Skip to main content

මෛත්‍රී +රනිල්+ මහින්ද එකගෙයි කෑම




කලකට  පෙර  උඩරට  නිලමෙලා , මැණිකෙලා , බණ්ඩාරලා එක ගෙයි  කෑහ. අනාදිමත්  කාලයක  සිට  මෑතක් වන  තුරුම පැවති මේ සිරිතට අනුව පවුලක  සිටින සියලු සහෝදරයන්  වෙනුවෙන්  කැන්දාගෙන ආවේ  එකම අඹුවකි.  එක්  සහෝදරයෙකු ඇයගේ සයනය  කොතරම්  සුව  පහසුදැයි  පරීක්ෂා කර   බැලීමට යන්නේ  ඔහුගේ අමුඩ ලේන්සුව ඇගේ  කුටියේ දොරෙහි එල්ලා  බව  කියති . එම සංඥාව දකින අනිත් සහෝදරයෝ  තමන්ගේ වැඩක්  බලාගන්නවා  මිස ඒ අහලකටවත්  යන්නේ  නැත. ඔවුන් එහි  ඇතුළුවන්නේ අමුද  ලේන්සුවක්  නැති වෙලාවක්  බලාය. උඩරට  ඇත්තෝ එම  සිරිත   පවත්වාගෙන ආවේ පවුලේ දේපොළ බෙදී  යාම අඩුකරගන්නටය. මේ  සිරිත  තවමත් ඇතැම් උඩරට  නෝනා  මහත්වරු අනුගමනය  කරන්නේ  දැයි දැනගන්නට  නැත. එසේයැයි වාර්තා  තිබෙතොත්  දන්නා  පාඨකයෝ කොමෙන්ටු ලෙස  ලියත්වා .


මෙය සවුත්තු සිරිතක්  ලෙස  ඇතැමෙකුට  පෙනී  යා   හැක . එසේ  සිතෙන්නේ  අවුරුදු  500කටත් වැඩි  කාලයක සිට  පෘතුගීසින්, ලන්දේසින් සහ ඉංග්‍රීසි  ජාතිකයන්  යටතේ  ජීවත්වූ අපි , එක් මිනිහෙකු එක්  ගැහැනියක්  සමග  පමණක් පවුල් කැ  යුතුයයි  ඔවුහු අපට  දේශනා කොට නීති පොතේ ලිව්ව  නිසාය.


  එහෙත් එය සිංහල  සිරිත    කියා  එය අනුගමනය කිරීමට  ඉක්මන්  නොවිය  යුතුය .එසේ වුවහොත්  කැලෑ පත්තර වලටද  හොඳ  කාලයක් උදාවනු  නිසැකය.  හාමුදුරුවරුද  සිවුරු  කරට  ගැනීමට  ඉඩ  තිබේ. එය කාමයෙහි වරදවා  හැසිරීමක් ලෙස  දේශනා කරනු   නොඅනුමානය . එහෙත් පරදේශක්කාර  සිරිත් විරිත්  වලට විරුද්ධ   සිංහ ලේ  ඇත්තන් මේ  ගැන උනන්දු නොවීම තරමක  විමතියකි.


ඒ  පිළිබඳව  තව  දුරටත්  ලිවීම පසු දිනකට  දමා ආණ්ඩුවේ  එක  ගෙයි  කෑම ගැන පොඩ්ඩක්  ලියා දමන්නට  මා  කැමතිය. 2015  ජනවාරි  8 සිට මෛත්රීත් රනිලුත් එක ගෙයි  හවුලේ  කෑමට අපි  කැමැත්ත  දුන්නා පමණක් නොව මඟුල් ගෙදර ක්‍රේප් පටි සහ  බැලුම්බෝල එල්ලන්ටද  ගියෙමු. ඔවුන් එක ගෙයි කමින් කරන  ලද පුංචි  පුංචි  ආකර්ශනීය වැඩ  දැක අප්පුඩි  ගැසුවෙමු. විසිල්  ගැසුවෙමු. එහෙත්  මඟුල පටන්ගත්ත  තැන  සිට  ලෙඩ  දැම්මේ,  කුණු  කතා  කීවේ රාජපක්ෂ  මහතාත් ඔහුගේ වලව්වේ  කෑම  කෑ  කට්ටියත්ය. ඒකාබද්ධ රංචුවක්  හදාගෙන  රටේ  තැන්තැන්වල ඇවිදිමින්  නානාප්‍රකාර කයි  කතන්දර  කියන්නට  පටන්ගත්තේ මඟුල  කඩන්නටය. නැතහොත්  කඩන්නට  යැයි අපි සිතුවෙමු.


මඟුල  කඩන්නට වෙර දරන රාජපක්ෂලා පොළොවේ  ගසන්නට යැයි අපි  මෛත්රීටත්  රනිල්ටත් කීවෙමු.එහෙත් ඒ  වෙනුවට  එක  ගෙයි  කෑමට  රාජපක්ෂව රෑට රෑට ගෙන්න  ගන්නා    බව සමහරු කියන්නට  පටන්  ගත්   නමුත් එය  එක  හෙලාම  පිළිගැනීමට  අපේ  හිත්  ඉඩ  දුන්නේ  නැත. එහෙත්  අපිට  පොඩි සැකයක් ඇති වෙන්නට  පටන්  ගත්තේ  ගෝටා අත් අඩංගුවට  ගැනීම  ගැන මෛත්‍රීට  මල  පැන්න  විටය. වීරවංසගේ  පාස්පෝට් කේස් එක  ගැන  ආණ්ඩුවේ  ඇල්මැරුණු  උවමනාව , එක්නැලිගොඩ අතුරුදහන්  කළ අය  දිගින් දිගට අත් අඩංගුවේ තබා  ගැනීම  ගැන මෛත්‍රී  ගොරවන්නට  පටන් ගැනීම , මහින්දට චීනයේ  යාමට  රනිල් විසින්  පැනලා  පහසුකම් සැපයීම යනාදිය තුන්දෙනාම  රාත්‍රී  කාලයේ  එක  ගෙයි  කනබව ඇත්තක්  යැයි  සිතන්නට  අප  පොලඹවන කරුණු  විය.


රාජපක්ෂව රාත්‍රී කාලයේ දේශපාලන  එක ගෙයි කෑමට  මෛත්රීත් රනිලුත් ටෙලිෆොනේ කෝල් දී  ගෙන්නා  ගන්නා  බව තක්කෙටම  ඔප්පු  වුයේ පොලීසියේ  ලොකුම  මහත්තයා නිසාය. ඒ  නිසා  පුජිත  ජයසුන්දර  මහත්තයාට ' Thank You so much ' කියන්නට මගේ කිසිම දෙගිඩියාවක්  නැත. 


දෙවුන්දර දේවාලයේ  බස්නායක  නිලමේ තමන්  ලඟ  කලින් සිටි  බවත් පසුව රජ්ජුරුවන්  ගාවට  ගිය  බවත්  රනිල්  පාර්ලිමේන්තුවේදී කී බැවින්  ඔහු ගැන දැන් අපි දනිමු. රජ්ජුරුවන්ගේ  කාලයේදී ආණ්ඩුවේ  දේපොළ භාවිතා  කොට  රුපියල්  දස  ලක්ෂ  කීපයක් පිල්ලිගැසීම  නිසා  ඔහු අත් අඩංගුවට ගැනීමට  සුදානම් වෙද්දී එය  වැලක්වීමට හද්ද  යුඑන්පී කාරයෙකු  වන සාගල  රත්නායක ඇමතිවරයා  පොලිස්  ලොක්කාට   මාධ්‍යවේදීන්  ඉදිරියේ දුර කථන ඇමතුමක් දීම මගින්  මෛත්රීගේත්  රනිල්ගෙත් රාජපක්ෂගේත්  රෙදි ගැලවී  ගිය  අතර ඔවුන් තුන්දෙනාම එක  ගෙයි හවුලේ  කන  බව ස්ථිර  ලෙසම එයින්  ස්ථිර  විය.


කෝල් එක  ගැන වහාම පරීක්ෂණයක්  පවත්වන  බව  මෛත්‍රී  ප්‍රසිද්ධ  කලේ මොකුත්  නොදන්නා  තොත්ත  බබෙකු  සේය. මා සිතන  හැටියට මෛත්‍රී  වනාහී  රනිල්ටත් වඩා  දේශපාලන අන්ඩයෙකි. රාජපක්ෂලා  තොන්ඩුවෙන්  බේරා  ගැනීම සඳහා ලොකු  උවමනාවක් මෛත්රීටත් රනිල්ටත්  තිබෙන නමුත්  සිදුවූ  හානිය  අවම  කරගැනීම  සඳහා නිලමේ  ඉක්මනින් අත් අඩංගුවට  ගැනීමටද  ඉඩ  තිබේ.


රාජපක්ෂ  සමයේ චව්රයනට සහ  සුදු වෑන් ත්‍රස්තවාදීන්ට  මේ  ආණ්ඩුව  පැනලා දඬුවම්  කරතැයි බොරු  බලාපොරොත්තු  තබා  ගත යුතු නැත. ඒ වගකීම  පැටවෙන්නේ  ඔබටත්මේ  මටත්   සිවිල් සංවිධානවලටය. ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන්  දිගින් දිගට දක්වන  උනන්දුව පැසසුම්  කටයුතු වන අතර  ඔවුන්ගේ අතීතයේ  කළු  පැල්ලම්  සෝදා  ගැනීමටද එය  ඉවහල් වනු ඇත  යන්න  මගේ  විශ්වාසයයි.


රාජපක්ෂ සමග එක ගෙයි  කෑම  නිසා  ඔවුන් තුන්දෙනාටම  දේශපාලන ඒඩ්ස් වැළඳෙන බව කල්තියාම මෙසේ  ලියා තබමු.








Comments

කරුමෙ කියන්නේ ඒඩිස් හැදෙන්නේ එයාලට නෙමෙයි. අහක ඉන්න අපිට වෙච්චි...
Aruna Perera said…
රාජපක්ශලා එක්ක එකට නිදිවැදීම පුකට පිහියෙන් ඇන්නා වගේ වැඩක්ය. තුවාල පුකකින් රෙන්නට යාම තුවාලයට බොහෝ වේදනාකාරීය. පුක් කර්තව්‍ය්ය උවමනා තාක් කල් තුවාලය සුවවීම ප්‍රමාද වේ. හොඳම විසඳුම නොකා සිටීමය.
සුදු කුකුලෝ...!!! මයික් එකෙන් කොච්චර බයිල කිව්වත් ජනහුකපති උනත් මරණෙට බයයි. අතිසුවිශයෙන්ම විදවල මැරෙන්න.. 😜
ඒඩ්ස් කියන්නේ ඕපපාතික රෝගයක් නොවෙයි. එකගෙයි කෑම හෝ සමලිංගික සම්බන්ධතාවක් පවත්වාගෙන යෑම නිසා ඒඩ්ස් හැදෙන්නේ හෝ එච්.අයි.වී ආසාදන එන්නේ නෑ.

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...