Skip to main content

සිරිසේන අඩි හයේ වල කපාගනී




       ඇතිවී තිබෙන්නෙ බරපතල දේශපාලන  අර්බූදයකි එය ආර්ථික අර්බූදයක් දෙසට ගමන් කරමින් තිබේ.සෑම පැයකම දේශපාලන  අර්බූදය උග්‍ර අතට හැරෙමින් තිබේ.එය ලේ ගැලීම දක්වා පැතිරෙමින් යයි. තව මිනිස් ජීවිත ගණනාවක් බිලිගනු ඇත.


මේ අර්බූදය ඇරඹුනේ රාත්‍රි කාලයේ රහසිගතව අගමැති ලෙස මහින්ද  රාජපක්ශ  මහතා පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම නිසාය.

එහෙත් මේ මොහොත වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මහතාට බහුතර මංත්‍රිවරු  පිරිසක් සහයෝගය ප්‍රකාශ  කර තිබේ ඔවුන් විසින් අත්සන් කරන ලද ලියවිල්ලක් කථානායකවරයා ට භාරදීමට යනබව වාර්තාවී තිබේ.  ඔහුට සහය දෙන මංත්‍රි සංඛ්‍යාව  125 ඉක්මවා තිබෙනබව පෙනේ.


 එක්සත් ජාතික පක්ශයේ  මංත්‍රිවරු  පිරිසක් ජනාධිපති ට සහය දීමට ඉදිරිපත් වනු ඇතැයි අපේක්ශා කර තිබූ නමුත් එම බලාපොරොත්තු කඩවෙමින් තිබේ. ආනන්ද අලුත්ගමගේ  මංත්‍රිවරයා හැර අන් සියලුම එජාප පෙරමුනේ මංත්‍රිවරු  රනිල් වටා රැස්වී ඔහු ආරක්ශා කිරිමට ඉදිරියට පැමින සිටී.


දැන් සිදුවෙමින් තිබෙන්නේ ජනාධිපති වරයා කිසිසේත්ම අපේක්ශා  නොකල  පෙරලියකි.ඔහුගේ පක්ශයේ  ප්‍රධාන  සංවිධායක  වන දුමින්ද දිසානායකද ඇමතිවරයා ද අරලියගහ මංදිරයට ගොස් රනිල්ට සහය පළකොට තිබේ.   අඩු වශයෙන් තවත් ශ්‍රිලනිප මංත්‍රිවරු පස් දෙනෙකු රනිල්ට සහය දීමට සූදානම් බව පෙනේ   .ඊට හේතුව වී තිබෙන්නේ මහින්ද  අගමැති වනු දැකීමට ඔවුන් අකමැති වීමයි. මේ මෙහෙයුම පිටුපස සිටින්නේ චන්ද්‍රිකා  කුමාරතුංග  බව පෙනේ


මේ අතර පාර්ලිමේන්තුව වහා කැදවන ලෙස පක්ශ ගනනාවක නායකයන් විසින් කථානායකවරයාගෙන් ඉල්ලා තිබේ. ඒ අතර ඇමරිකානු රාජ්‍ය  දෙපාර්තමේන්තුව  ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් වහාම පාර්ලිමේන්තුව කැදවන ලෙස ඉල්ලා ඇත.


එහෙත් එම ඉල්ලීම්වලට සවන් දීමට ජනාධිපති වරයා සූදානම්  බවක් පේන්නේ නැත. ඔහු ඒ වෙනුවට රාජපක්ශ බලවත් කිරීමට කටයුතු කරමින් සිටී.


ජනාධිපතිවරයා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව  උල්ලඝනය කරමින් මහින්ද අගමැති ලෙස පත් කරනු ලැබුවේ අන් කාරනාවක් නිසා නොව 2024 දක්වා ජනාධිපති ලෙස බලයේ සිටීමට ඔහුට ඇති කෑදරකම නිසාය.


ලබන වසර අග පැවැත්වීමට  නියමිත ජනාධිපතිවරණයේදි  එක්සත් ජාතික පක්ශයේ සහය  තමන්ට ලබා දෙන ලෙස ජනාධිපති වරයා ඉල්ලා සිටි විට එම පක්ෂය  එය ප්‍රතික්ශේප  කිරීම නිසා පොහොට්ටුවෙ  සහයෙන් ජනාධිපති  වීම ඔහුගේ සැලැස්ම විය. හිටිහැටියේම  මහින්ද ට අගමැති කම දුන්නේ ඒ නිසාය.


කුනාටුවක වේගයෙන් දැන් සිදුවෙමින් තිබෙන දේශපාලන  සිදුවීම් පෙල දෙස විචාරාත්මක  ලෙස හදාරන්නෙකුට එලඹිය හැකි නිගමනය නම් සිරිසේන මහතා  කුණාටුවක වේගයෙන්  මහජනයා අතර පිරිහෙමින් තිබීමය. ඔහු බලයට පත් කිරීමට කැපවීමෙන් කටයුතු කළ සියලු බලවේග ඔහු අත් හැරගොස් හමාරය.


ඉදිරි ජනාධිපතිවරණයේදි  පොහොට්ටුවේ සහය දෙන බව ප්‍රකාශ කොට තිබුනද මහින්දගේ අගමැති කම නීතිය සහ පාර්ලිමේන්තුව විසින් නොපිලිගැනිමත් සමග සිරිසේන කෙරෙහි මහින්ද වයිර බැදීම ස්ථිරය. ජනාධිපතිවරයා විසින් දියත් කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණය ට ඔහුද හවුල් වීම නිසා ඊලග මහා මැතිවරණයේදි  අගමැති වීමට තිබූ ඉඩකඩ ද අඩුවී යාම මහින්ද වියරු වට්ටන බව නිසැකය. එවැනි පසුබිමක් තුල පොහොට්ටුව ජනාධිපතිවරණයේදි  සහය දෙනු ඇත්තේ සිරිසේනට  නොව පොහොට්ටුව ඉදිරිපත් කරන අපේක්ශයාටය.


එවැනි දේශපාලන  පසුබිමක් තුල වත්මන් ජනාධිපති  වරයාට සිදුවන්නේ  තරග නොකරම පරාජිතයෙකු ලෙස පොලොන්නරුවට ගොස් කළ ගොංකං ගැන ආවර්ජනය කරමින් හූල්ලන්නටය.


Comments

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...

ඒ කාලේ අපි කරුවලේ කරපු වැඩ

  "උඹ කොළඹ ගිහින් තියෙනවද ගුණදාස  ?" "නෑ " "උඹ කොළඹගිහින් තියෙනවද  සිරිපාල? " "නෑ " "උඹ කොළඹ ගිහින් තියෙනවද  පේමදාස? " "නෑ " ඒ  බාලාංශ පන්තිවල ඉගෙනගන්නා කාලයේ පන්තියේ කොල්ලන්ගෙන් මම  ඇසු ප්‍රශ්නයි  කෙල්ලන්ගෙන් කිසිදිනක එම ප්‍රශ්නය නොඇසුවෙමි  .හේතුව අසීමිත ලැජ්ජාව නිසාය  බැරිවෙලාවත් ඇහුවොත් දෙන පිළිතුර වන්නේ "පලයන් කොල්ලෝ යන්න " යන්නය.   .පන්තියේ  එවුන් එකෙක් වත් කොළඹ ගොස් නොතිබුණද  තුනේ පන්තිය වන විට  මම තුන් හතර  වරක් කොළඹ ගොස් ඇවිත්  සිටියෙමි .   .කොළඹ යාමට පින පැදුනු හේතුව  මෙසේය .      (මේ අපේ මාමා සේවය කළ DONALD'S ස්ටුඩියෝවේදී ගන්නා ලද චායාරුපයෙකි)         අපේ අම්මගේ මල්ලි හෙවත් මගේ මාමා චායාරුප ශිල්පියෙක් විය ඔහු සේවය කලේ කොළඹ මරදානේ  Donald's Studio හීය . නැවතී සිටියේ දෙහිවල කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ බෝඩිමකය එහි සිටියදී ඔහු ඇතිකරගත් ප්‍රේම සම්බන්ධය විවාහය දක්වා දික්විය .නැන්දාව කැන්දාගෙන ඒම සඳහා ගිය පිරිස අතර අවුරුදු 7 ක් වයසැති  මාද විය ...