Skip to main content

ජනාධිපති තුමා වෙත කණගාටුවෙන් ලියමි



Image result for maithripala sirisena

    

ඔබ තුමා  ගැන  මා  සිත  තුල ඇත්ත  බලවත් කණගාටුවකි . ඔබ තුමාට මෙවැනි ඉරණමක් ඇති වෙතැයි ඔබ තුමා  පමණක් නොව  මමද නොසිතුවෙමි.


2015 ජනවාරි මාසයේ ශ්‍රීලංකා නිදහස්  පක්ෂයේ සභාපති කම  භාර ගන්නා විට එය බලවත් පක්ෂයකි .  එහෙත්  හෙට   මහා මැතිවරණයක්   පැවැත්වුවහොත්  එකම  ආසනයක්වත්, අඩු වශයෙන් පොලොන්නරුව  වත් ශ්‍රීලනිපයට ලැබෙන්නේ නැති බව බොහෝ දෙනෙකුගේ  විශ්වාසයයි අනුපාත චන්ද  ක්‍රමයට  පින්සිදුවෙන්නට  උපරිම වශයෙන්  මන්ත්‍රී ධුර දහයකට දොළහකට වඩා   ගන්නට ශ්‍රීලනිපයට නොහැකිවෙනු ඇත   

මේ වසරේ අග පැවැත්වෙන  ජනාධිපතිවරණයට ඔබ ඉදිරිපත් වීමට අපේක්ෂා  කරන බවත් ඒ සදහා එක්සත් ජාතික  පක්ෂයේ සහය දෙන්නේ  දැයි ගිය සැප්තැම්බරයේ  ඔබ විමසු විට බැහැ කියා  ඔවුන් ඔබට  පස්ස  හැරවීම කොතරම් අභාග්‍යයක්ද ?

ඉන් පසුඔබ තුමා  රාත්‍රී  ජාමයේ මහින්ද රාජපක්ෂ  මහතා  කැදවා රනිල්ගේ අගමැති පුටුව ඔහුට දුන්නේ පොහොට්ටුවේ සහයෝගය ජනාධිපතිවරණයේදී ඔබට දෙනු ඇතැයි යන බලවත් විශ්වාසයෙන් බව අපි දනිමු.

එහෙත් දැන් නම් එන පොට හොද නැත. උන් ඔබට සහය දෙන්නට සුදානම් නැති බව වරින් වර  කරන  ප්‍රකාශ වලින් පෙනේ .  පොහොට්ටුව මිසක් වෙන සන්ධාන එපා  යැයි ඊයෙත් මහින්දගේ චක් ගෝලයෙක් මාධ්‍ය සාකච්චාවක්  කැදවා  කිවේ නිකම් නොවේ .පිටිපස්සේ සිට ඔවුන්ගේ  කටින් ඒවා  කියවන්නේ රාජපක්ෂ පවුලේ  අය  බව දේශපාලනයේ තිබෙන යටිකුට්ටු වැඩ  ගැන  හොද අවබෝධයක් තිබෙන  ඔබ තුමා දන්නවා ඇත. පොහොට්ටු කාරයන්  දැන් සුදානම් වන්නේ  ඔබව බේරේ වැවට විසිකොට රාජපක්ෂ කෙනෙකුට  ජනාධිපති අපේක්ෂකත්වය දෙන්නටය . කොයි රාජපක්ෂද  කියා  තීරණය  කරන්නේ  මහින්දත් ඔහුගේ හාමිනේත් පුත්තු තුන්දෙනාත් බැවින් ඉල්ලන්නේ ගෝටාද , බැසිල්ද, කියා  තවම ෂුවර් එකටම කිව  නොහැකිය . ගෝටා ඉල්ලුවොත්  පරදින එකනම් ඉරහද සේ විශ්වාසය . ඒ නිසා ඔහු එන්නේ  නම්  මාත් කැමතිය .


ඔබ තුමා ඔය මල ඉලව් පක්ෂය භාර නොගෙන ස්වාධීනව සිටිමින් ජනවාරි 8  දුන් පොරොන්දු ඉටු  කළේ නම් ඔබේ නම ඉතිහාස  පොතේ ලියවෙන්නේ රන් අකුරෙන් බව අමුතුවෙන් කිව  යුතු නැත . එහෙත් ඔබ තුමා සමග යුඑන්පි කාරයොත් පොහොට්ටු කාරයොත් ශ්‍රීලංකා කාරයොත් ජේවීපී  කාරයොත් ටී එන් ඒ කාරයොත්  සිවිල් සංවිධාන  කාරයොත් බලවත් ලෙස කේන්තියෙන් සිටින බැවින් යලිත්  ජනාධිපතිවරණයට  ඉල්ලුවොත් ඇපත් කැන්සල් වෙන බව මා  ලියන්නේ බලවත් දුකෙනි .


' අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමි නහි ' යන කියමන ඔබට මතක් කර දෙන්නට ඔබගේ එකම උපදේශකයෙකුටවත් මතක් නොවුයේ  ගොන් රැළක් උපදේශකයන් ලෙස  ඔබ  පත් කර ගත් නිසා නොවේද?


දැන් ඔබට  ඉතිරි වී  ඇති එකම තෝරාගැනීම වන්නේ දුන් පොරොන්දු ඉටු කිරීමට මෙතැන් සිටවත් කටයුතු කොට  ලබන ජනවාරියේ ගෞරවාන්විත  ලෙස විශ්‍රාම  යාමය . එසේ  නොකොට තව  තවත් ගොන් කම් කලොත්  සියලුදෙනාම කාලයක් යනතුරු  ඔබතුමාගේ මව් තුමිය සිහි කරනවාට සැක නැත .


  මේ වගට 

සුදුකුකුලා 

Comments

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...

ඒ කාලේ අපි කරුවලේ කරපු වැඩ

  "උඹ කොළඹ ගිහින් තියෙනවද ගුණදාස  ?" "නෑ " "උඹ කොළඹගිහින් තියෙනවද  සිරිපාල? " "නෑ " "උඹ කොළඹ ගිහින් තියෙනවද  පේමදාස? " "නෑ " ඒ  බාලාංශ පන්තිවල ඉගෙනගන්නා කාලයේ පන්තියේ කොල්ලන්ගෙන් මම  ඇසු ප්‍රශ්නයි  කෙල්ලන්ගෙන් කිසිදිනක එම ප්‍රශ්නය නොඇසුවෙමි  .හේතුව අසීමිත ලැජ්ජාව නිසාය  බැරිවෙලාවත් ඇහුවොත් දෙන පිළිතුර වන්නේ "පලයන් කොල්ලෝ යන්න " යන්නය.   .පන්තියේ  එවුන් එකෙක් වත් කොළඹ ගොස් නොතිබුණද  තුනේ පන්තිය වන විට  මම තුන් හතර  වරක් කොළඹ ගොස් ඇවිත්  සිටියෙමි .   .කොළඹ යාමට පින පැදුනු හේතුව  මෙසේය .      (මේ අපේ මාමා සේවය කළ DONALD'S ස්ටුඩියෝවේදී ගන්නා ලද චායාරුපයෙකි)         අපේ අම්මගේ මල්ලි හෙවත් මගේ මාමා චායාරුප ශිල්පියෙක් විය ඔහු සේවය කලේ කොළඹ මරදානේ  Donald's Studio හීය . නැවතී සිටියේ දෙහිවල කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ බෝඩිමකය එහි සිටියදී ඔහු ඇතිකරගත් ප්‍රේම සම්බන්ධය විවාහය දක්වා දික්විය .නැන්දාව කැන්දාගෙන ඒම සඳහා ගිය පිරිස අතර අවුරුදු 7 ක් වයසැති  මාද විය ...