Skip to main content

හමුවී ,නැතිවී ,යලි හමුවී, නැතිවී ගිය මගේ ලඟම මිතුරා





අපි පළමු වරට හමුවුයේ මීරිගම ඉංග්‍රීසි ගුරුවිදුහලට පුහුණුව සඳහා ගිය විටය ඒ 1984 දීය

අපි දෙදෙනාම එකම බෝට්ටුවේ අය වූ බැවින් අපි හනික මිතුරන් වූයෙමු

1980 ජුලි වැඩ වර්ජනයට ඔහු පේරාදෙණිය ගුරු විදුහලේදී එකතු වූ අතර ජේ ආර් ආණ්ඩුව ඔහු අවුරුදු තුනකට ගෙදර යැව්වේය

මම මහරගම ගුරු විදුහලේ ගුරු පුහුණුව ලබමින් සිටින අතරතුර 1980 ජුලි වැඩ වර්ජනයට සහභාගිවීම නිසා ජේ.ආර් .ආණ්ඩුව මා අවුරුදු තුනකට ගෙදර යැව්වේය

අවුරුදු 3කට පසු ඔහු සේවයේ පිහිටවූ අතර මා ද අවුරුදු 3 කැට පසු සේවයේ පිහිටුවන ලැබිණි

ඔහුත් ලංකා ගුරු සංගමයේය මමත් ලංකා ගුරු සංගමයේය

ඔහුත් සමාජවාදී මත දැරිය මමත් සමාජවාදී මත දැරීමි

ඔහුත් ඉංග්‍රීසි ගුරු පුහුණුව ලැබීය මමත් ඉංග්‍රීසි ගුරු පුහුණුව ලැබීමි

මිරිගම දී අපි දෙදෙනාම නවාතැන් ගත්තේ එකම බෝඩිමේය

1984 අගදී අපි පුහුණුව අවසන් කොට වෙන්වී ගියෙමු එකල දුරකථන නොවුයෙන් අදහස් හුවමාරු කරගත්තේ තැපාලෙනි.

ඔහු ජවිපෙට හිතවත් මත දැරූ අතර මාද එම මතයට ගන්නට උත්සහ කළේය

1987-88-89 භිෂණ සමය උදාවිය

ඉන්පසු ඔහුගෙන් එකම ලිපියක් වත් ආවේ නැත ඔහු භීෂණයට ගොදුරු වෙන්නට ඇතයි අනුමාන කලෙමි
එහෙත් ඔහුට ලිපි දෙකක් තුනක් යවමින් පණපිටින් සිටින්නේ නම් පිළිතුරක් එවන ලෙස ඉල්ලීමි

එහෙත් පිළිතුරු ආවේ නැත

2016 දවසක මම නිකවැරටිය තැපැල් කාර්යාලයට කතා කොට ගලගෙදර ප්‍රදේශයේ W.R.N. වික්රමනාත් නමැති ඉංග්‍රීසි ගුරුවරයෙක් සිටින්නේද යනුවෙන් විමසීමි ඔව් යයි මට පිළිතුර ලැබිණ

මගෙත් ඔහුගේත් යාළුකම ගැන විස්තරයක් කොට ඔහුගේ ජංගම දුරකථන අංකය සොයා දෙන ලෙස මම ඉල්ලීමි .ඔහු එයට එකඟ විය

තවත් දිනකිපයකට පසු නිකවැරටිය තැපැල් කාර්යාලයේ එම කාරුණික මහතා වික්රමනාත් ගේ දුරකථන අංකය ලබා දුන්නේය

වහාම මම එම අංකයට කතා කලෙමි

"වික්රනාත් ද?"

"ඔව්"

"මම බර්ටි රණවීරගේ "

"අනේ මචන් ,කොහොමද මගේ අංකෙ හොයාගත්තේ ?"

සොයාගත් ආකාරය කීවෙමි

 
"අනේ මචං මට එවපු ලියුම් වලට උත්තර නෙව්වට මට දහස් වාරයක් සමාවෙයන් "

එතැන් සිට ඔහු අඩු වශයෙන් සතියකට වරක් වත් මට කතා කළේය . අඩු වශයෙන් විනාඩි 25 වත් ඔහු ම සමග කතා කල අතර වැඩි වශයෙන් කතා කරේ දේශපාලනයය ජාත්‍යන්තර දේශපාලනය ගැන ඔහු හැම විටම වගේ ඇසීය

 
ඔහු කවදත් මට කතා කලේ ඉතා ලෙන්ගතු කමිනි සිගරට් බීම නැවැත්වූ බව වරක් මම ඔහුට කී විට අනේ මචන් ආයි බොන්නේ නැ නේද ?" යනුවෙන් ඔහු ඇසීය


මාර්තු මාසයේ දින දෙකක් පයකට අධික කාලයක් ඔහු මට කතා කර තිබුණි   

සති තුනකින් ඔහු මට කතා කලේ නැත්තේ මන්දැයි  අප්‍රියෙල් මැදදී  හදිසියේ මට සිහිපත්වී ඔහුගේ අංකයට කතා කලෙමි

එහා පැත්තෙන් කතා කලේ කාන්තාවකි

කෝ වික්රමනාත් ?

"අනේ සර් තාත්ත නැතිවුනා මාර්තු 27 "

කිසිසේත් ම අපේක්ෂා නොකළ එම පිළිතුර මා මහත් කම්පනයට පත් කල බව කිවයුතු ද?

මා මේ සටහන ලිව්වේ මගේ සිත හැකි තරමකින් සැහැල්ලු කර ගැනීමටය

ඩෙන්මාර්කයේ සිටින අපේ මිතුරියක් වන දිස්නා ජයසිංහ කිව කාරණාවක් මගේ සිතේ තදින් කා වැදී තිබේ

"බර්ටි , අපිට වයස 50 පැන්නට පස්සේ අපිට අහිමි වෙන හිතවත්තු වැඩියි "

Comments

ලයනල් ලියනගමගේ said…
ඔබ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සිටිනා විට මරා දමපු එක්සත් ජාතික පාක්ෂිකයෝ ගැන දැන් දුකක් නැද්ද?

Anonymous said…
සමහර මිනිස්සු මරණය සොයාගෙන යනවා. සමහරු සොයාගෙන මරණය පැමිණෙනවා. සමහරු මරණය අතේ තියාගෙන පැණි කනවා. සමහරු මරණය ගැන කවි ගී සින්දු ලියනවා.

මරණය කියන එක හැමතැනම තියෙනවා. සිගරැට්ටුවක් උරනකොට බීර හුස්මක් ගන්නකොට විස්කි ටිකක් රහා කරනකොට මරණය හිනාවෙනවා වෙන්න පුලුවන්.

සමහර ජාන තියෙන මිනිස්සු මේවා අස්සේ මරණයට ඔච්චම් කරනවා. හූහූ කියලා අසීමිතව බොනවා. බීලත් අවුරුදු එකසීය පනහක් විතර යෙහෙන් ඉන්නවා..

සමහරු කිසිම දෙයක් නෑ කන්නෙත් නෑ බොන්නෙත් නෑ සුඛන්නෙත් නෑ එහෙම එකෙක්ට ටක් ගාලා මරණය හම්බවෙන වෙලාවල් තියෙනවා. උබ මේ ලෝකෙට වැඩක් නෑ වරෙන් මෙන්නමෙහාට කියලා ඇදන් යනවා වෙන්නත් පුලුවන්.

අපි මරණය එක්ක එක එක විදිහට ක්‍රීඩා කරනවා. සමහරු මරණයට වෙට්ටු දානවා. සමහරු මරණයට ආතල් දෙනවා. සමහරු මරණයට හිනාවෙනවා. සමහරු මරණයට ඉඩ දීලා බලාගෙන ඉන්නවා. ඒ අස්සේ මරණය පරාද කරන ඈයොත් ඉන්නවා. එහෙම පරාද කරලා බෝනස් එකෙත් පැණි කන එවුන් එමටයි.

ජැක්සන් වගේ අය මරණය ඉස්සරහා පරාද වේලා. ඒත් තවමත් සුසුම් පිටකරනවා. උරාගන්නවා.

ඒකයි මම කියන්නේ ජීවිතේ කියන්නේ හීනයක්. එක එක මිනිස්සු එක එක විදිහට මේ හීනේ දකිනවා..!

THE SEVENTH SEAL (Ingmar Bergman Sweden, 1957) මේ ෆිල්ම් එක නිකමට බලන්න..!

ඒ අස්සේ මට no country for old men ෆිල්ම් එකේ Anton Chigurh කියන චරිතය කඩේට ඇවිත් කොයින් එක උඩ දාන සීන් එක මතක් වෙනවා.. මරණය කාසියක් උඩ දාලා තීරණය වෙන්නත් පුලුවන්.

පාටි එකට යනකොට ජූඩ් ශාමන්තගේ ගෙදර යතුර ඉවෝන් තමන්ගේ පර්ස් එකේ දාගන්න තීරණය නොකළානම්
සමහරවිට ඉවෝන්ට මරණය මඟහැරෙන්න තිබුණෙ නැද්ද?

මරණය මෙහෙම දිගාරින්න පුලුවන් නේද?..
Anonymous said…
Mr Ajith Dharmakeerthi,

I've some potential questions about your actions and beliefs could be:

1) What led Ajith to steal Soviet nuclear technology and sell it to Western countries?

2) How did you manage to evade detection and prosecution for such a significant crime?

3) What is the nature of Ajith Dharmakeerthi's current work with Sri Lankan President Ranil Wickramasinha?

4) How do you support for Russia during the conflict with Ukraine align with your previous actions and allegiances?

5) What are the potential consequences for Ajith if your actions were to be exposed or proven to be true?

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා