Skip to main content

හමුවී ,නැතිවී ,යලි හමුවී, නැතිවී ගිය මගේ ලඟම මිතුරා





අපි පළමු වරට හමුවුයේ මීරිගම ඉංග්‍රීසි ගුරුවිදුහලට පුහුණුව සඳහා ගිය විටය ඒ 1984 දීය

අපි දෙදෙනාම එකම බෝට්ටුවේ අය වූ බැවින් අපි හනික මිතුරන් වූයෙමු

1980 ජුලි වැඩ වර්ජනයට ඔහු පේරාදෙණිය ගුරු විදුහලේදී එකතු වූ අතර ජේ ආර් ආණ්ඩුව ඔහු අවුරුදු තුනකට ගෙදර යැව්වේය

මම මහරගම ගුරු විදුහලේ ගුරු පුහුණුව ලබමින් සිටින අතරතුර 1980 ජුලි වැඩ වර්ජනයට සහභාගිවීම නිසා ජේ.ආර් .ආණ්ඩුව මා අවුරුදු තුනකට ගෙදර යැව්වේය

අවුරුදු 3කට පසු ඔහු සේවයේ පිහිටවූ අතර මා ද අවුරුදු 3 කැට පසු සේවයේ පිහිටුවන ලැබිණි

ඔහුත් ලංකා ගුරු සංගමයේය මමත් ලංකා ගුරු සංගමයේය

ඔහුත් සමාජවාදී මත දැරිය මමත් සමාජවාදී මත දැරීමි

ඔහුත් ඉංග්‍රීසි ගුරු පුහුණුව ලැබීය මමත් ඉංග්‍රීසි ගුරු පුහුණුව ලැබීමි

මිරිගම දී අපි දෙදෙනාම නවාතැන් ගත්තේ එකම බෝඩිමේය

1984 අගදී අපි පුහුණුව අවසන් කොට වෙන්වී ගියෙමු එකල දුරකථන නොවුයෙන් අදහස් හුවමාරු කරගත්තේ තැපාලෙනි.

ඔහු ජවිපෙට හිතවත් මත දැරූ අතර මාද එම මතයට ගන්නට උත්සහ කළේය

1987-88-89 භිෂණ සමය උදාවිය

ඉන්පසු ඔහුගෙන් එකම ලිපියක් වත් ආවේ නැත ඔහු භීෂණයට ගොදුරු වෙන්නට ඇතයි අනුමාන කලෙමි
එහෙත් ඔහුට ලිපි දෙකක් තුනක් යවමින් පණපිටින් සිටින්නේ නම් පිළිතුරක් එවන ලෙස ඉල්ලීමි

එහෙත් පිළිතුරු ආවේ නැත

2016 දවසක මම නිකවැරටිය තැපැල් කාර්යාලයට කතා කොට ගලගෙදර ප්‍රදේශයේ W.R.N. වික්රමනාත් නමැති ඉංග්‍රීසි ගුරුවරයෙක් සිටින්නේද යනුවෙන් විමසීමි ඔව් යයි මට පිළිතුර ලැබිණ

මගෙත් ඔහුගේත් යාළුකම ගැන විස්තරයක් කොට ඔහුගේ ජංගම දුරකථන අංකය සොයා දෙන ලෙස මම ඉල්ලීමි .ඔහු එයට එකඟ විය

තවත් දිනකිපයකට පසු නිකවැරටිය තැපැල් කාර්යාලයේ එම කාරුණික මහතා වික්රමනාත් ගේ දුරකථන අංකය ලබා දුන්නේය

වහාම මම එම අංකයට කතා කලෙමි

"වික්රනාත් ද?"

"ඔව්"

"මම බර්ටි රණවීරගේ "

"අනේ මචන් ,කොහොමද මගේ අංකෙ හොයාගත්තේ ?"

සොයාගත් ආකාරය කීවෙමි

 
"අනේ මචං මට එවපු ලියුම් වලට උත්තර නෙව්වට මට දහස් වාරයක් සමාවෙයන් "

එතැන් සිට ඔහු අඩු වශයෙන් සතියකට වරක් වත් මට කතා කළේය . අඩු වශයෙන් විනාඩි 25 වත් ඔහු ම සමග කතා කල අතර වැඩි වශයෙන් කතා කරේ දේශපාලනයය ජාත්‍යන්තර දේශපාලනය ගැන ඔහු හැම විටම වගේ ඇසීය

 
ඔහු කවදත් මට කතා කලේ ඉතා ලෙන්ගතු කමිනි සිගරට් බීම නැවැත්වූ බව වරක් මම ඔහුට කී විට අනේ මචන් ආයි බොන්නේ නැ නේද ?" යනුවෙන් ඔහු ඇසීය


මාර්තු මාසයේ දින දෙකක් පයකට අධික කාලයක් ඔහු මට කතා කර තිබුණි   

සති තුනකින් ඔහු මට කතා කලේ නැත්තේ මන්දැයි  අප්‍රියෙල් මැදදී  හදිසියේ මට සිහිපත්වී ඔහුගේ අංකයට කතා කලෙමි

එහා පැත්තෙන් කතා කලේ කාන්තාවකි

කෝ වික්රමනාත් ?

"අනේ සර් තාත්ත නැතිවුනා මාර්තු 27 "

කිසිසේත් ම අපේක්ෂා නොකළ එම පිළිතුර මා මහත් කම්පනයට පත් කල බව කිවයුතු ද?

මා මේ සටහන ලිව්වේ මගේ සිත හැකි තරමකින් සැහැල්ලු කර ගැනීමටය

ඩෙන්මාර්කයේ සිටින අපේ මිතුරියක් වන දිස්නා ජයසිංහ කිව කාරණාවක් මගේ සිතේ තදින් කා වැදී තිබේ

"බර්ටි , අපිට වයස 50 පැන්නට පස්සේ අපිට අහිමි වෙන හිතවත්තු වැඩියි "

Comments

ලයනල් ලියනගමගේ said…
ඔබ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සිටිනා විට මරා දමපු එක්සත් ජාතික පාක්ෂිකයෝ ගැන දැන් දුකක් නැද්ද?

Anonymous said…
සමහර මිනිස්සු මරණය සොයාගෙන යනවා. සමහරු සොයාගෙන මරණය පැමිණෙනවා. සමහරු මරණය අතේ තියාගෙන පැණි කනවා. සමහරු මරණය ගැන කවි ගී සින්දු ලියනවා.

මරණය කියන එක හැමතැනම තියෙනවා. සිගරැට්ටුවක් උරනකොට බීර හුස්මක් ගන්නකොට විස්කි ටිකක් රහා කරනකොට මරණය හිනාවෙනවා වෙන්න පුලුවන්.

සමහර ජාන තියෙන මිනිස්සු මේවා අස්සේ මරණයට ඔච්චම් කරනවා. හූහූ කියලා අසීමිතව බොනවා. බීලත් අවුරුදු එකසීය පනහක් විතර යෙහෙන් ඉන්නවා..

සමහරු කිසිම දෙයක් නෑ කන්නෙත් නෑ බොන්නෙත් නෑ සුඛන්නෙත් නෑ එහෙම එකෙක්ට ටක් ගාලා මරණය හම්බවෙන වෙලාවල් තියෙනවා. උබ මේ ලෝකෙට වැඩක් නෑ වරෙන් මෙන්නමෙහාට කියලා ඇදන් යනවා වෙන්නත් පුලුවන්.

අපි මරණය එක්ක එක එක විදිහට ක්‍රීඩා කරනවා. සමහරු මරණයට වෙට්ටු දානවා. සමහරු මරණයට ආතල් දෙනවා. සමහරු මරණයට හිනාවෙනවා. සමහරු මරණයට ඉඩ දීලා බලාගෙන ඉන්නවා. ඒ අස්සේ මරණය පරාද කරන ඈයොත් ඉන්නවා. එහෙම පරාද කරලා බෝනස් එකෙත් පැණි කන එවුන් එමටයි.

ජැක්සන් වගේ අය මරණය ඉස්සරහා පරාද වේලා. ඒත් තවමත් සුසුම් පිටකරනවා. උරාගන්නවා.

ඒකයි මම කියන්නේ ජීවිතේ කියන්නේ හීනයක්. එක එක මිනිස්සු එක එක විදිහට මේ හීනේ දකිනවා..!

THE SEVENTH SEAL (Ingmar Bergman Sweden, 1957) මේ ෆිල්ම් එක නිකමට බලන්න..!

ඒ අස්සේ මට no country for old men ෆිල්ම් එකේ Anton Chigurh කියන චරිතය කඩේට ඇවිත් කොයින් එක උඩ දාන සීන් එක මතක් වෙනවා.. මරණය කාසියක් උඩ දාලා තීරණය වෙන්නත් පුලුවන්.

පාටි එකට යනකොට ජූඩ් ශාමන්තගේ ගෙදර යතුර ඉවෝන් තමන්ගේ පර්ස් එකේ දාගන්න තීරණය නොකළානම්
සමහරවිට ඉවෝන්ට මරණය මඟහැරෙන්න තිබුණෙ නැද්ද?

මරණය මෙහෙම දිගාරින්න පුලුවන් නේද?..
Anonymous said…
Mr Ajith Dharmakeerthi,

I've some potential questions about your actions and beliefs could be:

1) What led Ajith to steal Soviet nuclear technology and sell it to Western countries?

2) How did you manage to evade detection and prosecution for such a significant crime?

3) What is the nature of Ajith Dharmakeerthi's current work with Sri Lankan President Ranil Wickramasinha?

4) How do you support for Russia during the conflict with Ukraine align with your previous actions and allegiances?

5) What are the potential consequences for Ajith if your actions were to be exposed or proven to be true?

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...