවන් !මචං රට ගැන හිතපන් උඹ කළ විනාශයට ඉපදුන රටට වන්දි ගෙවපන් මගේ පොත මම ලිව්වා... මස්සිනා පොත ලියන එක මට බාරදීපන් !. උඹයි මායි දෙන්නම දැන් මරණයට ගොඩක් කිට්ටුයි. කෞරව රාජ පරම්පරාවේ ජානවලින් ආපු බෝනොවෙන රෝග හැදිලා ඉන්නේ...bypass කරලා අවුරුදු තිස්දෙකක් ජීවත් වෙලා bonus ජීවිතයක් ගත කරලා...

වල ගැට්ටේ ඉන්න මං ඔය එකෙකුටවත් බයනෑ...මේ කුණු දේශපාලන ඌරන් තමන් ඉපදුණු රටට ගහපු කපටි ගේම් ගැන මුළු රටම දැන ගත යුතු වටිනා කරුණු රාශියක් උඹේ මරණයත් සමග අම්බලන්ගොඩ කැරකෝප්පුවේදී අළු බවට පත්වෙනවා. කණ්ණාඩියක් ඉස්සරහට ගිහිං මූන බලපං... හෘද ශාක්ෂිය ගැන උඹ නිසා මේ රටට වුණු විනාශය ගැන, නිරපරාදේ රාජපක්ෂලාගෙන් මැරුම් කාපු මිනිසුන් ගැන...පසුතැවීමක් වත් නැද්ද ? මං දැනං හිටියා රටට වෙන්න යන විනාශය ගැන...ජීවිතය ගැන නොතකා මම තනියම ප්‍රසිද්ධියේ හුඟක් සටන් කලා ගෝඨා ජනාධිපති වෙන එක වළක්වන්න ...අරගලයෙන් කීදෙනෙක් මැරුණද ? මට #කෙන් හිනා ගියා උඹ අරගලයේ ඉන්නවා දැකලා...මේ මරණ වලට උඹත් වගකියන්න කියන්න ඕනෙ නැද්ද ? උඹ මට කිව්වෙ ඕක මට අදාළ නෑ කියලා...

ස්වර්ගයේ වැඩවසන දේශප්‍රියාණනි...

රාජපක්ෂලාගෙන් රට ගළවාගත මැනව...

#ආමේන් !

මට හරි දුකයි මචං !

I dont want to naked u...
I just want to show you the mirror !
Anonymous said…
මහින්දයත් එක්ක ඩීල් එක රිනිව් කරලා...
Pension එකට අමතරව...
වාහනයක් සහ තවත් අමතර පඩියක් ඉතාම සුවපහසු තනතුරක් අරගෙන...නැවතත් මැතිවරණ කොමසාරිස් වෙන්න ඉල්ලමින්...ලෝකෙටම පොළු තියලා... කානුවට පෙරලිලා හිඟමනටම වැටුනමේ රටට...
උඹ රනිල් මහින්ද බලු පූට්ටුවෙන්... නැවතත් මැතිවරණ කොමසාරිස් තනතුර ඉල්ලමින්... තව තවත් රටට කෙලවන හැටි බලං ඉන්න බැරිම තැන...
මං මේ වගේ පෝස්ට් එකක් දැම්මා...
// මහින්ද රනිල් බලු පූට්ටුව... දැන් උපදෙස් ගන්නේ...
ගල් පලලා මද කාපු...
ව්‍යවස්ථාව, FR එක...බයිබලය මෙන් කට පාඩමින් දත්...හිටපු පරිපාලන නිලධාරියෙකුගෙනි //
උපුටා ගැනීම අවසන්...
හුකා...
මෙන්න මස්සිනා #තොප්පියඅතින්අරන්දාගෙන...
පහුවදාම මාව බ්ලොක් කරලා.
මේකා ආයෙත් මැතිවරණ කොමසාරිස් වුනොත්...
නාමල් රාජපක්ෂ ජනාධිපති වෙලා නවතින්නේ. උඹ ගහපු ටිපෙක්ස් ගේම්එකක් නිසා මුස්ලිම් ත්‍රීවීල් කාරයෙක් කොළඹ නගරාධිපති වුණා, ඊළඟට පොල්ලෙල්ලක් ආවා මහරගමට. ඕනම මැතිවරන අපේක්ෂකයෙක් කපන්න ඕන හරිම විදිය උඹ දන්නවා. නාගට දුන්නේ පුකෙන් යන්න. මැතිවරණයට බාධා කරලා කල් දානවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි.
අනිවාර්යෙන්ම හිරේ යන්න වෙන මගුලක්.
රනිල්ට ඇඟ බේරගෙන...
මැතිවරණ කොමිසම නැමති බල්ලත් 🐕 නොමරා පොල්ලත් නොකඩා...උසාවියෙනුත් බේරිලා මේක කරන හැටි ගැන උපදෙස් දෙන්න සුදුසුම පුද්ගලයා කවුද...
වෙනින් කවුරුවත් නොවේ... ලෙනින්මොරායස්ම තමයි.
චන්ද්‍රිකා...මහින්ද වගේ ජරා සත්තු එක්ක...කිසිම හිරිකිතයක් නැතුව කන බොන ඩීල් දාන...
උඹ ගැන මම දිගටම හිටියේ සැකයෙන්...
උඹට මතකද...
නෙළුම්යාය උත්සවයේදී උඹේ ෆෝන් එක මගේ අතට දුන්නා...ස්මාර්ට් ෆෝන්වලින් ෆොටෝ ගහන හැටි අහගන්න...
සිංහලෙන් ටයිප් කරන හැටි අහගන්න. වැරදි මිනිහගේ අතට මචෝ උඹ ෆෝන් එක දුන්නේ..
පිලාඔරුවකට නැගලා ගෙඳවානට ගිහින් ඕක මූදට වීසි කරපන්...තවදුරටත් රනිල් මහින්ද බලු පූට්ටුවට #ක දීලා නැවතත් මැතිවරණ කොමසාරිස් උනාට වැඩක් නෑ...
උඹට මාදම්පා ගඟේ පටබැඳි මුල්ල මූදේ...
නාන්න බැරි වෙනවා...
මර යුද්ධකාලේ මං මැරෙනවට බය නැතුව නේවි එකට ගියේ.. ප්‍රභාකරන් #රි බල්ලා මරන්න උදව් කරන්නයි. මං මගේ රටට හුඟක් ආදරෙයි. ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙන්න ඕන තරම් චාන්ස්එක තියෙද්දිත් මේරටේම නැවතුනේ ඒකයි. උඹට ආණ්ඩුවෙන් දීපු...තුවක්කුව වගේම මගේ තුවක්කුවත් පත්තුවෙනවා...උඹට හරියටම ටාගට් එකට වෙඩි තියන්න බෑ... නමුත් නේවි එකේ හිටපු හැම ජාතියම තුවක්කු වලින් වෙඩි තියපු...Son Of a Gun ලුතිනන් කමාන්ඩර් විමලසූරියට පුළුවන් !
උඹ වගේම මමත් දනින් පහල තියන්නෙ නෑ..ඔළුවටම තමයි තියන්නේ. හරි ප්‍රසිද්ධ හැමෝම සෙල්ෆි ගහන මැකෝ මගේ සමකාලීනයෙක්...
අපේ අම්බලන්ගොඩ අපේ ගමේ සුපිරි පොරක්...කියල මම හැම තැනකදිම කිව්වේ හරිම ආඩම්බරෙන්...
උඹ වගේ දවල් මිගෙල්..
රෑ දනියල් කෙනක් දාගෙන ඉන්න...අම්බලන්ගොඩ ආරියපාල ගුරුන්නාන්සේගේ... සළුපාලිය වෙස්මූණ ගලවලා...
නියම මූණ රටට පෙන්නලා...
මේ රටට තවතවත් කෙලවන එක...වළක්වන එක...
හිටපු හමුදා නිලධාරියෙක් විදිහට මගේ යුතුකමක්.
හිරේවත්තෙ බාසාවෙන් කිව්වොත්...
උඹ හරිෂෝක් GuඌKaරියෙක් !
#නේවිකොල්ලා

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...