Skip to main content

සිරිසේනගේ ඉංග්‍රීසි ,අපේ ඉංග්‍රීසි සහ රනිල්ගේ ඉංග්‍රීසි

Image result for SRI LANKA PRESIDENT SIRISENA  IN PHILIPPINES

      ජනාධිපති සිරිසේන මහතාට  ලියා දුන් ඉංග්‍රීසි  කතාව පිලිපින ජනධිපති වරයා ඉදිරියේ හරියට  කියවා  ගන්නට බැරිවීම ගැන දැන් විවිධ විවේචන එල්ල වෙමින් තිබේ .වෙනත් ජාත්‍යන්තර  සම්මන්ත්‍රණ වලදී සිංහලෙන් කතාකරන සිරිසේන මහතා මෙවර ඉංග්‍රීසියෙන් කතා  කරන්නට ගියේ මන්දැයි අපි දන්නේ නැත .


සිරිසේන මහතා දක්ෂ  කථිකයෙකි .මව් බසින් කතා  පවත්වන්නට  ඔහුට වඩා දක්ෂ දේශපාලනඥයින් සිටින්නේ අතලොස්සකි . අනුර කුමාර එවැන්නෙකි . රනිල්ගේ සිංහල කතා නම් එහෙමට  රසයක් නැත    . මහින්ද රාජපක්ෂගේ සිංහල කතාද එසේමය .


 සිරිසේන මහතාට  ඉංග්‍රීසි බස පිළිබඳව අඩු දැනුමක් තිබීම ඇත්තෙම්ම රාජ්‍යපාලනයේදී ඔහුටත් අවාසි දායකය. රටටත් අවාසි දායකය . රනිල්ගේ සංස්කෘතිය ඔහුට අප්පිරිය වීමට එක හේතුවක් වුයේ  ඉංග්‍රීසි බව  කියනු  ලැබේ . සිරිසේන  මහතා රනිල් පන්නා දමා දින 52 ක් නැටු නැටිල්ලෙන් රටට සිදුවූ පාඩුව කොතරම් විශාලදැයි දන්නෝ දනිති. එය සිදුවුයේ ඔහුගේ ඉංග්‍රීසි බසේ දුප්පත් කමත් එක හේතුවක් වූ නිසා නොවේද?

සිරිසේන මහතාට  පමණක් නොව මන්ත්‍රීවරු සැලකිය යුතු පිරිසකටද , රටේ බහුතරයකට ද  ප්‍රමාණවත්   ඉංග්‍රීසි  දැනුමක් නැත . ප්‍රමාණවත් ඉංග්‍රීසි දැනුමක් නැති වූ විට ලෝකයෙන් උකහා ගහ  හැකි දැනුමද අල්පය. එහි පාඩුව රටටමය. දෙමළා සමග  කතා කරන්නටත්  නැගෙනහිර පළාතේ මුස්ලිම් මිනිසුන් සමග කතා  කරන්නට සිංහලුන් නොදන්නා බැවින් අදත් ඔවුන් සහ සිංහලයන් අතර තිබෙන අනවබෝධය අති විශාලය .    


මා  මේ ලිපියෙන්  කතාකරන්නට  යන්නේ ජනාධිපතිවරයාට මෙන්ම  ලාංකිකයන් බහුතරයකට  ඉංග්‍රීසි බසින් ලියන්නට,  කියවන්නට අවබෝධ කරගන්නට සහ කතා  කරන්නට  බැරි වීමට  බලපෑ  හේතු කීපයක් පිලිබඳවය.


පළමුවෙන් අපට හමුවෙන්නේ S.W.R.D. බණ්ඩාරනායක මහතා සහ ඔහුගේ ශ්‍රී ලංකා නිදහස්  පක්ෂයයි . එකළ ඉංග්‍රීසිය විසින් බලවත් පීඩනයක් සිංහලයන් මත පටවා තිබීම නිසා සිංහල භාෂාව පමණක්  රාජ්‍ය භාෂාවක් කිරීම නිසා   ග්‍රාමීය සිංහලයා  ඉංග්‍රීසි ඉගනීම ඇත හැර දැමු අතර  එය දෙමළා පාගා  දැමීමට තරම් දුර ගෙන ගියේය. එබැවින් බණ්ඩාරනායක සහ ශ්‍රීලනිපය කරන ලද්දේ  සමාව දිය නොහැකි අපරාධයකි .


ඉන්පසු බලයට පැමිණි ආණ්ඩු මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයද රටේ බහුතරයකට ඉංග්‍රීසි හෝ වෙනත්  ජාත්‍යන්තර  භාෂාවක්  ඉගනීමට ළමුන්  සහ වැඩිහිටියන් පොළඹවන ප්‍රමාණවත්  පියවර ගත්තේ නැත . එම ආණ්ඩු සහ අධ්‍යාපන අමාත්යංශය ඉංග්‍රීසි ඉගැන්වීමට කිසිත් නොකළේ යයි  මා කියන්නේ නැත  . නමුත් ඉංග්‍රීසි ඉගනීමට පෙළඹ  වීමට  ගත් පියවර කිසිසේත් ප්‍රමාණවත් නැත .


වසර 20  කට අධික  කාලයක් පාසල්වල ඉංග්‍රීසි විෂය ඉගැන්වීමෙන්ද ,අවුරුදු අටක් අධ්‍යාපන කලාපයක ඉංග්‍රීසි ඉගැන්වීම පිළිබඳව වගකීම භාරව සිටීමෙන්ද මේ සම්බන්ධයෙන් මා තුළ ප්‍රමාණවත් අවබෝධයක් තිබේ.


පෙළපොත නොමිල් දුන්නද , අවශ්‍ය තරම් ඉංග්‍රීසි ගුරුවරු සිටියද සතියකට  කාල පරිච්චේද පහක් ඉංග්‍රීසි  ඉගැන්වුවද ළමුන් ඉංග්‍රීසි  ඉගනගන්නේ  නැත . ඒ සදහා  ළමුන් තුළ  උවමනාවක් ඇති කළ යුතුය .  ඉගනීමට උවමනාවක් නැතිවූ විට ශක්‍රයාටවත්  බලහත්කාරයෙන් ඉගැන්විය නොහැක .  ළමුන් ජීවත්වන  පරිසරය ඉංග්‍රීසි ඉගැනුමට  පොළඹවන්නේ නැති බැවින් ඔවුන් ඒ සදහා පෙළඹවීමට අවශ්‍ය  පියවර  ගැනීම ප්‍රධාන වශයෙන් අධ්‍යාපන  අමාත්‍යවරයාගේත් අධ්‍යාපන අමාත්‍යාංශයේත් වගකීම වන්නේය .


පෙළඹවීම කළහැකි හොදම මග එම විෂය සමත් වීම අනිවාර්ය  කිරීමය 


අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනීසිටීම සදහා සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂය සමත්වීම අනිවාර්ය කරන්නේ නම්  , විශ්ව විද්යාල , අධ්‍යාපන විද්‍යා පීඨ වලට ඇතුලත් වීම සදහා උසස් පෙළ GENERAL ENGLISH විෂයට සාමාන්‍ය සාමාර්ථයක් තිබීම අනිවාර්ය කරන්නේ නම්  , සරසවි උපාධි සහතිකය නිකුත් කිරීමට  එහි පවත්වන  ඉංග්‍රීසි විභාගයකින් සමත් වීම අනිවාර්ය  කරන්නේ නම්  සියලුම  පාසල්  සිසුන් සරසවි සිසුන්   ඉංග්‍රීසි ඉගනීමට   අනිවාර්යයෙන්  පෙළඹෙනු නිසැකය .


Image result for UNEMPLOYED GRADUATES IN SRI LANKA

එහෙත් එවැනි තීරණ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන්ට  පමණක් ගැනීමට තරමක් අපහසු කරුණකි .ඒ සදහා ආණ්ඩුවේ එකගත්වය සහ සහය අවශ්‍යය.

ආණ්ඩුවේ සහය ලබා  ගැනීම පහසු නැත. දේශපාලකයන් බදු පැනවීමේදී සහ භාණ්ඩ මිල ඉහල දැමීමේදී කැත්තට පොල්ල සේ සිටියද මෙවැනි කරුණු වලදී කෙලින් තීරණ ගන්නේ නැත .එයට හේතුව තමනට ලැබෙන චන්ද ප්‍රමාණය අඩුවෙනු  ඇතැයි යන බියය . මේ සදහා උදාහරණයක් මා දක්වන්නට කැමතිය .


මහින්ද රාජපක්ෂ මහතා ජනධිපති වී සිටි සමයේ එස්. බී දිසානායක  මහතා උසස් අධ්‍යාපන ඇමතිවරයා ලෙස  කටයුතු කරද්දී උසස් පෙළ විභාගයේ GENERAL ENGLISH විෂයට සියලු සිසුන් පෙනී සිටීම (සමත් වීම නොවේ ) අනිවාර්ය කිරීම සඳහා  යෝජනාවක් ඇමති මණ්ඩලයට ගෙනාවේය . එහෙත් එයට ඇමති මණ්ඩලයේ අනුමැතිය  ලැබුනේ නැත. එයට ප්‍රධාන හේතුව වුයේ  මහින්ද රාජපක්ෂ මහතා විරුද්ධ වීමය . ඔහු එයට හේතුව  ලෙස දැක්වුයේ ප්‍රමාණවත් තරම් ඉංග්‍රීසි ගුරුවරු  පාසල්වල නැත  යන්නය .



එවක රටේ  ලොක්කා  වූ රාජපක්ෂගේ වගකීම වන්නේ  පාසැල්වලට අවශ්‍ය ගුරුවරු ලබා දෙමින් එස් බී ගේ යෝජනාව ක්‍රියාත්මක කිරීම නොවේද? එහෙත් රාජපක්ෂ කල්පනා කළේ මෙවැනි යෝජනාවක් ක්‍රියාත්මක කිරීමෙන් තමන්ට ලැබෙන චන්ද අඩුවෙනු ඇත  යන්න මිස වෙන කුමක්ද ?


 අති බහුතරයක්  පාසල් වලින්  පිටවන සිසුන්ගෙන් 90%කට මෙන්ම     සරසවි වලින් පිටවෙන 90% කගේ ඉංග්‍රීසි දැනුම බෙහෙවින් දුර්වල වී තිබෙන්නේ  මේ නිසාය . සිරිසේන ජනාධිපතිවරයාත් ඔවුන්ගෙන් එක අයෙකු පමණි  .


Image result for ENGLISH  TEACHING IN SCHOOLS IN SRI LANKA

කෙසේ වෙතත් සිරිසේන මහතා ඇමතිවරයෙකු ලෙස  බොහෝ කලක් සේවය  කළ අතර ඉංග්‍රීසි වල වැදගත් කම එසේ සේවය  කරද්දී අනිවාර්යයෙන් ඔහුට  වැටහෙන්නට ඇත . ඕනෑ කම තිබුනේ නම් බ්‍රිතාන්‍ය කවුන්සලයෙන් ගුරුවරයෙක් ගෙදරටම  ගෙන්වා  ගෙන  ඉංග්‍රීසි ඉගනගන්නට තිබුණි.  නැතහොත් සුද්දෙක්  හෝ හෝ සුද්දියක් තම නිවසේ වසර දෙක තුනක් නතර  කරගෙන ඔහු හෝ ඇය සමග   බැරි බැරි ගායෙන් හෝ අවුරුදු  තුන හතරක් ඉංග්‍රීසියෙන්  කතා  කලේනම් මේ වෙන විට   චතුර ලෙස ඉංග්‍රීසි කතා  කරන ශුරයෙක් වීමට සිරිසේන මහතාට  පුළුවන් කම තිබුණි .


ඉංග්‍රීසි බස හොදින් ඉගනගන්නට  මන්ත්‍රීවරයෙක් ලෙස සිටියදීත්   ඇමතිවරයෙක් ලෙස සිටියදීත්  ජනාධිපති තනතුරට පත්වූ විටදීත්  සිරිසේන මහතාට හිතුනේ  නැත්තම් පෙළපොත නොමිලේ දුන්නද ඇතිපදම් ඉංග්‍රීසි ගුරුවරු දුන්නද ,  සපත්තු දුන්නද, නිල ඇදුම්  දුන්නද ඉංග්‍රීසි ඉගනීමට ගමේ  කොල්ලන් කෙල්ලන් උනන්දු වේද යන්න අප  කලපනා  කල යුතුය . විභාගවලට ඉංග්‍රීසි විෂය සමත් විම අනිවාර්ය  කල යුතුය  කියා  මා කියන්නේ ඒ නිසාය .



Comments

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...