Skip to main content

වීරවංශ උසාවියට ගැරහිල්ල නීතිඥ සංගමය තදින් හෙලා දකී



Image result for weerawansa remanded
     

    "  ශ්‍රේෂ්ඨාධිකරණය එක්තරා ආගමික කල්ලියක  ගුහාවක්"  යැයි  විමල් වීරවංශ   ඉකුත් 10 වනදා පාර්ලිමේන්තුවේදී  කළ ප්‍රකාශය ශ්‍රී ලංකා  නීතිඥ සංගමය හෙලා දකිමින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ .


 පාර්ලිමේන්තුව තුලදී කරන ප්‍රකාශවලට විරුද්ධව  නඩු පැවරිය නොහැක .


  ශ්‍රී ලංකා  නීතිඥ සංගමය  නිකුත්  කළ ප්‍රකාශය මෙසේය .


මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නව පත්වීම් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් කරන ලද ප්‍රකාශය ශ්‍රී ලංකා නීතිඥ සංගමය හෙළා දකී.

2019.01.10 වන දින පාර්ලිමේන්තු සැසිවාරයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මන්ත්‍රීතුමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධව කර ඇති ප්‍රකාශය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය තරයේ හෙළා දකියි.

පාර්ලිමේන්තු විවාදයක් අතරතුර දී වීරවංශ මන්ත්‍රීවරයා විසින් “ශ්‍රේෂ්ඨාධිකරණය එක්තරා ආගමික කල්ලියක ගුහාවක්“ බව ප්‍රකාශ කර ඇත. තවදුරටත් ඔහු පවසා ඇත්තේ ව්‍යවස්ථාදායක සභාව අනුමත කර ඇත්තේ ද එක්තරා ආගමික කල්ලියකට අයත් පුද්ගලයන්ගේ නම් බවය. නමුත් පසුගිය වසර ගණනාවක ශ්‍රේෂ්ඨාධිකරණයේ පත්වීම් පිළිබඳව සලකා බැලීමේදී එම ප්‍රකාශය සත්‍යයෙන් තොර බව පැහැදිලිය.

වීරවංශ මන්ත්‍රීතුමා විසින් කරන ලද ඉහත ප්‍රකාශය හේතු කොට ගෙන අධිකරණයේ මුදුන් මල්කඩ වන ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය විවේචනය කිරීම හරහා අධිකරණයෙහි ස්වාධීනත්වය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල වී ඇත. අධිකරණ විනිසුරුතුමන්ලාගේ ආගම හෝ ජාතිය පිළිබඳව විවේචනය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයට කෙරෙන අසාධාරණ පහරදීමක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය තරයේ ප්‍රකාශ කර සිටිමු. මහජන නියෝජිතයන් සහ දේශපාලඥයන් හට අධිකරණය විවේචනය කිරීමේ සාධාරණ අයිතියක් ඇති නමුත් දැඩි ලෙස අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම අධිකරණයේ ස්වෛරීභාවය සහ නීතියේ ආධිපත්‍යය කෙරෙහි දැඩි බලපෑමක් වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරවංශ මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුව තුලදී, පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කරමින් මෙම ප්‍රකාශය සිදුකර ඇති නිසා ඔහුට විරුද්ධව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත නොහැකි වුවද, මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවෙන් පිටතදී මෙම ප්‍රකාශය සිදුකරන ලද්දේ නම් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නොපැකිළෙන බව ද ප්‍රකාශ කර සිටියි.


Comments

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...

ඒ කාලේ අපි කරුවලේ කරපු වැඩ

  "උඹ කොළඹ ගිහින් තියෙනවද ගුණදාස  ?" "නෑ " "උඹ කොළඹගිහින් තියෙනවද  සිරිපාල? " "නෑ " "උඹ කොළඹ ගිහින් තියෙනවද  පේමදාස? " "නෑ " ඒ  බාලාංශ පන්තිවල ඉගෙනගන්නා කාලයේ පන්තියේ කොල්ලන්ගෙන් මම  ඇසු ප්‍රශ්නයි  කෙල්ලන්ගෙන් කිසිදිනක එම ප්‍රශ්නය නොඇසුවෙමි  .හේතුව අසීමිත ලැජ්ජාව නිසාය  බැරිවෙලාවත් ඇහුවොත් දෙන පිළිතුර වන්නේ "පලයන් කොල්ලෝ යන්න " යන්නය.   .පන්තියේ  එවුන් එකෙක් වත් කොළඹ ගොස් නොතිබුණද  තුනේ පන්තිය වන විට  මම තුන් හතර  වරක් කොළඹ ගොස් ඇවිත්  සිටියෙමි .   .කොළඹ යාමට පින පැදුනු හේතුව  මෙසේය .      (මේ අපේ මාමා සේවය කළ DONALD'S ස්ටුඩියෝවේදී ගන්නා ලද චායාරුපයෙකි)         අපේ අම්මගේ මල්ලි හෙවත් මගේ මාමා චායාරුප ශිල්පියෙක් විය ඔහු සේවය කලේ කොළඹ මරදානේ  Donald's Studio හීය . නැවතී සිටියේ දෙහිවල කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ බෝඩිමකය එහි සිටියදී ඔහු ඇතිකරගත් ප්‍රේම සම්බන්ධය විවාහය දක්වා දික්විය .නැන්දාව කැන්දාගෙන ඒම සඳහා ගිය පිරිස අතර අවුරුදු 7 ක් වයසැති  මාද විය ...