Skip to main content

වීරවංශ උසාවියට ගැරහිල්ල නීතිඥ සංගමය තදින් හෙලා දකී



Image result for weerawansa remanded
     

    "  ශ්‍රේෂ්ඨාධිකරණය එක්තරා ආගමික කල්ලියක  ගුහාවක්"  යැයි  විමල් වීරවංශ   ඉකුත් 10 වනදා පාර්ලිමේන්තුවේදී  කළ ප්‍රකාශය ශ්‍රී ලංකා  නීතිඥ සංගමය හෙලා දකිමින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ .


 පාර්ලිමේන්තුව තුලදී කරන ප්‍රකාශවලට විරුද්ධව  නඩු පැවරිය නොහැක .


  ශ්‍රී ලංකා  නීතිඥ සංගමය  නිකුත්  කළ ප්‍රකාශය මෙසේය .


මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නව පත්වීම් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් කරන ලද ප්‍රකාශය ශ්‍රී ලංකා නීතිඥ සංගමය හෙළා දකී.

2019.01.10 වන දින පාර්ලිමේන්තු සැසිවාරයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මන්ත්‍රීතුමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධව කර ඇති ප්‍රකාශය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය තරයේ හෙළා දකියි.

පාර්ලිමේන්තු විවාදයක් අතරතුර දී වීරවංශ මන්ත්‍රීවරයා විසින් “ශ්‍රේෂ්ඨාධිකරණය එක්තරා ආගමික කල්ලියක ගුහාවක්“ බව ප්‍රකාශ කර ඇත. තවදුරටත් ඔහු පවසා ඇත්තේ ව්‍යවස්ථාදායක සභාව අනුමත කර ඇත්තේ ද එක්තරා ආගමික කල්ලියකට අයත් පුද්ගලයන්ගේ නම් බවය. නමුත් පසුගිය වසර ගණනාවක ශ්‍රේෂ්ඨාධිකරණයේ පත්වීම් පිළිබඳව සලකා බැලීමේදී එම ප්‍රකාශය සත්‍යයෙන් තොර බව පැහැදිලිය.

වීරවංශ මන්ත්‍රීතුමා විසින් කරන ලද ඉහත ප්‍රකාශය හේතු කොට ගෙන අධිකරණයේ මුදුන් මල්කඩ වන ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය විවේචනය කිරීම හරහා අධිකරණයෙහි ස්වාධීනත්වය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල වී ඇත. අධිකරණ විනිසුරුතුමන්ලාගේ ආගම හෝ ජාතිය පිළිබඳව විවේචනය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයට කෙරෙන අසාධාරණ පහරදීමක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය තරයේ ප්‍රකාශ කර සිටිමු. මහජන නියෝජිතයන් සහ දේශපාලඥයන් හට අධිකරණය විවේචනය කිරීමේ සාධාරණ අයිතියක් ඇති නමුත් දැඩි ලෙස අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම අධිකරණයේ ස්වෛරීභාවය සහ නීතියේ ආධිපත්‍යය කෙරෙහි දැඩි බලපෑමක් වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරවංශ මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුව තුලදී, පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කරමින් මෙම ප්‍රකාශය සිදුකර ඇති නිසා ඔහුට විරුද්ධව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත නොහැකි වුවද, මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවෙන් පිටතදී මෙම ප්‍රකාශය සිදුකරන ලද්දේ නම් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නොපැකිළෙන බව ද ප්‍රකාශ කර සිටියි.


Comments

Popular posts from this blog

පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලන නාමල්ගේ මිතුරිය

                       ඇය  නාමල් රාජපක්ෂ මහතාගේ මිතුරියක් වුවද  , කොළඹට චන්දය  ඉල්ලුවද ඇය  ගැන ලිපියක්  ලියන්නට   මේ මොහොත වෙන තුරු  මා සිතා  සිටියේ  නැත. ඊයේ මුහුණු පොතේ  පෝස්ටුවක් පළකලේ එය ප්‍රමාණවත් වෙතැයි සිතු   නිසාය . එහෙත් එහි පලකල පෝස්ටුවට  පළවූ ඇතැම් ප්‍රතිචාර සලකා බැලු විට ඇය  ගැන වැඩි දුර  යමක් ලිවීම අවශ්‍ය  බව  පෙනුණි. එය කොළඹ  චන්ද දායකයනට ඇය ගැන තීරණයක්  ගැනීමට දායක වනු ඇත .  මේ  ආණ්ඩුව  බලයට  පැමිණි පසු  පත් කරනු ලැබූ  වරාය  , නාවික සහ සිවිල් ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග වරයා  විසින් ශ්‍රී  ලංකන් ගුවන් සේවයේ දුෂණ සෙවීම සඳහා වැලිඅමුණ  කමිටුව  පත් කළ අතර එහිදී හෙළිවූ කරුණු  ඉතා  බරපතලය එම වාර්තාව අන්තර්  ජාලයේ තිබෙන අතර අවශ්‍ය අයෙකුට  කියවිය  හැක .  එබැවින්  මා  මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ  කොළඹ නගර ස...

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔ...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...