Skip to main content

අමතක නොවෙන චිත්‍රපටියක් Lion


Image result for lion movie



                 මා  ඉතා ආශාවෙන් නැරඹූ චිත්‍රපටියක්  වන Lion  නරඹන ලෙස ඔබට කියන්නේ එය ඔබට බොහෝ කාලයක් යනතුරු අමතක නොවන බව මා දන්නා නිසයි.


මා එය නැරඹූවේ වසරකට පෙර උවත් එය නැරඹීමෙන් මා ලැබූ ආශ්වාද ජනක මිහිර  තවමත්  මා සිත තුල සැරිසරමින් තිබෙනවා .


මේ චිත්‍රපටය  සත්‍ය කතාවක් මත ඕස්ට්‍රේලියානු සිනමා කරුවෙකු නිපදවනු ලැබුවේ 2016 වසරේ අග භාගයේදි. ඩොලර් ලක්ශ මිලියන් 16 ක් වැය කොට නිපදවනු  ලැබු Lion  නැමති මේ චිත්‍රපටය   ඩොලර් මිලියන 140 ඉක්මවා ආදායම්  ඉපයා තිබෙනවා.එමෙන්ම ඔස්කාර් සම්මාන හයක් ද ලබා තිබෙනවා.


Garth Devis විසින් අධ්‍යක්ෂනය කළ මේ චිත්‍රපටයේ දේව් පටෙල්,  සහ නිකොල් කිඩ්මන්  රගපානවා.
මෙම චිත්‍රපටය නිපදවා ඇත්තේ ඇත්තටම සිදුවූ ලොකු කතාවක් පදනම් කරගෙනයි.


ඇත්ත සිදුවිම මෙසේයි


ඉන්දියාවේ  කන්ද්වා දිස්ත්‍රික්කයේ  ඈත ගමක ජීවත්වූ ශෙරූ (සිංහයා) අවුරුදු 5 දරුවෙක්.ඔහුට සහෝදරයන් දෙදෙනෙකු සහ සහෝදරියක් සිටිනවා. පියා ඔවුන් අතහැර ගොස් බැවින් මව ඉතා දුකසේ දරුවන් උස්මහත් කර ගැනිමට වෙහෙසෙනවා. දුගී කම නිසා ළමුන් පාසල් යැවීමටද  ඇයට හැකිවෙන්නෙ නැහැ.


දිනක් ශෙරූගේ වැඩිමහල්  සොයුරෙක් වූ ගුඩ්ඩු නගරයේ රැකියාවකට යාමට සූදානම් වූ විට ශෙරූ ද බලෙන් මෙන් ඔහු සමග යනවා.ඔවුන් යන්නේ දුම්රියෙන්. නගරයට යන විට රෑ බෝවිම නිසා ශෙරූට තදින් නිදිමත හැදෙනවා. මේ නිසා අය්යා ඔහුව දුම්රිය  පොලේ බංකුවක් මත තබා ඔහු ආපසු එනතෙක් එතෙනම සිටින ලෙස කියා පිටවී යනවා.ශෙරූට ඇහැරෙන්නෙ පසුවදා උදේ.ඔහු අය්යා සොයමින් නවතා තිබූ දුම්රිය කට නගිනවා. දුම්රිය  දුවන්නට පටන් ගත් බැවින් ඔහුට කර කියා ගන්නට නොහැකිවෙනවා. දුම්රිය නවතින්නෙ කිලෝමිටර් 1500 ක් ගොස් කල්කටා නගරයේ. එහිදී සිගාකමින් ජිවත්වු ඔහු පොලිසිය විසින් ළමා නිවාසයකට භාර දෙනවා.


ළමා නිවාසයට පැමිනෙන ඕස්ට්‍රේලියානු  යුවලක් ඔහුව ඕස්ට්‍රේලියාවට රැගෙන ගොස් උගන්වනවා ඔහුට එහිදි හමුවන් ඉන්දියානු  සිසුන් නිසාතම මව සොයා ආපසු ඉන්දියාවට යාමට ඔහු තීරනය කරනවා. නමුත් ඔහුට ඔහුගේ ගමේ නම හරියට මතක නැහැකෙසේ වෙතත් ගූගල් සිතියම් මගින් ගම සොයා ගැනීමට ඔහු මාස ගනනක් තිස්සේ වෙහෙසී අන්තිමට ඔහු ගම සොයා ගන්නවා.


ඉන්පසු ශෙරූ (ඔහු තමන්ගේ නම ලෙස කියා තිබුනේ සරූ) ඔහු හදාගත් මව සමග සියනිවස සොයාගෙන එනවා ඔහු නිවස සොයා ගෙන අ නමුත් එහි තිබුනේ එලුගාලක්.
කෙසේ වෙතත් එහිදිහමුවන අයෙකු ගමේ වෙනත් තැනක පදිංචි වී සිටි මව ඔහුට මුනගස්සනවා.


ඔහුගේ අය්යා ගැන විමසූවිට දැනගන්නට ලැබෙන්නේ ශෝක ජනක පුවතක්. අවුරුදු 25 කට පෙර තමා දුම්රිය  පොලේ බංකුවක්  මත නිදි කරවා දුම්රිය  පාරවල් හරහා යනවිට දුම්රියක හැපී ඔහු මියගොස් තිබෙනවා.


චිත්‍රපටය අවසානයේ සැබෑ ශෙරූ ඔහුගේ ඇත්ත අම්මා මුනගැසෙන ආකාරයද පෙන්වනවා.
මා දුටු විශිෂ්ට  චිත්‍රපටයක් ලෙස Lion  නම් කීරීමට මා යලිත් කැමතියි.






Comments

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...