Skip to main content

සේනා දළඹුවන් ඇරඹු තුන්වන ලෝක යුද්ධය





Related image


    

      පළමු ලෝක යුද්ධය එක් කෝටි හැට ලක්ෂයක් මරා දැම්මේය. දෙවන ලෝක යුද්ධය  මරා  දැමු සංඛ්‍යාව  හරි හැටි දන්නා  කෙනක් නැත. කෝටි හතත් - අටහමාරක් අතර  මිනිසුන් සංඛ්‍යාවක්  දෙවන ලෝක යුද්ධය විසින්  මරා  දැමු බවට ගණන් හිලව්  හදා  තිබේ. තුන්වැනි  ලෝක යුද්ධයක් මිනිසුන් විසින් ඇරඹුවහොත්  එය අවසන් වනු ඇත්තේ  ලෝකයේ මිනිසුන්  කෝටි හැට හැත්තෑවක් ඝාතනය වීමෙන් බවට අනුමාන කිරීම සාධාරණය. න්‍යෂ්ටික අවි භාවිතා  කිරීම නිසා එවැනි විනාශයක්  සිදුවීම  කිසිවෙකුට වැළක්විය නොහැක .  මේ සම්බන්ධයෙන් ඇල්බර්ට්  අයින්ස්ටයින්ගේ  තක්සේරුව මෙසේය.


' තුන්වන ලෝක යුද්ධයේදී භාවිතා  කරන  අවි මොනවාදැයි මට  කිව නොහැක .එහෙත් හතරවෙනි ලෝක යුද්ධයේදී නම් භාවිතා  කරනු ඇත්තේ   ගල් කැටය.'


ලෝකය එක වරක් නොව  කීප වාරයක් විනාශ  කිරීමට සමත් අවි අද ලෝක බලවතුන් අත තිබේ. එබැවින් ඔවුහු තුන්වන ලෝක යුද්ධය ඇරඹීමට  මෙතෙක්  පසු බැස සිටින්නේ  ඒ නිසාය . එහෙත් තුන්වන ලෝක යුද්ධය ඇරඹෙන්නේ නැති බවට කිසිදු සහතිකයක්ද නැත . ඉතා සුළු සිද්ධියක් තෙවන ලෝක යුද්ධය දක්වා පුපුරා  යා හැක . 


එහෙත්  කිසිවෙකු බලාපොරොත්තු නොවූ  ලෙස තුන්වන ලෝක යුද්ධය මහා බලවතෙකු නොව  සේනා  දළඹුවා  විසින් අරඹා තිබේ. එහි විනාශකාරී බව අප ඇතුළු ලෝක ප්‍රජාවෙන් බහුතරය තවමත් දන්නේ  නැත .




Image result for spraying pesticide against fall armyworm


                                සේනා දළඹුවා (හිසේ ඇති v හැඩය හඳුනා ගන්න )



සේනා දළඹුවා  විසින් මිනිස් වර්ගයාට එරෙහිව  අරඹා තිබෙන යුද්ධය බිහිසුණු වන්නේ ඔවුන්  අක්කර සිය දහස්  ගණනක වගාව දිනකින් දෙකකින් විනාශ කර දමන නිසා  පමණක්  නොවේ . ඔවුන් දිනකට  සැතපුම් සියයක් දුරකට  පැතිරිය හැකි නිසා  පමණක් නොවේ .සේනා දළඹුවා  මුළුමනින්ම විනාශ කර දැමීමට  මගක්  තවමත් ලෝකයා  විසින් සොයා ගෙන නැති නිසාය.  මෙම දළඹු ආක්‍රමණය හේතුවෙන් අප්‍රිකාවේ සහ ආසියාවේ  පමණක් නොව ලෝකයේම  බරපතල ආහාර අහේනියක් ඇති විය හැක 


Related image

                                                     සේනා දළඹයා

 ලෝකයේ රටවල් අඩකට ආසන්න  ප්‍රමාණයක්  මෙම කෘමි හමුදාව විසින් ආක්‍රමණය  කර භව බෝග  ටොන් කෝටි  ගනින් කා ඇතත්  සේනා  දළඹුවා පිළිබඳව පළමු වරට  ලාංකිකයා ඇසුවේ ගිය දෙසැම්බරයේ අග භාගයේදීය.  ඒ අපේ රටේ බඩ ඉරිගු වගාවට  කරන ලද විනාශය පිළිබඳව මාධ්‍ය විසින්  කරන ලද වාර්තා   සමගය . අපේ රටට මෙම දළඹුවා පැමිණ ඇත්තේ ගිය වසරේ නොවැම්බර් මාසයේ බවට විශ්වාස කළ හැක  .


ලෝකයේ රටවල් 84 කට  සේනා දළඹුවා  පැතිරී තිබෙන අතර එම රටවල  ආණ්ඩුවලටද  ලෝක සංවිධානවල ආධාරයෙන්ද පවා  සේනා  දළඹු වසංගතය  පාලනය  කරගත  නොහැකි වී  තිබෙන බැවින් අපේ රටේ ආණ්ඩුවට  තනිවම මෙය  පාලනය  කළ නොහැකි බව අමුතුවෙන්  කිව යුතු නැත . මෙය යම් දුරකටවත් පාලනය  කිරීමට නම් සමස්ත  ලාංකිකයන්ගේ සක්‍රිය දායකත්වය අවශ්‍ය වන්නේය .


 එවැනි දායකත්වයක්  ලබා  ගත හැක්කේ එහි බිහිසුණු බව  මිනිසුන්ගේ මොළවලට  කා වැද්දුවොත්  පමණි . මා මෙය ලියන්නේද  මට හැකි අල්පය කරන්නටය . ඔබ මෙවැනි ලිපි  ලාංකිකයන් අතර බෙදා හැරීමෙන් ඔබටද මෙයට දායක විය හැකිය.


පසු ගිය වසරේ මැද භාගය වන විට අප්‍රිකාවේ රටවල් 42 කට අයත්  වර්ග කිලෝ මීටර් මිලියන 22  ක භුමි ප්‍රදේශයක ඉරිඟු සහ සෝගම් වගාවන්ට,    Spodoptera frugiperda  යන විද්‍යාත්මක  නාමයෙන්ද, Fall armyworm යනුවෙන් ඉංග්‍රීසියෙන්ද හඳුන්වන  සේනා දළඹුවා ආක්‍රමණය කොට  තිබුණි .  සේනා දළඹුවා අප්‍රිකානු මහාද්වීපයේ පළමුවරට හමුවුයේ 2016 දී නයිජීරියාවේදිය. එක වසරක් තුලදී අප්‍රිකාවේ රටවල් 42 ක් පුරා ආක්‍රමණය  කරන්නට  තරම් බලවත්වූ මෙම දළඹුවා මොන තරම් බිහිසුණු සතුරෙක්ද යන්න ඔබට  වැටහෙනු ඇත. අප්‍රිකාවෙන් ඉන්දියාවට 2018 දී  ආක්‍රමණය කළ සේනා දළඹුවා  මාස කීපයකින් එහි ප්‍රාන්ත ගණනවක  බඩ ඉරිඟු  වගාවන්  කා දැම්මේය   


 සේනා දළඹුවාගේ ආරම්භය කොහේද?


මෙම කෘමියාගේ  නිජ බිම දකුණු ඇමරිකාවය  දකුණු ඇමරිකාවේ සහ කැරිබියන් ප්‍රදේශයේ රටවල් 28 ක  මෙම වසංගතය   පැතිරී තිබෙන අතර එය ඇමරිකා එක්සත් ජනපදයේ  ප්‍රාන්ත රාජ්‍යයන් 42 ක ද මෙම දළඹුවෝ  වසති . කැනඩාව දක්වා  පැතිර ගොස් ඇතත් උතුරු  ඇමරිකානු මහාද්වීපයේ මෙම වසංගතය බොහෝ දුරට  පාලනය  කරගෙන තිබෙන බව පෙනේ .මෙය විනාශයක් බවට  පත්වුයේ 2016 දී අප්‍රිකානු  මහද්වීපයට සේනා දළඹුවා ආක්‍රමණය කිරීමත් සමගය . අලුත්ම සංඛ්‍යා ලේඛන අනුව අද   වන විට අප්‍රිකාවේ රටවල් 48 කට දරුණු අන්දමින් දළඹුවා පැතිරගොස් තිබෙන අතර එයට හේතුව දකුණු අප්‍රිකාවේ ප්‍රධාන ආහාරයක් වන බඩ ඉරිඟු කෑමට සේනා දළඹුවා  දැඩි රුචියක් දැක්වීම නිසාය .


2018 මැද භාගය වන විට ඉන්දියාවේ ප්‍රාන්ත වන ආන්ද්‍ර ප්‍රදේශ් , කර්ණාටක මහා රාෂ්ට්‍ර තෙලෙන්ගනා, බටහිර බෙංගාලය  සහ  තමිල්නාඩුවට මෙම දළඹුවා ආක්‍රමණය  කර තිබිණ. මෙය සැලකිල්ලට ගත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර සහ  කෘෂිකර්ම සංවිධානය ආසියාවේ අනෙකුත් රටවලට  මෙන්ම චීනයටද  මෙම වසංගතය  පැතිරිය හැකි බවට ගිය අවුරුද්දේ අගෝස්තුවේදී  අනතුරු ඇඟවීය .


මේ වන විට එය සත්‍යයක් බවට  පත් කරමින් තායිලන්තයටද ,මියන්මරයටද සහ අප රටටද   සේනා දළඹුවා  පැමිණ තිබේ .




            ලංකාවේ  බඩ ඉරිඟු වගාවට  පමණක් තවමත් මෙය බහුල ලෙස  බලපා තිබෙන බැවින් සමස්ත ගොවි ජනතාව , සේනා දළඹු ප්‍රහාරයේ  බිහිසුණු බව වටහා ගෙන නොමැත ,මෙය  බඩ ඉරිඟු වලට  පමණක් නොව තවත් වගාවන් 80-100 අතර සංඛ්‍යාවක් කා දමන  බව විශේෂඥයෝ ප්‍රකාශ කර තිබේ මෙය ධාන්‍ය වලට  පමණක් නොව  ඇතැම් පලතුරු වලටද ඇතැම් එලවලු වලටද , මල් වර්ග  කීපයකටද  සේනා    දළඹුවා  විනාශය  ගෙන එයි .


අපේ රටේ වවන පහත සදහන් වගාවන් මෙම දළඹුවා කා දමයි .


ඉරිඟු , වී ,සෝගම්, රටකජු.සෝයා, කව්පි , කපු , උක්, රබර් ,ඉඟුරු, දුම්කොළ ,සුරිය මල් .


අර්තාපල් , ලුණු ,තක්කාලි, වට්ටක්කා ,බණ්ඩක්කා ගෝවා , පිපිඥඥා, බතල ,බෝංචි, රාබු ,නිවිති, සලාද ගෝවා මිරිස් ,ගම්මිරිස්, මල් ගෝවා.

 

පේර ,මිදී, ගස්ලබු , අඹ , කෙසෙල් ,ලෙමන් දෙහි ,ස්ට්‍රොබෙරි , පැෂන් මල්  , කොමඩු 


ඩේලියා, කානේෂන් ක්රෝටන් සහ  රෝස

 

Related image

                                                 සේනා දළඹුවාගේ ජීවන චක්‍රය 

මෙම දළඹුවා වේගයෙන් බෝවන්නේ මු  සලඹුවෙක් වූ පසු බිත්තර තොග ගණනින් දමන  නිසාය. බිත්තර,  සළඹයෙක් බවට පත් වීමට සති හතරක් හෝ  පහක් ගතවේ  සළඹයා උපරිම වශයෙන් දින 21 ක් ජීවත්වන අතර එම කාලය තුලදී බිත්තර 100 සිට 2000 දක්වා දමයි .බිත්තර දින දෙක තුනකින් මෝරා දළඹුවන් උපදින අතර  ඔවුන් වගාවන් කා දමමින් උපරිම වශයෙන්  දින 22 ක් ගත  කරයි .ඉන්පසු සති දෙක තුනකින් සළඹයෙක් බවට  පත්ව වෙනත් වගාවෙන් වෙත  පියාඹා ගොස් බිත්තර දමයි . සලඹයන් එක්  දිනකදී කිලෝමීටර් 100 ක් දක්වා දුර පියඹා  යා හැකි බැවින් දළඹු ආක්‍රමණය ඉතා වේගයෙන් විශාල ප්‍රදේශයක ට  පැතිරී යයි . සිය  කෙටි ජීවිත  කාලය තුළ  පරම්පරා  කීපයක් ජනිත කිරීමට සලඹයාට  හැකියාව තිබේ  . මෙම කෘමියාගේ ජිවිත  කාලය  තීරණය වන්නේ පරිසරයේ පවතිත උෂ්ණත්වය  මතය  . නිවර්තන කලාපිය දේශගුණය සහිත රටවල  ජනිතවන මෙම දළඹුවාට  හිම මිදෙන  සීතල දරා  ගත නොහැක  ලෝකයේ උතුර අර්ධ  ගෝලය  පැත්තට වන්නට මෙම කෘමි උවදුර දකින්නට නැත්තේ ඒ නිසාය .



                                  

මෙම උවදුර ට  එරෙහිව    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහර සහ කෘෂිකර්ම සංවිධානය, ආහාර පිලිබඳ ලෝක සංවිධාන,  මෙම උවදුරට මුහුණ දුන් අප්‍රිකානු රටවල සමග එක්ව විද්‍යාඥයින් සිය ගණනක් සමග   පර්යේෂණ කරමින්ද විශාල ලෙස මුදල් වැය කරමින්ද කටයුතු කර ඇතත් සාර්ථක විසඳුමක් සොයා ගැනීමට අසමත්ව තිබේ .




කෘමි නාශක සහ පලිබෝධ නාශක නිපදවා  ඇතත් ඒවා සියයට සියයක් සාර්ථක  ප්‍රතිඵල ලබා දීමට අසමත්ව තිබේ  කුහුඹින් මෙම දළඹු බිත්තර  කා දමන බව සොයා ගෙන තිබේ. එබැවින් වගාවන් අතර කුහුඹින් පැතිරවීමෙන්  යම් දුරකට  පාලනය  කළ හැක  එමෙන්ම පිරිමි බිත්තර  පමණක් නිපදවීමට සමත් සලඹයන් නිපදවා  පරිසරයට මුදා  හැර තිබෙන අතර එය සාර්ථක  ප්‍රතිඵල පෙන්වා තිබේ .දළඹු මර්දනය  සදහා අප්‍රිකාවේ  ගොවියන් මිලියන් ගණනක් එක්සත්  ජාතීන්ගේ සංවිධානය විසින් පුහුණු කර තිබෙන අතර දළඹුවන් අතින් ඉවත් කර පොඩි කර මරා  දැමීම එක විසදුමක් ලෙස හඳුනාගෙන තිබේ . එමෙන්ම දේශීය විසඳුම් වෙත  යොමුවෙන ලෙස ද විද්‍යාඥයින් ගොවියන්ගෙන් ඉල්ලා තිබේ. අළු ගැසීම යම් දුරකට සාර්ථක බව  ලංකාවේ ඇතැමුන්  සොයා ගෙන තිබෙන  බවට වාර්තා  පළවී ඇත  .



මෙම උවදුර   අපේ රටේ පාලනය  කිරීමට නම් ගොවියන් සහ වෙනත් අය  ලක්ෂ ගණනින් මෙහෙයවීමේ වැඩ පිළිවෙලකට ආණ්ඩුව  වහා අවතීර්ණ විය යුතුමය . වෙනත් වචන වලින් කියතොත්  සේනා දළඹුවාට එරෙහිව ලක්ෂ ගණනක් මිනිස් සේනාවක් යෙදවිය යුතුය. ඉකුත් වසර දෙකක   කාලයේ ඩෙංගු මර්දනය කිරීම සදහා ආණ්ඩුව  අනුගමනය  කළ දැවැන්ත වැඩ සටහන මෙන් දැවැන්ත දළඹු මර්ධන ව්‍යාපාරයක් වහ වහා දියත් කළහොත් මෙම උවදුර බොහෝ දුරට  පාලනය  කර ගැනීමට අපට හැකිවෙනු ඇත . නැතහොත් සිදුවන්නේ  අප රටට දරා ගත නොහැකි විනාශයකි .


( මෙම  ලිපිය උපුටා ගෙන  මුහුණු පොතේ පළකිරීමෙන් මෙම විනාශය පිළිබඳව මහජනයා දැනුවත් කිරීමට  ඔබට දායක විය හැක. )  





Comments

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...