Skip to main content

සිරිසේනගේ ඉංග්‍රීසි ,අපේ ඉංග්‍රීසි සහ රනිල්ගේ ඉංග්‍රීසි

Image result for SRI LANKA PRESIDENT SIRISENA  IN PHILIPPINES

      ජනාධිපති සිරිසේන මහතාට  ලියා දුන් ඉංග්‍රීසි  කතාව පිලිපින ජනධිපති වරයා ඉදිරියේ හරියට  කියවා  ගන්නට බැරිවීම ගැන දැන් විවිධ විවේචන එල්ල වෙමින් තිබේ .වෙනත් ජාත්‍යන්තර  සම්මන්ත්‍රණ වලදී සිංහලෙන් කතාකරන සිරිසේන මහතා මෙවර ඉංග්‍රීසියෙන් කතා  කරන්නට ගියේ මන්දැයි අපි දන්නේ නැත .


සිරිසේන මහතා දක්ෂ  කථිකයෙකි .මව් බසින් කතා  පවත්වන්නට  ඔහුට වඩා දක්ෂ දේශපාලනඥයින් සිටින්නේ අතලොස්සකි . අනුර කුමාර එවැන්නෙකි . රනිල්ගේ සිංහල කතා නම් එහෙමට  රසයක් නැත    . මහින්ද රාජපක්ෂගේ සිංහල කතාද එසේමය .


 සිරිසේන මහතාට  ඉංග්‍රීසි බස පිළිබඳව අඩු දැනුමක් තිබීම ඇත්තෙම්ම රාජ්‍යපාලනයේදී ඔහුටත් අවාසි දායකය. රටටත් අවාසි දායකය . රනිල්ගේ සංස්කෘතිය ඔහුට අප්පිරිය වීමට එක හේතුවක් වුයේ  ඉංග්‍රීසි බව  කියනු  ලැබේ . සිරිසේන  මහතා රනිල් පන්නා දමා දින 52 ක් නැටු නැටිල්ලෙන් රටට සිදුවූ පාඩුව කොතරම් විශාලදැයි දන්නෝ දනිති. එය සිදුවුයේ ඔහුගේ ඉංග්‍රීසි බසේ දුප්පත් කමත් එක හේතුවක් වූ නිසා නොවේද?

සිරිසේන මහතාට  පමණක් නොව මන්ත්‍රීවරු සැලකිය යුතු පිරිසකටද , රටේ බහුතරයකට ද  ප්‍රමාණවත්   ඉංග්‍රීසි  දැනුමක් නැත . ප්‍රමාණවත් ඉංග්‍රීසි දැනුමක් නැති වූ විට ලෝකයෙන් උකහා ගහ  හැකි දැනුමද අල්පය. එහි පාඩුව රටටමය. දෙමළා සමග  කතා කරන්නටත්  නැගෙනහිර පළාතේ මුස්ලිම් මිනිසුන් සමග කතා  කරන්නට සිංහලුන් නොදන්නා බැවින් අදත් ඔවුන් සහ සිංහලයන් අතර තිබෙන අනවබෝධය අති විශාලය .    


මා  මේ ලිපියෙන්  කතාකරන්නට  යන්නේ ජනාධිපතිවරයාට මෙන්ම  ලාංකිකයන් බහුතරයකට  ඉංග්‍රීසි බසින් ලියන්නට,  කියවන්නට අවබෝධ කරගන්නට සහ කතා  කරන්නට  බැරි වීමට  බලපෑ  හේතු කීපයක් පිලිබඳවය.


පළමුවෙන් අපට හමුවෙන්නේ S.W.R.D. බණ්ඩාරනායක මහතා සහ ඔහුගේ ශ්‍රී ලංකා නිදහස්  පක්ෂයයි . එකළ ඉංග්‍රීසිය විසින් බලවත් පීඩනයක් සිංහලයන් මත පටවා තිබීම නිසා සිංහල භාෂාව පමණක්  රාජ්‍ය භාෂාවක් කිරීම නිසා   ග්‍රාමීය සිංහලයා  ඉංග්‍රීසි ඉගනීම ඇත හැර දැමු අතර  එය දෙමළා පාගා  දැමීමට තරම් දුර ගෙන ගියේය. එබැවින් බණ්ඩාරනායක සහ ශ්‍රීලනිපය කරන ලද්දේ  සමාව දිය නොහැකි අපරාධයකි .


ඉන්පසු බලයට පැමිණි ආණ්ඩු මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයද රටේ බහුතරයකට ඉංග්‍රීසි හෝ වෙනත්  ජාත්‍යන්තර  භාෂාවක්  ඉගනීමට ළමුන්  සහ වැඩිහිටියන් පොළඹවන ප්‍රමාණවත්  පියවර ගත්තේ නැත . එම ආණ්ඩු සහ අධ්‍යාපන අමාත්යංශය ඉංග්‍රීසි ඉගැන්වීමට කිසිත් නොකළේ යයි  මා කියන්නේ නැත  . නමුත් ඉංග්‍රීසි ඉගනීමට පෙළඹ  වීමට  ගත් පියවර කිසිසේත් ප්‍රමාණවත් නැත .


වසර 20  කට අධික  කාලයක් පාසල්වල ඉංග්‍රීසි විෂය ඉගැන්වීමෙන්ද ,අවුරුදු අටක් අධ්‍යාපන කලාපයක ඉංග්‍රීසි ඉගැන්වීම පිළිබඳව වගකීම භාරව සිටීමෙන්ද මේ සම්බන්ධයෙන් මා තුළ ප්‍රමාණවත් අවබෝධයක් තිබේ.


පෙළපොත නොමිල් දුන්නද , අවශ්‍ය තරම් ඉංග්‍රීසි ගුරුවරු සිටියද සතියකට  කාල පරිච්චේද පහක් ඉංග්‍රීසි  ඉගැන්වුවද ළමුන් ඉංග්‍රීසි  ඉගනගන්නේ  නැත . ඒ සදහා  ළමුන් තුළ  උවමනාවක් ඇති කළ යුතුය .  ඉගනීමට උවමනාවක් නැතිවූ විට ශක්‍රයාටවත්  බලහත්කාරයෙන් ඉගැන්විය නොහැක .  ළමුන් ජීවත්වන  පරිසරය ඉංග්‍රීසි ඉගැනුමට  පොළඹවන්නේ නැති බැවින් ඔවුන් ඒ සදහා පෙළඹවීමට අවශ්‍ය  පියවර  ගැනීම ප්‍රධාන වශයෙන් අධ්‍යාපන  අමාත්‍යවරයාගේත් අධ්‍යාපන අමාත්‍යාංශයේත් වගකීම වන්නේය .


පෙළඹවීම කළහැකි හොදම මග එම විෂය සමත් වීම අනිවාර්ය  කිරීමය 


අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනීසිටීම සදහා සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂය සමත්වීම අනිවාර්ය කරන්නේ නම්  , විශ්ව විද්යාල , අධ්‍යාපන විද්‍යා පීඨ වලට ඇතුලත් වීම සදහා උසස් පෙළ GENERAL ENGLISH විෂයට සාමාන්‍ය සාමාර්ථයක් තිබීම අනිවාර්ය කරන්නේ නම්  , සරසවි උපාධි සහතිකය නිකුත් කිරීමට  එහි පවත්වන  ඉංග්‍රීසි විභාගයකින් සමත් වීම අනිවාර්ය  කරන්නේ නම්  සියලුම  පාසල්  සිසුන් සරසවි සිසුන්   ඉංග්‍රීසි ඉගනීමට   අනිවාර්යයෙන්  පෙළඹෙනු නිසැකය .


Image result for UNEMPLOYED GRADUATES IN SRI LANKA

එහෙත් එවැනි තීරණ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන්ට  පමණක් ගැනීමට තරමක් අපහසු කරුණකි .ඒ සදහා ආණ්ඩුවේ එකගත්වය සහ සහය අවශ්‍යය.

ආණ්ඩුවේ සහය ලබා  ගැනීම පහසු නැත. දේශපාලකයන් බදු පැනවීමේදී සහ භාණ්ඩ මිල ඉහල දැමීමේදී කැත්තට පොල්ල සේ සිටියද මෙවැනි කරුණු වලදී කෙලින් තීරණ ගන්නේ නැත .එයට හේතුව තමනට ලැබෙන චන්ද ප්‍රමාණය අඩුවෙනු  ඇතැයි යන බියය . මේ සදහා උදාහරණයක් මා දක්වන්නට කැමතිය .


මහින්ද රාජපක්ෂ මහතා ජනධිපති වී සිටි සමයේ එස්. බී දිසානායක  මහතා උසස් අධ්‍යාපන ඇමතිවරයා ලෙස  කටයුතු කරද්දී උසස් පෙළ විභාගයේ GENERAL ENGLISH විෂයට සියලු සිසුන් පෙනී සිටීම (සමත් වීම නොවේ ) අනිවාර්ය කිරීම සඳහා  යෝජනාවක් ඇමති මණ්ඩලයට ගෙනාවේය . එහෙත් එයට ඇමති මණ්ඩලයේ අනුමැතිය  ලැබුනේ නැත. එයට ප්‍රධාන හේතුව වුයේ  මහින්ද රාජපක්ෂ මහතා විරුද්ධ වීමය . ඔහු එයට හේතුව  ලෙස දැක්වුයේ ප්‍රමාණවත් තරම් ඉංග්‍රීසි ගුරුවරු  පාසල්වල නැත  යන්නය .



එවක රටේ  ලොක්කා  වූ රාජපක්ෂගේ වගකීම වන්නේ  පාසැල්වලට අවශ්‍ය ගුරුවරු ලබා දෙමින් එස් බී ගේ යෝජනාව ක්‍රියාත්මක කිරීම නොවේද? එහෙත් රාජපක්ෂ කල්පනා කළේ මෙවැනි යෝජනාවක් ක්‍රියාත්මක කිරීමෙන් තමන්ට ලැබෙන චන්ද අඩුවෙනු ඇත  යන්න මිස වෙන කුමක්ද ?


 අති බහුතරයක්  පාසල් වලින්  පිටවන සිසුන්ගෙන් 90%කට මෙන්ම     සරසවි වලින් පිටවෙන 90% කගේ ඉංග්‍රීසි දැනුම බෙහෙවින් දුර්වල වී තිබෙන්නේ  මේ නිසාය . සිරිසේන ජනාධිපතිවරයාත් ඔවුන්ගෙන් එක අයෙකු පමණි  .


Image result for ENGLISH  TEACHING IN SCHOOLS IN SRI LANKA

කෙසේ වෙතත් සිරිසේන මහතා ඇමතිවරයෙකු ලෙස  බොහෝ කලක් සේවය  කළ අතර ඉංග්‍රීසි වල වැදගත් කම එසේ සේවය  කරද්දී අනිවාර්යයෙන් ඔහුට  වැටහෙන්නට ඇත . ඕනෑ කම තිබුනේ නම් බ්‍රිතාන්‍ය කවුන්සලයෙන් ගුරුවරයෙක් ගෙදරටම  ගෙන්වා  ගෙන  ඉංග්‍රීසි ඉගනගන්නට තිබුණි.  නැතහොත් සුද්දෙක්  හෝ හෝ සුද්දියක් තම නිවසේ වසර දෙක තුනක් නතර  කරගෙන ඔහු හෝ ඇය සමග   බැරි බැරි ගායෙන් හෝ අවුරුදු  තුන හතරක් ඉංග්‍රීසියෙන්  කතා  කලේනම් මේ වෙන විට   චතුර ලෙස ඉංග්‍රීසි කතා  කරන ශුරයෙක් වීමට සිරිසේන මහතාට  පුළුවන් කම තිබුණි .


ඉංග්‍රීසි බස හොදින් ඉගනගන්නට  මන්ත්‍රීවරයෙක් ලෙස සිටියදීත්   ඇමතිවරයෙක් ලෙස සිටියදීත්  ජනාධිපති තනතුරට පත්වූ විටදීත්  සිරිසේන මහතාට හිතුනේ  නැත්තම් පෙළපොත නොමිලේ දුන්නද ඇතිපදම් ඉංග්‍රීසි ගුරුවරු දුන්නද ,  සපත්තු දුන්නද, නිල ඇදුම්  දුන්නද ඉංග්‍රීසි ඉගනීමට ගමේ  කොල්ලන් කෙල්ලන් උනන්දු වේද යන්න අප  කලපනා  කල යුතුය . විභාගවලට ඉංග්‍රීසි විෂය සමත් විම අනිවාර්ය  කල යුතුය  කියා  මා කියන්නේ ඒ නිසාය .



Comments

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා