Skip to main content

ජනාධිපති තුමා වෙත කණගාටුවෙන් ලියමි



Image result for maithripala sirisena

    

ඔබ තුමා  ගැන  මා  සිත  තුල ඇත්ත  බලවත් කණගාටුවකි . ඔබ තුමාට මෙවැනි ඉරණමක් ඇති වෙතැයි ඔබ තුමා  පමණක් නොව  මමද නොසිතුවෙමි.


2015 ජනවාරි මාසයේ ශ්‍රීලංකා නිදහස්  පක්ෂයේ සභාපති කම  භාර ගන්නා විට එය බලවත් පක්ෂයකි .  එහෙත්  හෙට   මහා මැතිවරණයක්   පැවැත්වුවහොත්  එකම  ආසනයක්වත්, අඩු වශයෙන් පොලොන්නරුව  වත් ශ්‍රීලනිපයට ලැබෙන්නේ නැති බව බොහෝ දෙනෙකුගේ  විශ්වාසයයි අනුපාත චන්ද  ක්‍රමයට  පින්සිදුවෙන්නට  උපරිම වශයෙන්  මන්ත්‍රී ධුර දහයකට දොළහකට වඩා   ගන්නට ශ්‍රීලනිපයට නොහැකිවෙනු ඇත   

මේ වසරේ අග පැවැත්වෙන  ජනාධිපතිවරණයට ඔබ ඉදිරිපත් වීමට අපේක්ෂා  කරන බවත් ඒ සදහා එක්සත් ජාතික  පක්ෂයේ සහය දෙන්නේ  දැයි ගිය සැප්තැම්බරයේ  ඔබ විමසු විට බැහැ කියා  ඔවුන් ඔබට  පස්ස  හැරවීම කොතරම් අභාග්‍යයක්ද ?

ඉන් පසුඔබ තුමා  රාත්‍රී  ජාමයේ මහින්ද රාජපක්ෂ  මහතා  කැදවා රනිල්ගේ අගමැති පුටුව ඔහුට දුන්නේ පොහොට්ටුවේ සහයෝගය ජනාධිපතිවරණයේදී ඔබට දෙනු ඇතැයි යන බලවත් විශ්වාසයෙන් බව අපි දනිමු.

එහෙත් දැන් නම් එන පොට හොද නැත. උන් ඔබට සහය දෙන්නට සුදානම් නැති බව වරින් වර  කරන  ප්‍රකාශ වලින් පෙනේ .  පොහොට්ටුව මිසක් වෙන සන්ධාන එපා  යැයි ඊයෙත් මහින්දගේ චක් ගෝලයෙක් මාධ්‍ය සාකච්චාවක්  කැදවා  කිවේ නිකම් නොවේ .පිටිපස්සේ සිට ඔවුන්ගේ  කටින් ඒවා  කියවන්නේ රාජපක්ෂ පවුලේ  අය  බව දේශපාලනයේ තිබෙන යටිකුට්ටු වැඩ  ගැන  හොද අවබෝධයක් තිබෙන  ඔබ තුමා දන්නවා ඇත. පොහොට්ටු කාරයන්  දැන් සුදානම් වන්නේ  ඔබව බේරේ වැවට විසිකොට රාජපක්ෂ කෙනෙකුට  ජනාධිපති අපේක්ෂකත්වය දෙන්නටය . කොයි රාජපක්ෂද  කියා  තීරණය  කරන්නේ  මහින්දත් ඔහුගේ හාමිනේත් පුත්තු තුන්දෙනාත් බැවින් ඉල්ලන්නේ ගෝටාද , බැසිල්ද, කියා  තවම ෂුවර් එකටම කිව  නොහැකිය . ගෝටා ඉල්ලුවොත්  පරදින එකනම් ඉරහද සේ විශ්වාසය . ඒ නිසා ඔහු එන්නේ  නම්  මාත් කැමතිය .


ඔබ තුමා ඔය මල ඉලව් පක්ෂය භාර නොගෙන ස්වාධීනව සිටිමින් ජනවාරි 8  දුන් පොරොන්දු ඉටු  කළේ නම් ඔබේ නම ඉතිහාස  පොතේ ලියවෙන්නේ රන් අකුරෙන් බව අමුතුවෙන් කිව  යුතු නැත . එහෙත් ඔබ තුමා සමග යුඑන්පි කාරයොත් පොහොට්ටු කාරයොත් ශ්‍රීලංකා කාරයොත් ජේවීපී  කාරයොත් ටී එන් ඒ කාරයොත්  සිවිල් සංවිධාන  කාරයොත් බලවත් ලෙස කේන්තියෙන් සිටින බැවින් යලිත්  ජනාධිපතිවරණයට  ඉල්ලුවොත් ඇපත් කැන්සල් වෙන බව මා  ලියන්නේ බලවත් දුකෙනි .


' අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමි නහි ' යන කියමන ඔබට මතක් කර දෙන්නට ඔබගේ එකම උපදේශකයෙකුටවත් මතක් නොවුයේ  ගොන් රැළක් උපදේශකයන් ලෙස  ඔබ  පත් කර ගත් නිසා නොවේද?


දැන් ඔබට  ඉතිරි වී  ඇති එකම තෝරාගැනීම වන්නේ දුන් පොරොන්දු ඉටු කිරීමට මෙතැන් සිටවත් කටයුතු කොට  ලබන ජනවාරියේ ගෞරවාන්විත  ලෙස විශ්‍රාම  යාමය . එසේ  නොකොට තව  තවත් ගොන් කම් කලොත්  සියලුදෙනාම කාලයක් යනතුරු  ඔබතුමාගේ මව් තුමිය සිහි කරනවාට සැක නැත .


  මේ වගට 

සුදුකුකුලා 

Comments

Popular posts from this blog

පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලන නාමල්ගේ මිතුරිය

                       ඇය  නාමල් රාජපක්ෂ මහතාගේ මිතුරියක් වුවද  , කොළඹට චන්දය  ඉල්ලුවද ඇය  ගැන ලිපියක්  ලියන්නට   මේ මොහොත වෙන තුරු  මා සිතා  සිටියේ  නැත. ඊයේ මුහුණු පොතේ  පෝස්ටුවක් පළකලේ එය ප්‍රමාණවත් වෙතැයි සිතු   නිසාය . එහෙත් එහි පලකල පෝස්ටුවට  පළවූ ඇතැම් ප්‍රතිචාර සලකා බැලු විට ඇය  ගැන වැඩි දුර  යමක් ලිවීම අවශ්‍ය  බව  පෙනුණි. එය කොළඹ  චන්ද දායකයනට ඇය ගැන තීරණයක්  ගැනීමට දායක වනු ඇත .  මේ  ආණ්ඩුව  බලයට  පැමිණි පසු  පත් කරනු ලැබූ  වරාය  , නාවික සහ සිවිල් ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග වරයා  විසින් ශ්‍රී  ලංකන් ගුවන් සේවයේ දුෂණ සෙවීම සඳහා වැලිඅමුණ  කමිටුව  පත් කළ අතර එහිදී හෙළිවූ කරුණු  ඉතා  බරපතලය එම වාර්තාව අන්තර්  ජාලයේ තිබෙන අතර අවශ්‍ය අයෙකුට  කියවිය  හැක .  එබැවින්  මා  මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ  කොළඹ නගර ස...

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔ...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...